දිගින් දිගටම හින්දි දුන්න හින්ද වෙනසකටත් එක්ක ආයෙත් සැරයක් පටන් ගත්ත තැනට එන්න හිතුවා. ඒ කියන්නේ ආයෙත් ඔන්න ඉංග්‍රීසි චිත්‍රපටයක් දෙන්නයි මේ හදන්නේ. මීට කලින් මේකට සබ් දෙන්න බාර අරන් තිබ්බ කියල පොඩි මතකයකුත් තියෙනවා. ඒ කොහොම වෙතත් දැන් ඔන්න මම ම දෙන්නයි මේ හදන්නේ. හරි දැන් එහෙනම් වෙන කතා පැත්තකින්…

දිගින් දිගටම හින්දි දුන්න හින්ද වෙනසකටත් එක්ක ආයෙත් සැරයක් පටන් ගත්ත තැනට එන්න හිතුවා. ඒ කියන්නේ ආයෙත් ඔන්න ඉංග්‍රීසි චිත්‍රපටයක් දෙන්නයි මේ හදන්නේ. මීට කලින් මේකට සබ් දෙන්න බාර අරන් තිබ්බ කියල පොඩි මතකයකුත් තියෙනවා. ඒ කොහොම වෙතත් දැන් ඔන්න මම ම දෙන්නයි මේ හදන්නේ. හරි දැන් එහෙනම් වෙන කතා පැත්තකින් තියල ආපු වැඩේට බහිමු.
2010 වසරේ දි නිකුත් වුණ Black Swan කියන්නේ මෑත කාලයේ දී බිහිවුණ විශිෂ්ටතම psychological thriller ගණයේ චිත්‍රපටයක්. දැනට IMDb Top 250 ලිස්ට් එකේ 124 වැනි ස්ථානය දිනාගෙන තියෙන මේ නිර්මාණයේ රේටින්ග්ස් ගාණ කිව්වොත් ඒක 8.3/10 ක්. ඒ වගේම Black Swan චිත්‍රපටය ඔස්කා සම්මාන ඇතුළු සම්මාන 47 ක් දිනාගෙන තවත් සම්මාන 109 ක් සඳහා නිර්දේශවෙලා තියෙනවා. මෙහි එන ප්‍රධාන චරිතවලට Natalie Portman (නීනා), Vincent Cassel (තෝමස්), Mila Kunis (ලිලී) යන නළු නිළියන් රංගනයෙන් දායක වන අතර Darren Aronofsky තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ.
දැන් අපි මේකෙ කතාව මොකක්ද කියලත් පොඩ්ඩක් හොයල බලමු.
නීනා කියන්නේ බැලේ නැටුම් ශිල්පිනියක්. ඇය මුළු ජීවිතයම කැප කරලා තියෙන්නේ ඒ වෙනුවෙනුයි. ඇගේ එකම අරමුණ වෙන්නෙත් තමන් කරන කටයුත්ත තුළ පරිපූර්ණත්වයට පත් වෙන්නයි. මේ අතර ඉදිරියේ දි පැවැත්වෙන “හංස විල” කියන බැලේ නාට්‍යය වෙනුවෙන් නීනා ඇතුළු කණ්ඩායම පුහුණුවීම් කරනවා. තෝමස් තමයි මේ නාට්‍යයේ අධ්‍යක්ෂවරයා. අම්මත් එක්කම හැදුණු නීනාට තෝමස් කියන්නේ වෙලාවකට දරා ගත නොහැකි තරමේ රළු චරිතයක්. ඒ වගේම යම් යම් අවස්ථාවල දී ඔහුගේ අවශ්‍යතාවන්වල ගොදුරක් වෙන්නත් නීනාට සිද්ධවෙනවා. මේ අතර තම කණ්ඩායමේ ම ඉන්න ලිලී කියන සාමාජිකාවත් ඇය දකින්නේ තමන්ගේ ගමනට එල්ල වෙන අභියෝගයක් විදිහටයි. කොහොම වුණත් මේ හැම බාධා මධ්‍යයේ වුණත් තම අරමුණ කරා යෑමයි නීනාගේ උත්සාහය. ඇත්තටම තම අරමුණ උදෙසා ඇයට මොන මොන දේ කැප කරන්න සිද්ධවෙයි ද ? එහෙනම් ඒ ගැන දැනගන්නත් එක්ක ඔයාලම බාගෙන බලන්නකෝ…..
දීලා තියෙන 308mb BRrip එක හින්ද මං හිතනව හැමෝටම මේක බාගෙන බලන්න පුළුවන් වෙයි කියල. හැබැයි ඔයාල මේක බලන්න කලින් විශේෂ දැනුම් දීමකුත් කරන්න කැමතියි. ඒ තමයි මේ චිත්‍රපටය වඩාත් සුදුසු වන්නේ වැඩිහිටියන්ට යන්නයි. මෙහි එන සමහර දෙබස් කාණ්ඩත් බාල වයස්කරුවන්ට ගැලපෙන්නේ නැහැ. මං සිංහල උපසිරැසි යොදන කොට සමහර දෙබස් කාණ්ඩවල සැර බාල කළත් හැම තැනක දිම එහෙම කළේ නැහැ. ඒ අදහස විකෘති වෙන හින්දයි.
එහෙනම් ඉතිං ඉඩක් තියෙන විදිහට තවත් චිත්‍රපටයක් සිංහල සබ් එක්කම ඔයාල අතරට අරන් එන අදහසින් දැනට සමුගන්නම්. හැමෝටම ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/udara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කේ.යූ.ජී.උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011/08/16
Subtitles by
කේ.යූ.ජී.උදාර
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
88 comments
Djwathila
Alaya
Daaahh ada mama 1st for da 1st tym..thnkx sahoo subs walatayi movie 1tayi..onna baawa udenma :D
Alaya
ayyoo nah 2nd :/
uda
මරු සහෝ, මේක කලිනුත් සිංහල එක්ක දෙනවා කියලා දාලා තිවුණා තමයි. ඒත් එහෙම නොදුන් නිසා මම මේක තව බැලුවේ නෑ. ඩොඩාක් ටැන්කූ ආපහු සැරයක් ඒ ගැන අවධානය යෙදෙව්වට. දැන්නම් ඔන්න බලනවා ඔයාගේ උපසිරැසිත් එක්ක.
එහෙමනම් ආයෙම එකකින් හමුවෙමු නේහ්...හශාන් (චන්ද්‍රකුමාර)
අම්මටසිරි.......“කේ.යූ.ජී. උදාර” සහෝ එල වැඩක් නෙ....ගින්දර වගේ සබකුත් දාල තියෙන්නෙ......ගින්දර ආ..... ජයෙන් ජය....!
Reno Nuwan
මමගව මේ ෆිල්ම් එක තියෙනවා .එත් සිංහල සබත් එකක් බලන්න ඕන හින්ද දැන්නම් බලනවා ..තැන්ක්ස් මචෝ
madhawa
මම මේ ෆිල්ම් එක බැලුව මට මුකුත්ම තේරුනේ නැහැ, දැන් ආයෙත් සිංහල සබ් එක්ක බලන්න ඕන.... ගොඩාක් ස්තූතියි.
bee
elzzzzzzzzz.........tnx 4 sinhala subs.........:D
chamila
thanks......
sameera
monawa keyannada ala thama ..thanks ape wenuwen mahance unata jaya,,
විකියා
මේක නම මැක්සම මැක්සා බයිස්කෝප් එකක්..
බොහොමත්ම තුති විශිෂ්ට ගනයේ සිනමා නිර්මාණ සිංහල උපසිරසත් එකක්ම දෙන එක ගැන...ජයෙන් ජය~!
$uvin
එල වැඩක් නේ මචෝ.. සැර බාල කලේ නම් අපරාදේ.. අපි ඉතින් දැන් වැඩිහිටියෝ නේ.. he heee... ඔන්න අපිත් එහෙනම් බානවා.. හොදේ..
[DiN3sH]
maxxa.. thanks macho.
සංදීප
ඔන්න මාත් බෑවා...........
Anonymous
ela...thanks....
isuru
patta film 1kata ne sub dala thiyenne meka man gawa thibunath thama baluwe ne den nam sub 1kkama balanawa thanks for the sub
iud
elaz
Tharanga Darshana Ekanayaka
අප්පට සිරි.........
එළ ඈ.......
මම මේක බැලුවේ නෑ ඔයාලා දෙනවා කීව නිසා.........සාරංග ලියනගම
නියමයි උදාර සහෝ.. ඔයාගේ සබ් ගැන ඉතින් අහන්න දෙයක් නෑනේ.මම තාම මේක බලල නෑ.සබ් වලට වගේම 300MB කොපි එකටත් ගොඩක් ස්තූතියි
ලිට්ල් ජෝන්
thanks uda!
අනුත්
බොහොම ස්තුතියි
indikson
මමත් මේ ෆිල්ම් එක බලල තියනව. එක එක අය එක එක විග්‍රහ කරල තියනව මේ ෆිල්ම් එක ගැන. මටත් හරියටම තේරුම් ගන්න බැරි උනා මේ චිත්‍රපටියෙන් ගම්‍ය වෙන්නෙ මොකද්ද කියල. ගැඹුරින් හිතල බලන්න ඕනෙ.
මට නම් හිතෙන හැටියට මේකෙ කතානායිකාව Swan Lakeහි ප්‍රධාන චරිතය ලබාගැනීමට ඇති දැඩි ආශාව නිසා උමතු වෙනව කියල. කතාවෙ ගොඩක් හරිය ඇත්තටම සිද්ධ වෙන්නෙ නෑ කියල තමයි මට හිතෙන්නෙ. ගොඩක් හරිය hallucinations.
ගලේබන්ඩාර
thnkx saho
kodizz
niyamai
great work
keep it upරාම් රාජ්
ස්තූතියි.
dinnu
බොහෝම ස්තුතීයි සහෝ.
D_DASH
fatta thanks........ machan
indika
බොහොම ස්තුතියි
කේ. යූ. ජී. උදාර
ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි...
මං සබ් දාපු ඊළඟ චිත්‍රපටයත් ලඟදිම ඔයාලට බලන්න
පුළුවන් වෙයි.mindika
Thanks!!!!!!!!!!!!!!
Nishantha
thanx very much, specialy sinhala sub.
අමීර
බොහොම ස්තුතියි.......!!!!!
Madushanka Gamage
Thankz machan....!! :)
cc
apita miss wechcha hoda film 1k sub ekkama deela tiyenawane. thnkzz machoooo
me
Thanks
chamara
maxxa niyamai machooo thanks lot
for sinhala subtitle ... :)susantha
thnxxxxxxxxxxx :d
Soysa
මේ වගෙ ෆිල්ම්වලට සින්හල සබ් දෙන එකට ඔයාලට බුදුබව අත්වෙන්න ඕන!!! මෙ කෙල්ලට මානසික ...... තිබ්බත් ඒක එයාට පරිපුර්න වෙන්න උදව් වෙනව...
kkg
අනේ යාලුවා හින්දි වලට සබ් නොදි ඉංග්‍රිසි ෆිල්ම් වලට සබ් දෙන්න කොල්ලො හින්දි වලට වැඩිය ප්‍රිය නැත ජය වේවා
අබා
නියමායි උදාර සහෝ..මේ වගේ විශිශ්ඨ සිනමා කෘති වලට උපසිරසි ගැන්වීම ගැන....
දැන් BISCOPE.LK නැවතත් 1st ජයවේවා බයිස්කෝප්.අපි ඔබ සමගයි,Anonymous
affa මන් හිතුවේ මේක හොල්මන් ෆිල්ම් එකක් කියලා. මොනවා උනත් වැඩේ නියමයි bro..
Hashan
affa මන් හිතුවේ මේක හොල්මන් ෆිල්ම් එකක් කියලා. මොනවා උනත් වැඩේ නියමයි bro..
ama
බොහෝම ස්තුතීයි සහෝ.
chamara
godak thanks sinhala subtitle walata
nice movie ekak
anthimata ara kella marenawa??Anonymous
Thanks bro.......
iromi
nice one frnd.... like it.. thanks for ur subtitles it's working on VLC player also
thilina
Tks
AL1717
Thanks Macho
Onna mamath Banawa...
Me Patta Movie EkaThanks WEwaaa
Jaya WEwaaවා.මු. නිලන්ත පියසිරි
බොහොම පිං. බාලම බලමු. තව තවත් සිංහල උප සිරැසි දැමුමට දිරිය ලැබේවා.
මාටින්
තුති.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
I am 1st