Watch Trailer

Hulk Where Monsters Dwell (2016) with Sinhala Subtitles | නපුරු සිහින… [සිංහල උපසිරසි සමඟ]

ඩොක්ටර් ස්ට්‍රේන්ජ් සිනමාපටය නිකුත්වීමට තවත් දවස් දහයක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ හින්දමද මන්දා මේ අවුරුද්දේ මාවල් කොමික් වලින් නිකුත් කරපු ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේම හල්ක් හා හැලොවින් සන්ධ්‍යාවත් එක්කාසු කරලා නිකුත් වුන ඇනිමේටඩ් සලරුවක් තමයි අද මං ඔයාලට දෙන්න හදන්නේ. මං ඉතින් කොමික්වල සලරුවක් කලො…

Hulk Where Monsters Dwell (2016)

ඩොක්ටර් ස්ට්‍රේන්ජ් සිනමාපටය නිකුත්වීමට තවත් දවස් දහයක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ හින්දමද මන්දා මේ අවුරුද්දේ මාවල් කොමික් වලින් නිකුත් කරපු ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේම හල්ක් හා හැලොවින් සන්ධ්‍යාවත් එක්කාසු කරලා නිකුත් වුන ඇනිමේටඩ් සලරුවක් තමයි අද මං ඔයාලට දෙන්න හදන්නේ. මං ඉතින් කොමික්වල සලරුවක් කලොත් ඒක ඇනිමේටඩ් එකක්. නමුත් ඉතින් මං නම් මාවල් රසිකයෙක් නෙවෙයි. කොමික් වළට තිබුණු ආසාව නිසයි මේක කරන්න හිතුණේ. IMDb වගේම කුණු තක්කාලි දර්ශකයටවත් තාම මේක එකතු කරලා නෑ. ඒ නිසා අගයකුත් නෑ. 😛

හැලොවින් රාත්‍රිය කියන්නේ වෙනත් රටවල් ගොඩක් ලොකුවට සමරන වගේම හැම කෙනෙක්ම නොදකින හැමෝටම අත්විදින්න නොහැකි වෙන අරුම පුදුම සිදුවීම් වෙන උත්සවයක්. මිට පෙර අවුරුද්දකත් හැලොවින් එකට චිත්‍රපටයක් අරං ආවා මතකයි. මෙහෙමයි අපි රෑට හැමෝම හීන දකිනවනෙ. මේ හීන නපුරු ඒවා වගේම හොද ඒවා වෙන්නත් පුළුවන්. එන්න ඒ හීන අතරේ ගොඩක් බය හිතෙන හීන දකින්නේ, අපි ගොඩක්ම බය හිතෙන කෙනා හෝ දෙය ගැන අපේ හිතේ තියෙන නිසයි. මෑන්හැටන් නගරේ ඉන්න තරුණ ළමයි කිහිප දෙනෙක් නපුරු හීන දකින අතරේ එහා ලෝකයේ එහෙමත් නැත්තම් නපුරු හීන ලෝකයේ ඉන්න මේ නපුරු හීන පෙන්නුම් කරන්නා මේ ළමයින්ගේ හිත ඇතුලට රිංගලා බයංකාරයෙ උපරිමයට යවනවා. පස්සේ මේ අයව ඒ ලෝකෙට ඇදලා ගන්නවා. ඒකට කලින් මේ දේට මුල පුරන්නේ නම් හල්ක්. හල්ක් කියන චරිතයට බැනර් කියන මනුස්සයව පේන්න බෑ. මේකට පිලියමක් විදිහට තමයි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් පිලියමක් හොයන්න හදන්නේ. මේ අතරේ තමයි මං අර කලින් සදහන් කරපු ළමයිගේ කතාව ඇදිලා එන්නේ. මේ නපුරු හීන මවන්නට ඕනේ කරලා තියෙන්නේ අර ළමයි හතරදෙනාව එයාලා සැබෑවටම බය රාක්ෂයෝ බවට පත්කරන්නයි. එයාට නපුරු හීන මවන්නා කියලා කිව්වට එක තැනකින් පස්සේ දිගටම මං කියලා තියෙන්නේ නයිට්මයර් කියලා. එහෙම රාක්ෂයො බවට පත් කරලා ඒ ලෝකේ ඉදන් මේ ජීවමාන ලෝකයට ද්වාරයක් විවෘත කරලා ඇවිල්ලා මෑන්හැටන් නගරෙම පාලනය කරන්නයි. මේකට ප්‍රබලවම අහුවෙන හල්ක්ව වගේම ඒ ළමයි ටිකව මේ බන්ධනයෙන් නිදහස් කරලා බේරගන්න ඉදිරිපත් වෙන්නේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේම ශීල්ඩ් එකේ වැඩ කරන සිට්වෙල් කියලා සොම්බියෙක්, නීනා කියලා කාන්තා රාක්ෂයෙක්, වෙයර්වුල්ෆ් හා මෑන් තින්ග් කියලා තවත් රාක්ෂයෙක් එකතු වෙලා වැඩ කරන්නේ. මේ අයට කට්ටිව මේ බන්ධනයෙන් මුදවගෙන යථා තත්වයට පත්කරන්න පුළුවන් වේවිද? බලලම ඉන්නකෝ. කොමික් රසිකයෙක් නම් මේක බැලුවා කියලා පාඩුවක් නෑ.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජය!!

Hulk: Where Monsters Dwell (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Hulk.Where.Monsters.Dwell.2016.1080p.WEB-DL.DD5.1.H264-FGT

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,008 downloadsDownload Hulk-Where-Monsters-Dwell-2016.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,008 downloadsDownload Subtitles39 KB

18 comments

  1. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  2. අශාන්

    සබ තියෙන්නෙ මේ කොපියට විතරද? 2GB තියෙනවනෙ ෆිල්ම් එකට

    1. Chämàrá Sâmpáth

      Web කොපි දැනට තියෙන්නේ. පොඩි කොපි ඕනි තරම් තියෙනවා. මං සබ කලෙත් 650MB කොපියට.

    2. wooobox.net

      මගේ සයිට් එකට 650 copy එක දැම්මා. කැමති නම් ඇවිත් බාගත කර ගන්න. (මන් මේ සයිට් එක කරන්නේ සල්ලි උපයන අරමුණින් නෙවේ. අනික ලංකාවේ traffic එකෙන් මොන සල්ලි ද LOL)

  3. මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්කු වේවා චාමරයෝ.
    උබ කොමික් එව්වා අත අරින්නෙම නැහැ වගේ.

  4. kavinda

    thank you

  5. wooobox.net

    Thanks for the sub brother... Keep it up the good work :)

  6. දිමුත්

    චා බන් සබ් එක ෆිල්ම් 2ක් බෑව ඩේටත් නෑ සනීපත් නෑ

  7. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  8. Rumesh Nilantha Jayaweera.

    ෴෴ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.෴෴ Film eka kali aran thibbe =Hulk.Where.Monsters.Dwell.2016.720p.WEB-DL.600MB.MkvCage sub galapunoth hondai

  9. S.K. Ruchiranga

    elma sahoo

  10. Gathsara Umesh Kumara

    චාමර අයෙයේ..සබ් එකට ගොඩාක් ගොඩාක් ගොඩාක් තූතියි ....

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට

  13. ඉෂාන් මදුෂ

    Guardians of the Galaxy (2015) සීසන් එකේ ඉතිරි කොටස්
    ටිකටත් සබ් දෙන්න සහෝ
    ජය!

  14. අසිත

    elama saho thanks

  15. Rithesh

    Thank you සහෝ.... කව්රුහරි Miss Peregrine's Home for Peculiar Children (2016) movie එකටත් සබ් කරන්නකෝ,පට්ට ෆිලුමක් එකත්.

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P