ඉස්සෙල්ලම ඩීකන් ෆ්‍රොස්ට් එක්ක හැප්පෙන බ්ලේඩ් දෙවනි ෆිල්ම් එකේදි වැම්පයර් අධිපති ඩැමස්කීනොස්වයි රීපර්ස්ලවයි පරද්දනවනේ. මේ පාර ෆිල්ම් එකේ බ්ලේඩ් පොඩි පොඩි බටු වැම්පයර්ලා එක්ක හැප්පෙනවා වෙනුවට මුල්ම වැම්පයර් එක්ක හැප්පෙනවා. ඒ කවුරු කියලද හිතන්නේ. හිතුවා හරි, ඒ ඩ්‍රැකියුලා තමයි. කතාවේ මුලින්ම වෙන්නේ,…

ඉස්සෙල්ලම ඩීකන් ෆ්‍රොස්ට් එක්ක හැප්පෙන බ්ලේඩ් දෙවනි ෆිල්ම් එකේදි වැම්පයර් අධිපති ඩැමස්කීනොස්වයි රීපර්ස්ලවයි පරද්දනවනේ. මේ පාර ෆිල්ම් එකේ බ්ලේඩ් පොඩි පොඩි බටු වැම්පයර්ලා එක්ක හැප්පෙනවා වෙනුවට මුල්ම වැම්පයර් එක්ක හැප්පෙනවා. ඒ කවුරු කියලද හිතන්නේ. හිතුවා හරි, ඒ ඩ්‍රැකියුලා තමයි. කතාවේ මුලින්ම වෙන්නේ, හැම ගහකටම කොටන කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටුවම බඩු බනිස් කියන්න වගේ, ලොක්කා වගේ වැම්පයර්ලා මර මර ඉන්න බ්ලේඩ් අත්වැරදීමකින් වැම්පයර්ලම අටවපු උගුලකට අහු වෙනවා. මේකෙන් පොලිසිය, FBI ඔක්කොම බ්ලේඩ් පස්සේ එලවනවා. ඒ වගේම බ්ලේඩ්ව අල්ල ගන්නවා. මෙතනදි බ්ලේඩ්ගේ ළඟම මිතුරෙකුත් නැති වෙනවා. එතනින් පනින්න, ඩ්‍රැකියුලත් එක්ක හැප්පෙන්න බ්ලේඩ්ට නයිට්ස් ටෝකර්ස් කියන කණ්ඩායම උදව් වෙනවා.
ඒ කණ්ඩායමත් බ්ලේඩ් වගේම වැම්පයර්ලා මරනවා, ආයුධ හදනවා වගේ වැඩ තමා කරන්නේ.මේ කණ්ඩායමේ ඇබිගේල් විස්ට්ලර්, හැනිබල් කින්ග් කියන දෙන්නා තමා බ්ලේඩ් එක්ක ගොඩක් වැඩ කරන්නේ. මේ ඇබිගේල් කියන්නේ බ්ලේඩ්ගේ අතිජාත මිත්‍රයා විස්ට්ලර්ගේ දුවෙක්. එතනත් වෙනමම කතාවක් තියෙනවා. ඔය විදිහට බැලුවම කතා ගොඩක් තියෙනවා මේ ෆිල්ම් එකේ. බ්ලේඩ් පැටලෙන උගුල මොකක්ද? බ්ලේඩ් FBI එකෙන් බේරෙන්නේ කොහොමද? මැරෙන ළඟම මිතුරා කවුද? මේ නයිට් ටෝකර්ස් අය කවුද? පරද්දන්න බෑ කියන ඩ්‍රැකියුලව නවීන තාක්‍ෂණයෙන් පරද්දන්නේ කොහොමද වගේ ගොඩක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම දැන ගන්න මේක බලන්නම වෙනවා.
IMDb පැත්ත ගැන කිව්වොත් මොන හේතුවක් හින්දද මන්ද මේකට ලැබිලා තියෙන්නේ 5.9 යි. මට නම් මුල් දෙකට වඩා මේක හොඳයි. වෙනදා වගේම බ්ලේඩ් තමා Wesley Snipes. ඒ වගේම Kris Kristofferson (විස්ට්ලර්), Jessica Biel (ඇබී), Ryan Reynolds (හැනිබල්) විදිහට රඟපානවා. විශේෂයෙන්ම කියන්න ඕනේ Prison Break එකේ Dominic Purcell ඩ්‍රැකියුලට සහ වැම්පයර්ලගේ පැත්තේ කෙනෙක්ට Triple H පණ පොවනවා. හරි, ඒ විස්තර ඇති. මේ series එක බලපු නැති අයට කියන්නේ බාගෙන බලන්න. එක ෆිල්ම් එකකට 500mb විතරයි යන්නේ. Action/Fight උපරිම තියෙනවා. අන්තිමටම කියන්න තියෙන්නේ මේකේ හතර වෙනි ෆිල්ම් එක ඉස්සරහට එන කතාවකුත් තියෙනවා. එහෙනන් මේක බලන්නකෝ. ජය වේවා!
ce9976ea8eb1bb8c5b3f719efbec71c4739b0eb8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,110 downloadsDownload 201508231729baiscopelk.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Ysa” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
Ysa
Subtitles
38 comments
lakmal
ishara
එල එල කියන හින්දම බාගෙන බලමුකෝ තැන්ක් යු සබ් එකට මේක මිස් වෙච්ච එකක් වගේ මටනම් බලමුකෝ
DeViL
1st :-)
damith
thanx
ශාමල් මනෝජන්
මෙන්න මම අදත් පළමුවැනියාද කොහෙද? බොහොමත්ම ස්තූතියි සබට.
ශාමල් මනෝජන්
අා මම ඒක නෙමෙයිනේ. මම දැන්නෙ උඩ තියෙන කමෙන්ට් දැක්කේ.
අසිත
menn niyama action.
api nam balala thiyenwa.
oyalath aran balanna.jaya!Darshana
elllaaaazzz thannkkss machan
Kulanjana Maduranga
niayamai…thanks YSA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!“චූටී මල්ලි”
elz
නලින්
ස්තුතියි! යසා සහෝ!
ජය වේවා!
thisal
බොහොමත්ම ස්තූතියි සබට.
Jack
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.
ජය.Sahan
fatta fata fata sahooo... thankz a lot..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!k
බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!බුදු සරණයි! දෙවි පිහිටයි!
pramuk
thanx saho
IVAN RODRIGO
ෙම් චිත්‍රපටිෙයන් පසුව BLADE 4 ෙවනි ඒකක් අැවිත් නැහැ මාවල් විශ්වය ෙම්ක නැවත REBOOT වර්ෂන් ඒකක් විදිහට ඉදිරිපත් කරන්න ෙවස්ලි ස්නයිප්ස් ඒක්ක සාකච්ජා පවත්වන බවත් මීට අදාලව අැනිෙම්ෂන් සිරිස් ඒකක් ඉදිරිපත් කරන්නත් අදහසක් තිෙයනවා කියලා අාරංචි වැෙඩ් සාර්ථක උෙනාත් නැවත අපට බ්ෙල්ඩ් බලන්න පුලුවන් සුබ දවසක්
Anonymous
2023 blade movie එකක් එන්න තියෙනවා .ඒකේ bladeට ඉන්නෙ wesley snipes නෙවෙයි
tharindu
Thank you very much saho...!!!
ශාමල් මනෝජන්
Blade 4 ක් අැවිල්ලා නැති වුනාට මොකද Blade Collection ඒකට සමානවම තවත් ෆිල්ම් Collection ඒකක් තියෙනවා. ඒකට සබ් කරන්නකෝ බයිස්කෝප් සයිට් ඒකේ කවුරුහරි. පීලීස්.............
Dracula 2000 - 2000
Dracula II: Ascension - 2003
Dracula III: Legacy - 2005රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Thisara Neo
Thanks
Ishan Madusha
නියමයි.ස්තුතියි සහෝ
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
rush
tnx bro
Anonymous
broo apeta sabtaotal denna berida
suranuwan
thanks...
EM Nishshanka
ස්තූතියි මචන්
Dewadithya
Thanks for Sub!
ƊinṲka
සබට තුති
BIMBISHA INDURUGALLA
Thank u!good luck!
Shaggy
Thank you very much
sadeapa
thankssssss
Sahan Gayantha
thank you for the subtitle brother
Chirana
Blade 1998 film eke subtitle nhne
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mamayi eka thanks brother