Watch Trailer

Bharathanatyam 2: Mohiniyattam (2026) Sinhala Subtitles | හොර දෙයියෝ [සිංහල උපසිරැසි]

Bharathanatyam 2: Mohiniyattam (2026) Sinhala Subtitles ආයුබෝවන්, මේකත් මෙ වසර තුල නිකුත් උන ප්‍රේක්ෂකයින් ආදරෙන් වැළඳගත්ත ලස්සන මලයාලම් කොමඩියක්. මේ කාලෙ ගොඩක් මලයාලි චිත්‍රපටි නිකුත් වෙන්නෙ දෙවෙනි හෝ තෙවෙනි කොටස් හැටියට. ඒ වගේම ඒ සේරම පළමුවැන්නට වඩා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගන්න සමත් වෙලා ති…

Bharathanatyam 2: Mohiniyattam (2026) Sinhala Subtitles

ආයුබෝවන්, මේකත් මෙ වසර තුල නිකුත් උන ප්‍රේක්ෂකයින් ආදරෙන් වැළඳගත්ත ලස්සන මලයාලම් කොමඩියක්. මේ කාලෙ ගොඩක් මලයාලි චිත්‍රපටි නිකුත් වෙන්නෙ දෙවෙනි හෝ තෙවෙනි කොටස් හැටියට. ඒ වගේම ඒ සේරම පළමුවැන්නට වඩා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගන්න සමත් වෙලා තියෙනවා, ආඩු 3, වායා2 මේක වගේම ඉස්සරහට ද්‍රිෂ්‍යාම් 3ත් ඒ වගේම සාර්ථක වෙයි කියල හිතන්න පුළුවන්.

ඉතින් මේකෙ පළමුවැන්න 2024දී එච්චර කතාවට ලක් උනේ නෑ. සිනමා ශාලාවල ඒ තරම් ලොකු ප්‍රතිචාරයක් නොලැබුනත් OTT වේදිකාවේ නම් සැලකිය යුතු ජනප්‍රිය තාවයක් ලැබුනා. මම ඒකට කරපු උපසිරැසිය බයිස්කෝප් එකේ තියෙනවා. නොවරදවාම ඒක බලල ඉන්න එතකොටයි මේ දෙවැනි කොටස රස විඳින්න හැකි වෙන්නෙ.

ඉතිං මේ දෙවැන්න හාත්පසින් වෙනස් ප්‍රතිචාරයක් තමයි සිනම ශාලාවල ලැබුවෙ. ඒක මේ වසරේ හොඳ ආදායමක් ලබපු චිත්‍රපටයක් හැටියට සලකන්න පුළුවන්. ඒ වගේම කතාවත් පළවෙනි කොටසට වඩා ගොඩක් රසවත්.

සසි තමයි මේකෙ ප්‍රධාන චරිතය. එයාගෙ පවුල වටා තමයි මේ කතාව ගොඩ නැගෙන්නෙ. එයාගෙ තාත්තා භරතන් ටිකක් රළු චරිතයක්. රජයේ සේවකයෙක් හැටියට ඈත පළාතක වැඩ කරල විශ්‍රාම ලබල ජීවත් වෙනවා. සසී රැකියාවක් කරන්නෙ නෑ, ඔහු සමාජ සේවයේ නිරතවෙලා ඉන්නවා. ප්‍රදෙශයේ දේවාල කමිටුවේ ලේකම් ඔහු. ඔහුට විවාහක සහෝදරියන් දෙන්නෙකුයි බාල සහෝදරයෙකුයි ඉන්නවා. සැලකිය යුතු දේපළකුත් ඔවුන්ට තියෙනවා. භරතන් මරණාසන්න මොහොතේ රහසක් හෙලි කරනවා. ඒ ඔහුට වෙනත් පළාතක තවත් බිරිඳක් සහ දරුවෙක් සිටින බව. ඔහුගේ ඉල්ලීම අනුව ඔවුන් කැඳවා ගෙන ඒමට සසී කටයුතු කරනවා. සියළු දෙනාගේ විරෝධයක් ඔවුන් කෙරෙහි තිබුනත් පසුව දැන ගන්නේ සසීගේ මව සමග භරතන් නිත්‍යානුකූලව විවාහ වී නැති බවත් පසු කාලීනව අනෙක් කාන්තාව සමග විවාහ වී ඇති බවත්. කෙසේ වෙතත් සාම කාමීව එම පවුලද තමන් වෙත පිළි ගන්න සසීගේ පවුල අලුත් ජීවිතයකට මුළ පුරනවා. ඔය කිව්වේ පළවෙනි කොටසින් බිඳක්.ඉතිං මේ ඔවුන්ගේ ජීවිත වල අළුත් පරිච්ඡේදය පටන් ගන්න කොටම වෙන අලකලංචිය තමයි දෙවැන්නේ තියෙන්නේ.

සයිජි කුරුප් කියන විශිෂ්ඨ මලයාලි ප්‍රභසන නළුවාගේ ප්‍රධාන චරිතය රඟන මෙහි සූරාජ් වෙන්ජාරමුඩුත් සුපිරි රඟපෑමක් කරනවා. ජගධීෂ්, විනේ ෆෝර්ට්,කලාරන්ජනී, ශ්‍රීජා රවි,බේබි ජීන්, අභිරාම්,සෙසු චරිත රඟපානවා. අධ්‍යක්ෂණය ක්‍රිෂ්ණදාස් මුරලිගෙන්. එහෙනම් ටතවත් ලස්සන මලයාලි කොමඩියක් නරඹන්න.

නැවත හමු වෙමු

ආයුබෝවන්.

Bharathanatyam 2: Mohiniyattam (2026) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

3,165 downloadsDownload Bharathanatyam-2-Mohiniyattam-2026.zip73 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Bharathanatyam 2: Mohiniyattam Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

3,165 downloadsDownload Subtitles73 KB

5 comments

  1. ප්‍රදීප්

    මම පළවෙනි එකත් ඔයා දුන්න සබ් එකත් එක්ක බැලුවා ඒක සුපිරි.දැන් මේකත් බලන්න යනවා.බොහොම ස්තුතියි සහෝ සබ් එකට.

  2. Gagan Pabasara

    Aadu 1.2 කරන්නේ නැද්ද ? බොහොම ස්තුතිය ❤️

  3. Buddhika laKMal

    සබ්එකට ස්තූතියි බන්දුල අයියේ

  4. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  5. ඕෂද එරංග (Era Boy)

    සුබ ආරංචියක් තියෙනවා.. ඒ තමයි මේ චිත්‍රපට මාලාවේ තුන්වැන්නක් එනවලු!
    Bharathanatyam 3: Rasaleela තමයි ඒකේ නම!