ඔන්න මගෙ පළවෙනි උපසිරැසි ගැන්විම මම ඔයගොල්ලන් සමඟ බෙදා ගන්න යන්නෙ. ඉතින් මෙක මම දැන් ටික දවසකට ඉස්සෙල්ලා තමා ඉවර කරේ. මේකෙ අපි දන්න කියන නලුවො ටිකක් තමා රඟපාන්නෙ. මේ බයිස්කොප් එක IMDB රෙට්න් වල 7.7 ක් වගෙ ඉහල අගයක් ලබාගෙන තියනවා. ඉතින් මේකෙන්ම හිතාගන්න පුලුවන් නේ කොහොමද මේ බයිස්කොප් එක කියලා. චිත්…

ඔන්න මගෙ පළවෙනි උපසිරැසි ගැන්විම මම ඔයගොල්ලන් සමඟ බෙදා ගන්න යන්නෙ. ඉතින් මෙක මම දැන් ටික දවසකට ඉස්සෙල්ලා තමා ඉවර කරේ. මේකෙ අපි දන්න කියන නලුවො ටිකක් තමා රඟපාන්නෙ. මේ බයිස්කොප් එක IMDB රෙට්න් වල 7.7 ක් වගෙ ඉහල අගයක් ලබාගෙන තියනවා. ඉතින් මේකෙන්ම හිතාගන්න පුලුවන් නේ කොහොමද මේ බයිස්කොප් එක කියලා.
චිත්‍රපටියේ කතාව නම් මීට කලින් ලිපියක දීලා තියනවනේ.. ඒක ඔන්න පහළින් තියනවා.. ඒ නිසා මම කියන්න යන්නේ නෑ ඒ ගැන…
මේක තමයි මම චිත්‍රපටියකට දාපු පළවෙනි උපසිරැසි ගැන්විම. ඉතින් බලලා හොඳ නරක එහෙමත් සඳහන් කරන්න කියලා ඉල්ලනවා.
මීට පෙර රොයිලි ප්‍රනාන්දු සොහොයුරා පළ කළ ලිපිය.
කාලෙකින් හොඳ ක්‍රියාදාම චිත්‍රපටියක් දෙන්න බැරිවුන නිසාත් ටිකක් පරණ වුනත් බලපු නැති අය වෙනුවෙන් මේ චිත්‍රපටය ගැන ටික කාලයක් නිහඩව හිටපු මම ලිපියක් ලියන්න හිතුවා. මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 2ක් ඇතුළු සම්මාන 6ක් දිනා තවත් සම්මාන 29 කට නිර්දේශ වීම් ලැබූ චිත්‍රපටයක්. මෙහි IMDB අගය පාඨක ඡන්ද 95,928 ලබා ශ්‍රේණිගත කිරීම් වල 7.7 / 10 තරම් අගයක් ගන්නවා.
මේ නමින් පරිගණක ක්‍රිඩාවක් ඔයාලා අහලා ඇති. මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ 1993 ඔක්තෝබර් 3 හා 4 දෙදින තුල සෝමාලියාවේ මොගෙඩීෂු අගනුවර සිදුවූ ප්‍රසිද්ධ Battle of Mogadishu සටනයි. මෙනමින්ම Mark Bowden විසින් ලියු පොතක් ඇසුරෙන් මෙම චිත්‍රපටිය නිපදවනු ලබනවා. මෙම යුද්ධය සිදුවන්නෙ කැරලිකාර සිවිල් හමුදා නායකයකු වුනු Mohamed Farrah Aidid ගේ ජේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුව පැහැරගෙන ඒමට යන මෙහෙයුමේදී. එම මෙහෙයුම සඳහා අහස් යානා 19ක් Humvees ඇතුළු වාහන 12 ක් හා සෙබළුන් 160ක් සහභාගී වුනා. එම මෙහෙයුම පැය භාගයෙන් කල යුතුව තිබුනත් කැරලිකාර හමුදාව RPG භාවිතා කර Black Hawk හෙලිකොප්ටර් දෙකක් බිම දමා තවත් තුනකට හානි කරනු ලබනවා. තුවාල කරුවක් කිහිප දෙනෙක් ඉවත්කරගැනීමට හැකි වුවත් කිහිප දෙනෙකුව කොටු වීම නිසා මෙම මෙහෙයුම පැය 18 කට වඩා දිග බේරාගැනීමේ මෙහෙයුමක් බවට පත්වෙනවා.
මෙම චිත්‍රපටය අගැයුමට වගේම ගැරහුම් වලටත් පාත්‍රවෙච්ච චිත්‍රපටයක් වුනා. මෙහි නළුවන් හට කෙටි හමුදා පුහුණුවක්ද ලැබුනු අතර එහි අවසාන දින තම තමුන්ගේ දොරවල් වලට යටින් ලිපියක් ලැබුනු බව කියවෙනවා. ඔවුන් කළ අමාරු පුහුණුවට ස්තූති කර තිබූ එහි තවදුරටත් ලියැවී තිබුනේ “tell our story true” යනුවෙන්. එය අත්සන් කර තිබුනේ එම නළුවන් රඟපානු ලබන එම යුද්ධයේදී මිය ගිය සැබෑ හමුදා සොල්දාදුවන්ගේ නම් වලින්.
බලපු නැති අය බාලම බලන්න. කොයිම වෙලාවකවත් සතුරාව අවතක්සේරු කරන්නවත් තමන්ගේ ධෛර්යය නොනසා හැමවිටම පවත්වා ගැනිමටත් අමතක කරන්න එපා.
කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳේ 😛

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
6,933 downloadsDownload Black-Hawk-Down-2001-SinhalaSubs.Baiscopelk.zip157 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/අශේන්-වොකර්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් වොකර්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/10/20
Subtitles by
අශේන් වොකර්
Subtitles
165 comments
සෑම්
රොයිලි
@ සෑම්
ස්තූතියි මචෝ කමෙන්ට් එකට :)@ashan kandy
අනිවා නොදාම්දෝ කියලා හිතලත් බලපු නැති අය ගැන හිතලමයි මම දැම්මෙ.හසිත
වැඩ නෑනෙ මේක.
ashan kandy
niyama ekak balapu nathi aya balanna. .. patta. :D
chamath
ya ya mekaqnam patta film ekka balapu nathi aya aniwa balanna.man me meka balanne 5weni parata.kochara baluwat epa wenne na.mat aimat banawa.thankz saho
තිසර
"යුද්ධයකදී අවසානයේ ඉතිරි වන්නේ මරණය පමණයි" ප්ලේටෝගේ වැකියකින් ඇරඹෙන චිත්‍රපටය තුල යුද්ධයේ බියකරැ බව, නිරර්ථකාරී බව මනාව පිළිඹිඹු කරනවා.
එමෙන්ම ඉතාමත් සංවේදී මානුෂීය සිදුවීම් රාහියක් චිත්‍රපටය පුරාම දක්නට ලැබෙනවා. කෑම යයි සිතා ගුවනින් හෙළන බෝම්බ වලට ගොදුරැ වන සරණාගතයින්....
සංගීතය ඉතාමත් ොදින් භාවිතා කර තිබෙන චිත්‍රපටයක්.
මේවා දානවට උඹට පිං.... මොකද මචං අපේ කොල්ලෝ, කෙල්ලෝ මේවා බලන්න පුරැදු වෙන්න ඕන. සිනමාව කියන්නේ මාර අත්දැකීම් සම්භාරයක්....
එළ බැලිය යුතුමයි... (War Movies බලන්න අකමැති අය උනත් මෙය බැලිය යුතු බවයි මගේ හැගීම)
රොයිලි
@chamath,
එල එල සහෝ ස්තූතියි කමෙන්ට් එකට :P@තිසර,
+1
Suvin
Mage favourite movie ekak meka!
Dar[K]
පට්ට මචො සබ් එකකුත් තිබ්බ නම් ...
රොයිලි
@Suvin,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට :)@Dar[K],
හ්ම්ම්ම්ම් :P
Dhanuka Pathinayake
එළ එළ මේක නියම බඉස්කෝප් එකක්. මම නම් කලින් බලල තියෙනව.කොහොම උනත් ස්තුතියි මේක දෑම්මට.
gvs
ai sub denna baida??????? Onna Ethi denna hienawa WONDER BAR 1
රොයිලි
@Dhanuka Pathinayake,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)@gvs,
අනේ දියන් මචෝ මෙහෙ අපිව තැම්බෙනවා මේ දවස් වල :P
gvs
ela ala ath api balanawa
thank u hodeRandi
ok I also going to download this but takes time bcos another two in the que. anyway keep it up guys
රොයිලි
@Randil,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)
Manula Nayanatharu
Ela Ela... Weekend eke balatahaki.... Thanks....
SPND
කලකට පස්සේ පුදුමයි..... :ඩි
රොයිලි
@Manula Nayanatharu,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :P@SPND,
හෙ හේ පුදුම නෑ පුදුම නෑ :P :P
උදාරයා
බඩුම තමා... බානවා...
gvs
Roily ayya Puluwannam Me film 1tat sub
Saawariya (2007)රොයිලි
@උදාරයා,
එල එල ස්තූතියි සහෝ. මොකෝ ළඟදි පෝස්ට් එකක් නොවැටුනේ?@gvs,
හ්ම්ම්ම්ම් අනේ මන්දා :)
kathu
Maxxa movie එකක්..!! මම නම් 2-3 පාරක්ම බැලුවා.. Thsks royli අයියා..
මධුරංග ප්‍රභාත්
මමත් බලල තියෙනව. ඒත් නොබලපු අයට එකහෙලාම නිර්දේශ කරනව බලන්න කියල.
රොයිලි
@kathu,
ස්තූතියි මචෝ :)@මධුරංග ප්‍රභාත්
අනිවා බලලා නැති අය බාගෙන බලන්න අතපසු කරන්න එපා.
Ansh Lucky Sri Jay
කාලෙකින්. බොහොම හොඳයි...
බාන්නට අදහසක් ඇත, හැබැයි හෙටින් පස්සේ තමයි මොකක් කරන්නත් වෙන්නේ.. :Dh
මේක මගේ ගාව තියෙනවා. යාළුවෙක්ගෙන් හම්බ වුණ ෆිල්ම් සෙට් එකක. තාම බැලුවෙ නෑ. ඉක්මනින්ම බලන්න ඕන. මේ ලිපිය නිසා බලන්න උවමනාව වැඩි වුණා. නියමයි... :)
රොයිලි
@Ansh Lucky Sri Jay,
එල එල බාගෙනම බලන්නකෝ :P@h,
හරි අපරාදයක් නොවැ නොබල හිටපු එක මෙච්චර කල්. දැන්ම බැලුවනම් :P
Janaka
please send me this torrent file also.
[email protected]rohan
sub daannakoo... bagaththa office eken horaata ;)
පොඩි මෑන්
ෂා... මේක මරු Film එක මම මේක බලලා තියෙනවා. ටිකක් පරණ උනත් ගින්දර Film එක.
බලපු නැති අයත් ඉන්නවනේ
බොහොම ස්තූතී...රොයිලි
@rohan,
ඔන්න අහුවුනොත් අපි නෑ :P :P@පොඩි මෑන්,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට ජය වේවා :P
ගයාත්‍ර
ස්තූතියි.. සුබ පැතුම්.. ;)
රොයිලි
@ගයාත්‍ර,
ස්තූතියි සහෝ :)
Asitha
එල එල රොයිලි සහො..... මරු ෆිල්ම් එකක්
ගොඩක් ස්තූතියි...
අනිවා බානවා :)Rotiya
ela eloooozzz baanawoooo
රොයිලි
@Asitha,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට :)@Rotiya,
බලලත් කියහන් සහෝ :P
Buva No1
මම එක්සෑම් එක අනා ගත්තා....
2 කක් රිපීට්.....
මෙ ෆිල්ම් එකවත් බලලා හිත හරිගස්ස ගන්න ඔනෙ....
ඊට පස්සෙ එක්සෑම් එක ගොඩ යනවා...රොයිලි
@Buva No1,
අෆොයි ඒකත් එහෙමද? බුවෙක්ම තමා වගේ ඔයත්. :P :P මොනාවුනත් ඊලඟ පාරනම් අනාගන්න එපා මචෝ.
Ruwan
thanks bro..................
Nirmal
Thanx macho comments walin nam patta movie ekak wage.....
රොයිලි
@Ruwan,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)@Nirmal,
අනිවා අනිවා බාලම බලහන්කෝ කොහොමද කියලා :)
Pra
maxxa film eka....mama 3 times baluwa......mama USA army ekata,un karana pahara wada walata akamati unath me film eka baladdi me operation ekata giya set eka gana mara feeling ekak awe....e taram me film eka sira....ayeth kiyala wadak na....baganna deparak hitanna epa.....btw dnt forgt to read abt da Mogadisu fight (The real indecent) after watching da movie...there are so many articles on internet.
DjAT
Kocchara parana unath balala tibunath maa wagee anarga nirmana nawatha nawath rasa widiya uthumai. mamath godak asai war films walata.ubata thanks machan mee wagee film1kak apita nawatha mathak karal dunnata :D digatama liyapan all da best
රොයිලි
@DjAT,
එල එල ඉස්සරහට තව මේ වගේ ඒවා දෙන්න බලන්නම් කෝ :P
Udaya
නියම ෆිල්ම් එකක්.
රොයිලි
@Pra,
අනිවා විකියෙ පැත්තේ ඕනා තරම් තියෙනවා මේ ගැන. :)
රොයිලි
@Udaya
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :P
kumen
niyama movie eka... kammali natuwa kick eke balanna puluwan.. thnx bros...
Uraj Deemantha
බැලුවා වගේ මතකයි.... :) කමක් නෑ..... ඔන්න ඔහේ බානවා..... රවුටරේටත් වැඩ තියෙන්න එපෑය.... :P
susantha
thnx.i like this movie.
akiyoshi
bala ewarai dan balanawa...kalekin war film akak beluwe ne....
akiyoshi
akanam mara film akak......mama hemadama kiyanawa wage me film hadana minissu dannawa during war civillians la merena bawa...aka 100% walakwanna be kiyala...adatath ki denek merenawada ?? ae a kalakanni apita war crimes gena kiyanne.....attatama a irisiyawatada ?? api dinapu nisa......USArmy godak war peraduna nisada ???
Akila Udayanga
ela...ela....patta pathuru film ekak. danata loke thiyena hodama war film walin 1-5 athara inna ekak.huga kalekata issella balala thibbath ayth balanna one.
thxdilantha
Can anyone please send this torrent to my email account.
Because I can not access this torrent site.gessy
maxxa machan..elakiri
Chathura
plzzz mekata sinhla subs dala dennakoooo
ela film eka.Ramraj
මේක මම බලලා තියෙනවා. ගොඩක් දුක හිතෙනවා.හොද ෆිල්ම් එකක්.
sajith
මේවා තමා නියම.... ගොඩක් ස්තුතියි.. ඔයාලට...
sng
sinhala subuth thibbanam mare maru.
lasidu
පළමු එකට සුභ පැතුම් සහෝ පට්ට
vee
බොහොම තුති සහෝ බලලා නෑ මම නම් මේක
ccnp
thxxx maru film akak jaya wewa
mihin ලංකා
ජය වේවා මචෝ දිගටම ඔන්න බයිස්කෝප් එකට සබ් දෙන්න ඊගාව එක දෙනකම් ඉන්නේ
quik
loweth na macho all the best
හොට්ටා
සුපිරි මචෝ පට්ටම ෆිල්ම් එකකට සබ් දුන්න එක දිගටම සබ් දෙමු
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
එල එල බාගන්නම්කෝ