බයිස්කෝප්වාසි ජනයා හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා එහෙනම්. ඔන්න මේ අවුරුද්දේ ආපු සුපිරිම කොමඩියක් අරගෙන තමයි මම අද ඔයාලා හමුවට එන්නේ. හොඳ කොපියක් ඇවිල්ලා හුඟ දවසක් වෙනවා දැන්. අම්බානකට පරක්කු උනා සබ් එක කරලා අරගෙන එන්න. ප්‍රමාදයට දහස් වාරයක් සමාව ඇයද සිටිමින් යමු අපි සලරුව දෙසට. මේ වසරේ අප්‍රේල්…

බයිස්කෝප්වාසි ජනයා හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා එහෙනම්. ඔන්න මේ අවුරුද්දේ ආපු සුපිරිම කොමඩියක් අරගෙන තමයි මම අද ඔයාලා හමුවට එන්නේ. හොඳ කොපියක් ඇවිල්ලා හුඟ දවසක් වෙනවා දැන්. අම්බානකට පරක්කු උනා සබ් එක කරලා අරගෙන එන්න. ප්‍රමාදයට දහස් වාරයක් සමාව ඇයද සිටිමින් යමු අපි සලරුව දෙසට.
මේ වසරේ අප්‍රේල් 6 වෙනිදා තිරගතවීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Abhinay Deo විසින්. Force 2 වගේම Delhi Belly චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු ඔහුගේ මේ අලුත්ම නිර්මාණය ඉන්දියාවේ දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා වගේම IMDB දර්ශකයත් 7.1 කරකවන්නට මේ චිත්‍රපටය සමත් වුනා. අපි කවුරුත් දන්නා Irrfan Khan දක්ෂ රංගන ශිල්පියා විසින් තමයි මේකේ ප්‍රධාන චරිතය හොබවන්නේ. තනිකරම ගේම ගහගෙන යන්නේ ඉර්ෆාන් කිව්වොත් නිවැරදියි. ඉර්ෆාන් කාන් ගැන ඉතින් අමුතුවෙන් විස්තර කරන්න ඕනි නෑනේ. බිල්ලු බාබර්, ලන්ච්බොක්ස්, පීකු, හින්දි මීඩියම්, වගේම Slumdog Millionaire චිත්‍රපටි වල ඉර්ෆාන්ගේ රංගනය කාගේත් හිතේ තවමත් රැඳිලා ඇති.ඉර්ෆාන්ට අමතරව Kirti Kulhari, Arunoday Singh, Divya Dutta aඑහෙමත් මේකේ රංගනයේ නිරත වෙනවා.
කතාව ගැන කිව්වොත්, දේව් කියන්නේ ටොයිලට් පේපර් නිෂ්පාදන සමාගමක වැඩ කරන කෙනෙක්. දේව් හොඳ සේවකයෙක් වගේම හොඳ සැමියෙක්. ඉතින් මේ දේව් දවසක් තමන්ගේ බිරිඳව පුදුම කරන්න හිතාගෙන එහෙමත් නැත්නම් ස්ප්‍රයිස් කරන්න හිතාගෙන වේලසනින් වැඩ ඉවරවෙලා මල් පොකුරක් එහෙම අරගෙන ගෙදර යනකොට තමන්ගේ ආදරණිය බිරිද නිදන කාමරේ වෙන පොරක් එක්ක ඉන්නවා දකිනවා. ඉතින් මේ සැමියා මොනවා කරාවිද, තමන්ගේ බිරිඳගේ අඬු කඩාවිද? නැත්නම් අර හොර මිනිහගේ අඬු කඩාවිද? නෑ ඒ දෙකම නෙවෙයි. මේ ඩයල් එක අර හොර මිනිහව බ්ලැක්මේල් කරනවා. කීයටවත් හිතන්න පුළුවන් වැඩක් නෙවෙයි නේද කරන්නේ? ඔව් දේව් කරන්නේ අර මිනිහව බ්ලැක්මේල් කරන එක. එහෙම කරලා දේව් ඉල්ලන්නේ සල්ලි. ඉතින් හිතන්න මේකා මොනවගේ පිරිමියෙක්ද කියලා. ඉතින් මේ බ්ලැක්මේල් කිරිල්ල මෙතනින් අවසන් වෙන්නේ නෑ. බ්ලැක්මේල් පිට බ්ලැක්මේල් තව තවත් වෙමින් යන මේ කතාවේ අන්තිමට මොකද වෙන්නේ කියල දැනගන්න ඕන නම් ඔයාලට චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා. බය නැතිව කියන්න පුළුවන් කාලෙකින් ආපු හොඳ කොමඩියක් කියලා. ඉතින් මේ බ්ලක්මේල් කාරයාගේ කතාව ඔයාලටත් බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් උපසිරසියකින් හමුවන බලාපොරොත්තුවෙන් මං අදට සමුගන්නවා.. ජයෙන් ජය..!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
17,540 downloadsDownload Blackmail-2018.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
61 comments
harshani11112
harshani11112
Film අරගෙන තිබ්බෙ සබ් දෙනකම් ..... දැන බලන්න පුළුවන්...ගොඩාක් පිං ඔයාලා හැමෝටම
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lushan Kuruppu
Patta... Irrfan Khan ඉන්නවනම් පට්ට ෆිලුමක් වෙන්න ඕනි.
tnx bro!ravindutb
Ela.
prageeth chamalka
ඕක පට්ට පිලුම සහෝ..උපසිරැසියට ස්තූතියි
priyan99
thanks bro sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයNaveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි...........ජය.....!!!!!!!!!!
Kovidu
ස්තූතියි සහෝ සබ් එකට..... ජය වේවා!!!!!!!!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!banebow
Thanks for the sub bro. But why the sub and the movie aren't matching? I tried both HDrip and 720p HDrip in baiscope downloads..
Nuwan Dhanushka
Jaya Janaki Nayaka Film ekata sub dennako..niyama action film ekak..film eka awith sehena kal unath thama sub ekak ne..pls e film ekata sub ekak dennako.
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!nkrtharinda95
Baiscope Downloads වලින් Film එක Download කලේ ඒ උනාට Sub එකට ගැලපෙන්නෙ නෑ.
Kavinda Athukorala
පොඩ්ඩ්ක් එහාට මෙහාට කරාම හරියනවා බම් දුන්න එකම මදෑ
nkrtharinda95
ඔව් ඔව් වැරැද්දක් කීවෙ නෑ, හරියට Sync උනා නම් පස්සෙ බලන අයටවත් හරියට බලන්න පුලුවන් වෙනවනෙ.
Nimach273
Thanks machan sub akta....m
SanjulaJeter
thanks
Indunil kavindu
Suppa bro....thanx..
nalin.kumara0510
Thanks bro good luck
N_R
Thanks.
Ashanherath
sub ekata thnkz mcn
padman ekata sub eka denne nadda dn originala avith godak kal habai ?s.harshana97
සුපිරි ෆිලුම සහාේ.
උපසිරැසියට ස්තූතියි.
ජය වේවා!!!Snake RaJ
බොහෝම ස්තූතී තාරක අයියේ උපසිරැසියට.
තවත් මේ වගේ සුපිරියකින් හමුවෙමු.
ජය වේවා! :)gayan215
bohoma sthuthi saho...
Lahiri
thankz saho
subodha
Thanks
Malithi
subtitle 1ta thanks a lot...
Podi mistake 1k kiyannm tharaha ganna epa.Meka comedy film 1k nemei..Drama/Thriller 1k.ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි තාරක උපසිරැසියට..
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!AsithaDilruwan
Ela saho thanks
Pramukmili
tihanxx bro.........
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!chathurangi93
Irrfan Khan ge film1k nm ela! Thanks for the sub! Good luck
Sanjeewa2010
Thnxxxxxxxxxxxxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jagath55
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
Chandima1998
Thank you..... ජය වේවා baiscope....
Chanmatara
Thanx bro..
ruchiray7
maru film eka Thanks bro...........
suna
thnx Tharaka saho........
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!
sasala
thanks
tharidu sagara
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
ජය වේවාk .sahan
Thanks bro
Dewadithya
Thanks for Sub!
blackLion007
): ):
sathya
thanks bro
R_deshan
අම්බෝ මෙව්වනෙ යකෝ jokes...එල ෆිල්ම් එක.ගොඩක් ස්තූතියි තාරක අයියෙ සබ් එකට!!
joh
brother blu - ray please....
dinukasw
Thanx Saho sub ekata...jayen jayama wewa....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුති තාරක සහො