Watch Trailer

The Amazing Spider-Man (2012) Sinhala Subtitles |අරුම පුදුම මකුළු මිනිසා…[සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් පස්සේ අපේ බයිස්කෝප් හිතවතුන් වෙනුවෙන් 2012 වසරේ නිමවුන සුපිරිතම චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මෙය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තෙ මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නටත් පෙරාතුව සිටයි. ස්පයිඩර් මෑන් චිත්‍රපට පෙල නැරඹුවේ නැති අයෙක් සොයා ගන්න නැති තරම්. මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්… ඒ තරම් ජන…

ටික දවසකින් පස්සේ අපේ බයිස්කෝප් හිතවතුන් වෙනුවෙන් 2012 වසරේ නිමවුන සුපිරිතම චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මෙය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තෙ මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නටත් පෙරාතුව සිටයි. ස්පයිඩර් මෑන් චිත්‍රපට පෙල නැරඹුවේ නැති අයෙක් සොයා ගන්න නැති තරම්. මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්… ඒ තරම් ජනප්‍රියතාවයක් ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාවට හිමිව තිබෙනවා. මේ ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාවේ නවතම නිකුතුවයි.

මීට පෙර තිර ගත වූ ස්පයිඩර් මෑන් චිත්‍රපට පෙළෙහි කථා තේමාව හැමෝම දන්නවා ඇතැයි සිතනවා.. ඒ නිසා ඒ ගැන සඳහනක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. කෙසේ වෙතත් මෙය පෙර චිත්‍රපටවලින් පැවත එන කොටසක් සේ නිර්මාණය නොකොට එයින් බැහැරව අළුතින් සම්පූර්ණ කථාවක් ලෙස ගොඩනගා කර තිබෙනවා. සුපුරුදු පරිදි “පීටර් පාකර් ” වටා මේ කථාව නිර්මාණය වී තිබෙන්නෙ. ඔහු එක්තරා පිරිසකට පමණක් වෙන් වූ යම් ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා හොරෙන් ඇතුළු වනවා. ඒ අතුළුවීමේදී ඔහුට මකුණකු දෂ්ඨ කරනු ලබනවා. ඉන් පසුව ඔහුගේ ශරීරයේ ඇතිවන වෙනස් වීම රටක් බේරා ගැනීමට ඉවල් වනු ඇති බව ඔහුට ඒ මෙහොතේ නොසිතෙන්නට ඇති. පීටර් පාකර් යනු මිතුරන්ගේ උසුළු විසුළු වලට නිරන්තරයෙන් මුහුණ දෙන අහිංසක සිසුවෙක්. ඔහුට පාසලේදී හිතවතියක් මුණ ගැසෙනවා.. ඒ හිතවත්කම ආදරයක් දක්වා දුර දිග යනු ඇතැයි විටක සිතේ.. එය බිඳ වැටෙන්නෙ මන්ද..? කුඩා කලදීම දෙමාපියන්ගෙන් වෙන්වූ පාකර් හැදී වැඩෙන්නේ තම මාමා සහ නැන්දා සමගින්. ඔහුගේ පියා ජාන පිළිබඳ කීර්තිමත් විද්‍යාඥයෙක්. පියාගෙන් මොහු වෙන් වන්නේ ඇයි..? ඒ පිළිබඳව පාකර් දැන සිටියේ නැහැ.. නමුත් තම මාමා සමඟ යම් කටයුත්තක් කරන අවස්ථාවකදී ඔහුට වැදගත් ලියවිලි කිහිපයක් හමුවනවා. එම ලියවිලි පිළිබඳව විස්තර පැහැදිලි කර ගැනීමට පීටර් උත්සාහ දරන්නෙ අපූරු වෛද්‍යවරයෙකුගේද උපකාර ඇතිවය. එම විස්තර වෛද්‍යවරයා අතට පත්කිරීමෙන් මහා විනාශයක් සිදුවීමට අඩි තාලමක් දැමුවායැයි පීටර් පාකර් දැන සිටියේ නැත. කෙසේ හෝ අවසානයේ බිහිවන විකාරූපී අතිභයංකර සත්වයෙකු සමඟ සටන් කර මහජනතාව බේරා ගැනීටම ඉදිරිපත් වීමට සිදුවන්නේ පීටර් පාකර් හටය.. එනම් ස්පයිඩර් මෑන් හටය..

ඔහුට සටන ජය ගත හැකිවේද.. ඔහුගේ සහායට කිසිවෙකු සිටීවිද.. ඔහුගේ ආදරයට කුමක් සිදුවේද.. ඔහුගේ පියාට සිදුවූයේ කුමක්ද.. ගැටළු රාශියකි.. ත්‍රාසය, භීතිය හා කුතුහලය සේම ආදරයද සමසේ කැටිකරගත් මෙය මුල සිට අග දක්වාම එක දිගට නැරඹිය හැකි චිත්‍රපටයක් බව නොකියා සිටිය නොහැක. මෙය සැමට නැරඹිය හැකි අතර යම් දර්ශන පෙලක් ළමුන්ට ඒ තරම් සුදුසු නොවන බවද සිහිපත් කරමි. මේ උපසිරැසි ගැන්වීම සඳහා ශක්තියක් වූ විකියා සහ වාසල සොයුරන්ට මාගේ ස්තූතිය හිමිවේ. ඔබගේ අදහසක් හැකිනම් තබා යන්න. නැවතත් සිංහල උපසිරැසි ගැන්වූ චිත්‍රපටයක් රැගෙන එන බලාපොරොත්තුවෙන් සමුගනිමි. සැමට ජය!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

14,071 downloadsDownload The-Amazing-Spider-Man-2012-SinhalaSubs.Baiscopelk1.zip122 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් ගමගේ දෙල්ලව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011/01/25

Subtitles by

දිනේෂ් ගමගේ

Subtitles

14,071 downloadsDownload Subtitles122 KB

161 comments

  1. Isuru

    patttaaaaa machooooo

  2. Ruvishanka

    Thnx Hode ela vadak

  3. ccnp

    ela ela meyka denakm unnneee thxxxxxxx

  4. ganidu

    පට්ට ආව ගමන් දීලා නේ උපරිමයි දිනේෂ් ජයම වේවා

  5. Harsha Lahiru

    මචෝ උබනම් දෙයියෙක්....

  6. mihin ලංකා

    ජයම වේවා පට්ට පට්ට ලොවෙත් නෑ

  7. uda

    හා මේ දෙල්ලව නේ...
    ඉදලා ඉදලා දුන්න නේද පාරක්?

    නියමයි සහෝ, මේක කලින් ඒවත් එක්ක ගැළපෙන්නේ කොහොමද කියලා දැනගන්නකම් නොඉවසිල්ලෙන් උන්නේ, දැන් ඉතිං බැලුවෑකි, තව පොඩි එකක් තිබ්බනම් තමා තමා හැබැයි මට හරියන්නේනම්!

    අද ද කොහෙද නේද මේකෙ පිටපත් බැහැරැව්වෙ.
    ඒ කියන්නේ ආව ගමන් දුන්න එහෙනම්!!! හා...
    ඉදිරියටත් තව නැවුම් ඒවා ගේන්ඩ ඔන්න හොදේ...
    ජය!

  8. quik

    oh my god :) thxxx

  9. රොයිලි

    බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P

  10. vee

    පට්ට පට පට බයිස්කෝප් නම් මැක්සා දිනේෂ් සහෝ තවත් හොද ඒවාට සබ් ඕනේ

  11. Didula Kd Silva

    ඔන්න මමත් බා ගත්ත..මේක බලන්නම තමයි හිටියෙ.බොහොම ස්තූතියි෴

  12. naleen

    loweth na thaxxxx macho

  13. උදාර

    දිනේෂ් දුන්නොත් සුපිරිම තමා ඔන්න අපිත් ගන්නවා

  14. යසිරු මධුක

    පට්ට පට පට දිනේෂ් අයියේ. අනිවා බලනවා.

  15. elakiri

    එල එල අදම බලන්න ඕනේ මේක බොහෝ තුති

  16. rohan

    Maxxa macho

  17. lasidu

    බයිස්කෝප් ජය වේවා :)

  18. දිනිඳු සම්පත්

    මේක දෙනකල් තමයි බලාගෙන හිටියේ.. කැමරා කොපි දිහා බලන්නවත් දැන් හිතෙන්නෙ නැහැනේ.. අපේ මේ බයිස්කෝප් අඩවියෙන් චිත්‍රපටියක හොඳ පිටපතක් නිකුත් උන ගමන්ම සිංහල උපසිරැසි එක්ක දෙන වැඩේ නම් ඇත්තටම එළකිරි.. ස්තූතියි දිනේෂ් සහෝ.. ජයවේවා කිව්වා.. දැන්ම මාත් බෑවෙන්න දානවා...

  19. යසස්

    එලය එලය පට්ටය

  20. chamara

    Thxx lot macho

  21. f_live

    අපිත් බයිස්කෝප් එක්කම තමා ආයේ කියන්න දෙයක් නෑ වැඩේ පට්ට මේ සයිට් එක තව තවත් දියුණු වේවා !!!!!!

  22. ruwanthicellular

    බලාගෙන ඉදපු එකම දාලා.නියමයි..............

  23. Ishan

    Im the 1st!!!!!

  24. MXX

    අනිවා මේක එනකම් උන්නේ ජය වේවා අපේ සහෝලට

  25. bandula

    :) thxxxxxxxx

  26. පැතුම්

    තවත් සබ් දාහන් කොල්ලෝ උබලා නම් නියම සෙට් එකක්

  27. වා.මු.නිලන්ත පියසිරි

    ආව ගමන් දුන්නා නේද මලයා. බොහොම පිං දැන් නම් බලන්න බයිස්කෝප් ගොඩ ගහලා. දිනේශ් ඉතිත් දුන්නා නම් දුන්නා තමයි. කොහොම මේ තරම් ඉක්මනට සිංහල උප සිරැසි දාන්නේ: මොකක් හරි අනුවර්තන යන්තරයක් වත් මූ ගාව තියෙනවා ද දන්නේ නැහැ. කෙසේ නමුත් පිං දීලා එහෙනම් බලන්නම්. තව තවත් සිංහල උප සිරැසි දැමුමට දිරිය විරිය සහ සවිය ලැබේවා යි පතමි. ජයෙන් ජය වේවා!

  28. kalinga

    අඩේ දෙල්ලව පට්ට හොදේ මේක එනකම් උන්නේ මේකේ පරණ 2 කයි 3 ටත් සබ් දෙන්න ඔන්න

  29. කැලුම් ගුණසේකර

    දිනේෂ් දුන්නා කියන්නේ අයේ ඉතින් අහන්නත් දෙයක් ද? එළ එළ. ජයවේවා.

  30. damith

    wow....maru maru machan

  31. හොට්ටා

    අඩේ අඩේ සබ් දීලා පට්ට පටට පට්ට

  32. Kasun Thrilanka

    Ela Ela....thanx bro...

  33. rusuru | රුසිරු

    බලන්න ඕනේ අනිවා පුළුවන් තරම් ඉක්මනට :)

  34. dj

    පට්ට පට්ට ජය වේවා :)

  35. එරංග

    එලම තමා දිනේෂ්

  36. සිංහලයා

    මේකේ හොද කොපි එනකම් උන්නේ ආව ගමන් සබ් දුන්න එක වටිනවා

  37. Pushpe

    THANKS SAHO

  38. AL1717

    @ දිනේෂ් ගමගේ කියන්න වචන නැ අද උදේ ෆිල්ම් එක අවුට් උන ගමන් මමත් බා ගත්තා.

    මේච්චර ඉක්මනට සිංහල සබ් එක දුන්නට තැන්ක්ස් වේවා...

  39. g-a-n-d-u

    සුපිරි සුපිරි මචං වැඩේ දිගටම කරමු

  40. darshana

    Meyke hoda copy anakam unne.thxz

  41. වෙනුර

    සබ් වලට පින් අත් වේවා සහෝ

  42. akila

    මේ සයිට් එක පට්ට හොදේ ඒ වගේම සබ් දෙන කට්ටියත් :)

  43. sampath

    Loku deyak sub dunna aka

  44. මංජුල

    නියමයි උපරිමයි සහෝ ඔයාගේ සබ් ගැන කුමන කතාද

  45. කැළුම්

    එලස් එලස් මේක නම් පට්ට මචෝ

  46. tharanga

    Man asama kathawak sub walata thxz

  47. අරුණ

    ජය වේවා

  48. chamath cafe

    බයිස්කෝප් එකෙන් දෙන්නේ කවදත් හොදම දේ පට්ට යාලුවා

  49. eranga

    Maxxama macho

  50. ns

    thanx...

Load more comments