Watch Trailer

Bhool Bhulaiyaa (2007) | යක්දෙස්සියගේ පළිගැනීම!! [සිංහල උපසිරැසි සමඟ]

අතීතයේ විසු වයසක රජෙකු, ඔහුගේ අංගනයේ නර්තනයන් ඉදිරිපත් කළ මංජුලිකා නම් නළඟනට ආලය කළේය. නමුදු එම නළඟන ආලය කරනු ලැබුවේ එම රජ වාසලෙහිම විසු ශාසිදර් නම් සංගීතඥයෙකු හටයි. එම ආලය කෙමෙන් කෙමෙන් වැඩි වූ අතර එම ආලය ගැන වයසක රජුගේ කනට වැටුණි. එක් දිනක රජ වාසලෙහි මංජුලිකා නළඟන නර්තනය කරමින් ඉන්නා අතර තුර, මංජ…

Bhool Bhulaiyaa (2007)

අතීතයේ විසු වයසක රජෙකු, ඔහුගේ අංගනයේ නර්තනයන් ඉදිරිපත් කළ මංජුලිකා නම් නළඟනට ආලය කළේය. නමුදු එම නළඟන ආලය කරනු ලැබුවේ එම රජ වාසලෙහිම විසු ශාසිදර් නම් සංගීතඥයෙකු හටයි. එම ආලය කෙමෙන් කෙමෙන් වැඩි වූ අතර එම ආලය ගැන වයසක රජුගේ කනට වැටුණි. එක් දිනක රජ වාසලෙහි මංජුලිකා නළඟන නර්තනය කරමින් ඉන්නා අතර තුර, මංජුලිකා ඉදිරියේදීම ඇයගේ ආලය වන ශශිදර් ගේ හිස කඳින් වෙන් කරනු ලැබුවේය. ඉනපසු වයසක රජු මංජුලිකාව කසාද බැදීමේ අරමුණින් ඇයව කාමරයක සිර කර මංගල දිනයේ ඇය රැගෙන එන ලෙස ඔහුගේ සේවකයන්ට පැවසීය. එවිට සේවකයන්ට දැකගත හැකි වූයේ මංජුලිකා ගේ මෘත දේහයයි, ඇයද වයසක රජු හට ලිපියක් ලියා සියදිවි හානිකරගත්තාය.

එම ලිපියේ සඳහන්ව තිබුණේ “ඇයගේ ආත්මය කිසිම රජ කෙනෙකුට එම වලව්වේ ජීවත් වීමට නොදෙන බවයි”. ඊට දින කිහිපයකට පසු එම වයසක රජුද හිටිහැටියේම මිය ගියේය. ඉන් පසු එම වලව්වේ මංජුලිකාගේ යක්දෙස්සිය සැරිසරන ලෙස කට කතා පැතිර ගිය අතර එම වලව්ව පාළුවට ගියේය. එමෙන්ම එහි සැරිසරන ලද මංජුලිකගේ භූත ආත්මය උසස් අදුරුතුමෙක් ලව්වා එම වලව්වේ තුන්වෙනි තට්ටුවේ එක් කාමරයක දමා මන්තර-ගුරුකම් කර සිරකරනු ලැබීය.

වර්තමානයේ, ඇමරිකාවේ විසූ එම රජ පරම්පරාවෙන් පැවත ආ සිද්දාර්ත් නම් තරුණයා ළඟදි විවාහ වූ තම බිරිද සමග, එම වලව්වේ නැවතීම අනතුරු දායක යැයි, එම වලව්වේ භූත උපද්‍රව තියේ යැයි කියු තම ඥාතින් ගේ කියුම් නොඅසා එම වලව්වේ පදිංචියට යයි. ඔහුගේ ආරක්ෂාව උදෙසා එම පවුලේ සියලු ඥාතින්ද ඔහු සමග එම වලව්වේ වාසය කිරීමට යයි. ඇමරිකාවෙන් පැමිණි ජෝඩුව මෙම භූතයන් ප්‍රේතයන් ගැන විශ්වාස නොකරන අතර, සිද්දාර්ත් ගේ බිරිඳ වන අව්නි, තම වැඩිහිටියන්ගේ කීමද නොඅසා තුන්වෙනි තට්ටුවේ මංජුලිකා යක්දෙස්සිය හිර කර තැබූ කාමරයේ අගුල කඩා එයට ඇතුළු වෙයි. ඉන්පසු නොයෙකුත් භූත සිදුවීම් වලව්ව තුළ ඇතිවන අතර සිද්දාර්ත් එය නොපිළිගනී. ඒ වෙනුවට ඔවුන්ගේ ඥාතින් විසින් හදාගනු ලැබූ රාධා නම් යුවතියට මානසික රෝගයක් ඇතැයි මේ දේවල් සිදු කරනුයේ ඇය යයි පවසා ඇයව සුව කිරීමට ඔහුගේ විකාර මිතුරෙකු මෙන්ම මනොවිදයාඥකුද වන ආදිත්‍ය හට එන ලෙස පවසයි….

තුන්වෙනි තට්ටුවේ අගුල ඇරිය පසු සිදු වූයේ කුමක්ද?
වලව්වේ සිදුවන භූත සිද්ධීන් වලට එය සම්බන්ධයිද?
මංජුලිකාගේ ගේ භූත ආත්මය කා තුළට හෝ වැහී ඇද්ද?
නැතිනම් මේ සියල්ල කරනුයේ රාධා නම් යුවතියද?
රාධා සුව කිරීමට පැමිණෙන විකාර මනොවිදයාඥ’යා මොන විදියේ කෙනෙක්ද?
සිද්දාර්ත්ගේ ඥාතින් එම මනෝවිද්‍යාඥයා කෙලෙස පිළිගනියිද?
මංජුලිකා නම් යක්දෙස්සියගේ අරමුණ කුමක්ද?
මෙම සිද්ධියෙන් ජීවිත හානි විය හැකිද?
ආදිත්‍ය හට මේ ප්‍රහේලිකාව විසදීමට හැකි වෙයිද?

වැඩිය හිතන්න එපා, මේ චිත්‍රපටය ඒ තරම බැරෑරුම් එකක් නෙවි. බය හිතෙනවා නම් තමයි, ඒත් මේක වැඩිපුර බර හාස්‍යජනක පැත්තට. ඉන්දියාවේ ඉන්න හොදම විකටයෝ ටික මේකේ ඉන්නවා. ආක්ෂේ කුමාර් (පිස්සු මනෝවිද්‍යාඥයා) පරේෂ් රාවල්, රාජ්පාල් යාදව්, මනෝජ් ජෝෂි වගේ අය. ඒ වගේම විද්‍යා බාලන් සහ අමීෂා පටෙල් මෙහි ප්‍රධාන චරිතයන් රංග දක්වනවා. දෙබස් ලයින් 1900+ තිබ්බා, ඒත් දැනුණේ නැහැ. ඇත්තටම නැතිවෙන්න හිනා වෙන්න පුළුවන්. අයි එම ඩි බි හි 6.8 කැ අගයක් ලැබිලා තියෙනවා. එහෙනම් කස්ටිය බලන්නකෝ.. අපි ගිහින් එන්නම්. ජය වේවා!!!

“ලෝකයාම දන්නා දෙයක් තමයි පිස්සන් සමග ඉන්න එක අමාරු බව..
නමුත්, පිස්සන්ට ප්‍රතිකාර කරන අය එක්ක ඉන්න එක… කරන්නම බැරි දෙයක්”!!

Bhool Bhulaiyaa (2007) on IMDb

 

 

749 MB කොපිය මෙතනින් බාගන්න

7CA32FA0ACA94D42EC6E8667F682A80C2FD1A96F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,319 downloadsDownload Bhool.Bhulaiyaa.2007.baiscopelk.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,319 downloadsDownload Subtitles67 KB

46 comments

  1. Rockers

    elazzzz

  2. sssss

    lassana film ekak.thak u

  3. Tharindu Perera

    supiri komadiyak vageee.....
    danma banavaa machann....
    thanks machan sub ekatahh.....

  4. හර්ෂ ලහිරු

    එලකිරි හේවා කතාව කියෙව්වාම නොබලා බැරියෝවගේ :D
    බොහොම ස්තුතියි සහො :D ජය
    කොල්ලට ලගදි මොනවාහරි වෙලා තියනවා වගේ :P :P
    අමුතු වදනක් දාලාතියෙන්නේ ලිපියෙ අන්තිමටම :D :D 'D

  5. Kulanjana Maduranga

    Patta filumk wage. subata thanks HEWA saho.digatama sub demu.jayen jaya…………

  6. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍ම‍ම ‍හි‍තන්‍‍නෙ ‍දෙ‍ම‍ලින්‍ "‍චන්‍ද්‍ර‍මු‍කි" ‍කි‍ය‍ලා ‍ති‍යෙ‍න
    ‍ෆිල්‍ම්‍ ‍එ‍කෙත්‍ ‍ක‍තා‍ව ‍මේ‍ක‍ද ‍මන්‍‍දා?
    ‍ඒ ‍කෙ‍සේ ‍වෙ‍තත්‍ ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍වි‍ශේ‍ෂ‍යෙන්‍ ‍හින්‍‍දි ‍ෆිල්‍ම්‍ ‍ව‍ල‍ට ‍සබ්‍ ‍දාන්‍‍න ‍කි‍යා ‍ඉල්‍‍ලා ‍සි‍ටි‍මි.
    ‍ඉ‍දි‍රි‍ය‍ටත්‍ ‍මේ ‍කාර්‍ය‍ය ‍ක‍ර‍ගෙ‍න ‍යන්‍‍න‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය , ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍වා
    ‍යැ‍යි ‍ප‍ත‍මි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

    1. Snoopy Imesh

      Ane Mnda Matath Hithanne A hema Thama

  7. nuwan kawinda

    supiri supiri sahooooooooo jaya wewaaaaaaaa...............

  8. Saman Prasad ( Black Panther )

    ela ela. thanks a lot....

  9. Darshana51

    thanksss,...

  10. me

    Thanks

  11. ගයාන් රූකාන්ත (ජෝනා)

    අනේ මන්දා ඔයත් ඉදලා ඉදලා
    ගේන්නෙම මාර ඒවා තමා ඔන්න ගත්තා
    කොල්ලා ආයෙමත් වැඩට බැහැලා වගේ නේ
    සබට තුති

  12. චතුර මදුසංක

    thanks saho.oyata dodak thanks

  13. jack

    නියමයි....
    ආක්ශේ ඉන්න ඒවා අනිවා බලනවා.
    ස්තුතියි.

  14. නිපුන්

    fatta fatta

  15. chandima

    meke sab aka download karaganna bene.mokak hari aulak thiyenawa.poddak balannakoooooo

  16. vimukthi

    sub wada nathoo

  17. D.chamara

    thanks saho.oyata godak thanks

  18. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  19. නලින්

    හේවා ගෙන් නියම බානඩයක් නේ ලැබිලා තියෙන්නේ

    ජය වේවා!

  20. කේ.යූ.ජී. උදාර

    ඔයාගේ උපසි‍රැසත් එක්ක මේක නම් අනිවාර්යයෙන් ම බලනවා.
    සිංහල සබට බොහොම ස්තූතියි හේවා.............

  21. kasun

    ela ela balanna asawen hitiye BAISCOPELK is the BEST

  22. Raj

    Thanks, නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං.

  23. NORAD

    Kaleka idan hoya hoya hityae film ekata thanksssssssss.

  24. “චූටී මල්ලි”

    දෙබස් ලයින් 1900+ තිබ්බා, ඒත් දැනුණේ නැහැ.

    මේක බලන්න හිතෙන්නෙ මේ කැල්ල නිසා
    සබට තුති
    ඔබට ජය..........

  25. herry

    බොහොම ස්තූතියි

  26. Rajitha Abeysinghe

    thanks!

  27. Lakmal

    thanks saho

  28. රොයිලි

    බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. බාගත්තු කොපිය තියෙන හින්ද මෙන්න සබ් එක ගන්නවා. ජය෴෴ :P :P

  29. කේ.යූ.ජී. උදාර

    මේක ගැන දන්න දවසේ ඉඳල මං හිතුවෙ මේකත් තව එක කොමඩියක් විතරයි කියලයි. හේවගේ ලිපියෙනුත් ඔළුවට ගියේ ඒ අදහසම යි. ඒත් බැලුවට පස්සෙ කොමඩියකට එහා ගිය යමක් මේක ඇතුළෙ තියෙන බවක් දැක්කා. විශේෂයෙන් ම පුද්ගලයෙකුගේ මානසික ස්වභාවය ක්‍රියාත්මක වන අයුරුත් ඒ බව සියුම් ව වටහා ගන්නා අයුරුත් අපූරුවට මෙහි ඉදිරිපත් වෙනවා. හුදු භූත කතාවකට එහා ගිහින් ලොකු ගැඹුරක් ස්පර්ශ කරන්න ඉඩ ලැබිල තියෙන්නෙ ඒ නිසා බවයි මගේ වැටහීම. කොහොමවුණත් තවත් එක දුලබ නිමැවුමකට මෙයත් කදිම නිදසුනක් බව අවසාන වශයෙන් කියන්න කැමතියි........

  30. Samee

    Thanx...........................................

  31. Givantha Arshakularathne

    මම මෙක බාලා හුගාක් කල් , බලන්න හොද සබක් නතුව හිටියෙ, thankx bro.

  32. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  33. yasuri

    meke tamil film ekakuth tiyenawa ne..... sri lanakawata hamadama wali dana rajini kanth inna

  34. ලක්ෂාන්

    මේක පට්ට සහෝ ........මං බලපු හොදම හින්දි චිත්‍රපටවලින් එකක්...........සබට බොහොම ස්තූතියි.............ඉස්සරහටත් මේ වගේ පට්ටපතුරැ ඒවට සබ්දාන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනාකරනවා...............

  35. Shan Vimukthi

    පිස්සෙක් කියන නිසාම
    පිස්සෙක් දුන්න නිසාම
    මාත් පිස්සෙක් නිසාම ගන්නවා මේකත් ඔන්න
    සබට පින් ඈ ;)
    පිස්සු පීකුදු

  36. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  37. MAlith lahiru

    Supiri film 1.Chandramuki film 1 wage.Tenx.

  38. madusha

    Sub dunnata tnx machan

  39. අඛිල

    බොහොම ස්තුතිය්

  40. අසිත

    ආක්ෂේ කුමාර් innwa nam balannm
    thanks saho

  41. Hadil

    machan plz meke webrip eka dhannako ... plz

  42. Vishwa sasanka

    Thank you

  43. Anonymous

    Thanks Brother

  44. බිම්බිෂ

    සිංහල උපසිරැසියට ස්තූතියි!

  45. බිම්බිෂ

    thank you baiscopelk