Watch Trailer

Finding Dory (2016) with Sinhala Subtitles | ඩෝරිට මතක් වෙන්න අරං… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න කාලෙකට පස්සේ ඇනිමේෂන් එකක් ලැබුනා උපසිරසක් කරන්න. ලැබුනා කියනවට වඩා පොරකාල ගත්තා කිව්වා නම් නිවැරදි. මේ චිත්‍රපටය පික්සාර් සහ වෝල්ට් ඩිස්නි සමාගම් වල ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණයක්. කතාව කවුරුත් නොදන්නවා වෙන්න බැහැ. මේ ත්‍රිමාණ චිත්‍රපටය මිට වසර 13 කට කලින් තිරගත උන තවත් චිත්‍රපටයක…

Finding Dory (2016)

හොඳයි එහෙනම් ඔන්න කාලෙකට පස්සේ ඇනිමේෂන් එකක් ලැබුනා  උපසිරසක් කරන්න. ලැබුනා කියනවට වඩා පොරකාල ගත්තා  කිව්වා නම් නිවැරදි. මේ චිත්‍රපටය පික්සාර් සහ වෝල්ට් ඩිස්නි සමාගම් වල ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණයක්. කතාව කවුරුත් නොදන්නවා වෙන්න  බැහැ. මේ ත්‍රිමාණ චිත්‍රපටය මිට  වසර 13 කට කලින් තිරගත උන තවත් චිත්‍රපටයක දෙවැන්න. ඒ තමයි Finding Nemo (2003). ඒ දවස් වල  මේ කතාව බලපු අය දැන් වැඩිහිටියෝ. දැන් එයාලගේ ළමයි එක්ක තමා මේ චිත්‍රපටයේ  දෙවැන්න බලන්න වෙන්නේ. අවුරුදුම 13ක් නිසා බලපු නොබලපු හැමෝටම කලින් කතාව ගැන ටිකක් කියන්නම්. කලින් වතාවේදී සිද්ධ උනේ නිමෝ කියන මාළු පැටියාව එයාගේ තාත්තා එහෙම නැත්තන් මර්ලින් විසින් බේරගන්න කරන මෙහෙයුමක් ගැන. නිමෝ මුහුද මතුපිටට පිහිනල ආපු වෙලේක එයාව කිමිදුම් කරුවෙක් අල්ලගෙන ගිහින් සුරතල් මසුන් ඉන්න ටැංකියකට දානවා. ඉතින් මර්ලින් පුතාව බේරගන්න යන ගමනේදී අපුරු මිතුරියක් මුණ ගැහුනා. ඒ තමයි ඩෝරි. හිත හොඳ උනාට පොඩි අවුලක් තියෙනවා. මේ කියන දේ මේ මතක නැහැ. එයාට පොඩි කාලේ ඉඳන් කෙටි කාලින මතකය නැති වීමේ ලෙඩක් තියෙනවා. ඉතින් ඒ වගේ පිස්සු මිත්‍රයෙක්  එක්ක තමා මේ ජිවිතේ කවදාවත් නොගිය ගමනක්  ගිහිල්ල  පුතාව බේරාගෙන ආවේ.

එදා මේ චරිත වලට හඬ කවපු අය මර්ලින් වෙනුවෙන් Albert Brooks, නිමෝ වෙනුවෙන් Alexander Gould සහ ඩෝරි වෙනුවෙන් හැමෝම අඳුනන Ellen DeGeneres තමයි හඬ දායකත්වය සැපයුවේ. එලන් ගැන නම් හැමෝම දන්නවා ඇති ලෝක ප්‍රසිද්ධ Ellen Show එක කරන්නේ ඇය තමයි. ඒ වගේම මේ චිත්‍රපටයට තවමත් IMDb දර්ශකයේ 8.2 වගේ ඉහල ඇගයුමක් වගේම ලෝකයේ හොඳම චිත්‍රපට 250 තුල 162 වෙනි ස්ථානයටත් හිමිකම් කියල තියෙනවා. ඒ වගේම ඔස්කාර් සම්මානයක් පවා නිමෝ චිත්‍රපටයට හිමි උනා. මිලියන 94ක් වැය කර නිමවුන ඒ චිත්‍රපටයට ලැබුන සමස්ත ආදායම ඩොලර් මිලියන 936.7ක්.

අලුත් චිත්‍රපටයට වැය වුන මුදල ඩොලර් මිලියන 200ක් ඒ වගේම දැනට එහි වාර්තාගත ආදායම ඩොලර් මිලියන 1,017.70ක්. ඒ වගේම 2016 තිරගත වූ ලොකු ලොකු කොමික් නිර්මාණ සියල්ලක්ම පරදවලා ඇමෙරිකාවේ වැඩිම ආදායම ඩෝරිගේ චිත්‍රපටයට හිමිවෙලා තියෙනවා. ඇමෙරිකාව තුල පමණක් ඩොලර් මිලියන 485.5ක් උපයාගෙන කැප්ටන්ලගේ වීරක්‍රියා වලට ලැබුන ආදායම දෙකේ කොලේට ඇද දමන්න සමත්වෙලා තියෙනවා. දැනට ලෝකයේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ලැයිස්තුවේ 26 වෙනි ස්ථානය ලබාගෙන තියෙනවා. ඇනිමේෂන් චිත්‍රපටයක් විදිහට ගත්තම ලොකු සාර්ථකත්වයක් ලබලා තියෙනවා. ඒ වගේම නිමෝට ඇරෙන්න සෙසු චරිත වලට හඬ කවන්නේ එකම පිරිසක්. තවත් කියනවා නම් දැනටමත් සම්මාන දෙකකුත් හිමිකරගෙන තියෙනවා. මේ චිත්‍රපටය තිරගත වෙන්න ගත්තම ඩොරි වගේ මාළුන්ට හොඳ ඉල්ලුමක් ලැබිලා අන්තිමට නිෂ්පාදකයන්ට ප්‍රේක්ෂකයන්ට නිවේදන නිකුත් කරන්න උනා ඩොරි බලන්න එත් ඩොරිලව අයිතිකරගන්න එපා කියල. Blue Tang (Paracanthurus hepatus) වර්ගයේ මත්සයන්ට තමා එහෙම නරක කල දසාවක් ඇති උනේ 😀

හරි දැන් කියන්නම් මේ චිත්‍රපටය ගැන. මර්ලින් ඩෝරි එක්ක එකතු වෙලා කොහොමහරි පුතාව හොයාගෙන ආයේ ගෙදරට ආවනේ. ඩෝරිට අමුතු වැඩක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. හැමෝම දන්නවනේ මෙයාට කියන දේ මතක නැති වෙන ලෙඩක් තියෙනවයි කියල. අඩු තරමේ එයාගේ අතිතයවත් එයාට මතක නැහැනේ. මෙයාට හදිසියේම එයාගේ අතීතයේ දේවල් ටික ටික මතක් වෙන්න ගන්නවා. එයාගේ අම්මල එක්ක හිටපු කාලේ කරපු දේවල් සේරම ටික ටික මතක් වෙන්න ගන්නවා. ඉතින් එයා තීරණය කරනවා දෙමව්පියෝ හොයාගෙන යන්න. ඉතින් ඩෝරිට දෙයක් හිතුනොත් එයා ඒක කරලම තමා පස්ස බලන්නේ. ඩෝරිට තියෙන ලෙඩෙත් එක්ක මේ වගේ ගමනක් ගියාම මොකෝ වෙන්නේ කියල හිතා ගන්න පුළුවන් නේ. කතාවේ නමේ හැටියට ඩෝරිට මර්ලින් සහ නිමොගෙන් වෙන් වෙන්න වෙනවා. දැන් ඩෝරි එයාගේ අම්මල හොයනවා නිමෝ මර්ලින් දෙන්න එකතු වෙලා ඩෝරිව හොයනවා. මේ ගමනේදී හැමෝටම අලුත් මිත්‍රයෝ මුණ ගැහෙනවා ඒ වගේම හරිම විනෝදමත් කතාවක්. හැමෝම බලන්න කියල කියන ගමන් ගිහින් එන්නම්. මේ වෙනුවෙන් උදවු කරපු විමාටත් ස්තුති! හැමෝටම ජයවේවා !!

Finding Dory (2016) on IMDb

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම BR සහ HD පිටපත් සඳහා අදාළ වේ.

11,898 downloadsDownload Finding-Dory-2016-BR.zip129 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

11,898 downloadsDownload Subtitles129 KB

57 comments

  1. lakshyan

    Thank u Hasantha bro! :)

  2. mithun sriyantha

    කියන්න වචන නෑ සතුටුයි ගොඩක් හොද කොපි එකක් අනකම් මග බලම් උන්නෙ ඩිස්නි සමාගමෙ ඇනිමේශන් චිත්‍රපට ගැන කවර කතාද සුපිරිම තම
    ස්තුතියි අයියෙ උපසිරැසි ගැන්නුවට සසතුටුයි ගොඩක්
    Wepdelකොපි තියෙන නිසා ඔන්න බෑව..
    ගොඩක්ක් ස්තුතියි හසන්ත වික්‍රමසිංහ සහො..
    ඔයට ජයෙන් ජය

  3. Mayura

    සබ නම් පරක්කුයි. ඒ හින්දා ඇරබික් සබ එක්ක පිලුම බැලුවා. බොහොමත්ම ස්තුතියි සබට

  4. mithun

    තව කොමෙන්ට් එකක් දාන්නමයි හිත මෙකට නම් සුපිරිම ෆිලුමක්

    1. Purnima

      මල සමයං. එකක් තිබ්බම මදැයි. ඔච්චර කමෙන්ට්ස් දාන්න ආසයි නම් අර මගෙ එහෙක ගිහින් දාන්නකෝ

    2. එල්. සී. දමැල්

      පූර්ණිමාට මොකෝ මේ වෙලා තියෙන්නේ

    3. mithun

      @purnima
      බෑනෙ ඔයාට කොමෙන්ට් දාපුම අදහස් පහල වෙලාදෝ කියල එක එක එව කියනවනේ..පස්සෙ ඔව අහගන්න ඔනෙ නෑ නේ......

    4. Web-බුවා

      ගනන් එපා මචංලා ඔය "sausage party" එකේ සබ miss වුණ දුක දරා ගන්න බැරුව කේන්තිය පිරිමහනවා. (miss වුණ එකමයි හොඳ) පුර්ණි මෙන්න මේ ෆිලුමට සබ කරලා දුක තුනී කරගන්න. ඒක ඔයාගේ type එකේ එකක්. :D

      Lea To The Rescue 2016

    5. Purni

      Purnima (Real)

      ඒ මගේ ෆේක් එක(මයුර) අනේ. ඔයා බය නැතුව කමෙන්ට් දාන්න. ෆේක් එක(මයුර) බයයි මට කමෙන්ට් වැටෙනවට.

  5. Purnima

    මතකයි අයියෙ හිච්චි කාලේ කලිසං කොටේකුත් ගහන් ෆයින්ඩොං නිමෝ බැලුවා දෙමටගොඩ සමන්තා එකෙන්. පොඩි එකත් එක්ක බලන්න ඕන මේ ෆිල්ම් එක.

  6. Lushan Kuruppu

    පට්ට...
    බොහෝම ස්තූතියි අයියා!

  7. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  8. nipun

    mathaki meka finding nemoaiyath ekka baluwa

  9. එල්. සී. දමැල්

    මේක හෝල් එකේ බලන්න හිටියත් මිස් වුණානේ. කමක් නෑ. දැන් ඉතින් නිදහසේ බලන්න පුලුවන්. කොහොමවුණත් BR එක එනකං ඉවසනව...
    උපසිරසට ස්තුතියි සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  10. thisal

    බොහෝම ස්තූතියි

  11. යශෝධ

    ෆිලුම උදේ පාන්දරම බාගත්තා. සබත් ලැබුන එකේ අදම බලනවා. ජයම වේවා එහෙනම්. බොහොම ස්තූතියි හසෝ උපසිරැසියට. එලස්ස්......ළ

  12. rakitha ranathunga

    සබට ස්තූතියි අයියේ...

  13. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මේකනම් BR එක ආවාම බලන්න ඕනේ.
    ජය වේවා!
    බුදු සරණයි!

    1. Rumesh Nilantha Jayaweera.

      bluray ekata asanna copyak

  14. Lahiru Lakmal

    Thanks for sub...

  15. Rumesh Nilantha Jayaweera.

    ෴෴බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.෴෴

  16. Srimal De Silva

    Thanks a lot!!!

  17. Pushpa Kumara

    thanx machooo sub ekata......

  18. wooobox.net

    දෙපාරක්ස බලන්න හිතෙන චිත්‍රපටියක් සබ් එකට ස්තුතියි...:)

  19. මාලින්ද

    එනකම් හිටියේ . ස්තූතියි

  20. YASIRU HASARANGA

    හම්මේ. දැනෙන සතුට. පොඩිකාලේ මතක් වෙනවා. සබට ස්තූතියි සහෝ.

  21. Wgk Chathuranga

    බොහොම ස්තූතියි සහෝ සබට!!
    ජය වේවා.

  22. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. Web-බුවා

    ස්තූති වේවා හසා බුවා! මේව්වා තමා film ඉතිං.මේව්වා 1 බිලියන් වෙන්න හේතු මොනාටද? දන්නෝ දනිති මේව්වගේ වටිනාකම. මොකද මාළු උනාට මෙව්වා real life එකත් එක්ක human nature තමා ඉතිං. අනික captain america ට අපේ උන් වැඳගෙන හිටියට ඇමෙරිකානුවන්ට ඔව්වා සිනී බෝල චරිත. මෙව්වා තමා ගැම්මක් ඇති ඒවා ඕනේ culture එකකට match වෙන. මේක මෙහෙම බලන්න වටින එකක් නෙමේ. HD ත් rip ද? අපි නම් ඉතිං bluray තමා. නැත්නම් ඉතිං හරියට CGI බලාගන්න වෙන්නෙත් නෑ. bluray නොවැම්බර් 15 එන එකේ ඔන්න ඔහේ ඉන්නවා bro!

    ජය!

  24. Sajith Anthony

    බොහෝම ස්තුතියි උපසිරසියට
    ජයෙන් ජයම වේවා...!!

  25. Yomal Senanayake

    Brrip ආවාම ඕන අයියෝ.......... ඒත් HDRip එක මම බෑවා තෑන්ක්ස් ආ............

  26. Web-බුවා

    අම්මපා යකෝ dory නම් පට්ට අමුතුයි, බලහං HD ආපූ ගමන් web එක ආවා. ඒ පිටටම bluray ත් ඇවිත්. පට්ටයිනේ. web එක බාපූ උන්ගේ මුණේ ස්වරූපය මේ වන විට ටිපර් එහෙක වැදිච්ච ත්‍රීවීල් එකක් වගේ වෙන්නැති මයේ හිතේ. :D අම්මපා යකෝ marvel, Dc එකක් එහෙම මෙහෙම release වෙන් නෑනේ ආසවටවත්. :x

    ජය :)

  27. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහෝම ස්තුතියි සබ් එකට

  28. Amila

    මේ ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරන්නෙ කොහොමද කියනවද ටොරන්ට් ලින්ක් එකක් නැතිව?

  29. Kaazz_bat

    තැන්ක්ස් බ්‍රෝ සබට, එල එලම

  30. සමන් ප්‍රසාද්

    ඔන්න චෝකෝ මාමෙ එහෙනම් මාත් මේක බලන්න ගන්නවා.
    වෙඩි වගේ කඩාගෙන බිඳගෙන Br ආවා නොවැ.
    සබට තුති...
    ජය වේවා...!!!

  31. mithun

    අපු ගමන් අප්ඩෙට් කරල සබ් එක සතුටුයි

  32. අසිත

    elama saho thanks

  33. Chalana RUkshan

    sixe eka wadi torrent dekema. me sub eka me torrent ekata hari yanne nathi weida Finding.Dory.2016.720p.BRRip.x264.AAC-ETRG

    1. හසන්ත

      බ්ලුරේ සබ් එක ඕකට මැච් වෙනවා. ෆයිල් දෙකක් ඇති එකක් HD සබ් එක අනික බ්ලුරේ එක.

  34. රොයිලි

    බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Rumesh Nilantha Jayaweera.

    ෴෴ All-Star Superman (2011) sub dennna lipiyak witharaai thiyenne෴

  36. Keshan Wasala

    බොහොම ස්තුතියි හසන්ත අයියේ PSA 10 bit කොපිය එනකන් ඉවසන් හිටියා ඔන්න එහෙනම් බලලා දානවා.. ජය වේවා !!

  37. මධුකප්‍රිය පෙරේරා

    ආ මේ අපේ මාමි නොවෑ සබ කරලා තියෙන්නේ...
    මාමිත් තාම ඇනිමේෂන් බලනවා එහෙනම්..
    උපසිරසියට ස්තුතියි කිව්වා එහෙනම්..
    ආයෙත් ඉක්මනටම ෆිලුමක් ගේමු.

  38. RADO

    Patta hazaa pattaaa

  39. ashan lankanath

    thanks

  40. Niky

    Thanks bro and all the best..!!

  41. praneeth madu

    බොහොම ස්තුතියි

  42. ashen

    thankas bro

  43. keshan

    thanks

  44. Dasitha147

    bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

  45. Tharaka

    තැන්කු මචං.....

  46. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...!!!
    ජය

  47. Nandana Pathiraja

    Thank You Hasantha.

  48. Nishanpradeep95

    Gd job

  49. Bhawantha Chamod

    Thank you.

  50. thusithak91

    thx