පුරා වසර තුනක මගේ බයිස්කෝප් උපසිරැසි ගමනේ අද මං 50 වෙනි කඩයිම පහු කරනවා. මං බයිස්කෝප් උපසිරැසිකරණයට සම්බන්ධ වුනේ Gentleman (1993) ෆිල්ම් එකෙන්. මා මෙතෙක් සිදු කර ඇති උපසිරැසි වල විස්තර මෙසේයි දමිල සිනමාපට 4 ක් තෙලිගු සිනමාපට 1 ක් හිංදි සිනාමාපට 1 ක් මලයාලම් සිනමාපට 4 ක් කන්නඩ සිනමාපට 2 ක් චීන සිනමා…

පුරා වසර තුනක මගේ බයිස්කෝප් උපසිරැසි ගමනේ අද මං 50 වෙනි කඩයිම පහු කරනවා. මං බයිස්කෝප් උපසිරැසිකරණයට සම්බන්ධ වුනේ Gentleman (1993) ෆිල්ම් එකෙන්.
මා මෙතෙක් සිදු කර ඇති උපසිරැසි වල විස්තර මෙසේයි
- දමිල සිනමාපට 4 ක්
- තෙලිගු සිනමාපට 1 ක්
- හිංදි සිනාමාපට 1 ක්
- මලයාලම් සිනමාපට 4 ක්
- කන්නඩ සිනමාපට 2 ක්
- චීන සිනමාපට එකක්
- ඉංග්‍රීසි සිනමාපට 2 ක්
- ඉංග්‍රීසි වෙබ් සිරිස් එකක එපිසෝඩ් 2 ක්
- දමිල වෙබ් සිරිස් 3 ක එපිසෝඩ් 7 ක්
- හිංදි වෙබ් සිරිස් 11 ක එපිසෝඩ් 26 ක්
සබ් එකක් ඉල්ලලා කමෙන්ට් එකක් දානවට වඩා සබ් එකක් කරල ඉවර කරන එක(ගූගල් ට්‍රාන්ස්ලේට් නොකර) කොච්චර කට්ටක් ද කියලා තේරුම් ගත්තේ ඒක කරලා ඉවර උනාට පස්සෙ තමා. ඔව් ඇත්තටම ඕන කෙනෙක්ට පුළුවන් “අනේ අරකට සබ් දෙන්නකො, මෙකෙ සබ් එක අප්ඩේට් කරන්නකො” කියලා කියන්න. ඔව් ඒහෙම ඉල්ලිම කරන එක ඕන කෙනෙක් ගෙ අයිතියක්. නමුත් එහෙම ඉල්ලපු සැණින් අපිට දෙන්න ඒක කොත්තු පාර්සලයක් නෙවේ නේ. ඒක සමහරක් දෙනා තේරුම් ගෙන නෑ. ඉල්ලන්න එපා කියනවත් නෙවේ පොඩ්ඩක් ඒ යථාර්තය තේරුම් ගන්න
ලංකාවෙ බහුතරයක් දෙනා ෆිල්ම් ටීවි සිරියස් බලන්නේ උපසිරැසි එක්ක. ඉතිං ඇත්තටම සබ් හදන අය සබ් හැදුවෙ නැත්නම් ඔයාලට ෆිල්ම් බලන්න වෙන්නේ, අන්ධය ඇතාගෙ හැටි කිව්වා වගේ තමා. ඒ වගේම එහෙම කියලා තරගෙට සබ් දෙන්න කියලා ගූගල් ට්‍රාන්ස්ලේට් සබ් දෙන්න ගියොත් එහෙම වෙන්නේ තේරුම හාත්පසින්ම වෙනස් වෙන එකයි. ඒක දන්නො දනිති, නොදන්න කෙනෙක්ට මේ ෆිල්ම් එකේ තියෙන ඉංග්‍රීසි සබ් එකක ලයින් එකකින්ම උදහරණයක් දෙන්නම්

ඒත් මේකේ ඇත්තටම මෙකෙ කියන්නේ ගෙට ගෙවිදීමේ උත්සවයක් ගැන. ඒ හිංදා තමා ඇට පිටිං ගංජා ගහනවා වගේ ඩයලොග් පිටින්ම ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා අවධානේ ගන්න ඉක්මනින් දෙන්නේ නැත්තේ.

ඒ වගේම මේ ෆිල්ම් එකෙ ලයින් 2400 ගාණක් තියෙනව, ඒ වගේම හැම ලයින් එකක්ම හොදට අහලා කරන්න ඕනෙ. තව දෙයක් සම්හර වෙලාවට esub එකේ තියෙන දේ නෙවේ ඩයලොග් වලින් කියන්නේ. ඉන්දියන් ෆිල්ම් වල ගොඩාක් වෙලාවට එහෙම තමා. ඉංග්‍රීස් සබ් වල එහෙම ලොකුවට නෑ. ඉතිං මෙහෙම ලයින් එකෙන් ලයින් එකට අහ අහා 2400 ගානම බල බල සබ් එක කරන්න ගියාම කාලයක් ගතවෙනවා.ඔව් ෆිල්ම් එක නම් පරක්කුයි තමා, මේ ඒකට නිදහසට කාරණ කියනවා නෙවේ. ඉතිං මං මෙ දේ කියන්නේ මං පොරක් කියලා කියන්න උත්සහා ගන්න නෙවේ. සබ් කරන අය සබ් එකක් දෙන්න පරක්කු උනොත් ඒක ගැණ ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න කියන එකයි. මොකද උපසිරැසිකරණය කරන අය මේ සබ් කරන්නේ රස්සාවක් විදියට නෙවේ. මේක කරන්නෙ විනෝදාංශයක් විදියට. ඒ වගේම ඔයාලා ෆිල්ම් එකක් ඉවර වෙනකං බලන කාලය එයාලා ෆිල්ම් එකක සබ් එකක් වෙනුවෙන් වැය කරනවා, ගොඩාක් වෙලාවට ඔයාලට සබ් දෙන්න ඕනෙම හිංදා අපිට සමහර වෙලාවට ෆිල්ම් බලන්නම වෙන්නේ නෑ.
ඉතිං ඒ වගේම මාගෙ උපසිරැසි ගමනට වචනයකින් හෝ උදව් කල සියළු දෙනාට මාගෙ හදපිරි ස්තූතිය පුද කරනවා. ඒ වගේම අපේ වෙබ් අඩවියේ මටත් වඩා 100,200…..600 වගේ උපසිරැසි කඩයිම් පසු කරපු අයියලා අක්කලා ඉන්නවා. ඒ අය මටත් වඩා ලොකු කැපකිරීම් කරලා තියෙනවා. ඉතිං ඒ අයගේ කැපවීම උත්සහය දැකලා තමා මාත් මේ උපසිරැකරනය කරන්න තවත් ශක්තිය ලැබුනේ. ඉතිං ඒ අයියලා අක්කලාටත් මගේ හදපිරි ස්තූතිය පුද කරනවා.
හරි එහෙනම් අපි අද මං ගෙනාපු උපසිරැසියේ කතාවට යමු.

අද මං අරගෙන ආවෙ මලයාලම් සිනමා ඉතිහාසයෙ දැනට(2023 වසර වන විට) වැඩිම ආදායම ලබා ගත් survival thriller ගණයට අයිති ෆිල්ම් එකක්.
මෙම සිනමාපටය තිරගත වුනේ මේ වසරේ මැයි 5 වන දිනයි. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Jude Anthany Joseph විසින් වන අතර නිෂ්පාදනය කර ඇත්තේ Venu Kunnappilly, C. K. Padma Kumar, Anto Joseph විසින්. එසේම IMDB අගය 8.5 ක් ද ලබා ගෙන තිබෙනවා
මේ සිනමාපටය සදහා Tovino Thomas, Kunchacko Boban, Narain, Asif Ali, Vineeth Sreenivasan යන අය රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම කෝටි 20 ක පිරිවැයක් දරා නිර්මාණය කල මෙය අවසානයේ කෝටි 200 ක ආදායමක් ලබා, මීට පෙර වැඩිම මලයාලම් බොක්ස් ඔෆිස් ආදායම ලබා ගත් මෝහන්ලාල් ගේ Pulimurugan සිනමාපටයේ ආදායම ද අභිබවා ආදායමක් ලබා ගැනීමට සමත් වෙනවා.

මේ සිනාමාපටයට මූලික වී ඇත්තේ 2018 වසරේ අගෝස්තු 16 දින ඇති වූ දරුණු ගංවතුර ආපධාව ගැනයි. මින් ජීවිත අහිමි වීම් 483 ක්, පුද්ගල අතුරුදහන් වීම් 15 ක් වාර්තා වුනා. එසේම කේරල රජයේ වාර්තා අනුව කේරලයේ ජනගහනයෙන් හයෙන් එකක් මෙමගින් බලපමට ලක් වී තිබෙනවා.
ඒ වෙච්ච විනාසෙ ගැන වැඩිය මං කියන්න යන්නේ නෑ. මොකද වෙන විපතට වඩා අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඒ විපතෙන් අපි ගොඩ එන්නේ කොහොමද කියලා. ඒ වගේම ඒ විපත් අවස්තාවේදි තමන්ගෙ දිවි ගැනවත් නොහිතා, කිසිදු පටු අරමුණකින් තොරව මිනිසුන්ට පිහිට වීමේ අරමුණින්ම, ගලව ගැනීමේ මෙහෙයුම් සදහා දායක වූ අය ගැන කතා කල යුතුමයි. රජයේ පාර්ශවයෙන් වගේම, බලපෑමට ලක් නොවු සාමාන්‍ය ජනයාගෙං ද ඒවගේම මේ ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා කේරල ධීවර ප්‍රජාවගෙන් අනගි සහයක් මේ සදහා ලැබුනා. මින් ධීවර ප්‍රජාවගෙං ලැබුණ සහය ඉතා අනර්ඝ කොට කේරල වැසියන් සලකනවා.

කොල්ලම් හා ත්‍රිවේන්දපුරම් යන දිස්ත්‍රික්ක වල 4,537 ක් පමණ තම බෝට්ටු 669 කින් මේ සදහා අති විශිෂ්ඨ සහයෝගයක් ලැබුනා. ඔවුන් විවිධ දිස්ත්‍රික්ක වල මිනිසුන් 65,000 ක් පමණ ගලවා ගැනීමට සමත් උනා.
ඉතිං එහෙම ආත්මාර්ථකාමි නොවි මිනිස්සුන්ට පිහිට වීමට පැමිණි සැමෝටම මාගෙ උත්තමාචාරය පිරිනමමින් මං අදට සමුගන්නවා. තවත් මෙවැනි උපසිරැසියකින් නැවත හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HQ HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.
9,759 downloadsDownload 2018-2023.zip73 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
26 comments
යුරාන් ධනුක (දනුවා)
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
පනස් වෙනි සිංහල උපසිරැසි නිර්මාණයට සහ උපසිරැසිකරනයේ පළවෙනි කඩඉමට උණුසුම් සුබපැතුම් මල්ලි. ගූගල් ට්‍රාන්ස්ලේට් පාවිච්චි කරලා ක්ෂණික නූල්ඩ්ස් වගේ දෙන උපසිරැසි වල තත්ත්වය ගැන මෙහෙම පහදලා දීපු එක ගැන අගය කරනවා.
විමා
පුරා වසර තුනක වෙහෙස මහන්සියට බොහොම ස්තුතියි මලයා.
බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් වෙබ් අඩවිය හරහා ඩව්න්ලෝඩ් ලින්ක් ලබාදෙමින්,
බයිස්කෝප් උපසිරසි වෙබ් අඩවියේත් ඇඩ්මින් කෙනෙක් විධියට කටයුතු කරමින්,
උපසිරසිකරනයේත් නිරත වෙමින් මේ ආව ගමන ලෙහෙසි පහසු නැති බව හොඳාකාරවම දන්නව.
ඉතිං කිසිදු ලාභ ඉපයීමේ අරමුණක් නැතිව කැප කල කාලය සහ වැය කල ශ්‍රමය වෙනුවෙන් අනේකවාරයක් ස්තුතියි.ගුගල් ට්‍රාන්ස්ලේට් ගැන කියපු නිසා කියන්න ඕනා, ෆිල්ම් එකේ මාතෘකාවේ ඉඳලම ගුගල් ට්‍රාන්ස්ලේට් කරන වෙනම වෙබ් සයිට්, ඔන්ලයින් ෆිල්ම් පෙන්වන ෆේස්බුක් ගෘප් තියෙනවනේ දැන් ලංකාවේ. ඉංග්‍රීසි නොදන්නා නිසා ඒ වගේ තැන්වලින් සබ් අරගෙන බලන අය පව් ඇත්තටම. ඉංග්‍රීසි යම් ප්‍රමාණයකට හරි දන්න අය මට පෞද්ගලිකව ඕන තරම් SS එවල තියෙනවා උඹල මේකට සබ් එකක් නොදුන්නු නිසා අරහෙන් මෙහෙන් සබ් අරගෙන ෆිල්ම් එකක් බලන්න ගත්ත මේ බලපන්කො අරගෙන තියෙන සබ් එකේ යන්නේ කොහෙද මල්ලේ පොල්නේ කියල. ඒවා පැය ගානක් කියන්න පුළුවන් වෙනම කතන්දර. :D
Kantha_DLA
පනස් වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!මයුර
සබට බොහොම තුති සහෝ. මලයාලමකින්ම කඩඉම ගහලා.
පළමු කඩඉමට සුබ පතන ගමන් තවත් කඩඉම් ගණනාවකටම වග කියන්න ලැබේවා කියලා පතනවා.
කරන කියන හැම යහපත් වැඩක්ම සාර්ථක වේවා.Bimsara Yashan(ඔලිව)
පලවෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම් හේෂාන් සහෝ. උපසිරැසි කරණයේදි වගේම ඇඩ්මින් කෙනෙක් වශයෙනුත් ලොකු කාර්ය භාරයක් කරන කෙනෙක් තමයි. විශේශයෙන්ම මග නැවතුන සීරිස් කට්ටිය හොයල ඒවාත් ගොඩ දාන්න මුල් වෙන කෙනෙක්. එහෙනම් මේ විදිහටම ඉස්සරහට බයිස්කෝප් එකත් එක්ක රැඳිල ඉන්න කියලා සුබ පතනවා. ඒ වගේම පෞද්ගලික ජීවිතෙත් වැඩ කටයුතු ඉහලින් සාර්ථකත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!
Buddhika Lakmal (laKMal)
50වෙනි සබට සුබපැතුම් සහෝ... කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.... ඉඩක් ලැබෙන වෙලාවක ඉස්සරහටත් සිංහල සබ් ගේන්න පුලුවන් කම ලැබේවා....
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Pavith Wijesooriya
50 වෙනි කඩයිමට මගෙනුත් උණුසුම් සුභ පැතුම් රවිඳු අයියේ!!! උපසිරසිකරුවෙක් වගේම වෙබ් අඩවියේ ඇඩ්මින්වරයෙකු විදිහටත් baiscopedownloads එක හරහාත් සෑහෙන වැඩ කොටසක් කරන කෙනෙක් කියන එක රහසක් නෙමේ. ✨️ ඉතින් මේ කඩයිම වගේම ඊළඟ කඩයිමටත් ඉක්මනින්ම ළඟා වෙන්න ශක්‍තිය ලැබේවා. පෞද්ගලික ජීවිතයෙත් වැඩ කටයුතු සාර්ථක වේවා!!! ජය!!! 100 ත් මේ ගැම්මෙන් අල්ලමු...
Naveen Mbr
සමාවෙන්න අයියේ පරක්කු වුණා. ඩවුන්ලෝඩ්ස් අඩවියේ ලින්ක් දාන ගමන් සබ් කරන එක බොහෝම අසීරු වැඩක්. අපේ උපසිරැසි නිර්මාණකරුවෝ හැමෝම මේක කරන්නේ හුදෙක් විනෝදාංශය නිසා. ඔයා කරන සේවය ඉහළින්ම අගයන්න ඕන. මම ඔයා කරන වැඩ කොටස දකිනවා. මෙතනදී කියන්න ඕනේ දේ ඔයා සෘජුවම කිව්වා. ඉතින් ඔයාගේ පෞද්ගලික ජීවිතයේ වැඩ රාජකාරි ඇතුලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! ඒ වෙනුවෙන් ශක්තිය, ධෛර්යය ලැබේවා! ජයෙන් ජය!
දහරා මුතු අමා
පලවෙනි කඩයිමට උනුසුම් සුබ පැතුම් මල්ලි.. ඉතින් ඊලග කඩයිම් වලටත් යන්න ශක්තිය සහ ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්තක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා.
සාරංග J ලියනගම
Thank you
එල්. සී. දමැල්
සමාවෙන්න ඕණ කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාට...
50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් රවිඳු! :)
කැපවීමෙන් වැඩ කරන කොල්ලෙක් තමයි ආයෙ එකෙන්ම. මේ දවස්වල සයිට් එකෙ වැඩි බරක් අදින්නෙත් සහෝනෙ! ඒ මදිවට උපසිරස ටිකට ගැලපෙන්න අපිට ඕණ කරන ලින්ක් ටික හොයා දීලා කරන උදව්වත් මාරම වටිනවා. ඉතින් ඒ ගමන් සබ් කරගෙන යන එකත් අගය කරන්නම ඕණ.
100ත් ඉක්මනින් ගහන්න සහ අධ්‍යාපණ කටයුතුත් සාර්ථකව කරගන්නටත් කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය ✌Nethmira
Ayye june 9 2008 film ekata subtitle ekak hadala dennako
Anonymous
thanks
Udaya Fdo
Thank you
Sanupa Ranmeth
පළවෙනි කඩයිමට හදවතින්ම සුබ පතනවා රවිඳු අයියේ! සයිට් එක වෙනුවෙන් අයියා කරන කැපවීම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ... ඒවගේම ඕන කෙනෙක්ට ඕන වෙලාවක උදව්වක් ගන්න පුළුවන් හිත හොඳ, මම සෑහෙන්න අගය කරන චරිතයක්. එහෙනම් අයියගෙ ඉදිරි කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! පරක්කු වුණාට සමාවෙන්න ඕනේ...
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..ශසිත් සඳරුවන්
පළමු කඩඉමට සුබපැතුම් මලේ...
සමාවෙන්න ඕන චුට්ටක් පරක්කු වුනාට. දැන් වැඩිය මේ පැත්තේ එන්නේ නැති නිසා අද තමයි දැක්කේ.
සබ් එකක් කරන එක අමාරු වැඩක්. හැබැයි දෙබස්වලට ඇහුම්කන් දීලා හරියට සබ් එකක් කරන එක ඊටත් වඩා අමාරු වැඩක්.
ඉතින් මේ සබ් කරන ඇම්ම තියන නිසා තමයි එහෙම කරන්නේ. ඒ නිසා ඒ ඇම්ම දිගටම තියාගෙන
දිගටම ගුණාත්මක සබ් කරන්න තව තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දිගටම සබ් දෙමු ආ...
ජය!Rev N wijayadewa
කාලය ශ්‍රමය වැය කොට ඉතා උනන්දුවෙන් අන් අයගේ රස වින්දනය පිණිස කැපවෙන ඔබට සුබ පැතුම් ඉදිරියට කටයුතු කරන්නට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
පළමු කඩඉම වෙුනුවෙන් සුබපැතුම් සහෝ...
මෙතනින් නොනැවතී දිගටම සබ් දෙමු ආ...
ජය!nishu
your hard work and perseverance have paid off. congratulations for your 50th graduation! wishing you even more success in the future.
Kesara Withanage
පනස් වැනි කඩඉමට උණුසුම් සුබපැතුම් මල්ලි. ඔයා ගොඩක් උනන්දුවෙන් සයිට් එකේ වැඩත් කරගෙන යන බවක් පේනවා.
කරන කියන අනෙක් සියලු වැඩ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
තෙරුවන් සරණයි!හසිත
50 වන කඩඉමට සුභ පැතුම්.ඔයාගේ වටිනා කාලය වැය කරලා අපිට SUB දෙන එකට ගොඩක් පිං.තෙරුවන් සරණයි.
danushka
සුභ පැතුම් මල්ලි, ඔබගේ සියලූම වැඩ කටයුතු සාර්ථක වේවායි ප‍්‍රාර්ථනා කරමි.
Sahan Gayantha
thanks a lot sahodaraya sub ekata
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![2018 (2023) Sinhala Subtitles | විරුවා සිහි වීමට මරුවා ලගා විය යුතුය [සිංහල උපසිරැසි] (50)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/06/2018-2023-1.jpg)
පලමු කඩයිමට උණුසුම් සුබ පැතුම් හේෂාන් සහෝ !
සුපිරි හින්දි වෙබ් සීරීස් ගොඩක් දීපු වටින චරිතයක් තමයි මේ.
මෙතනින් නොනැවති ඉදිරි කඩයිම් වලටත් යමු
උපසිරසියට බොහෝම ස්තූතියි ජය වේවා !