මෙම චිත්‍රපටය තිරගත වී තිබෙන්නෙ 1988 වර්ෂයේදි. මෙම චිත්‍රපටය Fantasy / Comedy / Romance යන වර්ග වලට අයත් වන්නක්. සම්පූර්ණෙන්ම පාහේ වෙනස් ආකාරයේ කතාවක් තමා මේ චිත්‍රපටය තුළින් නිරෑපණය වෙන්නෙ. ඉතිං වෙනස් විදියෙ සිනමා නිර්මාණ රසවිඳින්න කැමති හැමෝටම මේක හොඳ චිත්‍රපටයක් වේවි. මුලින්ම චිත්‍රපටයේ කතාව ගැ…

මෙම චිත්‍රපටය තිරගත වී තිබෙන්නෙ 1988 වර්ෂයේදි. මෙම චිත්‍රපටය Fantasy / Comedy / Romance යන වර්ග වලට අයත් වන්නක්. සම්පූර්ණෙන්ම පාහේ වෙනස් ආකාරයේ කතාවක් තමා මේ චිත්‍රපටය තුළින් නිරෑපණය වෙන්නෙ. ඉතිං වෙනස් විදියෙ සිනමා නිර්මාණ රසවිඳින්න කැමති හැමෝටම මේක හොඳ චිත්‍රපටයක් වේවි.
මුලින්ම චිත්‍රපටයේ කතාව ගැන විස්තරයක් කරන්නම්. මෙහි ප්‍රධාන චරිතෙ වෙන්නෙ ජෝශ් බැස්කින් නැමැති වයස 13ක පිරිමි ළමයෙක්. දිනක් මොහු තම දෙමව්පියන් සමග විනෝද සැණකෙලියක් නැරඹීමට යනවා. එහිදි මෙම ජෝශ්ට අමතු විදියේ යන්ත්‍රයක් හම්බවෙනවා. ඇත්තටම කිව්වොත් ඒක බලාපොරොත්තු සළුල කරවන යන්ත්‍රයක්. ඒ යන්ත්‍රය ඉස්සරහට ගිහින් ප්‍රාර්තනාවක් කරොත් ඒ ප්‍රාර්තනාව ඉෂ්ට වෙනවා. ඉතිං මේ ජෝශ් එම යන්ත්‍රය ඉදිරියට ගොස් ප්‍රාර්තනාවක් සිදු කරනවා. ඉතිං ඔහු ඒ නොදැනුවත්ව සිදු කළ ප්‍රාර්තනාව නිසා ඔහුට මුහුණ දීමට සිදුවන්නෙ හරිම අකරතැබ්බයකට. ඉතිං ඔහුට කුමක් සිදුවෙයිද? ඔහු එම අත්දැකීමට මොන විදියට මුහුණ දේවිද?
1988 වර්ෂයේ තිරගත වූ මෙම චිත්‍රපටය විනාඩි 130ක ධාවන කාලයකින් සමන්විතයි. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Penny Marshall නැමැති අධ්‍යක්ෂකවරියක්. මෙය සුපිරි හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස්ගේ විශිෂ්ට රංගනයෙන් හැඩගැන්වූවක්. Forrest Gump , Saving Private Ryan, The Green Mile, Cast Away වැනි සිනමා නිර්මාණ මීට පෙර ඔබ රස විඳ තිබෙනවා නම් ඔහුගේ රංගනය ගැන ආයි අමුතුවෙන් කතාකරන්න අවශ්‍ය වන්නෙ නෑ. මෙහි කළ රංගනය වෙනුවෙන් ඔහුව එම වසරේ හොඳම නළුවාට හිමි ඔස්කා සම්මානයටද නිර්දේෂ වී තිබෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටයට 7.3 ක් වැනි ඉහල IMDB අගයක්ද ලැබී තිබෙනවා. එමෙන්ම ඇමරිකන් ඩොලර් මිලියන 151ක ඉහල ආදායමක් ලබමින් මෙය 1988 වර්ෂය තුළ ලොව 4 වෙනියට වැඩිම ආදායම ඉපැයු චිත්‍රපටය බවට පත්ව තිබෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටය වෙනුවෙන් සම්මාන 11ක්ද හිමිවී තිබෙනවා.
ඉතිං වෙනස් විදියේ කතා නරඹන්න කැමති හැමෝටම මේ චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා. මේක මගේ 20වෙනි සබ් එක. ටික කාලෙකට පස්සෙ තමා ආපහු සැරයක් සබ් එකක් කරන්න වෙලාව ලැබුනෙ. මං මීලඟට දෙන්න හිතං ඉන්නෙ ගොඩක් පැරණි සම්භාවනීය චිත්‍රපටයක්. ඒ චිත්‍රපටය ඉක්මනින්ම රැගෙන එන බලාපොරොත්තුවෙන් මං දැනට සමුගන්නවා.
ඔබ සැමට ජයෙන් ජය පතමි !
Due to copyright issues, we do not provide any torrent links.
Big.1988.Extended.Edition.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,522 downloadsDownload Big-1988.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
James DC
Subtitles
22 comments
අසිත
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Sajith Dushyantha Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Udara Damith B/K
jemes Dc
ta jayawawaChalana
thnx bro...
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Soori
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ...!
අතිවිශිෂ්ඨ නළුවෙකුගේ නොබලපු චිත්‍රපටයක්... නොවැරදීම බලනවා.Withanage Priyantha Dayakeerthi
සොයුර,
ඔබ සිංහල උපසිරසි ලබාදුන් සිනමාපට කීපයක්ම මා මීට පෙර නැරඹුවා. කලාත්මක සිනමාපටයක් නම් බොහෝ දුරට මා නරඹනවා. මෙම වෙබ් එකේ ඇති IMDb වර්ග කිරීම් තුළ ඇති සිනමාපට නැරඹීම තමයි මම බොහෝ විට සිදුකරන්නේ. මෙහි IMDB අගය 7.3 ක් නිසා මෙම සිනමාපටයත් හොඳ එකක් කියා මා සිතනවා. ඔබේ වෙහෙසට මාගේ ස්තුතිය!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thilina
balalama comment 1k daana eka hodai kiyala hithuwaa
meka parana unath supirima film 1k. kisima kammali kamak nathuwa balanna puluwan.
hamoma aragena balanna.Dulanga
Thanks
kent
thanks bn
Hasitha_Madhushan
අද තමයි සහෝ ෆිල්ම් එක බැලුවෙ. පට්ටම කතාවක්. හොයාගෙන ඇවිත් කමෙන්ට් එකක් දාන්න හිතුනා. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......
ricadodamien
Thank U James brother & baiscope team for the sub, it was amazing. all the best to baiscope team.......
Chandimal
Really thanks for the subtitles. Keep up the good work.
Anonymous
good
Dhanujaya Sankalpa
thanks kollo
D Galahad
Thank u....
wayantha
Woow niyama film ekak sahoo thank u very much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
godak pin me wage parana film walata sab dena ekata
thanks
jaya wewa!!!