Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Subtitles මේ වතාවේ මං අරගෙන ආවේ 2025 අලුතෙන් නිකුත් වුණු ත්‍රාසජනක අපරාධ විමර්ෂණ ගණයේ චිත්‍රපටයක් වන Bhagwat Chapter One: Raakshas (2025). මේ චිත්‍රපටයේ කතාව ගලා යන්නේ ‘රාජ්කුමාර්’ නම් දාම ඝාතකයා සහ විශ්වාස් භාග්වත් නම් පොලිස් නිළධාරියා අතර ඇතිවන ඝට්ටනය…
Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Subtitles
මේ වතාවේ මං අරගෙන ආවේ 2025 අලුතෙන් නිකුත් වුණු ත්‍රාසජනක අපරාධ විමර්ෂණ ගණයේ චිත්‍රපටයක් වන Bhagwat Chapter One: Raakshas (2025). මේ චිත්‍රපටයේ කතාව ගලා යන්නේ ‘රාජ්කුමාර්’ නම් දාම ඝාතකයා සහ විශ්වාස් භාග්වත් නම් පොලිස් නිළධාරියා අතර ඇතිවන ඝට්ටනය කේන්ද්‍ර කරගනිමින්. මෙහි රාජ්කුමාර් නම් දාම ඝාතකයාගේ චරිතය ගොඩනඟා තිබෙන්නේ 2000 ගණන් වල කර්ණාටක ප්‍රාන්තයේ තරුණියන් දඩයම් කළ ඉන්දීය දාම ඝාතකයෙක් වුණු ‘සයනයිඩ් මෝහන්’ හෙවත් ‘මෝහන් කුමාර්’ගේ කතාව ඇසුරින්. කෙසේ වෙතත් චිත්‍රපටයේ ඒ බවක් සෘජුව සඳහන් වෙන්නේ නැහැ. මේකේ ප්‍රධාන චරිත විධියට පරීක්ෂක විශ්වාස් භාග්වත් ලෙස අර්ෂාඩ් වර්සි සහ දාම ඝාතක සමීර් ලෙස ජිතේන්ද්‍ර කුමාර් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම දේවාස් ඩික්ෂිත්, තාරා අලීෂා බෙරී, හේමන්ත් සයිනි සහ අයේෂා කඩුස්කර් සහාය චරිත සඳහා දායක වෙනවා. අක්ෂේ ෂෙයාර් විසින් අධ්‍යක්ෂණය කරපු මේ සිනමාපටය නිෂ්පාදනය කළේ ජෝති දේශ්පාන්ඩේ, පම්මි බවේජා, හර්මන් බවේජා, කනිෂ්ක් ගංවාල් සහ විපින් අග්නිහෝත්‍රි විසින්. මේක ජියෝ ස්ටූඩියෝ, බවේජා ස්ටූඩියෝ සහ ඩෝග් ‘එන්’ බෝන් පික්චර්ස් හි ඒකාබද්ධ නිෂ්පාදනයක්. මේ සිනමාපටය මුල්වරට විකාශය කෙරුණේ 2025 ඔක්තෝබර් 17 වැනිදා ZEE5 ඔස්සේයි. නිකුත් කිරීමෙන් පසුව රංගන ශිල්පීන්ගේ ප්‍රබල රංගනය නිසා විචාරයකයන්ගේ ධනාත්මක ප්‍රතිචාරයට ලක් වුණා වගේම කතාවේ ගලායාම ගැන යම් මිශ්‍ර ප්‍රතිචාර වලට යක් වෙන්නට සමත් වුණා. කෙසේ වෙතත් මේ සිනමාපටය IMDB දර්ශකයේ 7.1/10 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.
කවුද මේ සයනයිඩ් මෝහන් නැත්නම් මෝහන් කුමාර් කියන්නේ?
මෝහන් කුමාර් විවේකානන්ද් (උපත 1963), විවාහ සොයන කාන්තාවන් ගොදුරු කරගත් දාම ඝාතකයෙක්. ඔහු දක්ෂිණ කන්නඩ (1980 සිට 2003 දක්වා) ප්‍රාථමික පාසල් ශාරීරික අධ්‍යාපන ගුරුවරයෙක් ලෙස සේවය කළා. දෑවැද්ද ගෙවීමට නොහැකි හෝ සුදුසු ස්වාමිපුරුෂයන් සොයා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 22-35 අතර කාන්තාවන් පොළඹවා ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා. කුමාර් මෙම කාන්තාවන්ට දෑවැද්දක් ඉල්ලා නොසිට විවාහ කර දෙන බවට ඉදිරිපත් වී ඔවුන්ගේ කැමැත්ත දිනාගෙන තිබුණා. ඔවුන් සමඟ ලිංගිකව හැසිරුණු පසුව, ඔවුන් ගැබ් ගත් බවට බොරු කියා, ගබ්සා පෙති යැයි රවටමින් ඔවුන්ට සයනයිඩ් පෙති ලබා දී ඔවුන්ව ඝාතනය කර අනතුරුව ඔවුන්ගේ ආභරණ කොල්ලකනවා. මිනීමැරුමට අමතරව, බැංකු ණය වංචා සහ ව්‍යාජ වංචාවලට සම්බන්ධ බවට ද චෝදනා එල්ල වුණා. 2009 දී, පොලිසිය අනිතා නම් අවුරුදු 22ක තරුණියගේ අතුරුදහන් වීම පිළිබඳව සොයා බලමින් සිටි අතර, ඇයගේ දුරකථන ඇමතුම්වලින් ඔවුන් සොයන දේට වඩා වැඩි යමක් අනාවරණය වුණා. ඇගේ දුරකථන වාර්තා ඔස්සේ හඹා යන පොලිසියට මෙලෙස අතුරුදන් වුණු තවත් කාන්තාවන් ගැන සොයාගැනීමට හැකි වුණා. අවසානයේ පොලිසියට මෝහන් සමඟ අනිතාට අයත් සයනයිඩ් පෙති අටක්, ජංගම දුරකථන හතරක් සහ ආභරණ සොයා ගනු ලැබුවා. ඔක්තෝබර් 21 වන දින මොහාන් කුමාර් අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවට ගැනීමෙන් පසු, පොලිසිය ඔහුට අනිතා දූෂණය කිරීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කළා පමණක් නොව, අතුරුදහන් වූ ගැහැණු ළමයින් 17 දෙනෙකුගේ නඩු නැවත ආරම්භ කිරීමට ද තීරණය කළා. 2009 දී ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඔහු වසර දෙකක කාලයක් නඩු විභාගයකට භාජනය වීමෙන් පසුව 2013 දී අනිතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම කෙරුණා. කෙසේ වෙතත්, 2017 දී, කර්ණාටක මහාධිකරණය ඔහුගේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස ලිහිල් කළා. 2020 දී, ඔහුගේ 20 වන මිනීමැරුම් වරද වන 25 හැවිරිදි කාන්තාවක් දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවට ද ඔහු වැරදිකරු වුණා.
අපි මේ චිත්‍රපටියේ කතාව වෙත යොමුවෙමු. 2009 ඔක්තෝම්බර් මාසයේදී, උත්තර් ප්‍රදේශ් වල රොබට්ස්ගන්ජ් වල, පූනම් මිශ්රා නම් තරුණිය අතුරුදන් වෙනවා. ඇගේ පවුලේ අයගේ කණගාටුව බලධාරීන් විසින් මුලින් ප්‍රතික්ෂේප කරන්නේ, වටිනා භාණ්ඩ සමඟින් ඇයගේ අතුරුදන් වීම ඇය කිසිවෙක් සමඟ විවාහය පිණිස රහසින් පළායන්න ඇති කියලා. මේ අතරේ ප්‍රාදේශීය දේශපාලනඥයෙක් මේ අතුරුදන් වීම යම් මුස්ලිම් සංවිධානයක් විසින් මෙහෙයවන ‘ප්‍රේම ජිහාඩ්’ සංවිධානයකට අයත් තරුණයෙක් විසින් කර ඇති බව පුරෝකථනය කිරීමත් සමඟ පොලිසිය සහ රජය කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය එල්ල වෙනවා. ඒ වගේම ප්‍රාදේශීය කෝලහාල ඇතිවෙනවා. මේකට මුහුණ දෙන අධිෂ්ඨානශීලී පොලිස් නිලධාරියෙකු වන භාග්වත්, තම කණ්ඩායමේ අධීක්ෂණය භාරගන්නේ, විශේෂයෙන් පූනම්ගේ ඇමතුම් වාර්තා පරීක්ෂා කිරීමට ඔවුන් අපොහොසත් වීම විවේචනය කරමින්මයි. ඔහුව ඇගේ පියා වෙත දින 15 ක් ඇතුළත ලබාදෙන බවට පොරොන්දු වන භාග්වත් දේශපාලන පීඩනයෙන් නොසැලී පරීක්ෂණ කටයුතු ඉදිරියට මෙහෙයවනවා. විමර්ශනය දිග හැරෙන අතරේ අවුරුදු ගාණකට කළින් අතුරුදන් වුණු භාග්වත්ගේ සහෝදරිය ගැන කතාවකුත් අනාවරණය වෙනවා. මේ අතර පූනම් දිගින් දිගටම ඇමතුම් ලබාගත්ත එක්තරා දුරකථන අංකයක් ගැන පොලිසිය හොයාගන්නවා. එයත් භාවිතා කර තිබෙන්නේ කෞෂල්‍යා නම් අතුරුදන වුණු තවත් තරුණියක්. මේ ඔස්සේ පූනම්ව සොයාගැනීමට භාග්වත්ට හැකි වෙයිද? පූනම්ට සිදුවුණේ කුමක්ද? කෞෂල්‍යාට සිදුවුණේ කුමක්ද? මේ විධියට තරුණියන් අතුරුදන් වීමට හේතුව මොකක්ද? පියවරෙන් පියවරට කුතුහලය දනවමින් දිගහැරෙන මේ රසබර සිනමාපටය බලලාම මේවා දැනගන්න එහෙම නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRIP පිටපත සඳහා අදාළ වේ.
2,912 downloadsDownload Bhagwat-Chapter-One-Raakshas-2025.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Bhagwat Chapter One: Raakshas (2025) Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Sub
- #Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Subtitles
- #Bhagwat Chapter One: Raakshas Sinhala Sub
- #Bhagwat Chapter One: Raakshas Sinhala Subtitle
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Subs
- #You Decide
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Sahan Gayantha
Buddhika laKMal
ස්තූතියි කේසර සහෝ මේකට සබ් දුන්නට..........
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks a lot saho sub ekata