Watch Trailer

Billu Barber (2009) |සාමන්‍ය අයෙකු මෙන් දිවි ගෙවීමත් විශේෂිතයි.. [සිංහල උපසිරැසි සමඟ]

ඉල්ලං කනවා කියන එක ගැන අහලා තියේද? මේකත් මේ එහෙම එකක් නිසා මට කරන්න වුනු ෆිල්ම් එකක්.. කෙනෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා.. ඇත්තටම එයා කිව දේ මට හොයා ගන්න බැරි වුණා.. ඒත් මම නෙට් එකේ හොයලා හරි උත්තරේ කිව්වා. ඒත් පව් කියලා හිතලා මම උත්තරේ හොයාගත්තු හැටි කිව්වා.. මම හිතුවේ ඇත්ත කතා කරන එකෙන් පොඩි සහනයක් […]

Billu (2009)

ඉල්ලං කනවා කියන එක ගැන අහලා තියේද? මේකත් මේ එහෙම එකක් නිසා මට කරන්න වුනු ෆිල්ම් එකක්.. කෙනෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා.. ඇත්තටම එයා කිව දේ මට හොයා ගන්න බැරි වුණා.. ඒත් මම නෙට් එකේ හොයලා හරි උත්තරේ කිව්වා. ඒත් පව් කියලා හිතලා මම උත්තරේ හොයාගත්තු හැටි කිව්වා.. මම හිතුවේ ඇත්ත කතා කරන එකෙන් පොඩි සහනයක් හරි ලැබෙයි කියලා. ඒත් නැහැ. ඉතිං,  මම ඔට්ටුව පැරදුණා.. ඉතින් මේ ෆිල්ම් එකට සබ් කරන එක තමා දඬුවම..ඉතිං ඔන්න කළා. සමාවෙන්න ඕනේ කියපු කාලේ ඇතුලත කරන්න බැරි වුනාට. ඒ වගේම මේ ෆිල්ම් එකේ එක සිංදුවකට සබ් කලෙත් එයා.

හරි. එව්වා ඕනේ නැහැ. මෙන්න තියෙනවා ඕනේ දේ. මම හිතන විදියට ශාරුක් ඛාන් ඉන්න මේ ෆිල්ම් එක ගොඩක් අයට මග ඇරුණු ෆිල්ම් එකක්. ලස්සනම ලස්සන සිංදු තියෙන, මිත්‍රත්වය, ගැමිත්වය, නූගත්කම් ගැන කියවෙන එකක්. imdb වල 6.1 අගයක් ලැබිලා තියෙනවා.

කතාව මෙහෙමයි. බුද්බුදා කියන ලස්සන, කුඩා ගමක ඉන්නවා බිල්ලු(ඉර්ෆාන් ඛාන්) කියලා බාබර් සාප්පුකාරයෙක්. පොර හෙනම අවංකව ජීවත්, ඇත්ත කතා කරන වෙන ඩයල් එකක්. ඒ නිසාම පොරට ඇති දෙයක් නැහැ, තියෙන දේත් නැති වෙනවා මිසක්. අන්තිමම දුප්පත් පොරක්. පොරට හැඩ බිරිඳකුයි ළමයි දෙන්නෙකුයි ඉන්නවා.  ඒ ළමයි දෙන්නත් ඉස්කෝලෙන් අයින් කරන්න ඔන්න මෙන්න තියෙන්නේ පාසල් ගාස්තු මාස ගානකින් නොගෙවපු නිසා. පොරවල් ඉන්නේ ගමේ ටිකක් කොනකට වගේ වෙන්න.  ඉතිං ඔහොම අමාරුවෙන් ජීවිතේ අරං යනකොට මේ ගමට එනවා  සුපිරි නළු කින්ග් ඛාන්(සාහිර් ඛාන්/ශාරුක් ඛාන්)  ෆිල්ම් එකක රූගත කිරීම් වගයක් කරන්න. පොරට හැබැයි හෙන ආරක්ෂාවක් දීලා තියෙන්නේ ආණ්ඩුවෙන්. පොර කලින් කරපු ෆිල්ම් එක ටිකක් දේශපාලන මතභේදාකාරි එකක් නිසා.  ඉහින් සාහිර් ඛාන් ගමට ආවම අපේ ගමේ ඉන්න සෙට් එකට ඉවසිල්ලක් නැහැ පොරව හම්බෙන්න.  ඒත් පොරගේ ආරක්ෂාව තද නිසා කාටවත් පොරව හම්බෙන්න බැහැ ලේසියෙන්.ඔය අතරේ කට කතාවක් යනවා අපේ බිල්ලු කියන හාදයා සාහිර් ඛාන්ගේ පොඩි කාලේ යාලුවෙක් කියලා. ඉතිං ඔන්න දැන් ගමේ උන්දැලා හදන්නේ බිල්ලු මාර්ගෙන් සාහිර් ඛාන් මුණ ගැහෙන්න.  කලින් ගමේ උන් සතපහකටවත් ගණන් ගත්තේ නැති බිල්ලුවට දැන් හෙන සැලකිලි. ඉස්කෝලේ විදුහල්පති නෝනාත් ඇවිත් කියනවා බිල්ලු කියන්නේ ගමට ආඩම්බරයක්, බිල්ලුගේ දරුවන්ට අපි නොමිලේ උගන්වන්න තීරණය කළා කියලා. හැබැයි ඒ වෙනුවට සාහිර් ඛාන්ව පාසලේ උත්සවයකට ගෙන්නන්න ඕනේ කියනවා.ඔය විදියට ගමේ ඉන්න මසුරුසිටාණෝ, ධූම්චන්ද්…අහ්හ් නැහැ නැහැ.. ධාම්චන්ද් හිටං බිල්ලුගේ සාප්පුවට ඕනේ කරන බඩු මුට්ටු නොමිලේම ගෙනත් දෙනවා. ඒ වෙනුවට, සාහිර් ඛාන්ව කෑමකට ගෙදෙට්ට එක්කං එන්න කියලා. ඔය ඇති කිව්වා.

ඉතින්, බිල්ලු කොහොමද සාහිර් ඛාන්ව සම්බන්ද කරගන්න උත්සහ කරන්නේ? බිල්ලුට ගමේ උන්දැලාගෙන් ලැබෙන සැලකිලි මොනාද? බිල්ලුට පුලුවන් වෙයිද සාහිර් ඛාන්ව ගෙන්නන්න? බැරි වුනොත් ගමේ උන් බිල්ලුටව මොනා කරයිද? ඇත්තටම සාහිර් ඛාන් කියන්නේ බිල්ලුගේ පොඩි කාලේ යාලුවෙක්ද? නැත්නම් මේ අපේ බිල්ලුවා ඒ මාර්ගෙන් ගමේ උන්ගෙන් රවට්ටලා උදව් අරගෙනද? බිල්ලුගේ සාප්පුව කඩන්නේ ඇයි? බිල්ලුට හිරේ යන්න වෙන්නේ ඇයි? බිල්ලුට මොනා නම් වෙයිද අන්තිමේදී ?

ඒ ටික දැනගන්න මේ ලස්සනම ලස්සන ෆිල්ම් එක බලන්න වෙනවා. අහ්හ් මේකත් පට්ටම පට්ට කොමඩියක් හොදේ… ඒ වගේම වැදගත් පණිවිඩයක් ගෙන එන එකක්.. එහෙනම් අපි ගියා. ජය වේවා!!!

“ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද  බයිස්කෝප් එකේ හිතමිතුරු හැමෝටම සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා…!!“

 

Billu (2009)  on IMDb

 

 

1.05 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

88EEA3585A35136413DAC0A1AE2701C3240C9B5B

1.45 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න

9C0A2A36968D64822B540766AE89FF0E22FEC2EF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,303 downloadsDownload Billu-Barber-2009.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,303 downloadsDownload Subtitles315 B

44 comments

  1. deanuwan

    pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  2. deanuwan

    pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    1. Kulanjana Maduranga

      baiscope 1ke siyalu denathath,baiscope 1ta yana ena siyalu denatath,obatath subama suba aluth awruddak wewa….jayen jaya…..

  3. තාරක නුවන් දිල්හාර

    අඩෝ මම දෙක ඈ
    ඒක නෙවෙයි හේවෝ.. ඔයා මේක අවුරුදු ගානක ප්‍රොජෙක්ට් එකක් විදිහට නේද කරන්න ගත්තේ ;)
    ඒත් නියම වෙලාවට ගෙනල්ලා තියෙනවා. නරක නෑ උඹේ අවුරුදු තෑග්ග. :D
    උඹ පනහ ගැහුවට පස්සේ ඉංග්‍රීසි එකක් බැස්සුවම මම හිතුවේ හින්දි එපා වෙලා කියලා.
    ඔය කවුරුහරි මූ එක්ක තව ඔට්ටුවක් අල්ලලා මූට කියලා Ra-One ෆිල්ම් එකත් කරවගන්න බලපල්ලා ;)
    එහෙනම් හේවා ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..!
    හින්දි නම් හේවා,
    හේවා නම් හින්දි..!

    ජය වේවා..!

    1. Amalka

      මන් කිව්ව හේවට අපිට රා ඕන කියල ඒත් තාම දුන්නෑ බන්

  4. මාලින්

    තෑන්ක්යු සහෝ, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා... අවුරුදු තෑග්ගටත් ගොඩක්ම ස්තුතියි. මං පෞද්ගලිකවම මේක හොයල සබ් දෙන්න කියල බයිස්කෝප් එකේ ඇඩ්මින්ලගෙනුත් ඉල්ලුවා. තෑන්ක්යු...

  5. Tharindu

    Thank you saho....oyatath subama suba aluth awruddak wewa...!!!

  6. නලින් පෙරේරා

    ස්තුති හේවෝ !! එලස්ස් වේවා

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…

    ජය වේවා!

  7. lahiru444

    niyamyi suba aluth auruddak wewA

  8. CHAMIKA

    Parana Awurudde Awasaana hindi sub ekata thanks!!

  9. අදිත ප්‍රවීන්

    මෙන්න මේක තමයි මාත් හොය හොය හිටියේ .
    මමත් දහ වතාවකට වඩා බලපු පට්ට ෆිල්ම් එකක් .
    ඒත් සබක් නැතුවනේ තිබුණේ .
    හේවා අයියට පින් සිද්ධ වෙන්න දැන් ඒකත් හරි .
    නියමයි හේවා අයියේ !

  10. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    ඔන්න නියමයි කියලා කිව්වා.
    ඔයා අපිට හැගෙව්වේ නම් සබ් එක ලැබෙන්න තව මාස 2ක් වත් යයි කියලා.
    බට් සතියකින් වගේ දීලා නේ.
    නියම වටින ෆිලුමක්.
    හින්දි එක නොබලා තියෙන නිසා බලන්න වෙනවා.
    ඒකත් හේවා අයියාගේ සබ් එකක් නිසා නොබලා කොහොමද.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!
    දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
    ජයෙන් ජයම වේවා!!!

  11. කේ.යූ.ජී. උදාර

    අහ්, මේ තියෙන්නෙ බඩු දීල........ ඔන්න එහෙනම් මාත් ගත්තා.
    මේ වැඩේට බොහොම ස්තූතියි හේවා.

  12. sachn gmhan

    patta... saho.... subha aluth avuruddak wewa...!! :)

  13. Kulanjana Maduranga

    niayamai…thanks HEWA saho..sub ekata..digatama sub demu.obatath subama suba aluth awruddak wewa….jayen jaya.....

  14. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:

  15. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ඔයාටත් සුභම සුභ සිංහල හා හින්දු අළුත් අවුරුද්දක් වේවා!!! දිගටම සබ් දෙන්න...

  16. නිර්මාණි

    ආනේ.මෙන්න මේක දීලා.මම හිතුවෙ අඩුම තරමෙ තව මාස දෙකක්වත් බලන් ඉන්න වෙයි කියලා.බොහොම ස්තූතියි හොදේ.දෙනවයි කිව්ව දවසෙ ඉදන් ෆිල්ම් එක බාගෙන බලන් ඉන්නෙ සබ් එක්ක බලන්න.සුභ අළුත් අවුරුද්දක් වේවා එහෙනම්.

  17. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  18. Jack

    බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
    සුභ අළුත් අවුරුද්දක් වේවා

  19. ARA

    බොහෝම ස්තුතියි සබ් එකට...
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…

  20. maduka

    ස්තුතියි
    සුබ අලුත් අවුරුද්දක්

  21. රොයිලි

    බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සෙ මේ ඇවිල්ලා තියෙන්නෙ. කොහෙද ගිහින් උන්නෙ? ;) ජය෴෴ :P :P

  22. shammi

    torrent gena danna kaale idan meka hewwa ban, thanks,, ela mcn...

  23. k

    අලුත් අවුරැද්දෙ 01 ඵක..........

  24. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    මාත් බලන්න උපසිරැසි නැතිව හිටියෙ....
    ඔබට ජය... :D

  25. #ChalinduDeshan (කිනා)

    පොඩි සයිස් ඉල්ලුවාට දුන්නේ නෑනේ
    උදේම නැගිටලා 720 බෑවා.
    දැං බලන්ට හදන්නේ
    ඒනං කාපු කට්ටට බෝම සුවපත් වේවා ඔව්! :P
    ජය!

  26. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  27. දසන් බුද්ධික

    හේවා ටත් සුපිරි ආතල් ත්මයිස් සෙට් වෙන්නේ... අනේ හොදා...
    සබට තුති...
    ජයවේවා....!!!

  28. රවිඳු නිපුන්

    එල එල...
    තෑන්ක්ස්..
    දිගටම ඔට්ටු පැරදෙන්න කියලා පතනවා!!

  29. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  30. Amalka

    කිව්වෙ නම් මාස ගානකින් බලපොරොත්තු වෙන්න කියල ඒත් මේ තරම් ඉක්මනට දීලනෙ සබට තුති
    දිගටම ඔට්ටු පැරදේවා කියල පතනව එතකොට අපිට දිගටම සබ් ලැබෙයිනෙ

  31. nuwan

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  32. වරුණ රංගජිත් (වරූ)

    නියමයි හේවා
    පට්ට ඇති නේ
    අනිවා බෑමක්
    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  33. Dilan Mahes

    machooo thanx.. man kalayak thisse hoyapu film ekak meka..

  34. Saranga J. Liyanagama

    Thanks

  35. Vishwa sasanka

    Thank you

  36. Dan

    Thank You ...

  37. Kaveen

    Download karanna baane??

  38. sunsuka

    dawnlord karanne kohomada appa me film eka .vena reddakne enne. mokakhari karannako

    1. විමා

      අපේ ඩව්න්ලෝඩ් වෙබ් එකෙන් අරගන්න පුළුවන්.

  39. Dinal Shanaka

    kochchra websites thibunath adatath Baiscope use karanne, mokada parana movies okkoma tika meke thaamath thiyena nisa. Thank you guys me widihta meka maintain karagena yana ekata.

    Respect Brothers.!

  40. nipuna

    thanks mchn

  41. Chamod

    Thanks Ayye