Watch Trailer

Hey Ram (2000) Sinhala Subtitles | ගාන්ධි ඝාතනය [සිංහල උපසිරසි]

Hey Ram (2000) Sinhala Subtitles හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. රවිදු සහෝදරයාගේ ඉල්ලීමකට තමයි මං මේ උපසිරසිය බාරගත්තේ. උසස් පෙල කරන කාලේ ඒක පාරක් බලලා තිබ්බට මට මේ කතාව ලොකුවට මතකයක් තිබ්බේ නැහැ. වැඩත් එක්ක උපසිරසි කරන්න කාලයක් නැති නිසා ටික කාලයක් උපසිරසි කරන එක අතෑරිලම ඉන්න කොට තමයි කෙන…

Hey Ram (2000) Sinhala Subtitles
හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. රවිදු සහෝදරයාගේ ඉල්ලීමකට තමයි මං මේ උපසිරසිය බාරගත්තේ. උසස් පෙල කරන කාලේ ඒක පාරක් බලලා තිබ්බට මට මේ කතාව ලොකුවට මතකයක් තිබ්බේ නැහැ. වැඩත් එක්ක උපසිරසි කරන්න කාලයක් නැති නිසා ටික කාලයක් උපසිරසි කරන එක අතෑරිලම ඉන්න කොට තමයි කෙන් සහෝදරයා මේ යෝජනාව ගෙනාවේ. වැඩේ මුලින්ම භාරගත්තේ මේ අවුරුද්දේ පහුවුන සිංහල අවුරුද්දට දෙමු කියලා. අප්‍රේල් මාසේ මටත් විශේෂ දවසක් ඇති නිසා මාත් එදාට උපසිරසිය දෙන්න භාරගත්තා. අවාසනාවක මහත. හදිසියේ ඇති වෙච්ච අසනීප තත්වයක් නිසාත් වැඩ කරන තැන වැඩ ටිකක් වැඩි වුන නිසාත් පොරොන්දු වුන විදිහට උපසිරසිය ඉවර කරගන්න බැරි වුනා.පස්සේ මං හිතා ගත්තා මගේ උපන් දිනේටවත් මේක දෙමු කියලා. දවසකට ලයින් 10ක් කරගන්නවත් බැරි වුනා.   කොහොමින් කොහොම හරි මම උපසිරසි හදන්න පටන් අරන් වැඩිම කාලයක් ගත්ත උපසිරසිය තමයි මේ.මේ චිත්‍රපටය 2000 අවුරුද්දේ තමයි නිකුත් වෙන්නේ. ඒ් නිසාම මේ චිත්‍රපටය ඔයාල දැන් බලලත් ඇති. Hey Ram (2000) බ්‍රිතාන්‍ය ජාතිකයින් ඉන්දියාවෙන් ඉවත් වීමත් එක්ක මුස්ලිම් ජාතිකයින් ඔවුන්ට වෙනමම නිජ බිමක් ඉල්ලා මහා වැඩ වර්ජනයක් දියත් කරන්න තීරණය කරනවා. ඒ් 1946 අගෝස්තු 16 වෙනිදා.  ඒ් දිනය Direct Action Day ලෙස හඳුන්වනවා. 1946 කල්කටා කෝලහලය සහ මහා කල්කටා ඝාතනය විදිහටද හැදින්වෙන මේ දිනය කල්කටාවේ වාර්ගික ප්‍රචණ්ඩත්වයේ දිනය විදිහටත් හඳුන්වනවා. මෙයින් හින්දු සහ මුස්ලිම්වරුන් අතර මහා පරිමාණයේ ප්‍රචණ්ඩත්වයක් ඇති වෙනවා. මෙය දෙපාර්ශයේම අනුගාමිකයින් විසින් මහා මිලේච්ඡත්වයක් දක්වා අරන් යනවා. පැය 72ක් ඇතුලත 4,000කට අධික පිරිසක් මිය යන අතර කල්කටාවේ පදිංචිකරුවන් ලක්ෂයකට පමන නිවාස අහිමි වෙනවා. තවද මෙය ඉන්දියාවේ බෙදීම ආරම්භවන බීජ වැපිරීමක් විය. මෙම කෝලාහලය නිසා පසුකාලීනව හින්දු ආධිපත්‍යයක් සහිත බටහිර ‌බෙංගාලයක් සහ මුස්ලිම් ආධිපත්‍යයක් සහිත නැගෙනහිර ‌බෙංගාලය (වර්ථමාන බංග්ලාදේශය) ලෙස බෙදෙනවා. මෙවැනි ‌ඓතිහාසික පසුබිමක් සමඟ ගොඩනැගූ ප්‍රබන්ධ චිත්‍රපටයක් තමයි හේරාම්. උලග නායගන් නැත්නම් යුනිවර්සල් හීරෝ ලෙස හඳුන්වන කමල් හසන් විසින් රචනා කර, ඔහු විසින්ම නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කර ප්‍රධාන චරිතයද රඟපාන අතර ශාරුක් ඛාන් ද ප්‍රධාන චරිතයක් රඟපායි. තවද මෙහි රාණි මුකර්ජි රංඟනයෙන් එකතු වන අතර ඇය මෙම චිත්‍රපටය සඳහා කිසිම අංග රචනාවක් නොකර තම රංඟනය ඉදිරිපත් කල බව සැලවේ. චිත්‍රපටය මෙම Direct Action Day සහ ඒ් වටා ඇති වන සිඳුවීම් සමුදායත් සමඟ නාතුරාම් ගොඩ්සේ විසින් මහත්මා ගාන්ධි ඝාතනය නිරූපනය කෙරේ. කමල් හසන්ගේ චිත්‍රපට බලන ඔයාල දැකලා ඇති ඔහුගේ චිත්‍රපට සඳහා ඔහුටම ආවේනික රංඟ ශිල්පීන් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මේ චිත්‍රපටය සඳහාත් ඔවුන් සම්බන්ධ වී ඇති බව චිත්‍රපටය බලන ඔයාලට තේරේවි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන සාකෙට් රාම් ලෙස කමල් හසන්, අම්ජාඩ් අලි ඛාන් ලෙස ශාරුක් ඛාන් සහ අපර්ණා ලෙස රාණි මුඛර්ජි රංගනයෙන් ඒකතු වන අතර හේමා මාලනී, වසුන්දරා දාස්, ගිරිෂ් කර්නඩ්, ඕම් පුරි, අතුල් කුල්කර්නි, නාසාර්, අබ්බාස් ඛාන්, වාලි, දිල්ලි ගනේෂ්, මරුති රාඕ, මහේන්ද්‍රන්, යතින් කර්යේකර් ඇතුළු රංඟන ශිල්පීන් රැසක් රංඟනයෙන් දායක වෙනවා. මහත්මා ගාන්ධි ලෙස නසුර්දීන් ෂා තම රංඟනය ඉදිරිපත් කරන අතර මහත්මා ගාන්ධිගේ සැබෑ මුණුපුරා වන අරුන් මනිලාල් ගාන්ධිගේ පුත් තුෂාර් ගාන්ධි ද මෙම චිත්‍රපටය සඳහා එකතු වී ඇත. තවද කමල් හසන් ගේ දියණිය ශ්‍රැති හසන් ද මෙම චිත්‍රපටයේ රංඟනයේ යෙදෙයි. චිත්‍රපටයේ සංගීතය ඉන්දීය සංගීතවේදී ඉලයරාජා විසිනි. මූලිකවම චිත්‍රපටය දමිල බසින් මුදාහැරියද ඒහි හින්දි පිටපත ශාරුක් ඛාන්ට අයත් රෙඩ් චිලීස් ආයතනය හා අනුබද්ධ Dreamz Unlimited ආයතනය හරහා බෙදා හැර ඇත. චිත්‍රපටය සඳහා ධනාත්මක ප්‍රතිචාර හිමිවුවද වාණිජමය අතින් අසාර්ථක වී ඇත. කෙසේ වෙතත් හේරාම් ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන තුනක් ලබාගන්නට සමත් විය. 2000 වසරේ පෙබරවාරි 18 නිකුත් වූ මෙම චිත්‍රපටයේ දමිල පිටපත විනාඩි 210ක ධාවන කාලයකින් යුක්තය. (හින්දි පිටපත විනාඩි 207 කි) නිකුත් වී මේ වන විට වසර 25ක් පමණ වන මෙම චිත්‍රපටය හා පසුබිම් වූ ඉතිහාසය පිළිබඳව තව බොහෝ දේ කතා කිරීමට ඇත. ඒ් සියල්ලම ගෙන ඒ්ම අළුතින් චිත්‍රපටය බලන අයෙක්ට කරන යම් අසාදාරණයක් වන නිසා මෙතනින් නතර වෙමු. චිත්‍රපටය වෙන් කරදුන්න රවිදු සහෝදරයාට මාගේ  හදපිරි ස්තුතිය පුද කරමි. නිතර අදහස් හුවමාරු කරගන්නා විමුක්ති සහෝදරයාවත් මතක් කරමි.
(උපසිරසිය පරක්කු වුනාට ෂේප් කරගන්නත් එපැයි..) ඒහෙනම් ඉදිරියේදී තවත් උපසිරසියකින් හමුවෙමු.
කාල වේලා ඉතිරි වෙන විදිහට ඉස්සරහටත් උපසිරසි අරන් එන්නම්.
ඔයාල හැමෝටම ජ්‍රයග්‍රාහී සුබ දවසක් වේවා..
~ ජය වේවා ~ Hey Ram (2000) Sinhala Subtitles

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

735 downloadsDownload Hey-Ram-2000.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Hey Ram (2000) Sinhala Subtitles

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

735 downloadsDownload Subtitles58 KB

4 comments

  1. නිරෝෂ්

    නියමයි රොෂාන්. ජයවේවා !

  2. Buddhika laKMal

    සෑහෙන කාලෙකට පස්සේ සුපිරි මූවි එහෙකට සබ් අරං ඇවිත් තියෙන්නේ.....
    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට....
    ඇහුනු විදිහටනං අද ඔයාගේ බර්ත් ඩේ එකද මචං... එහෙනං හැපි බර්ත් ඩේ ඈ ඔන්න.....
    සතුටින් සැපෙන් සනීපෙන් ඉන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා....
    ජයවේවා මචං............

  3. විමා - Admin

    ජයම වේවා!
    හෙමින් හෙමින් හරි සබක් ගේමු ආයේ!

  4. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H