Watch Trailer

Blame! (2017) with Sinhala Subtitles | මනුෂ්‍යත්වය සුරැකීම උදෙසා [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමදෙනාටම. ඔන්න එහෙනම් මේ පාර අපි හමුවෙන්නේ ලස්සන ඇනිමේෂන් කතාවකින්. මුලින්ම මේ චිත්‍රපටය බාරදීම සම්බන්ධයෙන් මම රොයිලි අයියාට ස්තූතිවන්ත වෙනවා. මේ අවුරුද්දේ මැයි 20 නිතුත් වුනු මේ ෆිලුම වෙන කාගෙවත් නෙමෙයි, NETFLIX ආයතනයේ වැඩක්. හොඳ කොපියක් අන්තර්ජාලයට ඇවිත් තිබුන නිසා වැඩි දවසක් යන්න කලි…

 

සුභ දවසක් හැමදෙනාටම. ඔන්න එහෙනම් මේ පාර අපි හමුවෙන්නේ ලස්සන ඇනිමේෂන් කතාවකින්. මුලින්ම මේ චිත්‍රපටය බාරදීම සම්බන්ධයෙන් මම රොයිලි අයියාට ස්තූතිවන්ත වෙනවා. මේ අවුරුද්දේ මැයි 20 නිතුත් වුනු මේ ෆිලුම වෙන කාගෙවත් නෙමෙයි, NETFLIX ආයතනයේ වැඩක්. හොඳ කොපියක් අන්තර්ජාලයට ඇවිත් තිබුන නිසා වැඩි දවසක් යන්න කලියෙන් උපසිරැසියත් අරගෙන ආවා ඉතිං. මේ ලිපිය ලියන්න නම් චුට්ටක් පමා වුනා, මොකද මගේ ඊළඟ උපසිරැසියේ වැඩෙත් යන ගමන් තිබුන නිසා. ජපන් කතාවක් විදියට එලියට ආවත්, උපසිරැසි දීලා තියෙන හැම පිටපතකම ඕඩියෝ ට්‍රැක්ස් ඉංග්‍රීසි බසින් තමයි තියෙන්නේ. ජපාන බසත් තියෙන ඩුවල් ඕඩියෝ පිටපත් සුළු ප්‍රමාණයක් තමයි අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙන්නේ. ඒ නිසා තම තමන්ගේ රුචිය අනුව අදාළ පිටපත ගන්න පුළුවන්.

කතාව ගැන චුට්ටක් කිවුවොත්, මේක 2003 වර්ෂයේදී ජපානයේ විකාශය වුනු Blame! ඇනිමේෂන් කතා මාලාව ඇසුරෙන් තමයි නැවත නිර්මාණය වෙන්නේ. දුර ඈත තාක්ෂණික අනාගතයේදී මිනිස්සුන්ට “වසංගතය” නම් වූ සිද්ධියක් නිසා නගරයට සම්බන්ධ වෙන්න තියෙන හැකියාව අහිමි වී ගොස් නගරයේ ක්‍රියාකාරකම් යන්ත්‍ර මගින් පාලනය කරන්න ගන්නවා. එයින් පසුව නගරයේ ඉන්න සියලුම මිනිසුන්ව මුරකාවල නම් ආරක්‍ෂිත පද්ධතිය මඟින් අතුගා දමන්න පටන් ගන්නවා. දිවි ගලවාගන්න සමත්වෙන යම් යම් පිරිස් නගරයේ නොයෙක් තැන්වල සැඟවී ජීවත් වෙනවා. අන්න ඒ වගේ කණ්ඩායමක් තමයි ඉලෙක්ට්‍රෝ-ෆිෂර්ලා කියන්නේ. ඒත් මේ අයට එහෙම හැමදාම හැංගිලා ඉන්න බෑ. මොකද මෙයාලට කෑම හොයාගන්න අවශ්‍යයි. එහෙම යනකොට ගොඩක් දෙනා කණ්ඩායමට අහිමි වෙනවා. නමුත් අන් විකල්පයක් නොමැතිකම නිසා මේ කණ්ඩායමේ සූරූ කියන තරුණ ගැහැණු ළමයා ඇතුළු පිරිසක් ආහාර සොයා පිටත් වෙනවා. ඒ ගමනේදී මෙයාලව මුරකාවලට අහු වෙනවා. ඒ වෙලාවේ මෙයාලව යාන්ත්‍රික භට පිරිසෙන් බේරාගන්නේ “කිලී” නම් වූ පුද්ගලයායි. මෙයාව හමුවීමෙන් පසු බොහෝ දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. මොකද කිලී යම් දෙයක් දන්නවා නැවත මිනිස්සුන්ට නගරයේ පාලනය අරගන්න පුළුවන් ක්‍රමයක් ගැන.

හොඳයි එහෙනම්. කතාව ගැන මම විස්තර කරා ඇති. ඉතිරි හරිය ඔයාලම අරගෙන බලන්න. මම ඔය කිව්වේ කතාවෙන් බොහොම පුංචි කොටසක් විතරයි. ඇනිම් පිස්සන්ට නම් ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට නිකුත්වෙලා තිබුණු ඉංග්‍රීසි උපසිරැසියේ දෝෂ කිහිපයක්ම තිබුනත්, මම ඒ සියල්ලම නිවැරදි කරලයි තියෙන්නේ. නමුත් මම මෙහි කියවෙන වචන දෙක තුනක් විතරක් සිංහලට පරිවර්තනය කරේ නැහැ. මොකද ඒ එන සිංහල තේරුම දැම්මොත් කතාව අප්‍රබංස වෙනවා සහතිකවම. දැනට චිත්‍රපටයේ වෙබ් පිටපත තමයි නිකුත් වෙලා තියෙන්නේ. බ්ලූරේ පිටපත ආවම ඒකටත් අප්ඩේට් එකක් දෙන්නම්. එහෙනම් අදට මම සමුගන්නම්. ඊලඟ උපසිරැසියෙන් ඉක්මනින්ම හමුවෙමු.

ජයවේවා..!

 

Blame! (2017) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Blame.2017.720p.WEBRip.XviD.AC3-FGT
Blame 2017 NF 720p WEBRip 800 MB – iExTV

මෙම ලබා දී ඇති උපසිරැසි WEB – RIP පිටපත් සඳහා අදාළ වේ.

2,796 downloadsDownload Blame-2017.zip194 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/CHamith2-e1484266449237.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,796 downloadsDownload Subtitles194 KB

19 comments

  1. එල්.සී. දමැල්

    හ්ම් වෙනස් ආරක කතාවක් වගේ... ස්තුතියි...
    තවත් උපසිරසකින් හමුවෙමු චමිත් සහෝ...

  2. Sisila Prasad

    නියමයි.
    සුපිරි ඇනිමේෂන් එකක්.
    ජය!!!

  3. amila sadagala

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි �

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ---- බුදු සරණයි - දෙවි පිහිටයි ---

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  5. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  6. Gathsara Umesh Kumara

    Enkm idye bohoo sthuthy shooo.......

  7. ඉෂාන් මදුෂ

    නියමයි.ගොඩක් ස්තූතියි.ඉදිරියටත් මේ වගේ anime වලට සබ්කරන්න
    The Empire of Corpses (2015) anime එකටත් සබ් දෙනවනම් සුපිරි එකක්
    ජය වේවා!

  8. අසිත

    elama saho thanks

  9. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. Asiri

    පට්ට සහෝ බොහොම ස්තූතියි.බයිස්කෝප් එකේ දෙමල,හින්දි,කොමික් වලට වගේ anime,manga වලටත් වෙනම category එකක් දෙනවනම් ගොඩක් හොදයි.මොකද ඒවා animation උනත් වෙනස් නේ.නැද්ද මං අහන්නේ..ඉදිරියටත් anime වලට sub දෙන්න සහෝ.ඔබට ජය.

    1. ඉෂාන් මදුෂ

      එකනම් නියම අදහසක් සහෝ.මාත් එකගයි.දැනට ජපන් ඇනිමේ සීරිස් එකකටවත් උපසිරැසි කරල
      නැති නිසා මේ විදියට category එකක් දෙනවනම් ගොඩක් දෙනෙක් ඇනිමේ බලන්න කැමති වෙයි.
      මොකද anime වල තිබෙන සන්ගීත රසය,උසස් දර්ශන තල, කතාවේ තිබෙන සුපිරි බව එක්
      උනාම මේවා බලන අය මේ කලාවට ඇබ්බැහි වෙනවා අනිවා.අපගේ අදහස් ගැන සලකා බලන
      මෙන් බයිස්කොප් ඇඩ්මින් මඩුල්ලෙන් ඉල්ලා සිටිනවා.මේ වැඩේ කරනවම් ගොඩක් පින් ඔයාලට
      ජය වේවා බයිස්කොප්....

  11. chanu mikhail

    aththa saho anime wala patta gathiyak thiyenne
    ithin thavath anime wala sub denawa nm
    godak aya balai.

    sub ekata thanxxxxxx saho..!!
    jaya...

  12. Chamu

    Japan ekak nam aniwa balanawa thxx sub ekata thawa japan sub tikak puluwannam denna balanna

  13. Pasindu

    Meka supiri anime ekak. Mama sinhala sub dennathiwei kiyala english ekka baluwa. Me wage thawa hoda anime walata sub denna puluwannam loku deyak. Sub ekata thanks.

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Chalana

    thnx bro...

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. B.K. Aruna Sandanuwan

    Thank You Very Much!!!!

  18. nestro

    Knights Of Sidonia

    ekata sub demme nedda bro kawuruth??
    lebenne nedda eeka??