කොහොමද කස්ටිය ඉතින්. හුඟ කාලෙකින් තමා අපි මේ ආයෙත් මුන ගැහුනේ. පහුගිය දවස් වල ගොඩක්ම කාර්යයබහුල උනා යාළුවනේ.හැමෝම අළුත් ෆිල්ම් වලට සබ් දෙන්න පොර කන අතරේ අපි ඉතින් තැපෑලේ පරන එහෙකට සබක් දාලා සතුටු වෙනවා. එහෙම කියලා අව්ල් ගන්න එපා හොඳේ. ඊළගට කොහෙම හරි ට්‍රයි කරලා අළුත් ෆිල්මුවක් කරන්නම්. මේ පාර මන් අ…
කොහොමද කස්ටිය ඉතින්. හුඟ කාලෙකින් තමා අපි මේ ආයෙත් මුන ගැහුනේ. පහුගිය දවස් වල ගොඩක්ම කාර්යයබහුල උනා යාළුවනේ.හැමෝම අළුත් ෆිල්ම් වලට සබ් දෙන්න පොර කන අතරේ අපි ඉතින් තැපෑලේ පරන එහෙකට සබක් දාලා සතුටු වෙනවා. එහෙම කියලා අව්ල් ගන්න එපා හොඳේ. ඊළගට කොහෙම හරි ට්‍රයි කරලා අළුත් ෆිල්මුවක් කරන්නම්. මේ පාර මන් අරන් ආවේ 1986 ආපු ටිකක් පරණ ෆිල්ම් එකක්. මන් මේකට සබ් එක කරන්න ප්‍රධාන හේතුව උනේ මේ කතාවේ ඉන්න බිගල්ස් කියන චරිතයයි. බිගල්ස් වටා ගෙතුනු කතා පොත් ගොඩක් මම පොඩි කාලේ කියවලා තියෙනවා. ඉතින් ඒ කතා වලින් වින්ද රස නම් ෆිල්ම් එකේ නෑ. නමුත් බිගල්ස් චරිතයට ආදරේ කරන නිසා මේකට සබ් එක කරා හොදේ. පරණයි කියලා බනින්නැතුව හිටියොත් ඇති හොඳේ.
බිගල්ස් කියන්නේ ගුවන් නැවියෙක්. ඔහු තම රට වෙනුවෙන් විශේෂ සේවයක් කරන නිළධාරියෙක්. ඔහුගේ කථාවේ අනෙකුත් චරිත ලෙස ඇල්ගී. ජින්ජර්. බර්ටි කියන ඔහුගේ ප්‍රධාන මිතුරන් ටික දෙනා අපිට මේ ෆිල්ම් එකෙන් බලන්න පුළුවන්. ඔවුන්ගේ වික්‍රමයන් තමා මේ ෆිල්ම් එකේ ඇතුලත් වෙන්නේ. අතීතය හා අනාගතය ගැන කෙරෙන ගනුදෙනුවක් කිව්වොත් හරි. මේ ෆිල්ම් එක IMDb අගය 5.8ක් ලබාගෙන තියෙනවා. මේකේ ඩිරෙක්ටර් වෙන්නේ John Hough මහත්තයායි. මේකේ නළු ගැන්සිය ගැන කිව්වොත් Neil Dickson, Alex Hyde-White, Fiona Hutchison කියන අයයි. විශේෂයෙන්ම කියන්න ඕන බිගල්ස්ගේ හැම කතාවක්ම වගේ මේකත් ලියලා තියෙන්නේ Capt. W.E. Johns මහතායි. වැඩි බයිලා ඕන නෑ පරණයි කියලා මට බනින් නැතුව මේක බලලා හොඳද කියලා කියන්න එහෙනම්. තවත් ෆිල්මුවකින් හමුවෙමු.
ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent link.
Biggles.Adventures.in.Time.1986.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
418 downloadsDownload Biggles-Adventures-in-Time-1986.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/ShanilkaJayalath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශනිල්ක ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශනිල්ක ජයලත්
Subtitles
10 comments
Mayura
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනත් ගුණතිලක
supiri... me wage parana film thamai karanna oni.. puluwannam ''Akira Kurasova" ge movies walata sub dala denna.. loku udawwak
hiran
tnx a lot aiye... me wge parana english films wlta subs dena eka hugakma watinawa...elma... digatama denna..jaya wewa
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Dulanga
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akalanka
Thnx..........
අසිත
elama saho thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බයින්නේ මොකටැයි, මේවා තමා සුපිරි ෆිලුම්. මමත් බිගල්ස්ගේ ගුවන් වික්‍රම කියෝලා තියේ. ඉතින් මේකත් බලන්නම එපැයි. මේකෙත් සීරීස් එකක්ම තියේද බන්? බොහොමත්ම ස්තූති වේවා සබට. දිගටම දෙමු