Watch Trailer

Black Crab (2022) AKA Svart krabba Sinhala Subtitles | යුද්ධයෙන් තොර ලොවක් වෙනුවෙන්. [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් යහළු යෙහෙලියෝ හැමෝටම. පහුගිය දවස් ටිකේ අපේ අසල්වැසි රටෙන් චිත්‍රපටි ටිකක් ආපු නිසා මමත් ටිකක් කාර්යබහුල වෙලා හිටියේ. ලෂේන් සහෝදරයාගේ ආරාධනයෙන් කෙටි රූපවාහිනී කතා මාලාවකට උපසිරසියක් භාර අරන් ඒ වැඩේ ඉවර කලාට උපසිරසියක් කරන්නවත් කාලයක් තිබ්බේ නෑ. සිංහල අවුරුද්දටවත් නිවාඩු න…

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් යහළු යෙහෙලියෝ හැමෝටම.

පහුගිය දවස් ටිකේ අපේ අසල්වැසි රටෙන් චිත්‍රපටි ටිකක් ආපු නිසා මමත් ටිකක් කාර්යබහුල වෙලා හිටියේ. ලෂේන් සහෝදරයාගේ ආරාධනයෙන් කෙටි රූපවාහිනී කතා මාලාවකට උපසිරසියක් භාර අරන් ඒ වැඩේ ඉවර කලාට උපසිරසියක් කරන්නවත් කාලයක් තිබ්බේ නෑ. සිංහල අවුරුද්දටවත් නිවාඩු නැතිවෙන හැඩයි ඒ දවස්වලට එන්න තියන චිත්‍රපටිත් එක්ක බැලුවම. ඔහොම ඉන්න අතරේ තමයි මට අහම්බෙන් වගේ මේ චිත්‍රපටය බලන්න අවස්ථාවක් හම්බවෙන්නේ. තිබ්බ වැඩත් එක්ක දවසක්ම ගියා සැරින් සැරේට බලලා ඉවර කරන්න. ඉතින් හිස් අතින්ම අඩවිය පැත්තේ එන්න බැරි නිසාත්, කාලෙකින් උපසිරසියක් කලේ නැති නිසාත් හසන්ත සහෝදරයා වෙන්කරලා දුන්න මේ චිත්‍රපටයට මං සිංහල උපසිරසිය අරන් ආවා.

Svart Krabba (Black Crab) 2022

පසුගිය මාර්තු 18 වන දා සිට නෙට්ෆිල්ක්ස් ආයතනයෙන් මුදාහැරි මේ චිත්‍රපටය ස්වීඩන් චිත්‍රපටයකි. බ්ලැක් ක්‍රැබ් (කළු කකුළුවන්) යනු යුද්ධ කිරීමට මරාගෙන මැරෙන්නට පවා හැකි සොල්දාදුවන් කණ්ඩායමකි. ඔවුන් එක් එක් සේනාංක වලින් එකතු කරගත් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්. වසර කීපයක් තිස්සේ ඇදෙන යුද්ධය අවසන් කිරීමට එක් කඳවුරක සිට තවත් කඳවුරකට පැකේජයක් අරන් යන්න ඕනේ වෙනවා. ඒක අරන් යන්න වෙන්නේ අයිස් වලින් වැසී ගිය මුහුදක් මැදිනි. වාහනයක යන්න තරම් අයිස් තට්ටුව ඝණ නැති නිසාත් බෝට්ටුවක යන්න තරම් අයිස් තට්ටුව තුනී නැති නිසාත් පැකේජය අරන් යන්න වෙන්නේ අයිස් තට්ටුව මත ලිස්සා යාමෙනි.. යුද්ධය අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් යන හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ත්‍රාසජනක සිදුවීම් ගණනාවකටම මුහුණ දෙන්න සිදුවෙනවා.

Noomi Rapace, Aliette Opheim, Dar Salim, Jakob Oftebro, Ardalan Esmaili, David Dencik රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Adam Berg විසිනි. ත්‍රාසජනක ක්‍රියාදාම ඝනයට අයත් මේ චිත්‍රපටය සඳහා මේ වනවිට IMDb 5.6 ක අගයක් හා Rotten Tomatos 46%ක අගයක් ලැබී ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

10,643 downloadsDownload Black-Crab-2022-AKA-Svart-krabba.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

10,643 downloadsDownload Subtitles31 KB

17 comments

  1. Anonymous

    ane bn yts eke thyna aluthin aapu supiri english film tika mulin dynko
    eeta passe time ekak thibunoth me wage film denna
    me dwaswala sub karannath lesi naneh current seen eka nisa , e nisa balanna deyak nathi film denna epa , aparade neh
    baiscope yaluwo okkoma poddak me gana hitala balanna

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Udaya Fdo

    Thank you

  4. Thishan Abeysinghe

    Niyamai

  5. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  6. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. nish47

    Thanks bro..

  9. indika 75

    thanks..

  10. chanaka.n.k

    thanks,,,,,,,,bro

  11. Nishan

    Thanx bro

  12. Anonymous

    Thank you very much..

  13. Malith samarawickrama

    Thanks bro sub ekta.

  14. Dewadithya

    Thanks for Sub!

  15. Anonymous

    Thx Sub Ekata..
    Jaya Wewa...

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Anonymous

    thanks u soo much