Black Phone 2 (2025) Sinhala Subtitles 2025 වසරේ නිෂ්පාදනය කරන ලද “බ්ලැක් ෆෝන් 2” චිත්‍රපටය 2021 වසරේ තිරගත වුණු “බ්ලැක් ෆෝන්” චිත්‍රපටයේ දෙවන කොටසයි. ස්කොට් ඩෙරික්සන් විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයේ තිරරචනය සී. රොබට් කාගිල් සමඟ එක්ව ඔහු විසින්ම රචනා කර ඇති අතර ජේසන් බ්ලම් විසින් නිෂ්පාදනය කර…

Black Phone 2 (2025) Sinhala Subtitles
2025 වසරේ නිෂ්පාදනය කරන ලද “බ්ලැක් ෆෝන් 2” චිත්‍රපටය 2021 වසරේ තිරගත වුණු “බ්ලැක් ෆෝන්” චිත්‍රපටයේ දෙවන කොටසයි. ස්කොට් ඩෙරික්සන් විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයේ තිරරචනය සී. රොබට් කාගිල් සමඟ එක්ව ඔහු විසින්ම රචනා කර ඇති අතර ජේසන් බ්ලම් විසින් නිෂ්පාදනය කර තියෙනවා. ඊතන් හෝක්, මේසන් තේම්ස්, මැඩලීන් මැක්ග්‍රෝ සහ ජෙරමි ඩේවිස් නැවතත් තම චරිත නිරූපණය කර ඇති අතර ඩෙමියන් බිචිර් නව නළුවෙක් විදියට එක් වී තිබෙනවා. චිත්‍රපටය 2025 ඔක්තෝබර් 17 වැනිදා යුනිවර්සල් පික්චර්ස් ආයතනය මගින් එක්සත් ජනපදයේ තිරගත වීම සිදුවුණා.
2022 ජූනි මාසයේදී ස්කොට් ඩෙරික්සන් කියලා තියනවා ජෝ හිල් තමන්ගේ “20 වැනි සියවසේ නිර්මාණය කළ අද්භූත” කතා වස්තුවට හානියක් වන පරිදි නව නිර්මාණයක් ගෙන ඒමට සිතා නොසිටියත්, මුල් චිත්‍රපටය සාර්ථක වුණොත් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වන අලුත් චිත්‍රපටයකට “හොඳ අදහසක්” ඔහු යෝජනා කළ බවයි. අගෝස්තු මාසයේදී, ඩෙරික්සන් සහ හිල් දෙදෙනාම තහවුරු කළේ අනුචිත්‍රපටයක් නිර්මාණය කිරීමට ස්ටූඩියෝව සමඟ සාකච්ඡා පැවැත්වූ බවයි. ඩෙරික්සන් ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමට හේතු වූ කරුණු අතර මුල් චිත්‍රපටයේ මූල්‍යමය සාර්ථකත්වය ගැන සඳහන් කළා. ග්‍රැබර්ගේ මුහුණු වැස්මෙන් ලැබුණු “සංකේතාත්මක දර්ශන” අනුචිත්‍රපටයක් ලිවීමට පෙළඹවීමට හේතු වූ බව හිල් පවසා තිබුණා.

Black Phone (2021)
1978 වසරේදී, කොලරාඩෝ හි උතුරු ඩෙන්වර් නගරයේ උපනගරයක “ද ග්‍රැබර්” නමින් හඳුන්වන ළමුන් පැහැරගන්නෙක් සහ මිනීමරුවෙක් සැරිසරමින් හිටියා. ෆිනී බ්ලේක් සහ එයාගේ නංගි ග්වෙන් ඒ ප්‍රදේශයේ ජීවත් වුණා. මෙයාලගේ තාත්තා ටෙරන්ස් මත්පැන්වලට ඇබ්බැහි වෙලා දරුවන්ට හිරිහැර කරන කෙනෙක්. මෙයාලගේ අම්මා නිතර දැකපු බිහිසුණු මනෝමය විකෘති හීන නිසා සියදිවි නසාගෙන තිබුණා. ඉස්කෝලෙදි ෆිනීට නිතර හිරිහැර වුණත්, මෙයාගේ යාළුවා වෙච්ච රොබින් ඒ අයව පන්නලා දැම්මා.
අම්මගෙන් ලැබුණු හැකියාව නිසා ග්වෙන්, බෲස් කියන කොල්ලව ග්‍රැබර් පැහැරගත්තු හැටි හීනෙන් දැක්කා. රයිට් සහ මිලර් කියන පොලිස් පරීක්ෂකවරු දෙන්නා පාසලේදී ග්වෙන්ගෙන් විස්තර ඇහුවා, මෙයා ග්‍රැබර් ගැන මොනවා හරි දැනගන්න ඇති කියලා හිතලා. ටෙරන්ස් මේක දැනගත්තම ග්වෙන්ට ගැහුවා. ඊට පස්සේ ටික දවසකින් ග්‍රැබර් රොබින්ව පැහැරගෙන ගිහින් ෆිනීවත් අරගෙන ගියා.
ෆිනී ඇහැරුණේ කිසිම ශබ්දයක් එළියට නොයන විදියට හදලා තිබුණු යටිමහලක. එතන බිත්තියේ කළු පාට අංක කරකවන දුරකථනයක් එල්ලලා තිබුණා. එක එක වෙලාවට ඒක නිකමට වගේ නාද වෙනවා. මුලින්ම ෆිනී ඒක ඔසවලා අහද්දී ක්‍රියා විරහිත ශබ්දයක් විතරයි ඇහුණේ. ඊට පස්සේ බෲස්ගේ කටහඩ ඇහිලා කිව්වා බිම තියෙන ටයිල් එකක් ගලවලා යටිමහලෙන් පැනලා යන්න උමගක් හාරන්න පුළුවන් කියලා. ෆිනී හාරන්න පටන් ගත්තත් ගෙදර අත්තිවාරම හරි ගැඹුරට තිබුණු නිසා ඒකේ යටින් යන්න බැරි වුණා.

ග්‍රැබර් ෆිනීට කෑම ගෙනල්ලා දීලා යටිමහලේ දොර අගුල් දාන්නේ නැතුව ගියා. ෆිනී දොරෙන් එළියට යන්න හදනකොට තවත් එක් ගොදුරක් වුණු බිලී දුරකථනයෙන් කතා කරලා කිව්වා ග්‍රැබර් දඬුවම් දෙන්න ඉහළ තට්ටුවේ ඉන්නවා කියලා. බිලීගේ අදහසක් අනුව ෆිනී හැංගිලා තිබුණු කේබල් එකක් දිගේ යටිමහලේ ජනේලය ළඟට නැග්ගා. ඒත් එතනදී ජනේලයේ තිබුණු දැල කඩාගෙන වැටුණු නිසා ආයේ ජනේලය ළඟට යන්න විදියක් නැතුව ගියා.
ග්වෙන් තාත්තට තමන් දකින හීන ගැන කියද්දී, රයිට් සහ මිලර්, මැක්ස් කියන උන්මත්තක විකෘති වගේ මිනිහෙක්ගෙන් ප්‍රශ්න කරනවා. මැක්ස් තමන්ගේ සහෝදරයා එක්ක තමයි මේ ගම් පළාතේ ඉන්නේ. ග්‍රැබර්ගේ මේ අපරාධ ගැන මැක්ස් ගොඩක් උනන්දු වෙනවා. මැක්ස් දන්නෙවත් නෑ ෆිනී ඉන්නේ තමන්ගෙම ගෙදර යටිමහලේ කියලා. ග්‍රැබර් තමයි මැක්ස්ගේ සහෝදරයා.
ෆිනීට ග්‍රිෆින් කියන තවත් ගොදුරක් වුණු කෙනෙක් කතා කරලා ගෙදර ඉදිරිපස දොරේ අගුලේ අංක කියලා දුන්නා. ඒ වෙලාවේ ග්‍රැබර් නිදාගෙන ඉන්නවා කියලත් කිව්වා. ෆිනී රහසේ ගිහින් දොර අගුල ඇරියත් සැම්සන් කියන බල්ලා බුරලා ග්‍රැබර්ව ඇහැරෙව්වා. මිනිහා ෆිනීව ආයෙත් අල්ලගත්තා. ඊට පස්සේ වැන්ස් කියන තවත් ගොදුරක් වුණු කෙනෙක් දුරකථනයෙන් කතා කරලා කිව්වා බිත්තිය කඩලා අල්ලපු කාමරේ තියෙන ශීතකරණයට රිංගන්න පුළුවන් කියලා. ෆිනී ඒක කළත් ශීතකරණයේ දොර අගුල් දාලා තිබුණා. ෆිනී තමන්ගේ ඉරණම ගැන බලාපොරොත්තු අත්හැරලා ඉන්න වෙලාවේ රොබින් අන්තිම වතාවට දුරකථනයෙන් කතා කරලා කිව්වා තමන්ව ආරක්ෂා කරගන්න නැගිටලා සටන් කරන්න කියලා. එයා කිව්වා දුරකථන රිසීවරය ඇතුළට වැලි පුරවලා ඒකෙන් ගහන්න කියලා.

ග්වෙන් හීනෙන් දැකපු ග්‍රැබර්ගේ ගෙදර ලිපිනය රයිට්ට සහ මිලර්ට දුන්නා. පොලීසිය ඒ ගෙදරට ගිහින් යටිමහලේ වළදාලා තිබුණු මිනී ටික හොයාගත්තා. මේ අතරේ මැක්ස් තමන්ගේ උමතු මිනීමරු සහෝදරයගෙන් ෆිනීව බේරගන්න යටිමහලට ගියා, ඒත් ග්‍රැබර් පොරොවකින් ගහලා මිනිහව මරලා දාලා ෆිනීට පහර දෙන්න ගියා. ෆිනී මීට කලින් පැනලා යන්න උත්සාහ කරද්දී හදාගත්තු දේවල් පාවිච්චි කරලා ග්‍රැබර්ව වලකට දාලා, රිසීවරයෙන් ගහලා, දුරකථන වයරෙන් බෙල්ල මිරිකලා මිනිහව මරලා දැම්මා. ඒ වෙලාවේ මියගිය අනිත් ගොදුරු වුණු අයගේ හඬවල් ග්‍රැබර්ට සාප කරනවා ඇහුණා. ග්‍රැබර් මැරුණට පස්සේ ඒ මළගිය ආත්මවලට සාමය ලැබුණා. මොකද ෆිනී එයාලා හැමෝම වෙනුවෙන් පළියගත්ත නිසා.
ශීතකරණයේ තිබුණු මස් කෑල්ලක් සැම්සන්ට විසි කරලා ඌව වෙනතක යවලා ෆිනී ගෙදරින් එළියට ආවා. පොලීසිය වැරදි ගෙදරකට ගිහිල්ලා තිබුණේ. ඇත්ත ගෙදර තිබුණේ ඊට එහා පැත්තේ. ටෙරන්ස් අඬමින් ෆිනීගෙන් සහ ග්වෙන්ගෙන් සමාව ඉල්ලුවා කලින් කරපු දේවල්වලට. ටික කාලයකට පස්සේ පාසලේ වීරයෙක් විදියට සැලකෙන ෆිනී තමන් හිතින් ආදරය කරන කෙල්ල ළඟට ගිහින් ඒ කෙල්ලට කියනවා “මට ෆින් කියලා කතා කරන්න” කියලා.
Black Phone 2 (2025)

මේ ෆිල්ම් එකේ කතාව මම කෙටියෙන් ඔයාලට කියන්නම්,
1982 වසරේදී, පළමු චිත්‍රපටයේ සිදුවීම්වලින් අවුරුදු හතරකට පස්සේ, ෆිනී බ්ලේක් තමන්ව පැහැරගෙන ගිය සහ තමන් විසින් මරා දැමූ “ග්‍රැබර්” සමඟ සිදුවූ සිද්ධීන්වල කම්පනයෙන් ගොඩ එන්න උත්සාහ කරනවා. ඒ අතරතුර, මානසික බලයක් ඇති මෙයාගේ සහෝදරිය වන ග්වෙන්, මරලා දාපු ළමයින් ගැන බිහිසුණු දර්ශන දකිනවා වගේම දුරකථනයක් නාද වන බියකරු සිහින දකිනවා.
එහෙනම් ෆිල්ම් එක බලන්න.
මගේ 200* වෙනි ෆිල්ම් එකෙන් ඊළඟට හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,199 downloadsDownload Black-Phone-2-2025-1.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
4 comments
Buddhika laKMal
English movie lover
Sew Torn 2024 movie. Sub title one yalu
Prasad
Thanks for the sub bro
Sachin harshana
The Smashing Machine (2025)
Ane please sub eka hadala dannako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝම ස්තූතියි ශෙහාන් සහෝ මේකට සබ් දුන්නට