සුභ දවසක් සියළුම දෙනාට…!!! ෆිලුම පැත්තට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඉස්සරට සාපේක්ෂව දැන් මලයාලම් ෆිල්ම් බලන ගණන ගොඩක් ඉහල ගිහින් තියනවා. ඒ දවස් වල මලයාලම් ෆිලුමකට සබක් කලාම ඩව්න්ලෝඩ් ගාන 1000ට ගියෙත් හරි අමාරුවෙන්. දැන් මලයාලම් ෆිල්ම් වලට ඊට වඩා ඉහල ඩව්න්ලෝඩ් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා ම…

සුභ දවසක් සියළුම දෙනාට…!!!

ෆිලුම පැත්තට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඉස්සරට සාපේක්ෂව දැන් මලයාලම් ෆිල්ම් බලන ගණන ගොඩක් ඉහල ගිහින් තියනවා. ඒ දවස් වල මලයාලම් ෆිලුමකට සබක් කලාම ඩව්න්ලෝඩ් ගාන 1000ට ගියෙත් හරි අමාරුවෙන්. දැන් මලයාලම් ෆිල්ම් වලට ඊට වඩා ඉහල ඩව්න්ලෝඩ් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා මා කලින් උපසිරැසි යෙදු Ennu Ninte Moideen(2015), Life of Josutty (2015), Pathemari (2015) වගේ ෆිල්ම් බලපු නැති අය ඉන්නවා නම් ඒවාත් බලන්න කියලා ඉල්ලා සිටිනවා. ෆිලුම ගැන කියන්න කලින්ම මේ දේ මතක් කරන්න හිතුනා.

Annayum Rasoolum(2013 ). මේක මලයාලම් චිත්‍රපටයක්. IMDB අගය 7.3/10ක් වෙනවා. Fahadh Faasil සහ Andrea Jeremiah තමයි ප්‍රධාන චරිත දෙක නිරූපණය කරන්නේ. මේක 2103 වසරේ ඉහලම ආදායම් වාර්තා කල මලයාලම් ෆිලුම් වලින් එකක්. මම කලින් උපසිරැසි ලබා දුන් Maheshinte Prathikaaram(2016), Iyobinte Pusthakam(2014) ෆිල්ම් බලලා තියනවා නම් Fahadh Faasil ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. Mohanlal,Mammootty, Prithviraj Sukumaran වගේ මලයාලම් සිනමාවේ දැවැන්තයන් ගොඩටම දාන්න පුළුවන් තවත් කෙනෙක් විදියට Fahadh Faasil අවිවාදයෙන් සඳහන් කරන්න පුළුවන්.

රසූල් කියන්නේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. මෙයා මුස්ලිම්. ඇනී කියන්නේ ඇඳුම් කඩේක වැඩ කරන ක්‍රිස්තියානි කෙනෙක්. රසුල්ට ඇනී ගැන ආදරයක් ඇති වෙනවා. ගොඩක් කල් ඇනීගේ ආදරේ ඉල්ලගන යන රසුල්ට ඇනීගේ ආදරේ දිනා ගන්න පුළුවන් වෙනවා. ඒත් ඇනීගේ ගෙදරින් මේ සම්බන්දයට විරුද්ද වෙනවා. ඒ නිසා මේ දෙන්න පැනලා යන්න සිද්ද වෙනවා. එතනින් පස්සේ මේ දෙන්නාට ගොඩක් ප්‍රශ්නවලට මුණ දෙන්න වෙනවා. මේ දෙන්නට තමන් බලාපොරොත්තු වෙන ඒ ජීවිතේ ගත කරන්න පුළුවන් වෙයිද? ඇනීට මොනවා වෙයිද ? රසූල්ගේ ඉරණම කොයි වගේ වෙයිද? කියලා ඔයාලා ෆිලුම බලලම හොයා ගන්න. මේක ගොඩක් ලස්සන ආදර කතාවක්. කතාව වැඩිය කිව්වොත් ඒක බලන කෙනාට කරන අසාධාරණයක්. ඒ නිසා පොඩ්ඩක් තමයි කිව්වේ. මලයාලම් බලන කෙනා මේක කොහොමත් බලනවා කියලා දන්නවා.අනිත් අයටත් ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා.

මීළඟට අරන් එන්න හිතාගන ඉන්නේ Nivin Paulyගේ සුපිරිම ෆිලුමක්. එතෙක් ඔබට ජය වේවා….!

Annayum Rasoolum (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Annayum Rasoolum (2012) 1CD DVDRip x264 ESubs

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

11,924 downloadsDownload Annayum-Rasoolum-2012.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

SPD

Subtitles

11,924 downloadsDownload Subtitles34 KB

29 comments

  1. prasad

    sabata thanks.malayalam ekak danakam balan hitiya.SPD sahodarayata godak pin

  2. Dilan

    Supiri film ekak wage saho...jaya wewa saho obata...

  3. Sameera Diyashan

    Film 1 niyamai...

  4. හේමන්ත

    ස්තුතියි මල්ලි..
    ගොඩක් ස්තුතියි..

  5. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  6. rangika Kariyawasam

    නියමයි මල්ලි.උබලා නමි ෆටිටයි. මලයාලමි සිනමාවට අපිත් දැන් ආදරෙයි මචන්.පිස්සුවෙන් හොය හොය බලන්නේ.අපිට ඒකට බයිස්කෝප් එකෙන් මාර උදවිවක් දෙන්නෙ.ෆටිටයි මල්ලා. එල.ආසාවෙන් බලන්නෙ අපි මලයාලි ෆිලුමක්ම තමා.Alamara..ෆිල්ම් එකටත් ඉක්මනට සබ දීපන්කො.ෆිල්මි එක ඩවුන්ලෝඩි කරන් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ බලන්න. මෙි උදවිවට උබට පිං මචන් ..ඉක්මනට සබි ඔිනා මචන්...ජය හෝ.....

    1. SPD

      අනිවා සහෝ දෙන්නම්.

  7. තරිඳු රසාංග

    පට්ටම මචං,මේ ෆිලුම නම් මට අහුවෙලා තිබ්බෙම නෑ ,පරණ මලයාලම් ෆිල්ම් ගොඩක් හොයාගෙන බැලුවත් මේක ඒවා එක්ක කොහෙදිවත් හම්බුනේ නෑ .ඉතින් ඒක හින්දා මේ වෙනුවෙන් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මචං,ඔහොම යන්,ජය!

  8. Malan Kurera

    සුපිරි ෆිල්ම් එකක්. බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...මලයාලම්  ෆිල්ම්ස්ම දෙන්න තව.

  9. Chalana

    thnx bro...

  10. mahinda silva

    thanx lot broo.....

  11. Kulanjana Maduranga

    niayamai…thawa malayalam films denna.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. vajira

    anee DHURVA film ekata sub dennakooo plzzzz

  13. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  15. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    තව මලයාලම් බස්සමු කොල්ලෝ... :P
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Thara

    thanks machan for the great effort.

  18. Chathura

    බොහොම ස්තූතියි සබ් එකට...

  19. malith

    Ela ela

  20. akila13

    thanx for sub

  21. toxic

    me film eka attatama hodaida???

  22. ricadodamien

    Thank You SPD brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......

  23. Pradeepkdisanayaka

    සුපිරිම ❤️❤️❤️❤️
    Macho puluwnnm
    *ente ummante peru 2018
    *Njan Prakashan 2018
    *aviyal 2016
    සින්හල සබ් දියන් බන්....

  24. Measha

    Thnks bro. Thawa malayalam movie walata sub denna labenna kiyl wish krnw

  25. Pradeep disanayake

    පට්ටම ස්තුති බන් ♥️
    උබලා සබ් නොකලොත් අපි ෆිල්ම් බලලත් ඉවරයි
    ඉවරයි

  26. Madushanka bandara

    මේක sub එකේ තව Copy එකක් තියෙයි... ඒකට Zink කරලා දාන්නකො... DVDrip බලන්න බෑ... X265 copy එකක් තියෙනවා.. අනේ පුලුවන් නන් ඒකට සින්ක් කරලා දාන්නකො...

  27. Anonymous

    මේක හරියට වැඩ කරන්නෙ නෑ.තව කොපියක් තියෙනවනම් අප්ලෝඩ් කරන්න.

  28. Viraj

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.