Watch Trailer

Big George Foreman (2023) Sinhala Subtitles | බිග් ජෝජ්! [සිංහල උපසිරසි]

ආයුබෝවන් ! මගේ පලවෙනි උපසිරැසියත් එක්ක අද ඔයාලට අරගෙන ආවෙ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උනු හිටපු ලෝකශූරෙක් උනු ජෝර්ජ් ෆෝමන් ගෙ කතාව ඇසුරින් නිර්මාණය උන සුපිරි ෆිල්ම් එකක් වෙන BIG GEORGE FOREMAN(2023) නොහොත් Big George Foreman: The Miraculous Story of the Once and Future Heavyweight Champion of the…

ආයුබෝවන් ! මගේ පලවෙනි උපසිරැසියත් එක්ක අද ඔයාලට අරගෙන ආවෙ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උනු හිටපු ලෝකශූරෙක් උනු ජෝර්ජ් ෆෝමන් ගෙ කතාව ඇසුරින් නිර්මාණය උන සුපිරි ෆිල්ම් එකක් වෙන BIG GEORGE FOREMAN(2023) නොහොත් Big George Foreman: The Miraculous Story of the Once and Future Heavyweight Champion of the World සිනමාපටය.

IMDb වල 6.5 හොද අගයකුත් අරගෙන තියෙන මේ ෆිල්ම් එකේ කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් දුප්පත්ම පවුල් පසුබිමකින් ඉපදුන, හැම වෙලේම පාලනය කරගන්න බැරි කේන්තියකින් ඉන්න, ජෝර්ජ් තමන්ගෙ ජීවිතය වෙනස් කරගන්න බැදෙන පුහුනු මධ්‍යස්ථානෙකදි හම්බෙන ගුරුවරයෙක් (ඩොක්) නිසා අනාගතයම වෙනම පාරකට හැරෙවෙනවා. තමන්ගෙ කේන්තිය හැකියාවක් විදියට පරිවර්තනය කරන විදිය ඉගෙන ගත්ත ජෝර්ජ් ලෝක බරපන්ති ශූරතාවයෙන් ඔලිම්පික් රන් පදක්කමක් අරගන්න පුලුවන් වෙනව. ලෝක ශූරයෙක් වෙච්ච මොහොම්ඩ් අලී එක්ක සටනකින් පස්සෙ තමන්ගෙ ඉරනම වෙනස් කරගෙන පූජකයෙක් විදියට වෙනස් වෙන ජෝර්ජ් අවුරුදු 45 දී ආයෙත් ලෝක බරපන්ති ශූරයා වෙන එක ගැන තමයි මේ කතාව පුරාම විවිධ සිදුවීම් එක්ක ගලාගෙන යන්නෙ.

රගපාන චරිත ගැන කතා කලොත් ජෝර්ජ්ගෙ චරිතෙට රංගනෙයෙන් දායක වෙන්නෙ Khris Davis, චරිතයට උපරිම සාදාරණයක් කලා කියන්න පුලුවන් ෆිල්ම් එක බලද්දි, ඒවගේම ජෝර්ජ්ගෙ පුහුණු කරු විදියට ඉන්න Forest Whitaker (Doc) වගේම ජෝර්ජ්ගෙ අම්ම විදියට Sonja Sohn, ජෝර්ගෙ පලවෙනි බිරිද විදියට Shein Mompremier, දෙවෙනි බිරිද විදියට Jasmine Mathews රංගනයෙන් දායක වෙන ප්‍රදාන නළු කිහිප දෙනා වෙනව.

ඉතින් සමහරවිට අඩුපාඩු ඇති සබ් එකේ, ඒවට සමාවෙන්න කියල ඉල්ලන ගමං, තවත් උපසිරැසියකින් හම්බෙන්නම් කියල සමුගන්නම්. සබ් එක ගැන අදහස් එහෙම පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

4,180 downloadsDownload Big-George-Foreman-2023.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේනක ගමගේ” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-06-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මේනක ගමගේ

Subtitles

4,180 downloadsDownload Subtitles62 KB

8 comments

  1. PCVENOM

    thanks for the sub good movie

  2. thisal

    secret invasion

  3. නිරෝෂ්

    thanx menaka.jayawewa

  4. Buddhika Lakmal (laKMal)

    පළවෙනි සබට සුබ පැතුම් සහෝ... ඉස්සරහටත් ඉඩක් තියෙන වෙලාවට සිංහල සබත් ගේමු මචං... කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වේවා...
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. නුවන් මානගේ

    ජයවේවා සහෝදරයා.. බුදු සරණයි

  6. don syd

    thank brother sup ekata prizefighter the life of jem belcher 2022 meta sub ekak karaanna puluwan nm loku deyak thank you

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Tharindu

    Thank you.. jaya wewa