Watch Trailer

Selina’s Gold (2022) Sinhala Subtitles | සෙලිනාගේ කතාව [සිංහල උපසිරසි] 18+

ආයුබෝවන්! යාලුවනේ, ඔන්න ගොඩක් කාලෙකින් තවත් සිංහල උපසිරැසියක් අරන් ආවා. මම හිතනවා මේ චිත්‍රපටියට ඔයාලත් කැමතිවෙයි, මොකද මේකෙ වෙනස්ම කතාවක් තියෙන්නේ. වෙනස් කියන්නේ අපේ වගේ තුන්වෙනි පන්තියේ රටවල ඒ දවස්වල, ඒ කියන්නේ මේ චිත්‍රපටයේ සදහන් වන කාල වකවානුවේ සුලබ වූ මාතෘකාවක් තමයි මේකෙ තියෙන්නේ. ඒ වෙන මුකුත්…

ආයුබෝවන්! යාලුවනේ, ඔන්න ගොඩක් කාලෙකින් තවත් සිංහල උපසිරැසියක් අරන් ආවා. මම හිතනවා මේ චිත්‍රපටියට ඔයාලත් කැමතිවෙයි, මොකද මේකෙ වෙනස්ම කතාවක් තියෙන්නේ. වෙනස් කියන්නේ අපේ වගේ තුන්වෙනි පන්තියේ රටවල ඒ දවස්වල, ඒ කියන්නේ මේ චිත්‍රපටයේ සදහන් වන කාල වකවානුවේ සුලබ වූ මාතෘකාවක් තමයි මේකෙ තියෙන්නේ. ඒ වෙන මුකුත් නෙමේ වහල් සේවය. ඉතින් සමහර වෙලාවට ඒක අදටත් එහෙමමයි කියාලාත් විටෙක හිතෙනවා, මේ ආසියාතික සංවර්ධනය නොවූ, තුන්වෙනි පන්තියේ රටවල් අදටත් පත්ව තිබෙන තත්වයන් දිහා බැලුවම.

මේක ඉතාමත් දුක්ඛිත දෛවයකට උරුම කියපු කෙල්ලෙක්ගෙ කතාවක් කිව්වොත් නිවැරිදියි. IMDb RATING 6.6/10 අගයක් තමයි මෙම චිත්‍රපටය වෙත ලැබී තියෙන්නේ. 2022 වසරේ තිරගත උන මෙම චිත්‍රපටය, පිලිපීනයේ නිෂ්පාදනයක්. Mac Alejandre විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි, Angeli Khang, Gold Azeron, Jay Manalo සහ තවත් නළු-නිළියන් කිහිප දෙනෙකු මෙහි රංගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව පැත්තට ගියොත්, 1942 පිලිපීනයේ දෙවෙනි ලෝක සුධ සමයේ සිදුවෙච්ච කතාවක් විදියට තමයි මේ කතාව දිග හැරෙන්නෙ. සෙලිනාගේ පියා, ඇයව ස්ත්‍රීන් ලිංගික වහලියන් බවට පත් කරන චාගෝ කියන පුද්ගලයට, ණය හිලව් වෙන්න විකුණනවා. ඉතින් එතනින් තමයි කතාව පටන් ගන්නෙ. මේ චාගෝගෙ නිවසේ ඉන්නවා අන්ධ කොල්ලෙක් වන දොමෙන්ග්. එයත් මේ සෙලිනා වගේම, චාගෝගෙ ණයට එයාගේ දෙමව්පියන් විසින් ණය හිලව්වට තියලා ගියපු තරුණයෙක්. සෑහෙන්න වද බන්ධන මැද තමයි මේ තරුණයත් චාගෝගෙ සිර කදවුරේ වාසය කරමින් ඉන්නේ.

ඉතින් මේ නරකාදියෙන් මේ දෙදෙනා කොහොමද ගැලවෙන්නේ? අන්තිමට චාගොට මොකක්ද වෙන්නේ? කියන කතාව වගේම දෙවෙනි ලෝක යුද්ධය පැවති කාලයේ එය පිලිපීනයට කොහෙමද බලපෑවේ කියන අකාරයත් මෙයින් මනාවට පැහැදිලි වෙනවා.

ඉතින් මීට වැඩිය කියන්න ගියොත් කතාවේ රසය නැතිවෙන නිසා, කැමති අකාරයකින් භාගත කරගෙන, මෙම චිත්‍රපටිය නරඹන ලෙස ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. (Copy right issues නිසා අපට උපසිරැසිය ගන්න තියෙන තැනින්ම torrent link ලබා දෙන්න බැහැනෙ ඒ සඳහා බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් වෙබ් අඩවිය බාවිතා කරන්න) වෙන තැනකින් ඔයාල පිටපත ඩව්න්ලෝඩ් කරනව නම් Web Rip පිටපතට තමයි මෙම උපසිරැසිය ගැලපෙන්නෙ කියලත් මතක් කරන ගමන්, නැවතත් මේ වගේම රසබර චිත්‍රපට උපසිරැසියකින් හමුවෙමු… එතෙක් ඔබට ජයවේවා!


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

15,014 downloadsDownload Selinas-Gold-2022.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නාමල් දනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නාමල් දනුෂ්ක

Subtitles

15,014 downloadsDownload Subtitles23 KB

12 comments

  1. Nuwan

    Download site eka weda neene

  2. Anonymous

    Thanks jayawewa....!

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි නාමල් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Dewadithya

    Thanks for Sub!

    1. MONEE

      ✌❤️

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    1. MONEE

      ✌❤️

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. MONEE

      ✌❤️

  8. Aravinda

    සිංහල උපසිරස ලබා දුන්නාට බොහම ස්තූතියි

    1. MONEE

      ✌❤️