මම මෙහෙම කතාව පටන් ගන්නම්. IMDb 8.1 අගයක් සහ එහි හොඳම චිත්‍රපට 250 අතරේ 221 වන ස්ථානය, Rotten Tomatoes වල 91% ක්, දැනට හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත් රචනය, හොඳම සිනමාකරණය ඇතුළු ඔස්කාර් සම්මාන 4 ක් සමඟින් සම්මාන 170 කින් පිදුම් ලද ඊට අමතරව තවත් සම්මාන 172 කින් පිදුම් ලද චිත්‍රපටියක් තම…

මම මෙහෙම කතාව පටන් ගන්නම්. IMDb 8.1 අගයක් සහ එහි හොඳම චිත්‍රපට 250 අතරේ 221 වන ස්ථානය, Rotten Tomatoes වල 91% ක්, දැනට හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත් රචනය, හොඳම සිනමාකරණය ඇතුළු ඔස්කාර් සම්මාන 4 ක් සමඟින් සම්මාන 170 කින් පිදුම් ලද ඊට අමතරව තවත් සම්මාන 172 කින් පිදුම් ලද චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ.ඉතින් දන්නෝ දනිති චිත්‍රපටියේ වගතුග කොහොමද කියන්න. ඒත් තවත් දැනගන්න කතාවේ වගතුගත් ටිකක් කියන්නම්. මේ ලෝකේ කව්ද කැමති කිසිම දෙයක් ලෝකෙට නොකරපු ගානට මැරිලා යන්න. හැමෝම කැමති මිනිස්සුන්ට මතක හිටින දෙයක් කරලා, මතක හිටින දෙයක් දීලා ඔවුන්ගේ හිත් වල නොමැකෙන සටහනක් ඉතුරු කරලා යන්න.මේ ප්‍රස්තුතය කලාවේදීන්ට හරි ප්‍රබලයි. කාලයක් ජනාදරය දිනාගනිපු ජනතාවගේ සුපිරි වීරයෙක් වෙලා ඉඳපු කෙනෙක් ඔවුන්ගේ සිත් වලින් මැකිලා යනවට ඒ නළුවා කොහොමටවත් කැමති නෑ.අකමැති කමටත් වඩා ඒක ඔහුට දරාගන්න බෑ.
අපේ කතානායකයා ඒ වගේ කෙනෙක්. ඔහු කාලයක් බර්ඩ්මෑන් එහෙම නැත්නම් කුරුළු මිනිහා නමැති සුපිරි වීර චරිතය හරහා ලෝකයම වසඟ කරපු කාලයක් තිබුණා. ඒත් මේ වෙද්දී ඔහුගේ ප්‍රසිද්ධිය චරිතයය හේදිලා ගිහින්. ඔහුට මේක දරාගන්න බෑ. ඔහු හිතන්නේ මිනිස්සුන්ට තවමත් ඔහුව මතකයි කියලා. ඔහුට යම් වටිනාකමක් තියනවා කියලා. ඒත් ඇත්ත ඒක නෙමෙයි. ඔහුගේ හිත පවා දන්නවා ඒක බොරුවක් කියලා, ඔහුගේ නළු වෘත්තීය ජීවිතයේ වසන්ත කාලය නිම වෙලා කියන එක ඔහුටත් රහසක් නෙමෙයි. නමුත් ඔහුට ඕනේ මිරිඟුවක් හරි හිතේ තියාගෙන නැවතත් යම් දෙයක් කරන්න. මිනිස්සුන්ට මතකයේ තියන දෙයක් ඉතුරු කරන්න. ඔහු ඒ වෙනුවෙන් ඔහුගේ ජීවිතයේ හැමදෙයක්ම පරදුවට තියන්න සූදානම්. මිනිහෙක්ට හැමදෙයක්ම දරාගන්න පුළුවන් ඇති. ඒත් මේ ලෝකේ තමන් ගැන හිතන තමන්ට ආදරේ කරන්න කව්රුවත් නෑ කියන එක දැනගෙන ජීවත් වෙන එක හරි අමාරුයි.අපේ බර්ඩ්මෑන් එහෙම නැත්නම් කුරුළු මිනිහටත් ඒක පොදුයි. ඔහුගේ ජීවිතේ ලස්සන කාලයක් තිබුණා හැමෝම ඔහුව දන්න, හැමෝම ඔහුට ආදරේ කරන කාලයක්. ඔහුට ඕනේ නැවතත් ඒ කාලය උපයගන්න. මිනිස්සුන්ගේ ආදරේ මැදින් ඔහුගේ අවසන් ගමන් යන්න.
ඒත් මේ ලෝකේ ගොඩක් දේවල් වගේ කරපු කියපු දේවල් විතරක් නෙමෙයි නම පවා අවසානයේ මැකිලා යනවා.ඒකයි යතාර්ථය. අවසානේ හැමදෙයක්ම මේ වාතලයට මුසු වෙනවා. අපේ කතානායකයා කුරුළු මිනිහට වුනත් ඒක අතිශය පොදු කාරණයක්. අන්තිමේ ඔහුගේ ජීවිතය ගැනඔහු ගන්නේ වෙනස්ම තීරණයක්. මේ සිනමාවේදියා සිත්තමෙන් මතු කරන්න උත්සහ කරපු මිනිස් හැඟීම් අති අප්‍රමාණයි. විටෙක මිනිහෙකුගේ හැඟීම්, විටෙක් පියෙකුගේ, විටෙක දුවෙකුගේ, විටෙක බිරිඳකගේ, විටෙක නළුවෙකුගේ නිළියකගේ,විටෙක මාධ්‍ය වේදියෙකුගේ මේ සා කියන්න තරම් හැඟීම් රාශියක්.ඉතින් මේ හැමදෙයක්ම ඔබට හිතන්න ඉතුරු කරලා මේ සිනමා සිත්තම බලන්න අපේ බයිස්කෝප් ප්‍රේක්ෂක හැමෝටම මම ආරාධනා කරනවා.
ඉතින් මම මේ කියන්නේ නිකම්ම නිකම් සිනමා සිත්තමක් රසවිඳින්න කියලා නෙමෙයි, ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස කිරුළු පැළඳි සිනමා සිත්තම නරඹන්න කියලයි. මේක මේ තරම් ප්‍රමාද උන එකට සමාවෙන්න ඕනේ. ඒ වෙලාවේ මට සහයෝගය දුන්නු යස්මිකව අමතක කරන්න බෑ. ඉතින් අවසානයේ ඔහුගේ උදව්වත් එක්කම තමයි මෙහෙම අරගෙන එන්න පුලුවන් උනේ.
“අවසන සියලු දේ මුසුවන්නේ මේ වාතලයටයි.”
404 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න
86608CCAC5BE9E6EBE5F148BEE1FB96ED6ADA913866 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
51340689C960F0778A4387AEF9B4B52FD08390CB1.84 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
2302ECAB74207E7831055400563A61AA23025FE5
7,284 downloadsDownload Birdman.2014.baiscopelk.zip167 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට හා “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
76 comments
chathura madusanka
kasun
balamu ahenam thanks........
නලින්
ස්තුතියි ඩී.
ඉදලා ඉදලා හොදම එව්වා තමයි දැන් අතහරින්නේ ඈ! එළස්ස්! දිගටම පට්ට පතුරු ෆිලුම් අරන් එන්ට හැකිවෙවා.
ජය වේවා!
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති………. :roll:Sajith Anthony
ගොඩාක් ආසාවෙන් බලන් හිටපු ෆිල්ම් එකක්නේ
නියමයි දිල්ෂාන් සහෝ……
ජය වේවා!tharindu
thanks shao
sanjeewa
thanks
gayan
thanks bro..enakan balan hitiye
රවිඳු නිපුන්
තෑන්ක්ස්....ඩිලෝ ඇන්ඩ් යශ්මික...
මේක එනකල් ම තමා බලන් හිටියේ...Kulanjana Maduranga
niayamai…thanks DILSHAN & YASMIKA mcnla..sub ekata..digatama sub demu.jaya wewa....
එල්.සී. දමැල්
දෙන්නටම උපසිරැසියට තුති!
ජය!#ChalinduDeshan (කිනා)
බැලිල්ලක් එකෙන්ම.
සුපරියි.
ඩබලටම ස්තූතියි.
ජයමවේවා!Dhanushka
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!
Jack
පට්ටයි මචෝ.
ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය නම් කොහොමෙයි නොබලා ඉන්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.chanaka
thanks bro....
nimali
Thanks a lot for sinhala subtitle. Oyala english film walata subtitle dena eka nisa thamai api godak ayata english film kiyanne monawada kiyala thirenne. Etath wada sinhala sub title nathiwa film ekak balanna giyama thamai Sub title wala age therenne. Ane thawa loku udawwak one. Still Alice kiyana Oskar award dinapu film ekatath sub title dala dennako. Ekath godak hoda film ekak...
අසිත
මේ මාසේ 11 ටම බෑවේ.මෙච්චර කල් බලන් හිටිය සබක් දෙනකම්.බොහොම පින්...සමහරු කියන්නේ මේක බ්ලැක් කොමඩියක් කියල.අනේ මන්ද IMDB TOP 250 අස්සෙත් තියෙනවනේ.බලන්නම එපයි.
නිරෝෂ්
ස්තුතියි දිල්ෂාන්/යස්මික. ජය වේවා !
me
Thanks
lasiru
Thanx...!
vb
bohoma sthuthiy saho...
අරුණ යශාන්
ස්තුතියි දිල්ෂාන්/යස්මික.
ජය වෙවා.........................!!!tharindu
link tika hodata dala thiyenawa. x265 file ekakata sub danawanam godak hodai. suba anagathayaka yaluwa
SaDuN dAnUsHkA (ධනූ)
නියමයිනෙ
අනිවා බලනවා
දෙන්නෙක් එකතු වෙලා
සුපිරි ගේමක් දීලා
බොහොම ස්තුතියිmilan
mona bambuwakdsa ban me. aparade data tikath download karapu.. mewage ewa danda epa ban
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Tharindu
Thank you very much saho...:D
ශාන් විමුක්ති [විමා]
සබට ඉස්කෝතුයි දෙන්නටම
අනිවා බලනවා
දැනටම බාල ඉවරයි
ජය ඈ
ලිපිය එලස්බ්ලැක් පැන්තර්
අප්පා...
ඩිලා නොවැ සබ දීලා තියෙන්නෙ...
බලාගෙනම හිටපු ෆිලුමක් තමා ඉතින්...
ඔන්න එහෙනම් සබ ගත්තා...
යස්මිකයටත් තුති වැඩේට උදව් කොලාට...
ජය වේවා ඩිලෝ...!!!isuru
thanks brola dennatama.ela!
දසන් බුද්ධික
අහ දෙන්නම වැඩේ දීලා නේද? හොදයි හොදයි...
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට...... ජය වේවා..... !!!-==(czRgsl)==-
thankss aaaaaaaaaaa.... meka denakan thama balagena hitiye.........
kanchana
godak lassana lipiyak film eka balannama hithenawa... sub dunnata sthiyiy... mewage godak hoda film hoya ganna one nam mekatama enna one.. sthutiy sub walata
kesara
great work bro ! :D :P :D ....................... thank you ! :P :D :P ......................
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
indika
thn q :)
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අම්මෝ ඩිලා අයියා ඉදලා ඉදලා ගෙන්නෙ සුපිරි එවානේ.
බාගෙන බලාන ඉදියේ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !Thilanka
thanks
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි සහෝලා දෙන්නාටම.
ජය...!!!imasha
ජයවේවා……..!
උපසිරැසියට තුති…!!!!රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ARA
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……Nandana
Thank U Dilshan and Yasmika.
erandi
thank you soo much !!
prabhath
thanks
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
යශෝධ
මෙන්න ගත්තා එහෙනම්. මේවා ඉතින් අතාරින ඒවා නෙවෙයිනේ.. එලස්ස්ස්... දෙන්නටම බොහෝම ස්තුතියි.. වෙලාවක් ලැබුණ ගමන් බලනවා. ජයම වේවා.. එලස්ස්ස්....
Viraj Kaluarachchi
එළ!!!!!!!
අරුණ යශාන්
Thanx machn,
ජය වෙවා!!!!!!!!!!!!!!!nidi
sammana kochchara dinuwath, ratings kochchara honda wunath mata nam film eka boring. mage modakamada manda.eth Dilshan, Yashmika dennatama thanks subswalata.Yashmika, LUCY wage filmswalata subs denna,pls.
Yasmika Saubhagya
ඔයාට ලුසී වගේ චිත්‍රපටියක් බලන්න ඕන නම්,
Limitless (2011) අරගෙන බලන්න.
මේකත් ඒ වගේම මොළව සම්බන්ඳව යන, ඊට දෙවෙනි නැති කතාවක්.Pini
same feeling here :-/
director
Little Nicholas 2009
wage ewa nadda yashmika saho ?
වරුණ නිරෝෂණ
ඉක්මනින් මේ චිත්‍රපටියට උපසිරැසි දුන්නට බොහෝම ස්තුතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ela thanks