Watch Trailer

Sadak 2 (2020) Sinhala Subtitles | අන්ධ විශ්වාසයන්ට එරෙහිව පිවිතුරු ආදරය..! [සිංහල උපසිරසි]

Sadak 2, මහේෂ් බට් විසින් අධ්‍යක්ෂණය කරල තියෙන 1991 තිරගත වූ Sadak කියන චිත්‍රපටයේ දෙවෙනි කතාවයි. පළමු චිත්‍රපටයේ වගේම සංජය දත් හා පූජා බට් දෙවෙනි චිත්‍රපටයත් සහභාගි වෙලා තියෙනවා. 2020 අගෝස්තු මස 28 වෙනි දින Disney+ Hotstar හරහා නිකුත් වූ මෙම චිත්‍රපටයට වැඩි ප්‍රේක්ෂක මනාපයක් ඇති වූයේ නැත. එයට හේතු…

Sadak 2, මහේෂ් බට් විසින් අධ්‍යක්ෂණය කරල තියෙන 1991 තිරගත වූ Sadak කියන චිත්‍රපටයේ දෙවෙනි කතාවයි. පළමු චිත්‍රපටයේ වගේම සංජය දත් හා පූජා බට් දෙවෙනි චිත්‍රපටයත් සහභාගි වෙලා තියෙනවා. 2020 අගෝස්තු මස 28 වෙනි දින Disney+ Hotstar හරහා නිකුත් වූ මෙම චිත්‍රපටයට වැඩි ප්‍රේක්ෂක මනාපයක් ඇති වූයේ නැත. එයට හේතුව Nepotism. බොලිවුඩයේ හුදෙක් නිකුත් සෑම චිත්‍රපටයකම වගේ සිටින්නේ ඥාතින් මුල් කරගෙන සෑදු සිනමාවන්ය. ශුශාන්ත් රාජ්පුත් සිං. ඒ නම කියද්දිත් ඒ තරමටම දුක හිතෙනවා. ඔහුට සිදු අසාධරණය මුල් කරගෙන බොලිවුඩයේ රසික රසිකාව Nepotism එකට විරුද්ධව කටයුතු කළා. එහෙදී ඔවුන්ගේ ඇසට මුලින්ම හසු වූයේ නිකුත් වීමට තිබූ මෙම චිත්‍රපටයයි. බොලිවුඩ් සිනමා කර්මාන්තයේ ගොඩක් මීනිසුන් සුශාන්ත්ව අතහැර දැමූ බයට වාර්තා පළවීමත් සමඟ, කරන් ජෝහාර්, ආලියා බට්, මහේෂ් බට් හා සෝනම් කපූර් කෙරේ දැඩි කෝපයකට පත් වුණා. මහේෂ් බට් විසින් මෙම චිත්‍රපටය නිකුත් කරනවා කියල ඔහු සමාජ ජාලා ඔස්සේ පණිවිඩයක් නිකුත් කළ විට, එය දැක කෝප වූ බොලිවුඩ් රසිකයින් එහෙම චිත්‍රපටය වර්ජනය කරන ලෙස සමාජ ජාලා ඔස්සේ හඩ නැගුවා.

පැය 24ටත් අඩු කාලයකින් Youtube හි Most Disliked Trailer එක බවට මෙම චිත්‍රපටයේ ට්‍රේලරය පත් වූවා. ජුනි මාසයේදී සියදිවි හානි කරගත් සුශාන්ත්ගේ ෆෑන්ස්ලා මේ Sadak 2 චිත්‍රපටයේ ට්‍රේලරය යූටියුබ් හී වඩාත්ම අකමැති ට්‍රේලරය බවට පත් කරන්න කැම්පේන් කළා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි එදා අගෝස්තු මස 12 වෙනි දින නිකුත් වු මෙම ට්‍රේලරයක් වඩාත්ම අකැමති ට්‍රේලරය වූවා .පහත පිංතූරයෙන් පෙන්නුම් කරන්නේ Dil Bechara චිත්‍රපටයට ඇති ලයික්ස් ගණන සහ Sadak 2 චිත්‍රපටයට ලැබී ඇති ඩිස් ලයික්ස් ප්‍රමාණයයි.

චිත්‍රපටය ගැන පොඩි සාරංශයක් දුන්නොත්, මේක පළවෙනි කතාවට සම්බන්ධ කර සාදපු නිසා සංජේ දත් එසේ නැත්තම් රවී කියන කෙනාගේ ආදරවන්තිය වන පූජාගේ මරණයක් සමඟ දුකින් ඇති මොහු තමන්ගේ ආදරවන්තිය ඉන්න තැනට නැවත යෑමට සිය දිවි නසා ගැනීමට තරම් උත්සහා කළත්, ඔහුගේ ජීවිතය ඊටත් වඩා වටිනවා කියා දැනගත් ඔහුට අහම්බයකින් නැවතත් තමන්ගේ වැරදි සාදාගන්න කටයුත්තක් හම්බවේ. ඒ යොවුන් ආදරවන්තයන් දෙදෙනෙකු ආරක්ෂා කිරීමයි. අන්ධ විශ්වාසයන්ට එරෙහිව නැඟීසිටින තරුණියක් තම පෙම්වතා සමඟ ජීවිතේ මුහුණ දීමට සිදුව අභියෝග වලට නිසි ලෙස සටන් කරන හැටි අපිට චිත්‍රපටය තුළින් දැකගන්න පුළුවන්. ඉතින් එහෙනම් වැඩි කතාවක් කියන්නේ නැතුව මෙම චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරනවා. චිත්‍රපටයට කළ යුතු සාධාරණය අපි කළ යුතු වගේම අසාධාරණයට එරෙහිව අප නැගීසිටිය යුතුයි. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයක උපසිරැසි අරගෙන එන්නම් කියන ගමන් ගිහින් එන්නම්. හැමෝටම බුදුසරණයි, දෙවි පිහිටයි!😊

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB/HD පිටපත් සඳහා අදාළ වේ.

10,861 downloadsDownload Sadak-2-2020.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,861 downloadsDownload Subtitles42 KB

23 comments

  1. gihan perera

    බලන්න ම ඕන ෆිලුමක් මේ.... ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට..... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා....

  2. Anonymous

    film eka na neh baiscopedownloads.co ekee....

  3. Hashan

    බොහොම ස්තුතියි බ්‍රෝ මේකෙ පලවෙනි එකටත් සබ් කරන්න බැරිද :)

  4. Arawinda Sunimal

    thanks sub ekata pasidu jayawewa...........

  5. Isaac Mendis

    Thanks bro sub ekata

  6. Nilush Angana

    Sub ekata thanx

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් Sadak - 1991 චිත්‍රපටයටත් උපසිරැසි දෙන්නකෝ. බයිස්කෝප් එකේ කවුරුන් හෝ උපසිරැසි කරන්න පුලුවන් නම් ලොකු දෙයක්.

  9. geeganagamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ . ඒ වගේම හැකිනම් මුල් ෆිල්ම් එකටත් සබ් කරන්න .

  10. Suranjan

    Thanks jayawewa.....!

  11. Malith Samarawickrama

    Nepotisam nisa me movie eka balanna kiyala hitha gatta.

  12. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  13. indika75

    thanks..

  14. isuru srinath sjs

    බොහොම ස්තුතියි මල්ලි සිංහල උපසිරැසියට... ජය!!

  15. sampath n perera

    thanks......

  16. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා මලේ!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  17. Anonymous

    thanks bro

  18. හෙළිලි

    චිත්‍රපටය බැලුවා සිංහල උපසිරැසිය එක්ක. ස්තූතියි මල්ලි. ජය වේවා!

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  20. yohan

    thanks

  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  22. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  23. MAALNATH

    Thanks ............good luck ............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.