සුභ දවසක් පතනවා බයිස්කෝප්වාසි ඔබ සියලු දෙනාටම. අද අරන් එන්නේ මේ වසරේ නිකුත් වුනු තවත් සුපිරිම ඇක්ෂන් ත්‍රිලර් චිත්‍රපටයක්. බොලිවුඩයේ තවත් සුපිරිම නළුවෙක් ලෙසින් හඳුවන්න පුළුවන් සනී ඩියෝල් තමයි මේ සඳහා රංගන දායකත්වය සපයන්නේ. සනී ඩියෝල් සමගින් Karan Kapadia, Karanvir Sharma සහ Ishita Dutta මෙහි ප්‍රධ…
සුභ දවසක් පතනවා බයිස්කෝප්වාසි ඔබ සියලු දෙනාටම. අද අරන් එන්නේ මේ වසරේ නිකුත් වුනු තවත් සුපිරිම ඇක්ෂන් ත්‍රිලර් චිත්‍රපටයක්. බොලිවුඩයේ තවත් සුපිරිම නළුවෙක් ලෙසින් හඳුවන්න පුළුවන් සනී ඩියෝල් තමයි මේ සඳහා රංගන දායකත්වය සපයන්නේ. සනී ඩියෝල් සමගින් Karan Kapadia, Karanvir Sharma සහ Ishita Dutta මෙහි ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය එක්කාසු කර සිටිනවා. Behzad Khambataගේ නිෂ්පාදනයෙන් සහ Pranav Adarshගේ තිර රචනයෙන් හැඩවුණු මේ චිත්‍රපටය Screenplay Base චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකියි. 2019 මැයි මස 3 වෙනිදා තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටය කෝටි 30ක් වැනි මුදලක් උපගැනීමට සමත් වූවා. එමෙන්ම විචාරක ප්‍රතිචාර නම් එතරම් හොඳ මට්ටමක තිබුනේ නැහැ. කාලීන මාතෘකාවක් වන ත්‍රස්තවාදය පදනම් කරගෙන තැනුණු මෙම චිත්‍රපටය පැය එකයි මිනිත්තු 45ක් වැනි කාලයක පුරා දිවෙන ක්‍රියාදාම සපිරි චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකියි.
කතාව ගැන කියනවනම් හනීෆ් කියල තරුණයෙක් සහ දිවාන් කියල පොලිස් නිලධාරියෙක් වටා තමයි මුළු කතාවම දිවෙන්නේ. හනීෆ් පාරේ ගමන් කරමින් සිටින විට හදිසි රිය අනතුරකට ඔහු ලක්වනවා. ඉතාමත් දැඩි ඝට්ටනයක් නිසා දැඩි ලෙස තුවාල වුනු ඔහු රෝහල්ගත කරනවා. වෛද්‍යවරයන් මොහුට ප්‍රතිකාර කරන්නට කමීසය ගලවනවිට මහා පුදුම දෙයක් ඔහුගේ පපුවේ රඳවා තිබෙනවා දොස්තරවරුන්ට දකින්නට ලැබෙනවා. ඒ මරාගෙන මැරෙන බෝම්බයක්. ඒක නිකම්ම නිකන් එකක් නෙමෙයි. හනීෆ්ගේ ලේ ගමනාගමනයට සම්බන්ධ කරලා සවි කරපු මරාගෙන මැරෙන බෝම්බයක්..
ඉතිං හනීෆ් කවුද? ඇයි මරාගෙන මැරෙන බෝම්බයක් අටවාගෙන එන්නේ? ඇයි මනුස්සයට හදිසි අනතුරක් වෙන්නේ? හදිසි අනතුරෙන් පස්සේ මොකද වෙන්නේ? ඒ හැමදෙයකටම පිළිතුරැ ඔබට චිත්‍රපටය නරඹනවාත් සමගම ලැබේවි.
ඉතිං එහෙනම් අදට යන්න අවසරයි. අදකාලේ පිළිකාවක් වගේ පැතිරිලා තියෙන ත්‍රස්තවාදය නිසා පීඩා විඳින අහිංසක ජිවිත ගණන අනන්තයි. ඒ පිලිබඳ ලංකාවේ අපිට අමුතුවෙන් විස්තර කර දෙන්නට අවශ්‍ය නැහැ. මොකද අපි ඉපදුන දවසේ ඉදන්ම මේ අවාසනාවන්ත අද්දැකීමට මුහුණපාමින් ඉන්න ජාතියක් නිසා. ඉතිං එවන් ත්‍රස්තාවාදී ව්‍යාපාරයක් පදනම් කරගෙන තැනු මෙම චිත්‍රපටය ඔබට හොඳ සිනමා අද්ද්කිමක් ගෙන දෙනු ඇති. එමෙන්ම ඔබට සිතන්නට යමක් ඉතිරි කර දේවි. අරගෙන බලන්න කියා ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා.. යන්න කලින් හැමදාම බයිස්කෝප් අඩවියට එනයන ඔබ හැමදෙනාවත්, බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සියලුම සහෝදර සහෝදරයින්වත් මේ මොහොතේ මතක් කර සිටිනවා. එමෙන්ම මේ චිත්‍රපටය සඳහා හොඳ පිටපතක් නිකුත් වී ටික දවසක් ගතවන නමුත් උපසිරැසිය අරන් එන්න යම් ප්‍රමාදයක් වීම සම්බන්ධව මා ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා. ඉතිං එහෙනම් ඉතා ඉක්මනින් තවත් සිනමා නිර්මාණයක් සමගින් හමුවන බලාපොරොත්තුවෙන් මා සමුගන්නවා. ඔබට ජයෙන් ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Proper HDRip පිටපත් සඳහා ගැලපේ.
12,053 downloadsDownload Blank-2019.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
33 comments
OsandaFdo
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!pasindu malinda
thankz saho..ela
Anonymous
ජය......
ravindujrd
thanks for sub
Ayesh Prashan
Thank You
Asanke
Thanks for sub
ƊinṲka
එලම
gihan perera
ස්තුතියි සහෝ...පට්ට ෆිලුමක් මේක....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Thusitha Sampath
බොහොම ස්තුතියි
Suranjan
Thanks machan......jayawewa....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවිනු වීරක්කොඩි
බොහොම ස්තූතියි තාරක අයියේ.
සනී ඩියෝල්ගේ ඒවා අතාරින්න හොඳ නෑ නොවැ!
බෑවා එහෙනම්. ජය වේවා!!ruvindamax
tnxxx
N_R
Thank You.
wnrodrigo
good work friend, Thanks!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!D.Chamara
niyamai sahoooo bohoma sthuthi ...
Dilshan8003
Thanks macn
Anu
Thanks bro...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Hemal
Thank You
RuwanLakshan93
බොහෝම ස්තූතියි සහෝ.....ජය!
Lasantharathnasirirox
බොහෝමත්ම ස්තුතියි තාරක සහෝ මේ උපසිරැසියටත්....ජයවේවා !!
nishannw
ස්තූතීයි
AD GAYAN
Thanx machan
iupasanta
Thanks
Madhawa thiwanka
Good job , hebei thaama beluwe nehene.
thanks mchn
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ...
ජය!MudithaDissanayaka
thanks thara sub ekata
Prabodha Jayakody
Thanks...
MAALNATH
Thanks ...........good luck ..................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
TNx tharaka malliyo..denkm balan hitiye.oyama aragena awith.sunny deol..supiri old actor knk..thank u soo mch..all the best..❤️