“කවුද, මොවුන් කවුරුන්ද? මුණ නොගැහෙන ප්‍රේමවන්තයින් දෙදෙනෙක්… වෙන් නොවන යාත්‍රිකයින් දෙදෙනෙක්… එකම ගමන් මගකි… නමුදු දිශාවන් වෙනස් දෙකකි… දෙදෙනාගේම හුස්ම එකකි… කෙනෙකු ප්‍රාශ්වාස කරයි, අනෙකා එය ආශ්වාස කරයි… නමුත් එකිනෙකා මුණ නොගැහෙන… දෛවය කරන සෙල්ලමක්ද මෙය? “ ආයුබෝවන් සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියල…

“කවුද, මොවුන් කවුරුන්ද?
මුණ නොගැහෙන ප්‍රේමවන්තයින් දෙදෙනෙක්…
වෙන් නොවන යාත්‍රිකයින් දෙදෙනෙක්…
එකම ගමන් මගකි…
නමුදු දිශාවන් වෙනස් දෙකකි…
දෙදෙනාගේම හුස්ම එකකි…
කෙනෙකු ප්‍රාශ්වාස කරයි,
අනෙකා එය ආශ්වාස කරයි…
නමුත් එකිනෙකා මුණ නොගැහෙන…
දෛවය කරන සෙල්ලමක්ද මෙය? “

ආයුබෝවන් සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ දිනවල විදුලි අර්බුධය අස්සේ ඉඩක් ලැබුණු විගස බයිස්කෝප් වෙත පිවිසෙන ඔබ වෙනුවෙන් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ වසරේ තවත් දැවැන්ත ඉන්දියානු චිත්‍රපටයක් ඔබවෙත අරගෙන. ඉන්දියානු සිනමාව ගැන උනන්දුවක් තියෙන අයට, තෙලුඟු සිනමාවට ඇල්මක් දක්වන කෙනෙක්ට නම් මේ චිත්‍රපටය එනතුරු ඉවසිල්ලෙන් වසර ගණනාවක් බලන් ඉන්නට සිදුවූ චිත්‍රපටයක් තමයි අද අරගෙන එන්න සූදානම් වෙන්නේ. Radhe Shyam..!! දැවැන්ත වියදමකින් 70/80 දශකයේ ඉතාලිය මූලික වුනු යුරෝපීයානු පසුබිමක් නැවත රිදී තිරය මත මවමින් වෙනස්ම විදිහක ආදර කතාවක් මත නිම කෙරුණු දැවැන්ත රාධේ ශ්‍යාම් චිත්‍රපටය නිකුත් වීමටත් පෙර සිටම බොහෝ දෙනාගේ දැඩි අවදානයක් තිබුණු චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එසේනම් මෙතැන් සිට පියනගමු රාධේ ශ්‍යාම් අවකාශය වෙත..

තෙලුඟු සිනමාව ගැන කතා කරනකොට අමතක කරන්න බැරි නළුවෙක් තමයි ප්‍රභාස් කියන්නේ. බාහුබලි චිත්‍රපටයෙන් පසු ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ඔහු ඒ වනවිටත් තෙලුඟු සිනමාවේ සුපිරි තරුවක් ලෙසින් නම් දරා සිටියා. ඔහු රඟපෑ Varsham, Chakram, Charthrapathi, Bujjigadu, Ek Niranjan, Billa, Darling, Mr. Perfect, Rebel, Mirchi වැනි තෙලුගු චිත්‍රපට හරහා ඉමහත් තෙලුඟු සිනමා රසිකයින්ගේ ජනාධාරයට පත් වූවා. බාහුබලි චිත්‍රපටයෙන් පසුව භාෂා / ප්‍රාන්ත / දේශ සීමාවන් අභිබවා තෙලුඟු භාෂාවට සමීප ප්‍රදේශයන්ගෙනුත් ඔබ්බට වූ උතුරු ඉන්දියාව, බැංගලෝරය, කේරලය, තමිල්නාඩු මෙන්ම චීනය ජපානය ඇතුළු විදේශ රටවල් කිහිපයකම ඉන්දීය සිනමා රසිකයින් අතර විශේෂ තැනක් ඔහු විසින් හිමි කරගන්නා අතර බාහුබලි චිත්‍රපටයෙන් පසුව ඔහුගේ චිත්‍රපට පෙළ එම සියලුම ප්‍රේක්ෂකයින් වෙත සමීප වීම සහ රසවින්දනය පිණිස බහු භාෂා වලින් නිපදවීමට එම චිත්‍රපට නිෂ්පාදකවරුන් කටයුතු කරනවා. බාහුබලි චිත්‍රපට පෙළ අවසන්වී වසර දෙකකට පසු එලෙස ඔහුගේ මීළඟ චිත්‍රපටය ලෙස Saaho චිත්‍රපටය 2019 වසරේදී නිකුත් වන අතර එය ඉහත සඳහන් කල සියලුම රසික ඛාණ්ඩයන්ගේ බලාපොරොත්තු සඵල කිරීමට සමත් වූයේ නැහැ. එය උතුරු ඉන්දියාව ඇතුළු හින්දි භාෂාවෙන් නිකුත් වූ ප්‍රදේශවල බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වූ අතර තෙලුඟු ප්‍රදේශයන්හිද සාර්ථක වූවත් එතරම්ම දැවැන්ත සාර්ථකත්වයක් ලඟා කරගත හැකි වූයේ නැහැ. එයින් පසුව ඔහුගේ නිකුත් වීමට නියමිත චිත්‍රපටය රාධේශ්‍යාම් ලෙසින් නිවේදනය කෙරුණු අතර එහි වැඩකටයුතු සාහෝ චිත්‍රපටයට අවසන් භාගය රූගත කරන සමයේදී ඇරඹි තිබුනා. 

රාධේ ශ්‍යාම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ තරුණ අධ්‍යක්ෂකවරයෙකු වන රාධා ක්‍රිෂ්ණා කුමාර් විසින්. ඔහු මීට පෙර ගෝපිචන්ද් රංගනයේ යෙදුනු Jil 2015 චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබූ අතර ප්‍රවීණ තෙලුඟු චිත්‍රපට අධ්‍යක්ෂක Chandra Sekhar Yeleti මහතාගේ චිත්‍රපට රැසකම තිර රචනය සහ දෙබස් රචනය රාධා විසින් මින් පෙර සිදුකර තිබුනා. 2018 සැප්තැම්බර් 5 සිට රූගත කිරීම්  ඇරඹි, UV Creations සහ T Series ආයතන එක්ව දැවැන්ත පිරිවැයක් දරමින් නිෂ්පාදනය කරනු ලැබූ period romantic drama ගණයට අයත් රාධේශ්‍යාම් චිත්‍රපටය තෙලුඟු සහ හින්දි භාෂා වලින් සමගාමීව රූගත කිරීම් සිදුවූවා. චිත්‍රපටයේ සිනමාකරණය අතිදක්ෂ සිනමාකරණ ශිල්පී මනෝජ් පරමහම්ස විසින් සිදු කර තිබෙන අතර මුළු චිත්‍රපටය පුරාවටම 70/80 දශකයේ යුරෝපීය පසුබිමට අදාළ සියලුම පසුතල නිර්මාණයන් කළා අධ්‍යක්ෂක රවීන්දර් රෙඩ්ඩි විසින් සිදු කර තිබෙනවා.චිත්‍රපටයේ ගීත සදහා සංගීතය හින්දි භාෂාවට Mithoon, Amaal Mallik, Manan Bhardwaj සහ දකුණු /ඉන්දීය භාෂා සඳහා Justin Prabhakaran විසින් වෙන වෙනම සිදු කර තිබෙනවා. චිත්‍රපටයේ පසුබිම් සංගීතය S. Thaman  විසින් සිදුකර තිබෙනවා. චිත්‍රපටය සම්පූර්ණයෙන්ම යුරෝපීය පසුබිමක70/80 දශකයේ කාලයක  සිදුවන කතා පුවතක් නිසා එම බොහෝ රූගත කිරීම් ඉතාලිය, ජෝර්ජියාව, වැනි යුරෝපීය රටවල සිදු කර තිබෙන අතර කොවිඩ් වසංගතය නිසා ඉතාලිය දැඩි බලපෑමක් එල්ල වූ රටක් නිසා එතැන් පටන් රූගත කිරීම් නතර කරන්නට ඔවුන්ට සිදු වනවා. ඒ හේතුවෙන් ඔවුන් එම යුරෝපීය පසුබිම යලි ඉන්දියාවේ හයිද්‍රාබාද් රාමොජී ෆිල්ම් සිටි හිදී නිර්මාණය කරන අතර ඉතිරි රූගත කිරීම් සියල්ල එහිදී සිදු කරනු ලබනවා. මෙම චිත්‍රපටය තුල විශාල වශයෙන් Vfx වලින් Extension වුනු දර්ශන අඩංගු වන අතර චිත්‍රපටයේ Vfx අධීක්ෂක ලෙස Kamal Kannan විසින්  කටයුතු කර තිබෙනවා.

ප්‍රභාස් සමගින් ප්‍රධාන චරිතය සුරූපී පූජා හෙග්ඩේ විසින් හොබවන අතර ඔවුන් දෙදෙනාට අමතරව ජනප්‍රිය හින්දි නිලි භාග්‍යශ්‍රී ප්‍රභාස්ගේ මව ලෙසින් මෙහිදී රංගනයේ නිරත වනවා. ජගපති බාබු, සචින් කේඩේකර්, ජයරාම්, මුරලි ශර්මා, ප්‍රියදර්ශී, කුනාල් රෝයි කපූර් සහ සත්‍යරාජ් විසින් සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වන අතර ආරාධිත රංගනයකින් තෙලුඟු සිනමාවේ ප්‍රවීණ නළු U.V. ක්‍රිෂ්ණම් රාජුද ප්‍රභාස්ගේ ගුරුවරයා ලෙසින් මෙහි රංගනයෙන් දායක වනවා. දෛවය සහ ආදරය අතර තිබෙන ගැලපීම්, නොගැලපීම්, ගැටුම් මූලික කරගෙන සරල ආදර කතාවක් වටා ගෙතුණු චිත්‍රපටයක් වන රාධේශ්‍යාම්හි ප්‍රභාස් විසින් වික්‍රම් ආදිත්‍ය ලොව ශ්‍රේෂ්ඨ හස්ථ ශාස්ත්‍ර කියවන්නෙකුගේ චරිතය නිරූපණය කරනු ලබන අතර පූජා හෙග්ඩේ විසින් ප්‍රේරණා නම් වෛද්‍යවරියකගේ චරිතය නිරූපණය කරනවා. අතෙහි රේඛා කියවා ඕනෑම කෙනෙකුගේ උපන්දා සිට මියැදෙන දවස දක්වා සියලුම දේ දැකිය හැකි ආන්දෝලනාත්මක චරිතයක් වන වික්‍රම් ආදිත්‍යා, ප්‍රේරණා සමග ඇතිවන ආදරය පිළිබද කතාව වටා මෙම චිත්‍රපටය මිනිත්තු 138ක් දිව යනවා.

චිත්‍රපටය 2021 වසරේ ජූලි 30 වනදා නිකුත් කිරීමට මූලිකව සැලසුම් කර තිබූ අතර නමුත් කොවිඩ් වසංගතය පැමිණීම නිසා එය කිහිප වරක්ම දින නියමයකින් තොරව කල් දමනු ලැබුවා. අවසානයේදී එය 2022 මාර්තු 11 දින ලොවපුරා තිරගතවීම ආරම්භ කරනු ලැබුවා.

රාධේශ්‍යාම් චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 350කට ආසන්න මුදලක පිරිවැයකින් නිපදවනු ලැබූ චිත්‍රපටය මෙය Romantic Drama Genre චිත්‍රපටයක් සඳහා වැඩිම පිරිවැයක් දැරූ ඉන්දියානු චිත්‍රපටය බවට පත් වනවා.

චිත්‍රපටය වසර තුනක් තිස්සේ රූගත කිරීම් සිදු කර තිබෙන අතර පැරණි යුරෝපය නිර්මාණය කිරීම සඳහා කළා අධ්‍යක්ෂකවරුන් මුළු චිත්‍රපටයම සඳහා දැවැන්ත පසුබිම් තල 101ක් භාවිතා කර තිබෙනවා. එමෙන්ම චිත්‍රපටයේ රෝහල සඳහා අවශ්‍ය දර්ශන වෙනුවෙන් ඔවුන් වෙනමම රෝහල් පසුබිම් සහ ලෙඩ ඇඳන් නිර්මාණය කර තිබුණු අතර කොවිඩ් කාලය තුල ඉන්දියාවේ රෝහල් වල ඉඩ පහසුකම් අඩු වූ සමය තුල නිෂ්පාදන කණ්ඩායම එම සියල්ල සෞඛ්‍ය අංශ වෙත පරිත්‍යාග කර තිබෙනවා. 

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය දෙසැම්බර් 23 අන්තර්ජාලය වෙත නිකුත් කෙරුණු අතර එය පැය 24ක් තුල සියලුම භාෂා වලින් මිලියන 64 ක (64 Millions) නැරඹුම් ප්‍රමාණයක් සහ ලයික්ස් මිලියන 1.5 ක්(1.5 Mlillions) ලබාගෙන පැය 24ක් තුල වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවකට හිමිකම් කියූ ඉන්දියානු චිත්‍රපට ට්‍රේලරය බවට පත් වූවා. එය විසින් බිඳ දමනු ලැබූයේ ඊට සති දෙකකට පමණ පෙර #RRR චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පැය 24ක් තුල ලැබූ මිලියන 51.13ක (51.13Millions)  නැරඹුම් වාර ප්‍රමාණය පසු කර යමින්. 

පැය 24ක් තුල වැඩිම නැරඹුම් වාර ප්‍රමාණයක් ලැබූ ඉන්දියානු චිත්‍රපට පූර්ව ප්‍රචාරක පට.

1. Radheshyam = 64M
2. RRR = 51.13M
3. 83 Movie = 50M
4. Saaho – 49.4M
5. Sooryavanshi = 42.7M

චිත්‍රපටයේ ආරම්භයේ සහ අවසානයේ Narration එහෙමත් නැත්නම් කථනය තෙලුඟු භාෂාවෙන් S. S. Rajmouli, හින්දි – අමිතාබ් බච්චන්, දමිල – සත්‍යරාජ්, මලයාලම් – ප්‍රතිවිරාජ් සුකුමාරන්, කන්නඩ – සිව රාජ්කුමාර් යන කලාකරුවන් විසින් සිදු කර තිබෙනවා. 

– Radhe Shyam ගැන ඉන්දීය මාද්‍ය වාර්තා කල අයුරු.-

දිගු කලක වෑයමකින් පසු දැවැන්ත ප්‍රචාරණයක් සමගින් රාධේශ්‍යාම් චිත්‍රපටය පසුගිය මාර්තු මස 11 වනදා ලොවපුරා තිරගතවීම ආරම්භ කල අතර නේපාලය, බංගලාදේශය, චීනය, තායිලන්තය, ජපානය, ප්‍රංශය, එංගලන්තය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, , නවසීලන්තය, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව, බ්‍රසීලය, ඊජිප්තුව, ඉතාලිය, ස්පාඤ්ඤය, රුසියාව, ජර්මනිය, ආජන්ටිනාව, නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, ෆින්ලන්තය, පෝලන්තය, අයර්ලන්තය, කිරිගිස්තානය, බෙලාරුස්. කෙන්යාව, ටැන්සානියාව, උගන්ඩාව, කොන්ගෝ), ඝානා, නයිජීරියා, ගිනීයාව), ටෝගෝ, සැන්බියාව, මොසැම්බික්, කටාර් සහ දකුණු අප්‍රිකාව මෙන්ම තවත් රටවල් රැසක මෙය එදින තිරගතවීම ආරම්භ කරනු ලැබුවා. රාධේශ්‍යාම් චිත්‍රපටය රටවල් සහ රිදී තිර අතින් ගත් කල දැවැන්තම Overseas Release එක සටහන් කරනු ලැබූ අතර ඉන්දියාවේ තෙලුඟු ප්‍රාන්ත සඳහා වාරණය කර තිබූ දිනකට දර්ශනවාර 5 තිරගතකිරීමේ වාරණය මෙහිදී ඉවත් කරනු ලැබුවා. 

පළමු දිනයේම චිත්‍රපටය ලොවපුරා තිරගත වීමෙන් ඉන්දියානු රුපියල් කෝටි 79ක මුදලක් ඉපයූ අතර එය කොවිඩ් වසංගතයෙන් පසු ඉන්දියානු චිත්‍රපටයක් ලැබූ හොඳම ආදායමයි. පසුව RRR චිත්‍රපටය විසින් එම සීමාව පසු කරනු ලැබුවා. දින තුනක් අවසානයේ චිත්‍රපටය ලොවපුරා තිරගත වීමෙන් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 151ක් ඉපයූ අතර තෙලුඟු ප්‍රාන්ත වල චිත්‍රපටය හොඳින් ආදායම ලබමින් තිබුනා. කෙසේ වෙතත් පළමු දිනයේදී චිත්‍රපටය වෙනුවෙන් ලැබුණු විචාරක ප්‍රතිචාර සහ රසික ප්‍රතිචාර සාමාන්‍ය මට්ටමක තිබුණු අතර හින්දි ප්‍රදේශ වලනම් චිත්‍රපටය වෙත ලැබුනේ සෘණාත්මක ප්‍රතිචාරයක්. රාධේශ්‍යාම් චිත්‍රපටයත් සමගින් එදිනම The Kashmir Files චිත්‍රපටයද නිකුත් වූ අතර එම චිත්‍රපටය ජනතාව අතර වඩාත් කතාබහට ලක්වන්නට වූවා. රාධේශ්‍යාම් චිත්‍රපටයට වඩා බොහෝ ධනාත්මක ප්‍රතිචාර එම චිත්‍රපටය සඳහා ලැබුණු අතර එහි බලපෑම නිසාවෙන් සහ කාශ්රාමීර් ෆයිල් චිත්‍රපටය වෙනුවෙන් සැදුනු ආන්දෝලනාත්මක රැල්ල හේතුවෙන් රාධේ ශ්‍යාම් චිත්‍රපටයට බලාපොරොත්තු නොවූ ආකාරයට හින්දි ප්‍රදේශ වලින් අසාර්ථකව ඉවත් වන්නට සිදුවනවා. කෙසේවෙතත් RRR චිත්‍රපටය පැමිණීමත් සමග රාධේ ශ්‍යාම් චිත්‍රපටය සිනමාහල් වලින් ඉවත් වන අතර සමස්ථයක් වශයෙන් අවසානයේ සිනමාහල්තුල වාණිජමය වශයෙන් අසාර්ථක වූ චිත්‍රපටයක් ලෙස රාධේශ්‍යාම් චිත්‍රපටය නම් වනවා. කෙසේ වෙතත්චි ත්‍රපටයේ Non-Theoretical Rights දැවැන්ත මුදලකට චිත්‍රපටය නිකුත් වීමටත් පෙර සිටම අලෙවි වූ අතර ඩිජිටල් අවකාශයට මුදා හැරීමේ අයිතිය ඇමේසන් ප්‍රයිම් ආයතනය විසින් ලබාගෙන තිබුනා. ඒ අනුව ඔවුන් විසින් අප්‍රේල් 1 වෙනිදා චිත්‍රපටය ඩිජිටල් අවකාශය මුදා හරිනු ලැබුවා.

එසේනම් සමුගන්නට අවසර පතනවා. විදුලි අර්බුධය අස්සේ සබ් කරන්න, විස්තර හොයන්න, ආටිකල් ලියන්න ලෙහෙසි නැති නමුත් බාරගත් වගකීම ඔබ වෙත ගෙන ඒම වෙනුවෙන් බයිස්කෝප් කණ්ඩායම නිතරම සැදී පැහැදී සිටින බව මතක් කරන්නට කැමතියි. ලස්සන මියුසික් ඇල්බම් එකක් එහෙමත් සහිතව පැය දෙකක් පුරා රස විඳින්න පුළුවන් මෙම චිත්‍රපටය නරඹන ලෙස ඔබට ආරාධනා කර සිටින අතර, සරල ආදර කතාවක් සමග නිර්මාණය වුනු වෙනස්ම පසුබිමක් සහිත වෙනස්ම කතාවක් ලෙසින් මෙය නම් කල හැකියි. ඒ හැමදේම විඳගනිමින් චිත්‍රපටය රසවිඳින්න වගේම අදහසක් දැක්වීමටත් අමතක නොකරන ලෙස කියන්නට කැමතියි. චිත්‍රපටය උපසිරසි ගැන්වීමට අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත් හැමදාම බයිස්කෝප් අඩවිය වෙත පිවිසෙන ඔබ සැමවත් විශේෂයෙන් මතක් කරමින් සහ ස්තුතිය පල කරමින් ආයෙත් හමුවන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. ආයෙත් දවසක ඉක්මණින්ම හමුවෙමු. ජයෙන් ජය..!!!

දෛවය ලියවී ඇත්තේ අපගේ අත්වල රේඛා මත නොව…

එය ලිවිය යුත්තේ අපගේ අතින්ය…

– රාධේශ්‍යාම් – 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Telugu HQ HD පිටපත් සඳහා අදාළ වේ.

25,417 downloadsDownload Radhe-Shyam-2022-Baiscopelk.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

25,417 downloadsDownload Subtitles49 KB

39 comments

  1. LKD

    ඔය ඉන්නේ අපේ තෙලිඟු වැඩ්ඩා ආදරෙයි ඈ

  2. රසින්ත

    තෑන්ක්ස් මචන් සබ් එකට
    මේ දවස්වල ලොකු ලිපි ඕනත් නෑ බන් කොහොමහරි සබ විතරක් තිබුනොත් හොදටම ඇති
    ඉතුරු ඉන්දියන් ෆිල්ම් ටිකත් පුලුවන් විදියට දෙමු බයිස්කෝප්
    ජය වේවා !

  3. Nadeesh

    Thanks mchn. 83 movie ektath sub demuda?

  4. Naveen

    උපසිරසියට තුති

  5. Anonymous

    Patta

  6. Wihanga Sihilal

    Prabhas ❤❤❤

  7. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  8. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි! :-)

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  10. Eranda

    Thanks brother

  11. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  12. dulan

    ස්තුතියි !

  13. Redrux

    Thnkz bro

  14. Anonymous

    Bheeshma parvam sub plz

  15. චමින්ද

    විදුලි අර්බුදය අස්සෙ මහන්සියෙන් කරපු සබ් එකට බොහොම ස්තුතියි සහෝ. .....❤️❤️❤️❤️❤️❤️

  16. Kushan

    Sub akta thanks

  17. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  18. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  19. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  20. oshanda

    නියමයි සහෝදරයා..සෑහෙන කැපවීමක් කරල තියෙනව.... ස්තූතියි

  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  22. Dineth de silva

    Thanks brother

  23. Rumesh

    තෑන්ක්ස් සහෝ

  24. Anonymous

    තෑම්ක්ස් බොම්ක ❤️

  25. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    1. dumidu

      e fillm ek dawnlod krgenada beluwe bn

  26. Nilush Angana

    Sub ekata thanx

  27. Anonymous

    Malayalam films dennako

  28. Anonymous

    Baluwa. Pattama lassana filumak. Thanks Tharaka..

  29. ප්‍රසන්න

    Baluwa. Pattama lassana filumak. Thanks Tharaka..

  30. indika 75

    thanks..

  31. Udaya Fdo

    Thank you

  32. ASR

    Ikmanata RRR 2022 movie eke subtitle eka one

  33. Nipuni

    Warning 2021 dennko

  34. ama

    Hindi version ekata sub danne nadd

  35. viraj

    thanks...

  36. අනුජ්

    බොහොම ස්තුතියි

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!