ආයුබෝවන්.. ඉතින් ඔන්න මම තවත් චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරන් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ආවා. මේ සිංහල උපසිරසි අඩවියේ ගොඩක් දෙනෙක් නැතත්, මං වගේම පැරණි ඉංග්‍රිසි චිත්‍රපට වලට ප්‍රිය කරන අය කීප දෙනෙක් ඉන්නවා. මං උපසිරසි හදපු ගොඩක් චිත්‍රපටි ඒ වගේ පැරණි ඉංග්‍රීසි චිත්‍රපටි. ඇතැම් ඒවා කළු සුදු, ටෙක්නි…

ආයුබෝවන්.. ඉතින් ඔන්න මම තවත් චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරන් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ආවා. මේ සිංහල උපසිරසි අඩවියේ ගොඩක් දෙනෙක් නැතත්, මං වගේම පැරණි ඉංග්‍රිසි චිත්‍රපට වලට ප්‍රිය කරන අය කීප දෙනෙක් ඉන්නවා. මං උපසිරසි හදපු ගොඩක් චිත්‍රපටි ඒ වගේ පැරණි ඉංග්‍රීසි චිත්‍රපටි. ඇතැම් ඒවා කළු සුදු, ටෙක්නිකලර් වගේ ඒවා. කළු සුදු යුගයට වඩා මං ගොඩක් කැමති මේ ටෙක්නිකලයේ යුගයේ ආපු චිත්‍රපටි වලටයි.ඉතින් කොහොම හරි අද මං අරන් ආවේ ඇල්ෆ්‍රඩ් හිච්කොක් කියන එකල සිනමාවේ සිටි දැවැන්තයෙක්ගේ චිත්‍රපටියක්. The Man Who Knew Too Much (1934) ඇල්ෆ්‍රඩ් හිච්කොක් මේ නමින්ම චිත්‍රපටි දෙකක් හදනවා. එකක් 1934 හදපු මේ චිත්‍රපටය වන අතර දෙවැන්න මේ නමින්ම 1956 හදපු චිත්‍රපටිය. චිත්‍රපට දෙකෙහිම කුමණ්ත්‍රණයක් ගැන කියවෙන කතාවක් තිබුනත් එහි තිර රචන එකිනෙකට වෙනස්. මේ චිත්‍රපටය එකල ත්‍රාසජනක චිත්‍රපටයක් විදිහට නම් කරලා තිබුනා.
මෙහි රංගනයෙන් Leslie Banks, Edna Best, Peter Lorre, Nova Pilbeam සහ Frank Vosper යන අය දායක වෙලා තියනවා. චිත්‍රපටයේ තිර රචනය Charles Bennett, D. B. Wyndham-Lewis, Edwin Greenwood සහ A.R. Rawlinson විසිනි. සංගීතය Arthur Benjamin විසිනි. ආතර් බෙන්ජමින් යනු ඕස්ට්‍රේලියානු සංගීත නිර්මාණකරුවෙකි. ඔහු හා ඔහුගේ සංගීත කණ්ඩායම මේ චිත්‍රපටයේ රාජකීය ඇල්බට් ශාලාවේ ප්‍රසංගය ඉදිරිපත් කරනවා. මේ සංගීතය Storm Clouds Cantata ලෙස හඳුන්වනවා. කැමරා අධ්‍යක්ෂණය Curt Courant විසින් වන අතර සංස්කරණය Hugh Stewart විසිනි. Gaumont-British Picture Corporation හී බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය 1934 දෙසැම්බර් මස එක්සත් රාජධානියේදී මුලින්ම තිරගත වී ඇත. චිත්‍රපටය විනාඩි 75ක ධාවන කාලයකින් යුක්තය.
මෙම චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 6.8 ක අගයක් ලැබී ඇති අතර Rotten Totatoes හී 88% ක අගයක් ලැබී ඇත. ඔයාලත් ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ චිත්‍රපට බලන කෙනෙක් නම් දැනටමත් දන්නවා ඇති ඔහු ඔහුගේ සළකුණ චිත්‍රපටයේ තියන බව. ඒ කියන්නේ ඇලිෆ්‍රඩ් හිච්කොක් තත්පර ගාණකට හෝ ඔහුගේ චිත්‍රපටයේ දර්ශණයකට පෙනී ඉන්නවා. මේ චිත්‍රපටයේත් බොබ් සහ ක්ලයිව් දේවස්ථානයට ඇතුල් වෙන්න හදන, චිත්‍රපටයේ 33වන විනාඩියේ පමණ ඇල්ෆ්‍රඩ් හිච්කොක් කළු කබායක් ඇඳ තිරයේ දකුණු පස සිට වමට වීදියක ගමන් කරනවා දැකගන්න පුළුවන්.
එහෙනම් අදට මං සමුගන්නම්. තවත් දවසක මේ වගේ ලස්සන චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරගෙන මං ඔයාලව හම්බවෙන්න එන්නම්. එතෙක් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා.. සුබ සති අන්තයක් වේවා..
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
813 downloadsDownload The-Man-Who-Knew-Too-Much-1934.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
6 comments
Priyantha Dayakeerthi
indika75
thanks..
isuru srinath sjs
මේ වගේ පරණ මගහැරුණු සිනමාපට වලට සිංහල උපසිරැසි නිර්මාණය කරන එකනම් අගය කරන්නම ඕන..
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට... ජය!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බලන්නට කැමැත්තෙන් සිටි සිනමාපටයක්, ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට! මේ වෙබ් එකේ තිබෙන "ඇල්ෆඩ් හිච් කොක්" සිනමාකරුගේ සියලු නිර්මාණ මා ළඟ සුරක්ෂිතව තිබෙනවා නැවත නැවත නරඹන්නට, මෙයත් එසේමයි. නැවතත් මෙවන් එකකට උපසිරසි ලබාදෙන්න.