2011 ජනවාරි මාසයේ තිරගතවීම ඇරඹු මෙම චිත්‍රපටය දෙමළ ගීත දර්ශකයේ ඉහලම ඇති ගීත කීපයක්ද ඇතුලත්ව ඇති සොදුරු සිනමා සිත්තමකි. කර්තික් මෙහි ප්‍රධාන චරිත 2 කට පණ පොවන අතර සුරෑපී නිලි තමන්නා බාති ඇතුලු සුපිරි නලු නිලි පිරිසක් රංගනයෙන් දායක වෙයි.. මෙහි අධ්‍යක්ෂණය සුපිරි සිනමා කතාකරු සිවාගෙනි. කතා තේමාව… රොකට්…

2011 ජනවාරි මාසයේ තිරගතවීම ඇරඹු මෙම චිත්‍රපටය දෙමළ ගීත දර්ශකයේ ඉහලම ඇති ගීත කීපයක්ද ඇතුලත්ව ඇති සොදුරු සිනමා සිත්තමකි. කර්තික් මෙහි ප්‍රධාන චරිත 2 කට පණ පොවන අතර සුරෑපී නිලි තමන්නා බාති ඇතුලු සුපිරි නලු නිලි පිරිසක් රංගනයෙන් දායක වෙයි.. මෙහි අධ්‍යක්ෂණය සුපිරි සිනමා කතාකරු සිවාගෙනි.
කතා තේමාව…
රොකට් රජා (කර්තික්) තමන්ගේ දක්ෂතාවය උපයෝගීකර ගනිමින් හොරකම් කරන පුද්ගලයෙකි. කාටුපුචි ඔහුගේ සමීපතම මිතුරාය.. වෘත්තීය හොරකමකට ගොස් අහම්බෙන් හමුවන තම ආදරවන්තියද කෙටි කලකින් අහිමි වන්නේ ඔහුගේ හැඩරුව ඇති රත්නවේලි පාන්ඩියන්නම් පොලිස් කාරයෙකු නිසාය… මෙහිදී රොකට් රජා මුහුණ දෙන ගැටලු සහ ඒවා ඔහුගේ දක්ෂතාවයෙන් විසඳා ගන්නා ආකාරය සහ රත්නවේලී පාන්ඩියන්ට අවසන් කිරීමට නොහැකි වූ රාජකාරියේ ඉතිරි කොටස,ඔහු විසඳන ආකාරය හාස්‍යය සමගින් පුරා විනාඩි 154 ක් පුරා සිංහල උපසිරැසි සමගින් රස විඳින්නට ඔබටත් ආරාධනා…
උපසිරැසි වල අඩුපාඩු තිබුනොත් සොරි හොඳේ…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Djwathila” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-11-08
Subtitles by
Djwathila
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
78 comments
සාරංග ලියනගම
සංදීප
මම මේ movie එක බලලා තිබෙනවා..නියම movie එකක්.මේක release වුනේ ගිය අව්රුද්දේ ජනවාරි වල.මේකේ action කෑලි ටික නියමයි.මචන් thanka සිංහල sub එක්ක මේක දැම්මාට.
chamila
thanks..
ns
බොහොම ස්තුතියි....
Oneshot
මේකේ හින්දි රීමේක් ඒක මේ අවුරුද්දේ රිලීස් වෙනවා. අක්ශේ කුමාර තමයි ඉන්නේ.
Tharanga Darshana Ekanayaka
තැන්ක්ස් ඈ............
විකියා
කාර්තික් කියන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ නළු සුර්යාගේ සහෝදරයා..
මොහු රගපෑමට ඇවිත් ටික කලක් වුනත් කරපු හැම බයිස්කෝප් එකක් වගේම හොදටම ජනප්‍රිය වුනා..මේකත් ඒ වගේ මැක්සා බයිස්කෝප් එකක්..අනිවා හැමෝම බලන්න..ආ..තව දෙයක් කාර්තික් රගපාන තවත් බයිස්කෝප් එකකට මමත් උපසිරස යොදමින් ඉන්නේ..ඉක්මනින් ඒකත් දෙන්න බලන්නම්..
ජයෙන් ජය~!
uda
එළ මචෝ එළ; හැමදාම ඉංග්‍රිසිම බලනකොටත් එපා වෙනවා...
ඒ නිසා වෙනසකටත් එක්ක මෙහෙම එකක් දෙන එක සෑහෙන වටිනවා...
මම සාමාන්‍යයෙන් හින්දි, ටැමිල් ඒවා බාන්නේ නැත්තේ ගොඩක් ඒවා රීමේක් නැත්නම් ඕවර්ඩෝස් නිසයි...
ඒ වුණත් මෙහෙම එකකුත් ඉඳලා හිටලා හරි බලන එක හොඳයි...
ඒ නිසා මේ වගේ ඒවාට සිංහල කරන සහෝලාගෙන් ඉල්ලන්නේ දිගටම මෙහෙම ඒවට සබ් හදන්න කියලායි...@ විකියා
මචං උඹ දීපු හින්දි එකත් ඉස්තරම්...
අනිකත් එහෙම ඇතිනේ.@#?tharindudoo
වෙදාගේ නිර්මාණයක් නේද,
එල එල,තෑන්කූකේ. යූ. ජී. උදාර
සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් ගෙනාවට බොහොම ස්තූතියි සහෝ...
Gayan
ela wadak....thx a lot... keep it up !!!!
$uvin
අහා.. මේ තියෙන්නේ එල Mivie එකක්..! සිරාවටම.. ටැමිල් තෙර්රෙන්නේ නැති කමට මම නොබලා ඉන්නවා මිසක් නැත නම් ටැමිල් ඒවා මෙහෙම දෙනවා නම් ටැමිල්ම බල බල ඉන්නවා මම! එච්චරට maxxa ටැමිල් එව්වා.. Thanx machooooo.... වැඩි වැඩියෙන් ටැමිල් එව්වා දෙන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා...
[DiN3sH]
නියමයි මචං.. දෙමළ ෆිල්ම් ඒ 2 කට වඩා බලලා නෑ.. මේක බලන්න ඕන කියලා හිතුනා.. සුබ පතනවා!
charith danushka
නියම්යි සහො මරැ චිත්‍රපටියක් සිංහල සබ් එකත් එක්ක දුන්නාට ස්තුතියි.....තව තව සබ් දලා චිත්‍රපටි දෙන්න ශක්තිය දහිරය ලැබේවා....!!!(y)
Tisa හාමි
wow wow wowwwww.....niyamai macho..kaalekata passe tamil ekak..
Djwathila
හැමෝටම ගොඩක් ස්තුතියි.....
shiwantha
niyamai thanx machan :D
ලිට්ල් ජෝන්
Djwathila” thanks brawo
D_DASH
fatta thanks......... machan..... nice work......
D_DASH
Kiyala wadak na ban.. tamil balanawanam sub onimai ban.. thankss... ban...
AL1717
Elakiri Machan thanks Me Tamil Movie Ekatai
Sinhala Sub EkataiOnna Mamath Gattha Jaya Wewaaa
hashan
meenna paatta baiscope ekak dhaala .....man balapu lassana film ekak.........yako me minissunta monaa welaada......honda film ekak dammama comment ekak wath danna bari yakku tikak ne lankaawe inne........man nan dannawa sIn eka.........ayi ithin meka tamil film ekak ne..........danne nathi ewn aha ganilla.....oya kasu busu gaana...english films walatayi.........hayi huyi gaana hinidi kabal walatayi wadiya me demala film patta lassanayi.........wadi hariyaka tamil film balanne naththe un hena suddo kiyala pennanna.......ane pade dhanne nathuwa oya film eka baagena balalhalla........film honda naththan mata banapalla............“Djwathila” sho oyaa karala thiyenne ela wadak.....hamadama me wage ela film danna oyaata man suba pathanawa...........jaya wewa..!!! budusaranayi.....!!!
තිවංක
Thanks Macho
හසිත
Film එක හොඳයි වගේ බාගෙන බලන්නම්. Tamil films වලටත් සිංහල sub දෙන එක හොඳයි. මොකද, යම්කිසි නොදන්නා හේතුවක් හින්ද ලංකාවෙ බහුතර සිංහල අයට Tamil වලට වඩා Hindi තේරෙනව. ඒ වගේම Tamil Films වලට වඩා Hindi Films සිංහල අය අතර ජනප්‍රියයි.
ඉතින් දැන් අපේ රටේ යුද්ධෙත් ඉවර නිසා සිංහල දෙමල අපි දෙගොල්ල තවදුරටත් වෙන්වෙලා ඉන්න ඕන නෑ. ඒකට තියෙන හොඳම ක්‍රමයක් තමයි එකිනෙකාගෙ භාෂාවන් ඉගෙන ගන්න එක. ඒකට හොඳම ක්‍රමයක් තමයි Films බලන එක. ඉතින් මේකෙ සිංහල Sub තියෙන නිසා යම්තාක් දුරකට දෙමල වචන කෙලින්ම තේරුම් ගන්න අපිට හැකිවේවි කියල හිතෙනව.
“Djwathila” බොහෝම ස්තූතියි Sub එක දුන්නට.. මේ කරන වැඩේ තවදුරටත් හොඳින් කරන්න ලැබේවා කියල ජය පතනව....Jayan Chamal
Godak kalekata passe mama ai ava mage conection ekata hena gahuva ekai enna bari une..
Demala valata upasirasa danava adui top elama thama kiyala vadak na...සංදීප
සිංහල sub දාන එක කොච්චර අමාරු වැඩක්ද කියලා ඒක දාන අය තමයි දන්නේ.එච්චර අමාරු වෙලා දාන එකකට උදේ ඉදන් ලැබිලා තියෙන්නේ comment මෙච්චරද?comment එකක් දාන්න තත්පර 10 වඩා යනවාද?මේකෙන් සහෝ අධෛර්යමත් නොවී තවත් දෙමළ movies වලට sub දාන්න.
Anonymous
macho karthige film ekak dunnata thanks. mama meka sub nathuwa baluwe patta film ekak nisa. thawath tamil film walata subs danda.
thanks lotshehan
බොහොම පින් සහෝ තමන්ගේ දැනුමෙන් අනිත් අය පින වන එකට....මටත් කඩ්ඩ පුළුවන් උනානම් sub දෙනවා
Djwathila
ගොඩක් කමන්ට්ස් වැටුනෙ නැතිවට.. වැටිල තියෙන ටික හොදටම ඇති.... මම දන්නව කමන්ට්ස් දැම්මෙ නැතිවට එලකිරි එකේ වැටෙන පිල්ම් ගොඩක් අය බලනව...
ඔක්කොම යාලුවන්ට.... ගොඩක් ස්තුතියි
Djwathila
සොරි කලින් එකේ පොඩි වැරදීමක් තියෙනව
එලකිරි නෙමේ බයිස්කෝප් ලෙස නිවැරදි විය යුතුයිkapa....
nice work bro
susantha
thnx sin sub ekata....
හේමාල්
thank you brother !!!
San J
අපේ ඔෆිස් එකේ දෙමල කොල්ලෙක් ඉන්නවා. මටත් ඌ කිව්වා මේ ෆිල්ම් එක ගැන. ඒත් දෙමල භාශාව තේරෙන්නෙ නැති නිසා බලන්න වැඩිය උනන්දු උනේ නැහැ. දැන් ඉතින් සිංහල සබ් තියෙන එකේ අනිවා බලන්න ඕනෙ.බොහොම ස්තූතියි මචං ගොඩක් අමාරුවෙන් සබ් දාල අපිට බලන්න දෙනවට.
kodizz
great work,,yar,,,
keep it up,,,me
Thanks
sajith
ජිතාලොවෙත් නෑ මේකනම් මරැ... සන්තානම් අයියගේ සුපිරි විහිළු තියෙන්නේ.. කාර්තික්ගේ රගපෑමත් නියමයි... මමත් කට්ටියටම කියනවා.. මේක බලන්න කියලා.. සහෝ මේ වගේ ටැමිල් ඒවා දාන්න අපේ අයට වෙනසතටත් එකක්.. ජය වේවා..
thushan
බොහොම ස්තුතියි….
නිෂූ
මමත් කාලෙකින් මේ පැත්තේ ආවේ ! මමත් ගොඩක් ආසයි දෙමළ ෆිල්ම් වලට ! බොහෝම ස්තුතියි
ඔහොම යන් ! ඔහොම යන් !creative EYE
thankz tamil film thawa ad karanna jayawewa
Anonymous
niyamai machooooooo thanx
උදය
ස්තුතියි සහෝ .....
ජය වේවා..!!!mihiran
film eka ela wage.film eka mona bashawen unath sinhala sub dunnanam sinhala film wage thama.
thanx sahooooo.irshad haniffa
ela ela macchan bohama stuthi
Ravi
වෙදෝ සිංහල සබ් වලට ගොඩාක් ස්තුතියි
ashan suranga
thanks bn
සංදීප
'Djwathila සහෝ වෙත'
මම අර ඉස්සෙල්ලා දුන්න comment එක ගැන මට දෙයක් කියන්න තියෙනවා.සහෝ මම මේ බයිස්කෝප් අඩවිය පටන් ගත්ත දවසේ ඉදන් ඉන්න කෙනෙක්.ඒත් මම ලිපියක් තබා comment එකක්වත් ජීවිතේට දීලා නැහැ.එක මට තේරුනේ ගිය මාසේ මම ලිපියක් ලියා එයට කට්ටිය ප්‍රතිචාර දක්වනකොටයි.ඊට පස්සේ මටත් හිතුනා සිංහල sub එක්ක ලිපි දෙන්න.ඒත් එක්කම මෙච්චර කාලයක් comment එකක්වත් දැම්මේ නැති එක ගැන මට මා ගැනම ලැජ්ජාවක් ඇති වුනා.ඒ හින්දයි මම එහෙම comment එකක් දැම්මේ.ඒත් මට වුනේ වදින්න ගිය දේවාලය හිස මත කඩා වැටුනා වාගේ වැඩක්. ඒත් මම ඉහත කරපු comment එක ටිකක් සැර වැඩිදෝ කියලා මට හිතෙනවා.කාට හරි ඒකෙන් අපහසුතාවක් ඇති වුනානම් මට සමාවෙන්න.
රාම් රාජ්
දෙමළ ෆිලම් නම් එළනේ.මෙන්න මම බානවා.ස්තූතියි.
අමීර
Thanks machan.....
තිවංක
බොහොම ස්තුතියි.....
Advertisement
ගොඩක් කාලෙකට පස්සේ ටැමිල් ෆිල්ම් එකක්.ගොඩක් ස්තූතියි සහෝ...