Watch Trailer

Kickboxer: Retaliation (2018) Sinhala Subtitles | වීරත්වයේ පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]

උදා වූ 2018 නව වසර බයිස්කෝප් ඇඩ්මින් එකටත්, බයිස්කෝප් රසික රසිකාවියන්ටත්, ශ්‍රී ලාංකීය සහ ලෝකවාසී සියලුම ජනතාවටත් සතුට, සැනසුම ගෙන එන සුබම සුබ නව වසරක් වේවා කියා මං මුලින්ම ප්‍රාර්ථනා කරනවා. පහුගිය 2017 අවුරුද්ද නම් මගේ ජීවිතේට අලුත් බලාපොරොත්තු වගේම දුක, වේදනාව කියන මේ හැමදේමත් එකතු කලා. දවසින් දව…

උදා වූ 2018 නව වසර බයිස්කෝප් ඇඩ්මින් එකටත්, බයිස්කෝප් රසික රසිකාවියන්ටත්, ශ්‍රී ලාංකීය සහ ලෝකවාසී සියලුම ජනතාවටත් සතුට, සැනසුම ගෙන එන සුබම සුබ නව වසරක් වේවා කියා මං මුලින්ම ප්‍රාර්ථනා කරනවා.

පහුගිය 2017 අවුරුද්ද නම් මගේ ජීවිතේට අලුත් බලාපොරොත්තු වගේම දුක, වේදනාව කියන මේ හැමදේමත් එකතු කලා. දවසින් දවස අපි අත්දැකීම් වලින් සන්නද්ධ වෙන නිසා මේ වෙනකොට මට නම් ජීවිතයේ ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න ඕන කරන පන්නරය තියනවා. ඉතිං මොනවා උනත් අදින් පටන් ගන්න 2018 අවුරුද්ද නම් මං මගේ ජීවිතය වෙනස් අතකට යොමු කරන්න පාවිච්චි කරනවා කියලා තදින්ම හිතා ගත්තා. මං විශ්වාස කරනවා ඔයාලටත් මේ වසරේ ඉෂ්ට කරගන්න ගොඩක් දේවල් ඇති කියලා. ජනවාරි 1 වෙනිදා ඔයාල තියන් ඉන්න ගැම්ම ඔය විදිහටම අවුරුද්ද පුරාවටම තියා ගන්න. එතකොට මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට ඔයාලට සතුටු වෙන්න ඕන කරන ගොඩක් කාරණා ඔයාල ළඟ ඉතුරු වේවි.

හරි එහෙනම් ජීවිතයෙන් බැක් ටූ ද කතාව. මේ අවුරුද්ද ක්‍රියාදාම චිත්‍රපටයකින්ම පටන් ගන්න තීරණය කලා. Kickboxer: Retaliation (2017) කියන්නේ Kickboxer: Vengeance (2016) චිත්‍රපටයේ දෙවන කොටසයි. Kickboxer: Vengeance (2016) එකේ උපසිරැසිය බයිස්කෝප් එක වෙනුවෙන් දුන්නෙත් මම. ඉතිං දෙවන කොටසත් මටම කරන්න දුන්න එකට ඇඩ්මින් එකේ සිසිලට මං ස්තූතිවන්ත වෙනවා.

මේ කතාව බලන්න කලින් පළවෙනි කොටස බලල නැති ඈයෝ ඉන්නවා නම් ඒක බලල ඉන්න. එතකොට තමා කතාව ගැන පැහැදිලි අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පුංචි සාරාංශයක් පහලින් තියනවා.

කර්ට් ස්ලෝන් (Alain Moussi) එහෙම නැත්නම් කතා නායකයා පහුගිය කතාවේදී ටොන්ග් පෝ කියන දරුණු මුවායි තායි සටන් කරුවාව මැරුවා ඔයාලට මතක ඇති. ඒ තමන්ගේ අයියාව මරපු පලිය ගන්න. ඉතිං මිනීමරුවෙක් උන කර්ට් ස්ලෝන්ට තමන් කරපු වරදට හිරේ යන්න සිද්ධ වෙනවා. හිරේ ගිය කර්ට් ගාවට තෝමස් ටැංග් මෝ (Christopher Lambert) කියන සටන් ප්‍රවර්ධනය කරන කෙනා එනවා. ඒ එන්නේ හොඳකට නම් නෙමෙයි. මිනිහ ඇවිත් කර්ට් ට අලුත් අභියෝගයක් දෙනවා. ඒ මොන්කට් (Hafþór Júlíus Björnsson) කියන ටොන්ග් පෝ වගේ හතර ගුණයකින් ශක්තිමත් තවත් මිනීමරුවෙක් එක්ක සටන් කරන්න. මේ සටන භාරගන්න කර්ට් මුලින් කැමති වෙන්නේ නෑ. ඒත් තමන්ට හිරෙන් නිදහස් වෙන්න තියන එකම ක්‍රමය මේක නිසාත් තමන්ගේ ආදරණීය බිරිඳ ලුයි ව (Sara Malakul Lane) පැහැරගැනීමකට ලක්වෙන නිසාත් අන්තිමේදී කර්ට් අභියෝගය බාරගන්නවා.

මොන්කට් එක්ක සටන් කරන්න අවශ්‍ය කරන පුහුණුව කර්ට්ට දෙන්නේ කලින් කතාවේ හිටපු ඩුරන්ඩ් ම (Jean-Claude Van Damme) තමයි. නමුත් මීට අමතරව අපි හොඳින් දන්නා බ්‍රිග්ස් (Mike Tyson) වගේම බ්‍රිසීල පාපන්දු කණ්ඩායමේ දීප්තිමත් තරුවක් වන Ronaldinho ත් පුහුණුකරුවන් අතර ඉන්නවා. මේ දෙන්නත් කතාවේ රඟපාන්නේ හිරකාරයන් විදිහටයි. හැමෝගෙන්ම ලබාගන්න පුහුණුවත් එක්ක කර්ට් මොන්කට් එක්ක සටන් කරන විදිහ ඔයාලට කතාව අවසානයේදී බලාගන්න පුළුවන්. අහ්හ්.. කියන්න අමතක උනා. මොන්කට්ගෙ ඇත්තම වයසයි මගේ වයසයි දෙකම එකයි (29). ඒත් මිනිහ දැක්කම මට හිතුනේ අවුරුදු 40ක් වත් ඇති කියලා. ඒ තරම් හැදුණු, බරපතල පෙනුමක් තමයි මිනිහට තියෙන්නේ.

මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කලේ Dimitri Logothetis කියන කෙනයි. IMDb රේටින් එක නම් ඇත්තටම මට හොයාගන්න බැරි උනා මොකද මේ චිත්‍රපටය IMDb එකට අනුව නිකුත් වෙන්න තිබ්බේ මේ අවුරුද්දේ (2018) නිසයි. ඒත් 2017 දෙසැම්බර් මුලම මේ කතාවේ HD පිටපත එළියට ආවා. රේටින් මොක උනත් ගොඩක් අය මේ කතාව බලනවා කියල මං දන්නවා.

Kickboxer: Retaliation කියන්නේ මගේ 26 වෙනි උපසිරැසියි. 27 වෙනි එකත් අරං මං ලබන සතියේ එන්නම්.පහුගිය අවුරුද්දේ මගේ අතින් ගොඩක් උපසිරැසි පරක්කු උනා. මේ අවුරුද්දේ ඒ වැරැද්ද පුළුවන් තරම් අඩු කරගන්න උත්සහ කරනවා. ඒ වගේම සතියකට එක උපසිරැසිය ගානේ ඔයාලට ගේන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් ආපහු ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/HD පිටපත් සඳහා අදාළ වේ.

10,136 downloadsDownload Kickboxer-Retaliation-2017.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,136 downloadsDownload Subtitles25 KB

76 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Happy New Year !

  2. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    `````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````

  3. JL Fernando.

    Thanks Bro.

  4. Udara Damith Dissanayaka

    සුබ අලුත් අවුරුද්දක් වේවා
    මන් කලින් එක බලලත් නෑ
    එක බලලම ඒක බලලම
    මේක බලනවා
    ලබන සතියේ එන්නේ
    ෆිල්ම් එකක් ඇරන්ද
    නැත්තම්
    ටීවී කෑල්ලක් ඩ ගේන්නේ

  5. ireshdulshan

    Thanks Bro Happy New Year

  6. movie2818

    thanks bro

  7. kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  8. විදුෂාන් සජිත්

    :-) ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!.. උපසිරැසියටත් ගොඩක් ස්තුතියි සහෝ.. ජය..!! :-)

  9. ravin

    Thanks for the sub

  10. සනිඳු ලක්ඛිත

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
    ලැබුවා වූ නව වසර බයිස්කෝප් සහෝලා හැමෝටම සුබම සුබ නව වසරක් වේවා..!

  11. malith

    Thanks machan

  12. tharindu dulmina

    thanks mcnn......

  13. psd

    තැන්ස් සබට

  14. pasindu amaranath

    Fatta

  15. saman

    thanks sub ekata

  16. Amilperera

    Thnks. saho sub akata

  17. m.c.i.srimal

    tanks brooo sub walata,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  18. Sanath Perera

    thanks for sub bro...
    happy new year too....

  19. Bobby

    Thank you very much friend

  20. Tharindu Dilshan

    Thank you bro...! Happy New Year !

  21. supun bro

    thanx bro sub ekta
    hindi film ekakata sub eka dennako..
    happy new year !..

  22. Janitha

    Thanks Broh...!!!

  23. ravirs

    Thanks machoo...patta !

  24. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  25. Eranda K

    Thanks Broooooo...

    .............WISH U Happy New year 2018........

  26. chathuranga.arts

    ...!.."Happy new year"...!...

  27. Mayash

    Thanks Bro...

  28. Thisal

    ස්තුතියි

  29. asenarathne6

    තැන්කූ සහෝ...සුභ අලුත් අවුරුද්දක් වේවා....

  30. manju 112

    ela bn..

  31. isuru sandaruwan

    Wish u A Happy New Year Guys....

  32. yohan

    TFS BRO MAXXa work..

  33. 0777881934

    tnks

  34. 0777881934

    thnks baiscoop

  35. Bad

    thanks bro

  36. chamara99

    Log unata sub download karann bane yaluwane.kohomada download karanne.

  37. MacSri

    Thanks For The Sub...Nice Work.

  38. thanula D

    උපසිරැසියට ගොඩක් තුති.දිගටම උපසිරැසි කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.ජයවේවා.

  39. Kavindu_Gunawardhana

    Suba Aluth Auruddak Hamotama

  40. UK_Fernando

    Happy new year bro. Thanks for sub.

  41. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  42. Madhawakasu

    tnq sab ekata...jayen jayama wewah

  43. Randeepa Dias

    thanks bro..

  44. kasunkavinda

    niyamay thanks for sub

  45. Pkk

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,..........

  46. krrish927

    thank you

  47. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි..

  48. geethkamal

    tnx saho sub ekata.

  49. Samanmaw

    Good job Thank you..

  50. AsithaDilruwan

    elama saho thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.