Watch Trailer

Good Time (2017) Sinhala Subtitles | නරක වෙලාව! [සිංහල උපසිරසි සමඟ]

ඉක්මනටම එහෙනම් 45 වෙනි උපසිරසියත් උස්සගෙන මේ පැත්තට ආවා. මේක බාරගෙන නම් ටික දවසක් වෙනවා, බාර ගත්තට පස්සෙ මේක ඉතුරු කරගෙන තමයි කලින් ෆිල්ම් දෙක උපසිරසි ගැන්නුවෙ.හේතුව , මේක තමයි මගේ උපසිරසි ජීවිතේ වැඩිම ලයින් ගානක් තිබ්බ උපසිරසිය. ඒක නිසා හෙමින් හෙමින් කරලා වැඩේ ඉවර කලේ. හරි, කතාව ගැන යමක් කියන්න කල…

ඉක්මනටම එහෙනම් 45 වෙනි උපසිරසියත් උස්සගෙන මේ පැත්තට ආවා. මේක බාරගෙන නම් ටික දවසක් වෙනවා, බාර ගත්තට පස්සෙ මේක ඉතුරු කරගෙන තමයි කලින් ෆිල්ම් දෙක උපසිරසි ගැන්නුවෙ.හේතුව , මේක තමයි මගේ උපසිරසි ජීවිතේ වැඩිම ලයින් ගානක් තිබ්බ උපසිරසිය. ඒක නිසා හෙමින් හෙමින් කරලා වැඩේ ඉවර කලේ. හරි, කතාව ගැන යමක් කියන්න කලින් කියන්න ඕන මේ ෆිල්ම් එක කැටගරයිස් කරලා තියෙන්නෙ Crime,Thriller යටතේ අනිත් දේ තමයි ෆිල්ම් එකට 7.5ක වගේ ඉහල IMDB අගයක් ලැබිලා තියෙනවා.හිතාගන්න පුලුවන්නෙ ෆිල්ම් එක කොහොම ඇතිද කියලා, මේ ෆිල්ම් එකත් මේ ලඟදි ගෙනාපු ෆිල්ම් දෙක වගේම බැංකු මංකොල්ලයක් එක්ක තමයි පටන් ගන්නෙ. මානසික අබාධයක් තියෙන කෙනෙක් එක්ක බැංකු මංකොල්ලයකට යන්න කිව්වොත් කට්ටිය යන්න කැමතිද?. බැංකු මංකොල්ලයක් කරන්න තියා ආශ්‍රය කරන්නවත් කැමති වෙන එකක් නෑනේ. ඒ වුනාට අපේ කතානායකයා එයාගේ මානසික අබාධයක් තියෙන මල්ලිත් එක්ක ගිහින් බැංකුවක් මංකොල්ල කනවා, ඒ වැඩේ ගොඩ දාගත්තා කියමුකො, ඊට පස්සෙ තමයි සෙල්ලම පටන් ගන්නෙ, වැඩේ ඉවරයක් කරලා වැඩි වෙලාවක් යන්න කලින් මල්ලි, පොලීසියට අහු වෙනවා, කොහොමද කියලා ඔයාලම බලන්නකො, ඊට පස්සෙ කතාව ගලාගෙන යන්නෙ අයියා මල්ලිව හිරෙන් එලියට ගන්න සිද්ද කරන උත්සාහයන් එක්ක. එක සැරයක් මල්ලි හිරේ ඉද්දි ගියපු වලියකින් තුවාල ලබලා රෝහල් ගත කරලා කියලා ආරංචි වෙලා අයියා ගිහින් මාර ගේමක් දීලා පොරව රෝද පුටුවක තියගෙන එක්කගෙන එනවා, අරන් ආවට පස්සෙ තමයි දැනගන්නෙ යකඩෝ අරන් ඇවිල්ලා තියෙන්නෙ මල්ලි නෙමෙයි වෙන කොහෙද යන ඩයල් එකක් කියලා. කතාව වැඩියෙනුත් එක්ක කිව්වා ඔන්න. ඉතුරු ටික ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්.

ෆිල්ම් එකේ අයියගේ චරිතයට පණ පොවන්නෙ Twlight එකේ තරුව Robert Pattinson (පොර දැන් ගොඩක් වෙනස් වෙලාද මන්දා) 2017 International Cinphile Society සිනමා සම්මාන උලෙළේදි Robert Pattinson මේ චිත්‍රපටය වෙනුවෙන් හොඳම නලුවාට හිමි සම්මානය දිනා ගන්න සමත් වෙලා තියෙනවා. මීට අමතරව තවත් සම්මාන දෙකකුත්, විශාල සම්මාන උලෙළවල් ප්‍රමාණයක් නියෝජනය කරන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. එහෙනම් මගේ වැඩ ඉවරයි, ඔයාලට පුලුවන් වෝට් එකක් කමෙන්ට් දාලා චිත්‍රපටය උපසිරසි ගන්වන්න වෙන් කරපු කාලයට වටිනාකමක් දෙන්න.අර්ධ ශතකය පෙනී පෙනී තිබුනත් ටික දවසකට මේ වැඩෙන් ඈත් වෙන්න ඕන කියලත් හිතිලා තියෙන්නෙ,බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා..එහෙනම් තවත් උපසිරසි නිර්මානයකින් හමුවෙමු. මම ගියා කාටත් ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

4,930 downloadsDownload Good-Time-2017.zip55 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Shan-e1501746084111.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,930 downloadsDownload Subtitles55 KB

22 comments

  1. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  2. Udara Damith B/K

    thawa 5yi

  3. Jack

    නියමයි මචෝ..
    මේක නම් අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  4. prabodha

    Wow supiri broo thank sub ekats

  5. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!

  6. gihan perera

    Good job bro and good luck....

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  9. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  10. අසිත

    elama saho thanks

  11. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි උදාර සහෝ.
    ජයෙන් ජය.

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  13. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. nisha

    sub akata thanks...

  16. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  17. Dulanga

    Thanks

  18. Udaya Fernando

    Thanks bro

  19. Malith Samarawickrama

    Thanks bro sub ekata.

  20. Anonymous

    The link is not working right now (2023.11.06)

    1. විමා

      ද ෆික්ස් කරන්නම් මේක.

  21. nilanka

    thanks....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.