හොලිවුඩ් චිත්‍රපට කිහිපයටකම උපසිරසි අරන් ආපු නිසා මේ වතාවෙ ජපන් සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම. ඉතින් Action | Drama කියන වර්ගීකරණයන්ට අයත් මේ සලරුව මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2017 අප්‍රේල් 29 ජපානයේදී. ජපානයෙන් පිටත මුල්වරට මේ චිත්‍රපටය තිරගතවෙන්නෙ ප්‍රංශයේදි. ඒ 2017 මැයි දහඅටවැනිදා පැවැත…

හොලිවුඩ් චිත්‍රපට කිහිපයටකම උපසිරසි අරන් ආපු නිසා මේ වතාවෙ ජපන් සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම. ඉතින් Action | Drama කියන වර්ගීකරණයන්ට අයත් මේ සලරුව මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2017 අප්‍රේල් 29 ජපානයේදී. ජපානයෙන් පිටත මුල්වරට මේ චිත්‍රපටය තිරගතවෙන්නෙ ප්‍රංශයේදි. ඒ 2017 මැයි දහඅටවැනිදා පැවැත්වුණු හැත්තෑවැනි Cannes Film Festival හිදීයි. ඇමරිකාවේදී මේ චිත්‍රපටය තිරගතවෙන්නෙ නම් ටිකක් පහුවෙලා, ඒ 2017 නොවැම්බර් තුන්වැනිදා. මුලින්ම කියන්න ඕනි මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ “Blade of the Immortal” නමින්ම Hiroaki Samura නම් රචකයා විසින් රචනා කරපු ජපන් කොමික් කතාමාලාවක් ආශ්‍රයෙනුයි. කොමික් කිව්වට ජපානයේදී කොමික් හඳුන්වන්නෙ “Manga” කියලයි. ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Ichi the Killer (2001), Three… Extremes (2004) වගෙම අතිශ්‍යයින් ජනප්‍රිය චිත්‍රපටයක් වුණු 13 Assassins (2010) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Takashi Miike විසිනුයි. තිරපිටපත නිර්මාණය කරල තියෙන්නෙ Tetsuya Oishi විසින්. Jeremy Thomas, Misako Saka සහ Shigeji Maeda චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් විදිහට සම්බන්දවෙලා තියනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය වෙනුවෙන් Takuya Kimura සහ Hana Sugisaki තම රංගනයෙන් දායක වී ඇති අතර සෙසු චරිත සඳහා Sôta Fukushi, Hayato Ichihara, Erika Toda, Kazuki Kitamura සහ Chiaki Kuriyama යන නළු නිළියන් තම රංගන දායකකත්වය ලබා දී තිබෙනවා. Warner Bros.Japan, Oriental Light and Magic සහ Recorded Picture Company යන සමාගම් වල නිෂ්පාදනයක් වන Blade of the Immortal චිත්‍රපටයේ බෙදාහැරීම් කටයුතු සිදුකර ඇත්තේ Warner Bros. Pictures, Ascot Elite Entertainment Group, Icon Film Distribution සහ Magnet Releasing යන සමාගම් මඟිනුයි. පැය දෙකයි මිනිත්තු විසි එකක කාලයක් පුරාවට ගලායන කතාපුවතක් රැගත් මේ චිත්‍රපටය 7.1/10 ක ඉහළ අගයකට IMDb මීටරය කරකවන්න සමත්වෙලා තියනවා. සෙල්ලම් නෑ නේද… ඒ වගෙම Rotten Tomatoes හි 82% ක ප්‍රතිශතයකුත් Roger Ebert දර්ශකයේ 3/4 ක අගයකුත් ලබාගෙන තියෙනවා. මේ වෙද්දි ඇමෙරිකානු ඩොලර් මිලියන 6.73ක ආදායමකුත් වාර්තාකරල තියනවා.
ජපන් සමුරායි සටන් වලින් අඩුවක් නැති මේ චිත්‍රපටය ක්‍රියාදාම වලට පමණක්ම සීමා නොවී ගොඩක් සංවේදී කතා පුවතක් දිගහැරපාන අපූරු සිනමා නිර්මාණයක්. මම නම් දකින්නෙ මේ චිත්‍රපටය සිනමා රසිකයෙක් විසින් නොවරදවාම බලන්න ඕනි චිත්‍රපටයක් විදිහටයි. හරි එහෙනම් කතාව පැත්තට ගියොත් මන්ජී කියන්නෙ ජපන් රජයේ ප්‍රධානියෙක් යටතේ සේවය කරන සමුරායි සටන්කරුවෙක්. මෙයාට නංගි කෙනෙක් ඉන්නවා. එයාගෙ නම තමයි මාචී. ඉතින් දවසක් මන්ජීගෙ ප්‍රධානියා එයාට කියනවා මිනිස්සුන්ට අඩන්තෙට්ටම් කරල සල්ලි හූරා කන දූෂිත නිළදාරියෙක්ව මරන්න කියල. තමන්ගෙ ප්‍රධානියාගේ නියෝගයට කීකරුවෙන මන්ජී ඒ නිළදාරියාව මරල දානවා. ඒත් ඊට පස්සෙ මන්ජී දැනගන්නවා තමන් මරපු නිළදාරියා තමන්ගෙ ප්‍රධානියාගෙ හොර මැරකම් ගැන ඉහළ නිළදාරීන්ට පැමිණිලි කරන්න බලාපොරොත්තුවෙන් හිටිය අවංක නිළදාරියෙක් කියල. තමන්ට බොරු කියල අහිංසක මනුස්සයෙක්ට මැරෙන්න වැඩ සලස්වපු ප්‍රධානියා ගැන හිතේ ඇතිවෙන කේන්තිය නිසා මන්ජී තීරණය කරනවා තමන්ගෙ ප්‍රධානියාව මරල දාන්න. ඒත් ප්‍රධානියා මරන්න ගිය වෙලාවෙ එතනට තවත් නිළදාරීන හයදෙනෙකුත් එනවා. මන්ජී ඒ අයවත් මරල දානවා. හැමදේම ඉවරවුණාට පස්සෙ තමයි මන්ජී දැනගන්නෙ ඒ මැරුණු නිළදාරීන් අතරෙ තමන්ගෙ නංගිගේ මහත්තයත් ඉන්නවා කියල. ඉතින් මේ වෙච්චි දේ නිසා සිත් තැවුලට පත්වෙන මාචීට පිස්සු හැදෙනවා. මන්ජීත් අපරාධකරුවන්ගේ ලැයිස්තුවට වැටෙනවා. ඉතින් මන්ජී තීරණය කරනවා මාචිත් අරන් පැනල යන්න. තමන්ගෙ පිස්සු නංගිවත් අරගෙන පැනල යන මන්ජීට එක තැනකදී හිෂියෂු ෂිඩෝ කියන තිළිණ දඩයක්කාරයෙක්ව මුණගැහෙනවා. තිළිණ දඩයක්කාරයෙක් කියන්නෙ කෙනෙක්ගෙ ඔළුවට මිළක් නියම වුණාම ඒ අයව මරන්න හොයාගෙන යන අයටයි. ඉතින් මෙතනදී මන්ජී පණ වගේ ආදරේ කරපු තමන්ගෙ නංගි, මාචී හිෂියෂු ෂිඩෝ අතින් මැරෙනවා. ඒ වගෙම මෙතන සිද්දවෙන දරුණු සටනකින් පස්සෙ මන්ජීටත් මරණීය තුවාල සිද්දවෙනවා. ඔන්න එතකොට තමයි මෙතනට යඕබිකුනි කියන අවුරුදු 800ක් තරම් ඈත අතීතයේ ඉඳන් ජීවත්වෙලා ඉන්න මහළු කාන්තාවක් එන්නෙ. නංගිත් මැරුණ එකේ තමන්ටත් ජීවත්වෙලා වැඩක් නැහැ කියල හිතන මන්ජී යඕබිකුනිට කියනවා තමුන්ව මරල දාන්න කියල ඒත් යඕබිකුනි කරන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. එයා පාරිශුද්ධ ලාමාගෙන් උපන්න ලේ පණුවො කීපදෙනෙක් මන්ජීගෙ තුවාලයකින් ඇඟ ඇතුළට යවනවා. මේ පණුවො කරන්නෙ තුවාලයක් වුණාම ඒ තුවාලය පාස්සලා සුවකරන එකයි. ඉතින් මේ පණුවො නිසා මැරෙන්න ඕනි වුණු මන්ජීට අමරණීය ජීවිතයක් උරමවෙනවා.
ඒ සිදුවීම ඒ විදිහට අවසන්වෙලා අවුරුදු පනහකට පස්සෙ ජපානයේ ඉඩෝ වල ඩෝජෝ කියන සටන් ක්‍රමය උගන්වන පාසලක ප්‍රධානියෙක් වන මාස්ටර් අසානෝ ගේ ගෙදරට මහ රෑ කට්ටියක් එනවා. මේ කට්ටිගෙ නායකයා තමයි අනොට්සු කගෙහිෂා. මෙයා Itto-Ryu නමින් හඳුන්වන සටන් පාසලක ප්‍රධානියෙක් ඒ වගෙම අති දක්ෂ සටන්කරුවෙක්. මේ අය සටන් පාසල් ගැනවත් සටන් ශෛලිය ගැනවත් කිසිම තැකීමක් කරන පිරිසක් නෙවෙයි. ඉඩෝ වල තියන හැම ඩෝජෝ පාසලකටම පහරදීල ඒ පාසල් Itto-Ryu යටතට අරන් ඒ හැම පාසලක්ම Itto-Ryu යටතේ තනි පාසලක් විදිහට ගොඩනගන්න තමයි අනොට්සු කගෙහිෂා බලාපොරොත්තු වෙන්නෙ. ඉතින් මාස්ටර් අසානෝගෙ ඩෝජෝ පාසලත් අනොට්සු කගෙහිෂාගෙ යටතට පත්වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙතනදි සිද්දවෙන සටනකින් මාස්ටර් අසානෝට මැරෙන්න සිද්දවෙනවා. ඒ වගෙම එයාගෙ තරුණ බිරිඳ Itto-Ryu කට්ටිය පැහැරගෙන යනවා. ඒත් අසානෝ පවුලෙ එක් කෙනෙක් ඉතුරුවෙනවා ඒ වෙන කවුරුවත් නෙවෙයි මාස්ටර් අසානෝගෙ දුව රින්. ඉතින් රින් තීරණය කරනවා තමන්ගෙ අම්මටයි තාත්තටයි කරපු දේට අනොට්සු කගෙහිෂාගෙන් වගෙම Itto-Ryu සටන්කරුවන්ගෙනුත් පළිගන්න. දවසක් රින් තාත්තගේ සොහොන ගාව ඉඳන් තමන්ගෙ පළිගැනීම වෙනුවෙන් තනියම සටන් පුරුදුවෙද්දි එතනට මන්ජීට අමරණීය ජීවිතයක් ලබාදුන්නු යඕබිකුනි ඇවිත් රින්ට කියනවා ආරක්ෂකයෙක්ව අරගන්න කියල. ඒ වගෙම එයා කියනවා ඉඩෝ වල කොහේ හරි තැනක අමරණීය මනුස්සයෙක් ඉන්නවා එයාව හොයාගන්න කියල. ඒ කියන්නෙ මන්ජී ගැන. ඉතින් මේ අමරණීය මනුස්සයා හොයාගෙන යන රින්ට මන්ජීව මුණගැහෙයිද… රින්ගේ පළිගැනීමට මන්ජී උදව් කරයිද… සියල්ල නරඹන ඔබට බාරයි.
“මරණය කියන්නෙ අනුකම්පා විරහිත දෙයක්,
අමරණීය බව කියන්නෙ ඊටත් වඩා නරක දෙයක්”
-ශිෂුමා එයිකු
~~MAY WE MEET AGAIN~~
~~අපි නැවත හමුවේවි~~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
11,713 downloadsDownload Blade-of-the-Immortal-2017.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
35 comments
Nion
Kasun Widusha
tnx mchooo
thilina jayarathna
elama elama .thx
tava kata hari puluvn da
The Next Karate Kid (1994)
The Karate Kid Part III (1989)
me dekta sub dennakapila
bagena hitiye suba nathiwa patta maco
goodluckBobby
Thank you very much Isuru.
nisha
sub akata thanks....
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා...!Jack
නියමයි මචෝ..
මේක නම් අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..mindika
Thanks !!!!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඩොක් අයියා
ලස්සන කථාවක් වගේ බලමු. ස්තුති මල්ලියෝ
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........අසිත
elama saho thanks
C. R. ජයලත්
Niyamai Isuru Aiya Jaya Wewa!!!!
දමිත්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
ජයෙන් ජය.ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
පුලුවන්නම් Black Butler 2014 live action ෆිල්ම් එකටත් සබ් දෙන්න
ජය වේවා!සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prasad
thanx saho.....
aruna rathnayake
meke 1.36 end wenne ai copy dekama ahemai
Prabuddha Kulatunga
Blade.of.the.Immortal.2017.720p.BRRip.HEVC.900MB.MkvCage
ado me uda tiyna copy eka 1337x site eken download karapn.ohoma nawatinne na.full tiyanawa.sinhala sub ekatat galapenawa.. :D
matat kela una meke dapu link eken aran 1.36 di..
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Lahiru Sandaruwan
bohoma isthuthi :D
Amila Mudalige
Sub ekta Thanks
Prabuddha Kulatunga
sub ekata thanks bro :D
Udaya Fernando
Thanks bro
suranji
me film akawath dawunlod karanna behene???awa kohomada dawunlod karanne??
suranji
meke film akawath dawunlod denne nehene?api mona page akenda dawunlod karanne?
ඉසුරු සම්පත් සිරිසේන
baiscopedownloads.com වෙබ්අඩවියෙන් බාගත කිරීමේ ලින්කු ලබාගන්න පුළුවන්.
malith
Ela ela
dimuthu lakmal
Meke film eke anthima tika nahane
sajeewasampath
Thanks sub ekata.jaya wewa.!
sasanka sathyajith
Thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyamayi. asawen balapu movie ekak. Dan sinhala sub ekka apahu balanawa. bohoma sthuthiy.