සර්හද් භීම්ලා නායක් ස්‍රීසෛලම් ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්. දවසක් රෑ සෝදිසි මෙහෙයුමක ඉන්න පොලිස් නිලධාරීන් කලබලයක් පාලනය කරන්න නායක්‍ට එතැනට එන්න කියනවා. එතැන ඩැනී කියන පුද්ගලයා පොලිස් නිලධාරීන්‍ට දිගටම පහර දෙමින් හිටියා. නායක් ඩැනීව තමන්ගෙ පාලනයට අරගෙන අත්අඩංගුවට ගන්නවා. කොහොම…

සර්හද් භීම්ලා නායක් ස්‍රීසෛලම් ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්. දවසක් රෑ සෝදිසි මෙහෙයුමක ඉන්න පොලිස් නිලධාරීන් කලබලයක් පාලනය කරන්න නායක්‍ට එතැනට එන්න කියනවා. එතැන ඩැනී කියන පුද්ගලයා පොලිස් නිලධාරීන්‍ට දිගටම පහර දෙමින් හිටියා. නායක් ඩැනීව තමන්ගෙ පාලනයට අරගෙන අත්අඩංගුවට ගන්නවා. කොහොම වුණත් පහුවෙද්දි දැනගන්නේ ඩැනීට ඉහල ස්ථානවල ඉන්න අයගෙ සම්බන්ධතා තියෙනවා කියලා. නායක් ඩැනීට කිසිම විශේෂ සැලැකිල්ලක් දක්වන්න කැමති වුණේ නැහැ. ඒත් නායක්ගෙ ජ්‍යෙෂ්ඨ නිලධාරියගෙ කීමට ඩැනීට සැලැකිලි දක්වන්න වෙනවා. නායක් ඩැනීට පහසුකම් සලසලා දෙනවා. ඒත් ඩැනීට පොලිස් නිලධාරීන් තමන්ට කරපු අවමානය ගැන හිතේ තිබුණා. නායක් එක්ක කීප විටක්ම ඩැනී ආරවුලට ආවත් නායක් දෙවෙනි වුණේ නැහැ. කාකි ඇඳුම ඇඳගෙන හිටියට නායක් ඩැනීට වඩා ලොකු දාමරිකයෙක් වුණා. ඩැනී සති දෙකකට බන්ධනාගාරගත වෙනවා. ඩැනී නිදහස් වුණ දවසේ නායක්ගෙ රස්සාව නැතිවෙන විදිහෙ දෙයක් එලියට පිට කරනවා. ඒකෙන් නායක් අවංකව සේවය කරපු පොලිස් රැකියාව අවදානම වැටෙනවා.
කොරෝනා තුන්වෙනි රැල්ලෙන්, නිරෝධායන නීති ලිහිල් වීමෙන් පස්සෙ තිරගත වුණ මුල්ම සුවිසල් චිත්‍රපටය භීම්ලා නායක්. Ayyappanum Koshiyum (2020) [නොහොත් AK] නම් මලයාලම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් විදිහට මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. ඒත් AK කතාව සම්පූර්ණයෙන්ම අනුකරණය නොකර තෙළිඟු ප්‍රේක්ෂකයින්ට ඔබින, බලාපොරොත්තු වෙන ආකාරයට අනුවාදයක් විදිහටයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ. AK දිහා බැලුවොතින් අහංකාරය ඉක්මවා ගිය චරිත දෙකක් වුණ පොලිස් නිලධාරියෙකුත්, බලපුළුවන්කාරකම් තියෙන ඉහල තැනක විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක් ආතරෙ සිද්ද වෙන ගැටුමක් තමයි චිත්‍රපටය පුරාවටම ගලාගෙන යන්නෙ. මෙහේ තෙළිඟු පැත්තට ආවහම වාණිජමය අංග ඇතුලත් කරලා සියළුම ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගෙන හොඳ විනෝදාත්මක කතාවක් පිරිනමලා තියෙනවා.
නමෙන්ම දකින්න පුළුවන් භීම්ලා නායක් කියලා එක චරිතයක කෝණයෙන් විතරක් බලන විදිහට මනස ලැහැස්ති කරලා තියෙනවා. බීම්ලා නායක් කේන්තියෙන් පිරුණු පොලිස් නිලධාරියෙක්. ස්වාධීනයි වගේම ඉතාමත් හොඳ කෙනෙක්. දෙවියන්ට සමාන විදිහටයි ගම්මුන් නායක්ට සලකන්නෙ. පවන් කල්‍යාන්ගේ ගබ්බර් සිං චරිතය ප්‍රතිස්ථාපන කලා කිව්වත් නිවරදියි. කොහොම වුණත් AK චිත්‍රපටයේ අයියප්පන් නායර් පිටතින් හුඟක් නිශ්ශබ්ද චරිතයක්. ඒ වුණත් නායර් මුළුමනින්ම මුළුමනින්ම හොඳ කෙනෙක් නෙවෙයි, නායර්ට වෙනම පෞද්ගලික අභිමතාර්ථයක් තිබුණා. භීම්ලා නායක් හි ඩැනියල් කුරිරු, කිසිම අණක් ගුණක් නැති කෙනෙක් විදිහටයි පෙන්වලා තියෙන්නෙ. මේ ඩැනී, AK චිත්‍රපටයේ එන කෝෂි නම් නෙවෙයි.
බීම්ලා නායක්ගෙ බිරිඳගේ චරිතට වඩා වැදගත්කමක් දීලා, ගමේ ගෝත්‍රිකයන්ට උදවු වෙන නායිකාවක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. අයියප්පන් නායර්ගෙ බිරිඳ නැක්සල් වරුන්ට සහය දක්වන තද චරිතයක් විදිහටයි දකින්න පුළුවන් වුණේ. නිත්‍යා මෙනන්, සම්‍යුක්තා මෙනන්, මුරලි ෂර්මා, රගුබාබු, සමුත්‍රකනී, රාඕ රමේෂ් යන අයද මෙහිදී දකින්න පුළුවන්. ඒ වගේම රාමචන්ද්‍ර රාජු, සුනිල්, සප්තගිරි යන අයත් ආරාධිත රංගනයක සහාභාගි වී තිබෙනවා. ඒ විතරක්ද හැමෝම වගේ තෙළිඟු චිත්‍රපටියක කොයි වෙලාවක හරි ඔළුව දාවි කියලා බලාපොරොත්තු වෙන ලෙජ්න්ඩ් බ්‍රහ්මානන්දම් පොඩි කොටසකට සම්බන්ධ වෙනවා.
AK චිත්‍රපටයේ ගොඩක් ආසාවෙන් බැලුව රසවත් අවස්ථා කීපයක් මේ චිත්‍රපටයෙදි දකින්න ලැබෙන්නෙ නැහැ. රසවින්දනයට බාධාවක් වෙන නිසා ඒවා කියන්න කැමැත්තක් නැහැ. වචන කීපයකින් කියනව නම් මේක අයියප්පන්ගෙ විතරක් තනි චිත්‍රපටයක්.

තිරගත වූ මුල් දවසේ මුළු බොක්ස් ඔෆිස් ආදායම ඉ.රු. කෝටි 52ක්. චිත්‍රපටයේ වියදම වන ඉ.රු. කෝටි 75 පසු කර ඉ.රු. කෝටි 192ක් පමණ බොක්ස් ඔෆිස් ආදායමක් හිමිකර ගැනීමට හැකි වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය වෙනුවෙන් ධණාත්මක විචාර වැඩි වශයෙන් ලැබී තියෙනවා. Imdb අගය කිරීම 7.8ක් වගේම BMS අගය කිරීම 80%ක්.

ත්‍රිවික්‍රම් මීට කලින් පවන් කල්‍යාන්ව යොදාගෙන Agnyathavasi (2018) ලබා දුන්නත් එම චිත්‍රපටය අසාර්ථක එකක් වුණා. දෙවෙනි උත්සාහය අසාර්ථක වුණේ නැහැ කියන්න තවත් සාක්ෂි උවමනා නැහැ. හැඟීම්බර අවසානයක් එකතු කරලා තෙළිඟු ප්‍රේක්ෂකයින් අපේක්ෂා කරන විදිහේ නිමාවක් ත්‍රිවික්‍රම් ලබා දීලා තිබුණා. රීමේක් චිත්‍රපටියක් විදිහට ත්‍රිවික්‍රම් සාධාරණයක් ඉටුකරලා තියෙනවා. කොහොම වුණත් අයියප්පනුම් කෞෂියුම් කියන්නෙත්, භීම්ලා නායක් කියන්නෙත් එකකට එකක් වෙනස් චිත්‍රපටි දෙකක්. ඒ නිසා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ චිත්‍රපටියක් Ayyappanum Koshiyum. ඒ චිත්‍රපටියෙන් ලැබෙන වෙනස්ම රසය, හැඟීම මේ වාණිජ චිත්‍රපටියෙන් අරගන්න බැහැ. ත්‍රාසය, හදිසි ක්‍රියාදාම, අහංකාරය, අවබෝධය වගේ හුඟක් හැඟීම් පිරුණු චිත්‍රපටයක් තමයි අයියප්පනුම් කෞෂියුම්. මලයාලම් සිනමාව කියන්නෙ වෙනම රසයක්නේ.
එතකොට, ද මෑන්ගේ සංගීතය ගැන කතා කරන්න නම් දෙයක් නැහැ. හැම අතකින්ම වගේ හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. එහෙන් මෙහෙන් වෙන චිත්‍රපටිවල BGM, සින්දු වගේ ඇහුණට ගණන් ගන්න එපා. ද මෑන්ගේ(තාමන්) පසුබිම් සංගීතය චිත්‍රපටිය වෙනම තානයකට අරගෙන කිව්වොත් නිවරදියි. බලලා නැත්නම් මඟහරින්නෙ නැතුව අයියප්පනුම් කෝෂියුම් චිත්‍රපටියත් බලන්න කියලා නිර්දේශයක් කරනවා. වෙනදා වගේම අදහස් දක්වන හැමෝටමත් මගේ ස්තූතිය පුද කරනවා. පුළුවන් ඉක්මනින් තවත් උපසිරැසියකින් හමුවෙමු.
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත සඳහා අදාළ වේ.
10,575 downloadsDownload Bheemla-Nayak-2022-1.zip132 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
37 comments
harsha
Naveen Mbr
මලයාලම් උපසිරැසි කරන අය කාර්යබහුලයි. මලයාලම් විතරක් නෙවෙයි ගොඩක් කට්ටිය මේ දවස් ටිකේ වැඩ. බලමුකෝ ඉස්සරහට.
Kushan
Sub akta thanks
Anonymous
අඩෙහ් ඉක්මනින්ම දීලා නෙ
එල එල බ්‍රෝSamith
Thanks brother
Anonymous
Patta
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks for sub
Redrux
Thnkz bro
Naveen
උපසිරසියට තුති
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
bunny
Thanks buddy
Nilush Angana
Sub ekata thanx
Anonymous
සුපිරියක් වගේ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Eranda
Thanks brother
ජනා
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Naveen Mbr
හැමෝම ස්තූතියි! ;-) ;-)
Anonymous
Salute sub plz bro
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
indika 75
thanks..
dulan
ස්තුතියි !
Dineth de silva
Thanks brother
Rumesh
තෑන්ක්ස් සහෝ
Anonymous
Pada Malayalam (2022)
Salute Malayalam (2022) sub dennaTharindu
Thanks sub ekata.. plz pada kiyana malayalam movie ekata sub dennako
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Lahiru
Hey sinamika sub demu
Rana
Ow ekata sub dennko
Lakindu R
අනේ ප්‍රභාස්ගේ එක ඕනේ..... මලයාලම් තෙලිඟු ගත්තොත් ගන්නේ ඔයාලගෙන් විතරයි
Bheeshma Parvam එකත් ඕනේ.. අඩේ තෙලිඟු මලයාලම් දන්න අය ඒක නවත්තන්න නම් එපා.. ආදරෙයි කොල්ලෝ සෙට් එකට ❤Lasantharathnasirirox
Tnt..ජයවේවා !!
Anonymous
Ko bn bheeshma parvam
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
AK ෆිල්ම් එකට ගහන්න බැහැ මේකට
ඒ තරමට මලයාලම් ෆිල්ම් කියන්නේ වෙනමම රසයක්
හැබැයි මලයාලම් අලුත්ම සුපිරි ෆිල්ම් දෙකක් තාම සයිට් එකෙ නැහැ ...