Watch Trailer

Bill & Ted’s Excellent Adventure (1989) Sinhala Subtitles | බිල් සහ ටෙඩ්ගේ කාල චාරිකාව [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් හැමෝටම..අද මං උපසිරැසි අරගෙන එන්නේ නුදුරේදීම එන්න තියෙන Bill & ted face the music චිත්‍රපටයේ පලවෙනි කොටස වෙන Bill & Ted’s Excellent Adventure චිත්‍රපටයටයි.තිරගත වෙලා අවුරුදු 30කට වැඩි කාලයක් ගත වුනත් Adventure, Comedy, Music කාණ්ඩයට අයත් මේ චිත්‍රපටය තාමත් IMDb 6.9ක අගයක් ලබාගන්න සමත් වෙල…

සුබ දවසක් හැමෝටම..අද මං උපසිරැසි අරගෙන එන්නේ නුදුරේදීම එන්න තියෙන Bill & ted face the music චිත්‍රපටයේ පලවෙනි කොටස වෙන Bill & Ted’s Excellent Adventure චිත්‍රපටයටයි.තිරගත වෙලා අවුරුදු 30කට වැඩි කාලයක් ගත වුනත් Adventure, Comedy, Music කාණ්ඩයට අයත් මේ චිත්‍රපටය තාමත් IMDb 6.9ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා..මේක අධ්‍යක්ෂණය කරන්නේ Stephen Herek විසින්.මෙහි රංගනයෙන් ප්‍රසිද්ධ නළු Keanu Reeves සහ Alex Winter, George Carlin වගේ නළු නිළියන් දායක වෙනවා..චිත්‍රපටයේ මොකද වෙන්නෙ කියලා පොඩ්ඩක් කියන්නම්.

බිල් සහ ටෙඩ් කියන්නෙ හොඳම යාළුවෝ වගේම උපන්ගෙයි මෝඩයො දෙන්නෙක්..මෙයාලගෙ එකම බලාපොරොත්තුව සංගීත කණ්ඩායමක් පටන් ගන්න එකයි..දවසක් මේ ඩබලට ඉතිහාසය විෂයට වාර්තාවක් ඉදිරිපත් කරන්න වෙනවා.මොකද කරන්නෙ කියලා දහඅතේ කල්පනා කරනකොට අහසින් දුරකථන කුටියක් පාත් වෙනවා.මේ කුටියෙ ඉඳලා රූෆස් කියලා අනාගතයෙන් එන කෙනෙක් මේ අයගෙ වාර්තාව හදන්න උදව් කරන්න ඉදිරිපත් වෙනවා..‍රූෆස් කියන්නෙ බිල් සහ ටෙඩ්ගේ සංගීතය නිසා අනාගතයේදී බිහිවෙන සමාජ පද්ධතියක පුද්ගලයෙක්..මේ අයගේ සංගීතය ලෝක සාමය තහවුරු කරන නිසා මේ අය අනිවාර්යයෙන්ම ඉතිහාස වාර්තාව සමත් වෙලා වෙන් නොවී ඉන්න ඕන.ඉතින් රූෆස් මෙයාලට දුරකථන කුටිය පාවිච්චි කරලා අතීතයට ගිහින් ඉතිහාස වාර්තාවට වැදගත් පුද්ගලයින්ව හොයාගන්න උදව් කරනවා..මේකෙදි මෙයාලා එක එක ප්‍රශ්ණ වලට පැටලෙනවා..මීට වඩා කියන්න යන්නෙ නෑ.අවසානයේදි මොකක්ද වෙන්නෙ කියලා බලලම දැනගන්නකෝ..

මේ චිත්‍රපටය වෙන් කරලා දුන්න සිසිල අයියට ස්තූති කරමින් තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා..හැමෝටම ජය..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,531 downloadsDownload Bill-Teds-Excellent-Adventure-1989.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

LaHIRU

Subtitles

2,531 downloadsDownload Subtitles36 KB

13 comments

  1. geeganagamage

    එල...එල... සැබෑ වෙනසක්. හොඳ පරණ ෆිල්ම් එකකටත් උපසිරැසි දීලානේ. අළුත්, පරණ කියලා භේදයක් නැතිව ඔන්න ඔහොම තමයි උපසිරැසි දෙන්න ඕනේ. අනිවාර්යෙන් බාමි. සහෝගේ උපසිරැසියට ස්තූතියි! ඉදිරියටත් අළුත් ඒවාට වගේම අපි කවදවත් නොදැකපු මේ වගේ පැරණි ලස්සන චිත්‍රපටි වලටත් උපසිරැසි ලබා දේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා!

  2. Kavinu

    පරණ එකටත් සබ දුන්න කියන්නෙ අලුත් එකත් ඉක්මනටම ලැබෙයි නේහ්..?!
    ජය වේවා,
    ආතල් ලෝකයක් මේ ෆිලුම නම් ❤️

  3. Hashan

    බොහොම ස්තුතියි බ්‍රෝ :) මේකෙ දෙවනි එකටත් සබ් දෙන්න :) :)

  4. Ishan Maduhsa

    බොහොම ස්තූතියි

  5. Anonymous

    oke 2tai,3taith sub ekak denna kollo

  6. indika75

    thanks..

  7. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
    ජය!!

  8. Pasan

    උපසිරැසියට බොහොම ස්තූති සහෝ !!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. sasanka

    t-anks for the sub

  11. Dewadithya

    Thanks for sub!

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. Samitha

    ගොඩක් ස්තූතියි සහෝ !!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.