Lokah – Chapter 1: Chandra (2025) Sinhala Subtitless ආයුබෝවන්, ඔන්න එහෙනම් අද ඔයාල නොඉවසිල්ලෙන් බල බලා හිටපු ලෝකා දින පනහකට ටිකක් වැඩියෙන් කරපු සිනමා හල් ප්‍රදර්ශනය නිමාවකට පත් කරමින් OTT release රිලීස් උනා. ලෝකා මලයාලින්ගෙ ප්‍රථම universe එකේ මුල්ම චිත්‍රපටය හැටියට දුල්කර් සල්මාන්ගෙ Wayfarer films…

ආයුබෝවන්, ඔන්න එහෙනම් අද ඔයාල නොඉවසිල්ලෙන් බල බලා හිටපු ලෝකා දින පනහකට ටිකක් වැඩියෙන් කරපු සිනමා හල් ප්‍රදර්ශනය නිමාවකට පත් කරමින් OTT release රිලීස් උනා. ලෝකා මලයාලින්ගෙ ප්‍රථම universe එකේ මුල්ම චිත්‍රපටය හැටියට දුල්කර් සල්මාන්ගෙ Wayfarer films හරහා නිශ්පාදනය වෙලා එලියට එනවා. පළවෙනි මලයාලි කාන්තා සුපර් හීරෝ චිත්‍රපටයත් මේක. මේකෙ පළමු පරිච්ඡේදය චන්ද්‍රා. රුපියල් කෝටි 30ක නිශ්පාදන වියදමකින් නිශ්පාදනය වන ලෝකා තියටර් රන් එක ඉවර කරන කොට වාර්ථා රාශියක් තබලා ඉවරයි. මේ වෙද්දි කෝටි 303ක ආදායමක් ඒ කියන්නෙ වැය වගේ දස ගුණයක් ඉක්මවල ලාබයක් හොයා ගන්න මේකට පුළුවන්උනා. ඉතිං ඒක තමයි මලයාලි සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටය බවට පත් උනේ. පහත ලිස්ට් එක බලන්න.
සමස්ථ ඉන්දියන් සිනමාවෙ කාන්තා ප්‍රධාන චරිතය රැගත් චිත්‍රපට අතරින් දෙවන ස්ථානය ඉන්දියානු කාන්තා සුපර් හීරෝ චිත්‍රපට අතරි පළවෙනි ස්ථානය. කේරළය තුල ඉන්දියන් රුපියල් කෝටි සීය පන්නපු පළමු චිත්‍රපටය වැනි ආදායම් වාර්තා රාශියක් ලෝකා විසින් බිඳ දමනවා. ඉතිං ලෝකා මලයාලි සිනමාවෙ සංධිස්ථානයක්. ඔන්න එහෙනම් උනු උණුවෙම අද කලින් කල කැම් කොපිය යාවත්කාලීන කරල ඔයාලට හොඳ කොලිටියකින් චිත්‍රපටය නරඹන්න අවස්තාව ලබා දුන්නා.
ඉතිං කතාව ගැන ලොකුවට නොකිය ඉම්මු. මේ කොටසෙදි ඔබට හමු වෙන්නෙ කාන්තා සුපර් හීරෝ කෙනෙක් එහෙම නැත්තම් අමුතු බලයක් තියෙන කාන්තාවක්. නමාවලිය යන්න පෙර මුලින්ම කියැවෙනවා පුරාණ ජනප්‍රවාද වල කිසියම් ආකාරයක සත්‍යයන් ගැබ් වෙලා තිබෙන්න ඉඩ තියෙනවා කියලා. මේකත් එහෙම ජනප්‍රවාදයකට පණ දීමක් වගේ.
කල්‍යාණි ප්‍රියදර්ශන් තමයි මෙහි සුපර් හීරෝ වෙන්නෙ. ඇය සමග නස්ලන් ප්‍රධාන චරිතය නිරූපනය කරද්දී සැන්ඩි මාස්ටර් නම් දමිළ නළුවා පොලිස් නිලධාරියෙකු ලෙස අපූරු චරිතයක් නිරූපනය කරනවා. ඊට අමතරව ටොවිනෝ තෝමස්, සලිම් කුමාර්, අරුන් කූරියන්, සරත් සභා, විජයරාඝවන් වැන්නන් වගේම කැමියෝ චරිත මගින් සුබින් සුහේර්, සනී වේන්, ඇනා බෙන්,ශාන්ති බාලචන්ද්‍රන්, බාලු වර්ගීස් වැනි ප්‍රසිද්ධ සහ ප්‍රවීණ නළුවන් පෙනී සිටිනවා. මීට අමතරව නිශ්පාදක තුමා දුල්කර් සල්මාන් නින්ජා වරයෙකු හැටියට අවසන් අදියරේදී ගොඩ බහිනවා. අවසන් කිව්වට දෙවන කොටසේදී බොහෝ විට ටොවිනෝ, දුල්කර් ඇතුළුව තවත් බ්ලොක්බස්ටරයක් බස්සන්න නියමිතව තිබෙනවා. ඒ වගේම ආරංචි හැටියට මේ සිනමාඅ විශ්වය කොටස් පහකට දිව යනවා. අන්තිම එක එන කොට කොච්චර වයිබ් එකක් තියෙයිද කියල හිතා ගන්න පුළුවන්. දුල්කර් සල්මාන්ගෙ නිපැයුමක් වන මෙය ඩොමිනික් අරුන්ගේ දෙවන අධ්‍යක්ෂණයයි. එහෙනම් බලල ඉන්න.
නැවත හමු වෙමු. ආයුබෝවන්
Lokah – Chapter 1: Chandra (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP/HQ HDTS පිටපත් සඳහා පමණක් වලංගු වේ.
14,831 downloadsDownload Lokah-Chapter-1-Chandra-2025-HQ-HDRIP-Update.zip98 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Lokah – Chapter 1: Chandra (2025) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #2025
- #BANDULA K
- #Drama
- #Editor's Pick
- #Indian Box Office Hits
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Buddhika laKMal
tharidu16
ඒ කථාවට මාත් එකඟයි. කැම් කොපි වලට සබ් දෙන එක නවත්තන්න ඕනේ. ඒක ඒ මහන්සිවෙලා චිත්‍රපට හදන එකාටත් කරන අසාධාරණයක්. එතරම්වත් ඉවසන්න බැරිඑවුන් ඉතිං ෆිල්මවල රහක් දන්නැ
Kevin D...
Thank You !
Anonymous
අඩේ ඔයාට ගොඩක් ස්තුතියි
බුදුසරණයිබින්දු
ගොඩක් ස්තුතියි
බුදුසරණයිBuddhika laKMal
අප්ඩේට් එකට ස්තූතියි බන්දුල සහෝ
Supun Kaushalya
Thank you!
Thalavara (2025) මලයාලම් ෆිල්ම් එකටත් සබ් දෙන්නකෝGihan
උපසිරසියට බොහොම ස්තුති
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි බන්දුල සහෝ මේකට සබ් දුන්නට.. ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕන