මීරා! පුංචි බෝනික්කි… අද මීරගෙ තුන් වෙනි උපන් දිනේ. මීරගෙ තාත්තගෙ නැවේ ලොකු පාර්ටියක්. හරි ලස්සන කේක් එකකුත් කපන්නයි ලෑස්තිය. හැමෝම එක එක තැන්වල නටනවා… පුංචි මීරා බෝනික්කත් එක්ක තනියම වාඩි වෙලා බලන් ඉන්නවා. ඔන්න එක පාරටම… පල්ලෙහා තට්ටුවෙන් සද්දයක්! කවුදෝ අත්පුඩි ගහනවා. මට සෙල්ලම් කරන්න අලුත් යාලුවෙ…

මීරා!
පුංචි බෝනික්කි…
අද මීරගෙ තුන් වෙනි උපන් දිනේ.
මීරගෙ තාත්තගෙ නැවේ
ලොකු පාර්ටියක්.
හරි ලස්සන කේක් එකකුත්
කපන්නයි ලෑස්තිය.
හැමෝම එක එක තැන්වල නටනවා…
පුංචි මීරා බෝනික්කත් එක්ක
තනියම වාඩි වෙලා බලන් ඉන්නවා.
ඔන්න එක පාරටම…
පල්ලෙහා තට්ටුවෙන් සද්දයක්!
කවුදෝ අත්පුඩි ගහනවා.
මට සෙල්ලම් කරන්න
අලුත් යාලුවෙක්වත්ද?
සද්ද නැතුව වටපිට බලපු මීරා
හොරෙන්ම පහලට බහිනවා.
අලුත් යාලුවත් එක්ක
සෙල්ලම් කරනවා.
එක පාරටම මේ යාලුවා
මීරාව උඩට උස්සල බිමින් තියනවා…
ආයෙත් උඩට උස්සල බිමින් තියනවා…
මීරාට හරි සතුටුයි.
හදිසියෙම මීරගෙ අතේ හිටිය
බෝනික්කා බිමට වැටෙනවා.
බෝනික්කව අහුල ගන්න
පාත් වුන මීරව…
කවුරුන් හෝ…
අඳුරට ඇදගෙන යන්නෙ…
කිසිවකු නොදැනමයි.
SS Vaitarna නම් වාශ්ප නෞකාව 1888 වසරේ නොවැම්බර් මාසයේ 8 වෙනිදා මුම්බායෙන් පිටත්ව ගුජරාටියේ ද්වාරකා හරහා පෝර්බන්දර් කරා ගමන් අරඹනවා. ගුජරාටියේ ටයිටැනික් නෞකාව ලෙස හඳුන්වන එම නෞකාව අධි සුඛෝපබෝගී වූ අතර එහි මගීන් 750පමන සිටි බව සඳහන් වෙනවා. ද්වාරකා හි නැංගුරම් ලාන නෞකාව අයහපත් කාලගුනය නිසාවෙන් නැවතත් මුම්බායි කරා ගමන් කරනවා. කොහොම වුනත් එම නෞකාවට නැවත හිරු එලිය දකින්න ලැබෙන්නෙ නෑ. ගමනාන්තයට පැමිනීමට පෙර රාත්‍රියේ සුළි කුණාටුවකට හසුවන නෞකාව මැන්ග්‍රෝල් වෙරලට කිලෝමීටර් 20ක් නුදුරින් මුහුදේ ගිලී යනවා. ඊට වසර 123කට පසුව 2011දි මේ නැව ජුහු වෙරල ආසන්නයේ දිස් වෙනවා. එහෙත් එම නැව නැවතත් අද්භූත ලෙස නොපෙනී යනවා.

SS Vaitarna නැව පදනම් කරගෙන නිපදවුනු මේ චිත්‍රපටිය පෙබරවාරි මාසෙ 21 වෙනිද තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Bhanu Pratap Singh. විකී කෞශාල් සමගින් භූමි පද්නෙකර් සහ අශුතෝශ් රානා රංගනයෙන් දායක වෙනවා. නිෂ්පාදනය ධර්මා ප්‍රඩක්ශන් සමගින් සී ස්ටුඩියෝව. හැබැයි අපිට පුරුදු ධර්මා ප්‍රඩක්ශන් එකෙ තේමා සංගීතය කුච් කුච් හෝතා හේ සංගීතය එක පාරටම හොල්මන් නැවක් මැද්දෙන් මතු වෙනකොට, ලෝගෝ එක හොල්මන් විදිහටම නැවෙ මැද්දෙ කොටල තියෙන එකයි නම් ටිකක් අමුතුයි වගේ දැනෙනවා.
ඒ වගේම ආදායම් අතින් නම් එච්චරට සාර්තකත්වයක් ලබන්නෙත් නෑ. මුල් දින ප්‍රදර්ශනයෙන් කෝටි 5ක ආදායමක් ලබනවා. ලොව පුරා ප්‍රදර්ශනයෙන් කෝටි 40.94ක මුලු ආදායමක් තමයි ලබාගන්නෙ.
ඉතින් හොඳට බය වෙන්න පුලුවන් චිත්‍රපටියක්. හැමෝටම බලන්න කියල ආරාදනා කරනවා. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD පිටපත් සඳහා අදාළ වේ.
15,646 downloadsDownload Bhoot-Part-One-The-Haunted-Ship-2020.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
40 comments
Helili Hemamali
Anonymous
Part 1 kiyanne meka iwara wenna nadda
Chamindu Lakshitha
Mechchr ikmant..eeye re neda oka amazon prime ekt release kre..thanks a lot..අනිවා බලන්න එපැයි මගෙ ආසම නළුවා නෙ ඉන්නෙ..
Liyanage shanaka
Video denne nane
Prabodha
Sthuthi obata...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Sanjaya
සිංහල උපසිරසිට බොහොම ස්තුතියි
-කරන කියන යහපත් දේ සාර්ථක වේවා-
තෙරැවන් සරණයි-Mw dilhani
Thanks sis. Holaman film walata asa nam na. Vicky, bhumi inna hinda balanawa.
viradaka
thanks !!
arawindasunimal
thanks sub ekata jayawewa...................
Priyantha Dayakeerthi
දහරා මුතු අමා සොයුරිය,
ඔබේ මෙම උපසිරැසිය බොහෝ දෙනෙක් බා ගත කරගෙන නරඹන සිනමාපටයක උපසිරසියක්. ඔබ මුල් කාලයේ මෙහි උපසිරසි ආරම්භ කළේ 80, 90 දශකයේ හින්දි සිනමාපටවලින්, එහෙත් දැන් ඔබ නවතම ඒවාට පමණක් උපසිරසි කරන බව මා දැක්කා. ඔබ විසින් "එකළ නිර්මාණය කළ" උපසිරසි භාවිතා කරමින් විවිධ රුපවාහිනී සේවාවන් එම සිනමාපට විකාශය කරනවා මා දැක්කා. දැන් ඔබ "වැඩි ඩවුන් ලෝඩ් අංකයක්" බලාපොරොත්තුව උපසිරසි කරනා බව මා සිතනවා. එහෙත් අලුත් ඒවා කරන අය ගොඩක් මේ වෙබ් එකේ ඉන්නවා. ඔබට පැරණි හින්දි සිනමාපට ගැන හොඳ අත්දැකීමක් සහ දැනුමක් තිබෙනවා. ඒ නිසා ඉඳහිට හෝ එවන් පැරණි එකකටත් සිංහල උපසිරසි ලබාදෙන්න බලන්න. ඒ මන්ද මමත් කලක් ඔබගේ රසිකයෙක්ව සිටියා. මම නම් පුද්ගලිකවම "අධි පරිගණක ප්‍රයෝග" භාවිතා කළ සිනමාපට වලට කැමති නැහැ. කලාත්මක සිනමාපට බොහෝ විට තෝරාගෙන නරඹනවා. ස්තුතියි ඔබ කරනා මෙම මෙහෙයට, ඔබට ජය!!!Anonymous
Aan Milo Sajna (1970), Zanjeer (1973) වැනි එකළ ඉතා සුන්දර ජනප්‍රිය සිනමාපට උපසිරසි කිරීමට යෝජනා කරන්නෙමි, ස්තුතියි!
Priyantha Dayakeerthi
දහරා මුතු අමා සොයුරිය,
Aan Milo Sajna (1970), Zanjeer (1973) වැනි එකළ ඉතා සුන්දර, ජනප්‍රිය හින්දි සිනමාපට උපසිරසි කිරීම සඳහා ඔබට යෝජනා කරන්නෙමි, ස්තුතියි!
Anonymous
niyamai aaa
Shamal manojan
බොහොම ස්තූතියි උපසිරැසියට.
90s හින්දි ෆිල්ම් වලටත් සබ් කරමු නේද?dimuthu_sampath
Thanks brother
Kavinu
ආදායමට හෙන ගහන්න විකියගේ ෆිලුම් නොබලා ඉන්න පුලුවන් යැ!
saroja lakmali
ස්තුතියි
Shamal manojan
තව හොද හොල්මන් ෆිල්ම් එකක් තියනවා. පුලුවන් නම් ඒකටත් සබ් දෙන්න බලන්න. කවුරුවත් සබ් දීලා නෑ.
Ghost - 2019
Vikram Bhatt අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ishan
Thanx sub ekata
Kushan Charuka
Thank You අක්කෙ.. අක්කා උපසිරැසි කරානං හොද film ඒකක්ම වෙන්න ඔ්නෙ
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට... ජය වේවා !!
gayan215
bohoma sthuthi..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
R_deshan
මේකෙ තියෙන ඒවට ලොකුවට බය හිතෙන්නෙ නම් නෑ...හැබැයි හොඳ thriller ගතියක් තිබ්බ ෆිල්ම් එකේ.හොඳ කතාවක්.තෑන්ක්ස් සහෝදරී සබ් එකට.
deshan
~ කාට හරි "Ghost Ship" මතක් වුතාද..මට නම් ඒක හොදා මීට වඩා..බොරුවට බය කරන්න උත්සහ කරනවා වගේ අන්තිමට.හොල්මන මැරෙන ඉක්මණ වැඩි.මැරෙන්නැද්ද දන්නෑ.. එත් මීට වඩා දෙයක් කරන්ඩ තිබ්බා කතාව අන්තිමට. අත්තිම හරියේ හදිස්සිය වැඩි. Btw thanks for the subtitles,hats off ! ~
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Anonymous
Thanks
Malith
Thanks so much
Anonymous
thanks bro
Pasindu
Thanks for sub
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි මුතු නංගීයෝ උපසිරැසි කරනයට..බුදුසරණයි !!ජයවේවා !!!
mindika
Thanks !!!!!!!!!!!!!!
melinda
thank you
Harsha
Godak watinawa sub eka .. ස්තුති ..
Saranga J. Liyanagama
Thanks
Nilantha Madushanka
Niyama film ekak.. sub ekata thanx
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Anonymous
බය නම් හිතෙන්නෙ නෑ ඉතින්. ගෑණු ලමයි නම් බය වෙනවා ඇති. කෝම උනත් ගොඩාක්ම නරක නෑ ෆිල්ම් එක. යම් කිසි මට්ටමකින් Horror ගතියක් තිබ්බා. සමහර තැන් වලදි පොඩි චකිතයකුත් ඇති උනා. කෝම හරි බය හිතෙන ෆිල්ම් එකක් කියල නම් කියන්න අමාරුයි. හැබැයි සබ් එක හොදට කරල තිබුනා.. ඉතිං බොහොම ස්තූතියි සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

හම්මෝ විකීගේ එකක්. බලන්න ඕනෙ මුතූ අක්කේ. සිංහල උපසිරැසියට ස්තූතියි.