Watch Trailer

Amit Sahni Ki List (2014) | තම ආදරය හිමිවන තුරුම…. [සිංහල උපසිරැසි සමඟ]

මේ දෙන්න යන්නේ තවත් හින්දි සුපිරියක්. මට නම් එහෙමයි. බලන අයගේ තීරණය කොහොම වෙයිද දන්නේ නෑ ඉතිං. මුලින්ම කියන්න ඕන චිත්‍රපටියේ ගීත ගැන. චිත්‍රපටියේ ගීත අඩංගු වෙලා තිබුනත් විනාඩියක් විතර කාලයක් තමා ඒවත් තියෙන්නේ. ඒ වගේම ගීතය තුලත් කතාව ගලාගෙන යනවා. හැබැයි කිසිම ගීතයක් සබ් එකේ තිබුනේ නැති නිසා මට සිංදු…

Amit Sahni Ki List 2014

මේ දෙන්න යන්නේ තවත් හින්දි සුපිරියක්. මට නම් එහෙමයි. බලන අයගේ තීරණය කොහොම වෙයිද දන්නේ නෑ ඉතිං. මුලින්ම කියන්න ඕන චිත්‍රපටියේ ගීත ගැන. චිත්‍රපටියේ ගීත අඩංගු වෙලා තිබුනත් විනාඩියක් විතර කාලයක් තමා ඒවත් තියෙන්නේ. ඒ වගේම ගීතය තුලත් කතාව ගලාගෙන යනවා. හැබැයි කිසිම ගීතයක් සබ් එකේ තිබුනේ නැති නිසා මට සිංදු පරිවර්තනය කරන්න හැකියාවක් තිබුනේ නෑ.

ඔන්න අවසානෙට කියන්න තිබුනු ටික මුලින් කිව්වා. දැංවත් මුලින් කියන්න තියෙන ටික පැත්තට හැරෙමු. චිත්‍රපටියේ නම Amit Sahni Ki List. ඕක සිංහලට පරිවර්තනය කෙරුවොත් අමිත් ෂානි ගේ ලැයිස්තුව කියලා තමයි කියවෙන්නේ. ඇත්තටම සුන්දර කතාවක්. මුලු කතාව පුරාවටම ආදරය ගලාගෙන යනවා. වෙලාවකට අමිත් කියන්නේ සල්ලාලයෙක්ද කියලත් හිතෙනවා. හැබැයි ඒ වගේම කෙල්ලෝ කියන්නේ කොල්ලොන්ට වඩා කොච්චර හිතක් පපුවක් නැති අයද කියලත් වෙලාවකට හිතෙනවා. කොහොම නමුත් මේ චිත්‍රපටිය 2014 තිරගත වෙච්ච එකක්. චිත්‍රපටියේ අවසානයේදී මම වැඩිපුරම ආස කරන සිංදුවක් යනවා. Youtube එකේ what the fark කියලා සර්ච් කරලා බලන්න. මේ What the fark කියන එකේ තේරුම මොකක්ද වෙනස කියලා තමයි සිංහලේදී උච්ඡාරණය වෙන්නේ. සිංදුව ලස්සනට එයි. ඒක මම කිව්වේ මේ චිත්‍රපටිය බාගන්නේ නැති අයට. මොකද චිත්‍රපටිය බැලුවත් නැතත් චිත්‍රපටියක තියෙන සිංදු කවුරුත් එකාසේ රසවිදිනවනේ. ආන්න ඒකයි. ඒ වගේම මේ what the fark සිංදුවේ මියුසික් කම්පෝස් කරලා තියෙන්නේ අවුරුදු 19ක කොලු පැටියෙක්.

පික්සල් පික්චර්ස් නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ajay Bhuyan. Vir Das, Vega Tamotia, Anindita Nayar කියන තරු තුන තමයි ප්‍රධාන චරිත ටිකට පනපොවන්නේ. කතතාව පැත්තට හැරෙමු. අමිත් ෂානි කියන්නේ තරුණ බැංකු ආයෝජකයෙක් විදිහට රස්සාව කරන කෙනෙක්. මෙයා තමන්ගේ හීන වල ඉන්න ගෑණු ලමයාව හැම තැනම හොයනවා. හැබැයි මෙයා ගාව ලැයිස්තුවක් තියෙනවා. මේ ලැයිස්තුවේ එයා හොයන මේ ගෑනු ලමයට තියෙන්න ඔන් ලක්ෂණ සේරම ලියලා තියෙනවා. ඉතිං මෙයා හොයන්නේ මේ ලැයිස්තුවේ තියෙන ලක්ෂන වලට සීයට සීයක්ම ගැලපෙන ගෑනු ලමයෙක්ව. අමිත් ක්‍රිකට් වලට ගොඩක් කැමති කෙනෙක්. මෙයා යාලුවෙලා ඉන්න ගෑනු ලමයා ක්‍රිකට් වලට කැමති නෑ. සචින් තෙන්දුල්කාර් ලකුණු 99ක් ගහලා අවුට් වෙච්ච එකට ඒ ගෑනු ලමයා දුක් වුනේ නෑ කියලා කෙල්ලත් එක්ක තිබ්බ සම්බන්දතාවය නවත්තන තරමේ බුවෙක් තමයි මේ අමිත් ෂානි කියන්නේ. එතකොටම හිතාගන්න මෑන්ස්ගේ තරම. ඉතින් මෙයා ගෑනු ලමයෙක්ව හම්බවෙන්න යන හැම වෙලාවකම කරන්නේ එයාගේ ලැයිස්තුවට ගැලපෙන කෙනෙක්ද කියලා හොයලා බලන එකයි. ඉතින් මේ අතරතුර තමයි මෙයාට දෙලොවකක් අතර තනිවෙන්න වෙන්නේ. එක්කෙනෙක් සීයට සීයක්ම ගැලපෙන මාලා. අනිත් කෙනා සීයට සීයක්ම ගැලපෙන දේවිකා. 😀 දෙලොවක් අතර තනිවෙලා මේ සම්පූර්ණතාවය විසදා ගන්න හැටි බලන්න ඔයාලට බාරයි.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!

 

Tamanchey (2014) on IMDb

 

 

395 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

465952681F092C01A9FD220CAC188B41875B4595

694 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

7ED8C3D296FCD249DEB0D93025F1AF4BBE25E460 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,340 downloadsDownload Amit-Sahni-Ki-List-2014.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,340 downloadsDownload Subtitles315 B

33 comments

  1. chathura madusanka

    ela ban...thanks

    1. kasun

      kalekin nada jaya wewa.........

  2. SaDuN dAnUsHkA (ධනූ)

    එල කිරි කිනා
    අඩු කොපියක් එක්කම දීලා
    බොහොම ස්තුතියි...!

  3. එල්.සී. දමැල්

    උපසිරැසට තුති...
    ජය...!

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. Kulanjana Maduranga

    niayamai…lassana storyak wge.me wge 1k nobala atharinna ba..balanna ona...thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. dushmantha neelanayana

    Alone hindi film ekatai, 2009 release una All the best comedy hindi film ekatai sub dennako,

  7. දසන් බුද්ධික

    බොහොම තුති...
    ඔන්න දැනුයි ගත්තේ සහෝ......
    පට්ට පට පට......
    ජය වේවා..... !!!

  8. ANTON

    බොහොම තුති…

  9. shan

    thanks machan

  10. Chami.S

    Thanks...

  11. panduka parami

    thanks machn ..mamath mechchara kal film download kalata comment kale na...ada idan comment kalanawa...good luck..api wenuwen mahansi wenawata thanks

  12. kanchana

    sthutiy.. jaya wewa

  13. thisal

    බැමක් තමා තැන්ක්ස් සබට

  14. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බොල කිනෝ,
    කොහෙන්ද යකෝ මේ සුපිරි බාන්ඩේ හොයාගත්තේ..
    මෙව්වා තමයි බං ෆිල්ම් කියන්නේ..
    මෙන ගන්නවා,...
    දුකේ නැහැ මට මේක කරන්න වුනේ නැති එක ගැන..
    හිටුකෝ,
    මාත් මේ වගේ සුපිරි එකක් කොරගෙන යනවා...
    එහෙනම් ජය වේවා!!

    1. තාරක නුවන් දිල්හාර

      ඉතින් ඕකට අඬන්න ඕන නෑනේ.... හේවා අයියේ!
      බොහොම ස්තුතියි කිනා උපසිරසියට.
      ජය වේවා...!

  15. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට බාන්ඩයක් වගේ.
    ජය වේවා. !

  17. ANJANA

    Thanks...

  18. ruwan kasun

    thanks saho...

  19. prasad

    elzzzzzzzzz

  20. ශාන් විමුක්ති [විමා]

    අම්මටහුඩු :o
    උබ මෙහෙම එකක් කොරන බවක් දන්නෙම නෑ නොව
    මේක නොබලා කොහොමෙයි
    මෙන්න ගන්නවා :D

  21. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ.
    ජය...!!!

  22. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. නලින්

    ස්තුතියි කි‍නෝ

    ජය ‍හිම්..

  24. Pramuk

    thanx bro

  25. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  26. kanchana

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය

  27. Aparna

    Thanx

  28. iruka

    meke fideo eka penne ae machooo, audio witharaine ahenne, 365 mb copy eke

    1. iruka

      sry fideo neme video ok

  29. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.