ඔන්න ඉතින් සාරානාත් සාත්‍රනාත් කියලා දෙවනි උපසිරසත් කරා බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන්ම. පලවෙනි උපසිරස (Letters to God (2010 | සුරලොවට ලියුමක්) කරලා අවුරුද්දයි මාස 5කට පස්සේ තමා දෙවනි උපසිරස කරන්න පුලුවන් උනේ. ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩක් ස්තූතිවන්ත ව…

ඔන්න ඉතින් සාරානාත් සාත්‍රනාත් කියලා දෙවනි උපසිරසත් කරා බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන්ම. පලවෙනි උපසිරස (Letters to God (2010 | සුරලොවට ලියුමක්) කරලා අවුරුද්දයි මාස 5කට පස්සේ තමා දෙවනි උපසිරස කරන්න පුලුවන් උනේ. ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේක ගොඩක් ලොකු අත්දැකීමක් වගේම, ගොඩක් දේවල් ගැන දැන ගන්න, ඉගෙන ගන්න පුලුවන් වැඩක්.ඒ නිසාමයි ගොඩක් ආසාවෙන් මේ වැඩේට අත ගැහුවේ.
ඔන්න ඉතින් අපි කවුරුත් දන්න Adam Sandler ඉන්න චිත්‍රපට කාලයක් තිස්සේ හොය හොය බලපු නිසාම මේ ලගදි, හරියටම මාර්තු 30 විතර Adam Sandler ගේ Uncut Gems(2019) සිංහල උපසිරස නැති ෆිල්ම් එකක් හම්බ උනා. ඉතින් එතනින් තමා මේ වැඩේට අතගැහුවේ. කොහොම හරි Adam Sandlerගේ චිත්‍රපට බලලා තියන අය දන්නවා ඒවා කොච්චර ආතල් බයිස්කෝප්ද කියලා. බලලා නැති අය ඉන්නවා නම් මෙන්න පොරගේ චිත්‍රපට සෙට් එක (ගොඩක්ම ආතල් ඒවා ටික විතරයි මෙතන තියෙන්නේ තව ගොඩක් තියනවා ඈ).
50 First Dates (2004)
The Longest Yard (2005)
Click (2006)
You Don’t Mess with the Zohan (2008)
Grown Ups (I) (2010)
Just Go with It (2011)
That’s My Boy (2012)
Blended (2014)
The Do-Over (2016)
Murder Mystery (2019)
තව ඉතින් Hotel Transylvania එකේ ඩ්‍රැක්ට හඩ කවන්නෙත් මෙයාම තමා. ගොඩක් හාස්‍යය උපදවන චිත්‍රපට වල හිටියත් මෙයා Uncut Gems (2019) එකේ නම් ටිකක් වෙනස් චරිතයක් තමා රගපාන්නේ. 2019 අවුරුද්දේ Josh Safdie, Benny Safdie කියන සහෝදර අධ්‍යක්ෂකවරු දෙන්නා විසින් නිර්මාණය කරපු Uncut Gems (2019) එහෙමත් නැත්නම් නොකැපූ මැණික් චිත්‍රපටය අයිති වෙන්නේ Crime,Dark Comedy කියන ගණයට. මේ ෆිල්ම් එකේ Adam Sandlerට අමතරව Kevin Garnett කියන ප්‍රසිද්ධ ඇමරිකානු පැසිපන්දු ක්‍රීඩකයත් රංගනයෙන් දායක වෙනවා, IMDb දර්ශකයේ 7.5/10 වගේ ඉහල අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 92% ගොඩක් හොද ප්‍රසාදයකුත් තියන මේ ෆිල්ම් එක පැය 2 යි 15 ක් පුරා දිව යනවා. තව දෙයක් කියන්න ඕනේ මේක වඩාත් වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටයක්, 18+ රූපරාමු නැති වුනත් හැම වචන දහයකට සැරයක්ම F**K කියන වචනෙ නම් තියනවා.
චිත්‍රපටය ගැන කියනවා නම් මේක සූදුවට ලොල් වුන ණය බරින් හා වංචාවෙන් බරිත මැණික් හා ස්වර්ණාභරණ වෙළෙන්දෙක් වෙන හොවාර්ඩ් රැට්නර් (Adam Sandler) තම කූට උපායමාර්ග හා වංචනික ප්‍රයෝග යොදාගෙන ඉතියෝපියාවේ ජීවත්වෙන අප්‍රිකානු යුදෙව්වගෙන් ලබාගත් මැණිකක් පාවිච්චි කරලා එයා පස්සෙන් එන ණයකාරයන්ගෙන්. මැරයන්ගෙන් බේරෙන්න උත්සාහ කරන කතාවක් තමා Uncut Gems (2019) චිත්‍රපටය හරහා දිග හැරෙන්නේ. ඒත් අන්තිමේදි තමන්ගේ වාසනාව ඉස්සරහ හොවාර්ඩ් රැට්නර් (Adam Sandler)… (ඒ කෑල්ලට ඕනේ උත්තරේ චිත්‍රපටිය බලලම දාගන්න).
එහෙනම් චිත්‍රපටය රසවිදින්න. මේක මගේ දෙවනි උපසිරස නිර්මාණය ඒ නිසා ගොඩක් අඩුපාඩු ඇති ඒවට සමාව අයදිනවා. ඒ වගේම ඔයාලගේ කොමෙන්ට් ටිකත් පහලින් දාන්න ඒවත් ගොඩක් වටිනවා. තවත් සිංහල උපසිරසකින් ආයෙම හම්බවෙමු.
හැමෝටම ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
6,099 downloadsDownload Uncut-Gems-2019.zip85 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලාන් චන්ද්‍රසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලාන් චන්ද්‍රසේකර
Subtitles
38 comments
sampath077
Dilan Chandrasekara
Prabodha
Sthuthi sahooo...
Dilan Chandrasekara
Thank mcn
Krishan NiShalya
Thank you bro
sub denakan balan unna ekak
GOOD LUCK ♥Anonymous
❤️❤️❤️ තෑන්ක්ස් මචන්
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Dilan Chandrasekara
Thanks bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dilan Chandrasekara
තෑන්ක්ස් බ්‍රෝ
malithmadhushan45
Iබොහොම ස්තුතියි සහෝ සබ් එකට
Dilan Chandrasekara
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Dilan Chandrasekara
Thanx mcn
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරි ෆිල්ම් එකක්...indika75
Thanks..
sathyajith
thanks for the sub
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..!!
විමා
සබ් එකට බෝම ස්තුතියි.
සබ් එකත් එක්ක ෆිල්ම් එක බලලයි මේ ආවේ.
ලියන බසින් සබ් කරන එක අඩු කරගමු සහෝ
ඔබ වෙනුවට ඔයා වගේ අපි කතා කරන බසින් කරන තරමටයි සබ් එකක් දැනෙන්න කරන්න පුළුවන් වෙන්නෙ
කොහොම නමුත් නැවතත් බොහොම ස්තුතියි සබ් එකට
අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු :)Anonymous
ඇයි මෙච්චර පරක්කු කරේ. Download කරල සබ් නැති නිසා delete කලා. දැන් ඉතින් ආයෙත් බාපංකො.
අව්ලක් නැ. thanks for SubJsara
Ade Dilanaya ela ela good job
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිරෝෂ්
ස්තුතියි සහෝ.ජයවේවා!
suranuwan
thanks.......
Kavinu
Thnkq!
Sajithlakshan
thanks .................
nish47
ස්තූතියි සහෝ
Pramukmili
Thanxx bro.....
Anonymous
good luck sahooo
Dewadithya
Thanks for sub!
Mfm Yaseen
Komhari email yawala baiscopelk phone ekata msg ywala komhari uncut gems sub eka gattha
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!Kasun A.
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් බොහොම ස්තූතියි දිලාන් සහෝ!
ජය!Dilan Chandrasekara
amila
බොහොම ස්තුතියි සහෝදරයා
jagath55
Thanks
Anonymous
Thx sahoooo
Rishantha
Thanks Brother
Advertisement
thanx machan