Watch Trailer

Highlander: The Source (2007) with Sinhala Subtitles | අමරණීයත්වයේ මූලාශ්‍රය සොයා යාම! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම පොරොන්දු වුණු විදිහටම, Highlander සිනමා මාලාවේ පස්වැනි සහ අවසන් චිත්‍රපටය වන “Highlander: The Source” අරගෙන ආවා. මේක මගේ 164 වැනි උපසිරැසි නිර්මාණය. මෙම සිනමා මාලාවේ පළමු චිත්‍රපටයෙන් පසුව, 2, 3 සහ 4 යන කොටස් සඳහා මම උපසිරැසි ලබා දුන්නා මතක ඇති. අද මේ පස්වැනි කොටසත් ලබා දීමත් සමඟ, Hi…

ඔන්න එහෙනම් මම පොරොන්දු වුණු විදිහටම, Highlander සිනමා මාලාවේ පස්වැනි සහ අවසන් චිත්‍රපටය වන “Highlander: The Source” අරගෙන ආවා. මේක මගේ 164 වැනි උපසිරැසි නිර්මාණය.

මෙම සිනමා මාලාවේ පළමු චිත්‍රපටයෙන් පසුව, 2, 3 සහ 4 යන කොටස් සඳහා මම උපසිරැසි ලබා දුන්නා මතක ඇති. අද මේ පස්වැනි කොටසත් ලබා දීමත් සමඟ, Highlander සිනමා විශ්වයේ මේ දක්වා නිකුත් වූ සියලුම චිත්‍රපට සිංහල උපසිරැසි සමඟින් නරඹා අවසන් කිරීමේ අවස්ථාව දැන් ඔබට හිමි වෙනවා.

Highlander සිනමා මාලාව 

1986 වසරේදී ආරම්භ වුණු Highlander සිනමා මාලාව ලෝක සිනමාවේ සුවිශේෂී සලකුණක් තැබූ නිර්මාණයක්. මෙහි ප්‍රධාන තේමාව වෙන්නේ “අමරණීයයන්” (Immortals). ඔවුන් සාමාන්‍ය මිනිසුන් අතර ජීවත් වන අතර, ඔවුන්ව මරා දැමිය හැක්කේ හිස ගසා දැමීමෙන් පමණයි. “අවසානයේ ඉතිරි විය හැක්කේ එක් අයෙකු පමණි” (There can be only one) යන පාඨය වටා ගෙතුණු මේ කතාවල, අමරණීයයන් එකිනෙකා සමඟ සටන් කරමින් අවසාන ජයග්‍රාහකයාට හිමිවන “තෑග්ග” (The Prize) ලබා ගැනීමට උත්සාහ කරනවා.

Highlander: The Source (2007) කතාව (Spoiler Free):

මේ චිත්‍රපටය ආවේ TV MOVIE එකක් ලෙසයි. නමුත් ලොකු බජට් එකකින් නිර්මාණය වෙලා තියෙන හින්දා ගුනාත්මකබාවය හොඳයි.  මෙම චිත්‍රපටයෙන් අපව රැගෙන යන්නේ අනාගතයකටයි. ලෝකය අවුල් සහගත තත්ත්වයක පවතින කාලයක, ඩන්කන් මැක්ලවුඩ් (Duncan MacLeod) ඇතුළු අමරණීයයන් කණ්ඩායමක් තමන්ගේ පැවැත්මේ රහස සොයා යනවා. ඒ තමයි අමරණීයත්වයේ මූලාශ්‍රය හෙවත් “The Source”.

නමුත් මේ ගමන එතරම් පහසු වෙන්නේ නැහැ. ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ “The Guardian” නමැති අතිශය වේගවත් සහ භයානක සතුරෙකුටයි. මූලාශ්‍රය ආරක්ෂා කරන මේ රකුසාගෙන් බේරී, තමන්ගේ අමරණීයත්වයේ සැබෑ අරුත සොයා ගැනීමට මැක්ලවුඩ් ඇතුළු පිරිසට හැකි වෙයිද? මෙය Highlander රසිකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙන වෙනස්ම ආකාරයක කතාවක්.

Highlander සිනමා මාලාව මෙතැනින් අවසන් වෙන්නේ නැහැ. දැනට ලැබෙන ආරංචි මාර්ග අනුව, ඉදිරියේදී Highlander සිනමා මාලාව නව මුහුණුවරකින් (Reboot) නැවතත් නිර්මාණය වීමට නියමිතයි. එම චිත්‍රපටය නිකුත් වූ වහාම එයටත් උපසිරැසි ලබා දීමේ බලාපොරොත්තුව මා තුළ තිබෙනවා.

Highlander සිනමා මාලාවේ අඩුව පිරවීමට මම කළ මේ උත්සාහය රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

Highlander සිනමා එකතුව දැන් සම්පූර්ණයි:

  1. Highlander (1986)

  2. Highlander II: The Quickening (1991)

  3. Highlander III: The Sorcerer (1994)

  4. Highlander: Endgame (2000)

  5. Highlander: The Source (2007)

මෙතෙක් කාලයක් මා සමඟ රැඳී සිටි බයිස්කෝප් සිංහලෙන් අඩවියේ රසිකයන් සැමට මාගේ ස්තූතිය!

බුදු සරණයි….!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR  පිටපත සඳහා අදාළ වේ.

138 downloadsDownload Highlander-The-Source-2007.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

138 downloadsDownload Subtitles26 KB

2 comments

  1. Buddhika laKMal

    සබ් එකට තෑන්ක්ස් මචං

  2. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි අසංක අයියේ
    හැකි නම් The Adjustment Bureau ෆිලුමටත් සිංහල උපසිරැසි ලබා දෙන්න