Watch Trailer

Bhoomi (2021) Sinhala Subtitles | අඟහරු යාමට පෙර පෘතුවිය [සිංහල උපසිරසි]

ක්‍රීම් ගාලා කවුරුවත් සුදුවුනා කියලා ඉතිහාසයේ වත් නෑ. ඒක අපි හැමෝම දන්නවා.! ඒත් ක්‍රීම් වර්ග තමයි අවුරුදු පනහක් තිස්සේ වැඩියෙන්ම විකිණෙන්නේ.! විද්‍යාත්මක ඔප්පුකරලා තියෙනවා කෝලා බීපුවම පිරිමි බෙලහීන කරනවා කියලා.! ඒත් තරුණයො තමන්ගේ පෙම්වතිය එක්ක එකම කෝලා බෝතලේට බට දෙකක්ම දාලා අපේ කෝලා බොනවා. මගේ නිෂ්…

ක්‍රීම් ගාලා කවුරුවත් සුදුවුනා කියලා ඉතිහාසයේ වත් නෑ. ඒක අපි හැමෝම දන්නවා.!
ඒත් ක්‍රීම් වර්ග තමයි අවුරුදු පනහක් තිස්සේ වැඩියෙන්ම විකිණෙන්නේ.!

විද්‍යාත්මක ඔප්පුකරලා තියෙනවා කෝලා බීපුවම පිරිමි බෙලහීන කරනවා කියලා.!
ඒත් තරුණයො තමන්ගේ පෙම්වතිය එක්ක එකම කෝලා බෝතලේට බට දෙකක්ම දාලා අපේ කෝලා බොනවා.

මගේ නිෂ්පාදන ගැන වැරදි කියන අය. Facebook ඇතුලු සමාජ මාධ්‍ය ජාලා වල ලිපි දානවා.
ඒත් උන්ට එලි උනාම මගේ නිෂ්පාදන නැතුව ජීවත් වෙන්න බෑ.

උන්ව මම හරියට ඉලක්ක කරලා තියෙන්නේ ක්‍රිස්ටෝපර්.!

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් අත්වැල් බැඳන් සිටිනා රසිකරසිකාවියන් සියලු දෙනාටම ඉතින් සෑහෙන දවසකට පස්සේ අලුත්ම දමිළ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසිත් සමඟින් අප අද ඔබහමුවට එන්නේ, කාලෙකට පස්සේ එන්න හේතුව ඔබ දන්නවා ඇති ලොවපුරා පවතින කොරෝනා වසංගත තත්වය නිසා බොහොමයක් සිනමා කටයුතු ඇණ හිටලා තියෙනවා කියලා වගේම සිනමාහල් වැඩි වශයෙන් වසා දමා ඇති නිසා චිත්‍රපට තිරගත වීම සීමාසහිත වෙලා තියෙන්නෙත් කියලා. ඒ කෙසේ නමුත් 2021 ජනවාරි මස 14 වෙනිදා එනම් සහෝදර දමිළ ජනතාව තෛපොංගල් උත්සවය සමරන අතර ඉන්දියාවේ මෙන්ම ශ්‍රීලංකාවේද සිනමාහල් සෞඛ්‍ය ආරක්ෂක නීතීරීති යටතේ විවතෘ කෙරුනා එනමුත් මේ චිත්‍රපටය සිනමාහල් වල ප්‍රදර්ශණය නොකර ඉඳුරාම ඩිජිටල් මාධ්‍ය හරහා නිකුත් කරන්නට කටයුතු කර තිබුනා. මේ දිනවල තිබෙන අධික කාර්ය්‍යබහුලත්වය නිසාවෙන් මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරන්නට බයිස්කෝප් සිංහලෙන් තවත් සහෝදර උසිරැසිකරුවකු වන චාමික මදුශාන් සොයුරාත් හවුල් කරගන්නට සිද්වුනා. එසේ නම් සිදුවුන ප්‍රමාදයට කණගාටුව ප්‍රකාෂ කරමින් චිත්‍රපටයේ තොරතුරු වෙතට අවදානය යොමුකරමු.

Disney+Hostar හරහා නිකුත් කරන ලද මේ චිත්‍රපටයට ඉතාමත් ධනාත්මක ප්‍රතිචාර ලබමින් පවතිනවා.මීට පෙරද ඇතැම් චිත්‍රපට වල අපකතා කර ඇති බහුජාතික සමාඟම් වලින් සිදුකරනා තුන්වන ලෝකයේ රටවල් වල ස්භාවික සම්පත් කොල්ලකෑම ගැන ඉඳුරාම කතා කරන අද සමාජයට ඉතාමත් ප්‍රභල පණිවිඩයක් ලබාදෙන චිත්‍රපටයක්.තුන්වන පන්තියේ රටවලට විස් සහිත ආහාර ලබාදෙමින් ඒවාගෙන් සිදුවන අතුරු ආබාධවලට එම සමාඟම් වලම හිමිකරුවන් වෙනත් නාමයන්ගෙන් ඔවුනට ඇති සමාමඟම් හරහා බෙහෙත් ඖෂධ පවා විකුණන ඉතාමත් පිලිකුල් සහගත භාවය සහ අපට අපට අපගැනම දැඩි කණගාටුවක් ඇතිවන සත්‍යම සිදුවීම් රැසක් මෙම චිත්‍රපටයෙන් පෙන්වාදී තිබෙනවා. මෙම චිත්‍රපටය අප අසල්වැසි දකුණු ඉන්දියානු චිත්‍රපටයක් උනත් චිත්‍රපටය තුල දමිළ සිනමාවට අදාලවන ආකාරයට මෙහි කතාව ගොඩනංගවා තිබුණත් ඇත්තෙන්ම මෙහි අඩංගු කරුණු සියල්ලම පාහේ අප රටටත් අදාල වෙන බව වඟකීමෙන් යුක්තව සඳහන් කල යුතුයි.මීට පෙර මා ඔබට විස සහිත ආහාර ගැන සඳහන් වන මලයාලම් සිනමා පටයක් වන Pattabhiraman (2019) චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ලබදුන් අවස්ථාවේ ලිපියක් ඉදිරිපත් කල බව එම චිත්‍රපටය බැලු අයට මතක ඇති ඔබ ඒ ලිපිය කියවා නැත්තනම් මෙතැනින් Pattabhiraman (2019) චිත්‍රපටයට අදාල ලිපිය වෙත ගොස් කියවා බලන්න. එසේ නම් කාල වේලා ගැටලු නිසා චිත්‍රපටය තුල අඩංගු කරුණ ගැන මීට වඩා ලියන්නට බලාපොරොත්තු වෙන්නේ නෑ, චිත්‍රපටය හා සම්බන්ධ තොරතුරු කිහිපයක් පහලින් දක්වා අදට ඔබෙන් සමුගන්නවා.

මේ වසරේ 2021 ජනවාරි මස 14 වන දින නිකුත්වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය Lakshman නම්වු දමිළ සිනමාපට අධ්‍යක්ෂකවරයා අතින් සිදුව තිබෙනවා ඔහු විසින් මීට පෙර අධ්‍යක්ෂණය කල සිනමාපටයන් අතර Romeo Juliet 2015 සහ Bogan 2017  යන සිනමාපටයන්ද වනවා. මෙහි ප්‍රධාන චරිතය දමිළ සුපිරි නළු Jayam Ravi විසින් හොබවන අතර අනෙකුත් සෙසු චරිතයන් දමිළ සිනමාවේ අප නිතර දකිනා නළු නිලියන් කිහිපදෙනෙකු විසින් හොබවනවා.ඒ වගේම මෙහි සංගීතය ප්‍රවීන දමිළ සිනමා සංගීත අධ්‍යක්ෂක D. Imman විසින් සිදුකර තිබෙනවා. චිත්‍රපටයෙන් ලබාදෙන ප්‍රභල සමාජ පණිවිඩය නිසාවෙන් මෙයට සමාඟාමිව සිනමාහල් තුල තිරගතවන චිත්‍රපට හා සංසන්දනය කර බලන විටදි මේ චිත්‍රපටය සඳහාත් ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර මෙන්ම විචාරකයින්ගේද මිශ්‍ර ප්‍රතිචාරයන් අන්තර්ජාලයේ ඇති  සමාජජාලා මාධ්‍යන්හි දැකගන්නට පුලුවන්! ප්‍රේක්ෂකයින් සහ විචාරකයින් දක්වන ලද ප්‍රතිචාරයන් කිහිපයක් පහතින් දක්වනවා.

සිනමා විචාරක වෙබ් අඩවිකිහිපයක් දක්වා තිබු ප්‍රතිචාරයන්…

 

ප්‍රේක්ෂකයින් විසින් දක්වා තිබු අදහස් කිහිපයක්…

මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි කිරිමට අවස්ථාව සලසාදුන් අශාන් විමුක්ති සොයුරාට විශේෂ ස්තුතිය පුදකරමින් කාර්ය්‍යබහුල අවස්ථාවක ඉක්මණින් මෙම සිංහල උපසිරැසි නිර්මාණය කිරිමට සහය දුන් චාමික මදුශාන් සොයුරාටද ස්තුතිවන්ත වෙමින් අදට සමුගන්නවා. ස්තුතියි ආයුබෝවන්

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි HD-Rip පිටපත් සඳහා අදාළ වේ.

25,513 downloadsDownload Bhoomi-2021.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ “චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-03-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

25,513 downloadsDownload Subtitles56 KB

22 comments

  1. Anonymous

    sub ekat sthuthi..jaya!

    1. dinesh indrajith

      thank you

  2. Anonymous

    Kalekata passe balapu supiriyak...
    Hbai sub eka nm parakkui neh..
    E kale okotama kalin sub deepu baiscope eka dn okkotama passeneh sub denne☹️

  3. Prabodha Jayakody

    Thanks...

  4. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  6. indika75

    thanks..

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Shaggy

    Thank you very much

  9. Anonymous

    Thanx for the sub bro

  10. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  11. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  12. gihan perera

    ස්තුතියි මචන් නියමයි....ජය වේවා සහෝ....

  13. PahasaraDv

    Thankz....

  14. Anonymous

    Master 2021 film eka release wela sub dennako

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  16. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි දෙන්නටම.

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  19. Anonymous

    thanks bro

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Malith Samarawickrama

    Thanks bn eub ekata