ඔන්න කාලෙකට පස්සෙ මං ආපහු ඔයාලට 50 දශකයේ, එනම් හින්දි සිනමාවේ ස්වර්ණමය යුගයේ නිමවූ ඉතාමත් ජනප්‍රිය පැරණි හින්දි සිනමාපටයක් අරගෙනයි ආවෙ. මේකෙ නම “ජග්ටේ රාහෝ”. ඒකෙ සිංහල තේරුම “අවදියෙන් ඉන්න”කියන එක. මේ සිනමාපටය ගැන කියන්න නම් ගොඩක් දේවල් තියෙනව. මේක ඉන්දියාවේ රාජ් කපූර්ගේ මහා සිනමාවේදියාගේ විශිෂ්ට…

ඔන්න කාලෙකට පස්සෙ මං ආපහු ඔයාලට 50 දශකයේ, එනම් හින්දි සිනමාවේ ස්වර්ණමය යුගයේ නිමවූ ඉතාමත් ජනප්‍රිය පැරණි හින්දි සිනමාපටයක් අරගෙනයි ආවෙ. මේකෙ නම “ජග්ටේ රාහෝ”. ඒකෙ සිංහල තේරුම “අවදියෙන් ඉන්න”කියන එක. මේ සිනමාපටය ගැන කියන්න නම් ගොඩක් දේවල් තියෙනව. මේක ඉන්දියාවේ රාජ් කපූර්ගේ මහා සිනමාවේදියාගේ විශිෂ්ට සිනමා නිර්මාණයක්. අති විශිෂ්ටයි කිව්වත් වරදක් නෑ. මොකද මේකට ලැබිල තියෙන IMDb අගය 8.4 ක්.
මෙහි සංගීතය ද ඉතාම විශිෂ්ටයි. ලතා මංගේෂ්කාර්, ආශා බෝස්ලේ, මොහොමඩ් රාෆි ආදී හින්දි සිනමාවේ ගීත කෝකිල කෝකිලාවන් රැසකගේ මධුර මනෝහර ගායනයන්ගෙන් “ජග්ටේ රාහෝ” සිනමා කෘතිය වර්ණවත් වී තිබෙනවා. මොහිදින් බෙග් කලාකරුවානන් විසින් ගායනා කරන ලද “අන්දරේ මැරිල නෑ” ගීතයට පාදක වූ තනුව මෙහි හින්දි ගීයක් ආශ්‍රයෙන් නිර්මාණය කරලා තිබෙන්නේ. එසේම සිනමාපටයේ අඩංගු සියළුම ගීත එදා මෙන්ම අදත් හින්දි සිනමා රසිකයන් අතර අතිශය ජනප්‍රියවීම ද කැපී පෙනෙනවා.
මෙහි කතා සාරාංශය වන්නේ, රැකියාවක් සොයාගෙන ගමෙන් නගරයට පැමිණෙන දුප්පත් ගමක ගොවියෙකුගේ තරුණ පුතෙකුට නගරෙයේදී මුහුණපෑමට සිදුවූ ඇබැද්දියක් පිළිබඳව තමා මුළු චිත්‍රපටයෙන්ම ගෙනහැර දැක්වෙන්නේ. ඔහු නගරයට පැමිණි පසුව ඔහුට දැඩි පිපාසයක් දැනෙනවා. බොන්න වතුර ටිකක් හොයාගෙන ඔහු නගරයේ වීදියක තිබෙන පයිප්පයකින් වතුර බොන්න උත්සාහ කළත් එහි වතුර නැහැ. මේ ක්‍රියාව දකින නගරයේ වීදි සංචාරක ආරක්ෂක භටයෙකු මොහුව රස්තියාදුකාරයෙකු ලෙස සලකා එතැනින් පන්නා දමනවා. ඉන් අනතුරුව මොහු නගරයේ මහල් නිවාස සංකීර්ණයක තිබෙන පයිප්පයකින් වතුර බීමට සැරසෙන විට එතැන සිටි ආරක්ෂක භටයෙක් ඔහුව දැක “හොරෙක් හොරෙක්” යැයි කෑගසමින් පන්නා දමනවා. එම ශබ්දයෙන් කලබල වූ මහල් නිවාස සංකීර්ණයේ වෙසෙන නගර වැසියන්ද අර ගැමි තරුණයා පසුපස ලුහුබඳිනවා. එතැන් සිට එම තරුණයා “හොරෙකු” ලෙස සමාජය තුළ හංවඩු ගැහෙනවා. මේ ජරමර අතරතුරේ ඔහු එම මහල් නිවාස සංකීර්ණය තුළට ඇතුළු වෙනවා. ඉන් අනතුරුව ඔහුට කුමක් සිදුවූවාද? ඔහුට පානය කිරීම සඳහා ජලය ලැබුණාද? මහල් නිවාසයේ වෙසෙන්නන්ගෙන් බේරී සිටීමට ඔහුට හැකිවූවාද? ඔහු ඇත්තටම හොරෙක්ද? කවුද හොරු? මේ සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු දැනගැනීමට නම් ඔබට මෙම සිනමාපටය නැරඹීමට සිදුවෙනවා. රාජ් කපූර්ට අමතරව මෙහි ප්‍රදීප් කුමාර්, සුමිත්‍රා දේවී, නර්ගීස් ඇතුළු එවකට සිටි ඉතාමත් ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මං බොහොම වගකීමෙන් කියනවා මේ සිනමා නිර්මාණය කිසිම වෙහෙසකින් තොරව බොහොම විනෝදයෙන් රසවිඳිය හැකි නිර්මාණයක් බව. මෙය මා විසින් ගූගල් වෙත අප්ලෝඩ් කළ වීඩියෝවකි. ඒ නිසා මා දක්වා ඇති මෙම https://drive.google.com/file/d/0B1VBKnUoZJ6GRjQwbDNZZERtc1k ලින්ක් එක කොපිකර ගූගල් සර්ච් බාර් එකේ පේස්ට්කර සර්ච් කිරීමෙන් මෙම සිංහල උපසිරසියට අදාළ වීඩියෝව බාගත කිරීම සිදුකර ගත හැකිය.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන දෙවැනි සිංහල උපසිරසිකරණයයි. මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “මේරේ ජීවන් සාති” සිනමාපටයටද රසික ප්‍රතිචාර බොහොමයක් ලැබුණා. ඉතිං මෙවැනි විශිෂ්ට සිනමා නිර්මාණ ඔබට දායාද කිරීමට ලැබීම පිළිබඳව මා සුපුරුදු ලෙස ඔබ අප හොඳින් හඳුනන අපේ “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති සොයුරා” හට මගේ ප්‍රණාමය පුද කර සිටිනවා. ඔහුගේ ලෙන්ගතු ඇල්ම බැල්ම නිසා තමයි මෙවැනි පැරණි විශිෂ්ට චිත්‍රපට සඳහා අපට උපසිරැසි නිර්මාණය කිරීම සඳහා අවැසි ශක්තිය, ධෛර්යය ලැබෙන්නේ.එහෙනම් තවත් මෙවැනි වූ පැරණි විශිෂ්ට හින්දි සිනමා නිර්මාණයකින් නැවත හමුවන තෙක් මා ඔබෙන් සමුගන්නවා. එමෙන්ම පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම ඉදිරියේ දී 1960, 1970 දශකවල සිනමාපට සඳහා උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඉදිරියේ දී හැකියාවක් ලැබෙන අවස්ථාවල දී ඒවා ලබා දෙන්නම්. ඒ වගේම බාගත කරගන්නා ඔයාලා මේ උපසිරසිය වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කරනවා නම් එය මට ලොකු ශක්තියක් වේවි ඉදිරි ගමනට.
ස්තූතියි! නැවත මෙවන් උපසිරසියකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.
691 downloadsDownload Jagte-Raho-1956.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/kasun-Harshana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් හර්ෂණ අත්තනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කසුන් හර්ෂණ අත්තනායක
Subtitles
13 comments
Tharaka
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~KAVINDA GAMAGE
බොහෝම ස්තුතියි සහෝ
කසුන් හර්ෂණ
අදහස් දැක්වූ සැමට තුති.හැමෝම බලන්න.සංගීතමය අතින් විශිෂ්ට නිර්මාණයක්.Tharaka,Sanindu,Kavinda සහෝලට ගොඩක් පිං අදහස් දැක්වීම ගැන.ඒ වගේම ප්‍රියන්ත සොයුරාත් ලිපිය සැකසීමෙන් සහ බයිස්කෝප් අඩවියට උපසිරැසිය යොමු කිරීම වෙනුවෙන් කැපවුණා.එනිසා ඔහුටත් පිං දීමට මේක අවස්ථාවක් කර ගන්නවා.ඉදිරියේදී මගේ තවත් මෙවැනි නිර්මාණ ඔබට දායාද කිරීමට මං බලාපොරොත්තු වෙනවා.
Withanage Priyantha Dayakeerthi
කසුන් හර්ෂණ සොයුර,
ඔබේ අගනා උපසිරැසිය භාවිතාකර මා මෙම සිනමාපටය නරඹා අවසන් කළා. පැරණි හින්දි සිනමාපට රසිකයන්ට මෙය ඉතාමත් වටිනා එකක් වේවි. ඉදිරියේදීත් මෙවැනි වටිනා, කලාත්මක සිනමාපට සඳහාම උපසිරසි කරන්න. ඔබේ වෙහෙසට මාගේ ප්‍රණාමය!Thilakarathna
මම මීට පෙර මෙය නරඹා තිබෙනවා. නමුත් ඔබේ සබ් එක නිසා ආයෙත් බලන්න ඕන. ඔබ මේ කරන්නේ ඉතා වටිනා කාර්යයක්. ස්තුතියි.......
කසුන් හර්ෂණ
ස්තූතියි සොයුර අදහස් දැක්වීම සම්බන්ධයෙන්.ඔබලාගේ රසාස්වාදය වෙනුවෙන් ඉදිරියේදී තවත් මෙවැනි නිර්මාණ මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා
Kulanjana Maduranga
niayamai…Great work.. thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
---- බුදු සරණයි - දෙවි පිහිටයි ---Chalana
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ekanayake
Good work....... I very like to old hindi films. Thanks!
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ....:P
ඔබට ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!