ආයුබෝවන්! ටික කාලෙකට පස්සේ ආයෙමත් කොරියානු චිත්‍රපටියකට සිංහල උපසිරසියක් අරගෙන තමයි මම මේ පැත්තට ආවේ.මුලින්ම සමාවෙන්න ඕනෙ මේක දෙන්න මෙච්චර කල් ගත්තට. තියෙන කාල වෙලාවේ හිගකම නිසා තමයි සබක් ගේන්න පරක්කු වෙන්නෙ. එහෙනම් වැඩි දෙයක් නැතුව චිත්‍රපටිය ගැන ටිකක් කියන්නම්. මේක 2017 අප්‍රේල් 26 තමයි තිරගත කිර…
ආයුබෝවන්! ටික කාලෙකට පස්සේ ආයෙමත් කොරියානු චිත්‍රපටියකට සිංහල උපසිරසියක් අරගෙන තමයි මම මේ පැත්තට ආවේ.මුලින්ම සමාවෙන්න ඕනෙ මේක දෙන්න මෙච්චර කල් ගත්තට. තියෙන කාල වෙලාවේ හිගකම නිසා තමයි සබක් ගේන්න පරක්කු වෙන්නෙ. එහෙනම් වැඩි දෙයක් නැතුව චිත්‍රපටිය ගැන ටිකක් කියන්නම්.
මේක 2017 අප්‍රේල් 26 තමයි තිරගත කිරීම ආරම්භ වුණේ.. Adventure/Action/Commedy ගණයට අයත් වෙන මේ චිත්‍රපටියට Imdb 6.5 ක් වගේ හොද අගයක් ලැබිල තියෙනවා.ඒ වගේම තමයි මේ චිත්‍රපටිය හදල තියෙන්නෙත් බොහොමයක් සුපිරි කොරියානු චිත්‍රපටි නිෂ්පාදනය කරන cj Entertainment ආයතනය විසින්. යොජොන් රජතුමා (Lee Sun-kyun) කියන්නෙ හුගක් දක්ෂ රජ කෙනෙක්. ඒ මොකද කියනවනම් මෙයා රටේ රජු වුණත් මෙයා කැමති අළුත් දේවල් හොයාගන්න වගේම තනියම පරීක්ෂණ කරන්න.ඒ වගේම මෙයා මිත්‍යාවන් විශ්වාස නොකරන විද්‍යාත්මකව හිතන කෙනෙක්.ඒ වුණත් මේ රජතුමාට නම් හුග දෙනෙක් කැමති නෑ.මොකද මේ රජු වටේ ඉන්න ප්‍රධාන මැති ඇමතිවරු සහ රජු සම්බන්දව මහා ජනතාව අතර තියෙන කටකතා නිසා.මේ මැති ඇමතිවරු වගයක් එකතු වෙලා රජතුමාව මරල රජතුමාගේ බෑණා වෙන ජා සොන්ග් කුමාරයව රජ කරවන්න තමයි කුමන්ත්රණය කරන්නෙ.එතකොට ඔවුන්ට කැමති විදියකට රට පාලනය කරන්න පුළුවන් නිසා.
එතකොට යී සෝ කියන්නේ අලුතෙන් පත්වීමක් ලැබිලා රජතුමා ලගට සේවයට යන අළුත් රාජ්‍ය ලේකම්.මෙයාගේ රස්සාව තමයි රජතුමා කියන කරන දේවල් වල සටහන් තියාගන්න එක.ඒත් මේ රජතුමා මෙයාට හරිම වදයක් තමයි දෙන්නෙ. ඒත් මෙයා විශ්වාසවන්ත සේවකයෙක් නිසා රජතුමාගේ රහස් සංවිධානයක් වෙන ‘ටෝඕ ග්වන්ග්’ කියන සංවිධානයට බදවා ගන්නවා.මේ සංවිධානේ සාමාජිකයො රටේ හැමතැනම ඉන්නවා. ඉතින් කවුරුහරි කෙනෙක් සෙනග වැඩි දවසක කඩ පළේ පබයෙක්ව හදලා ඒකෙ දැන්වීමක් ගහල තියෙනවා.. ඒත් එක්කම එතනට මිනිහෙක් ලෙඩ මරගාතින්, ‘මාව රජතුමා ලගට එක්කන් යන්න’ කියාගෙන එනවා.ඒත් එක්කම ඒ මිනිහගේ ඔලුව කිසි හේතුවක්
නැතුව ගිණි ගන්නවා. ඒත් එක්කම තව අමුතු කට කතා පැතිරෙනවා.. හන්යන් වල අමුතු හොල්මන් මාලුවෙක් ඉන්නවා කියලා.ඉතින් රජතුමා මේ ගැන විමර්ශනය කරන්න තමයි ලෑස්තිය.චිත්‍රපටිය අන්තිමට මේ හැමදෙයක්ම එකකට එකක් සම්බන්ද වෙලා ප්‍රෙහෙලිකාවක් වුන සේරම ප්‍රශ්න වලට විසදුම් ලැබෙන හැටි බලාගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම්.බුදුසරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.
5,120 downloadsDownload The-Kings-Case-Note-2017.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
37 comments
C. R. ජයලත්
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා...!prabodha
Than bro sub ekata....
guruge
thanks machooo ... korean denna digatama
udp
link ekak nadda meka ganna
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
Chami.S
Thanks..
Good Luck..Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........gayan
tnx malli.godak davasakata passe neda?ilaga ekath ikmanata denna.
ssmm
Thanks saho. Sahana kalakin... Digatama koriyan danna jayaobata.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශිරන්
ලස්සන filme එකක් මචන් .නිකන්ම බලනවට වඩා හිතන්න තියෙන filme එකක් .නියමය් සහෝ ..
බලන්න හිතන්න තියෙන filme එකක් තෝරන් sub කරලා thanks මචන් .sub වල පොඩි ටයමින් අවුලක් තිබුන .හැබැයි හොදට කරලා තියෙනව.අසිත
elama saho thanks
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
Suu
ස්තුතියි
Dinu
thanks bor ... link ekak nadda ??
ranja
torrent soya gatha nohaka pinwathek udaw karanu mana..
Shehan
Film eka download krna ba ne.admin pls
madu
Thank you
Madhushan
film eka down karaganna link ekak dendoooo
anyone.....sanjeewa
Thanks brother...
Ravindu Dananjaya
Download karanna link ekak plzzz
321nadeeka
ade link eka deepallakoo... niyamai ban sub ekata tnx
Thilina Chamara
thank you
Lakruu
මේ Film එක Baiscopedownloads එකේ නෑ නේද...?
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank You
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank You
Nawo
Thank you. Thawa commedy 1k ikmanata denna.
rasthafa
tnks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ushansam
Superb !!!
ramesh shalitha
Film ake link akak baiscope download wala pennane... plz link aka danna..
shehan_madusanka
මේ film එකනම් නියමයි උපසිරසට ස්තුතියි..........
HeroSuji
tv21.org site eketh lassana film thiyanawa aluthin awa ewata sub denna korian
thnks me sub ektKrishani
Thank you
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Niyamai Chamal Aiya Jaya Wewa!!!!!