ඔන්න එහෙනම් සෑහෙන කාලෙකින් සබ් එකක් අරගෙන ආවා. අලුතින්ම නිකුත් වුන ස්කූබි ඩූ ෆිල්ම් එක. මේක 1998 වසරේ ආපු Scooby Doo on Zombie island චිත්රපටිය ඇසුරින් හදපු එකක්. ඒක බලපු නැති අය ඒ ෆිල්ම් එක බලලා ඉදියා නම් හොඳයි. ඒත් නොබැලුවා කියලා අවුලකුත් නෑ ඉතින්. මොකද ඒ කතාව නොබලපු අයටත් තේරුම් ගන්න පුළුවන් ව…
ඔන්න එහෙනම් සෑහෙන කාලෙකින් සබ් එකක් අරගෙන ආවා. අලුතින්ම නිකුත් වුන ස්කූබි ඩූ ෆිල්ම් එක. මේක 1998 වසරේ ආපු Scooby Doo on Zombie island චිත්රපටිය ඇසුරින් හදපු එකක්. ඒක බලපු නැති අය ඒ ෆිල්ම් එක බලලා ඉදියා නම් හොඳයි. ඒත් නොබැලුවා කියලා අවුලකුත් නෑ ඉතින්. මොකද ඒ කතාව නොබලපු අයටත් තේරුම් ගන්න පුළුවන් විදිහටයි මේක හදලා තියෙන්නේ. හැබැයි 1998 ෆිල්ම් එකේ සිදුවීම් ගැන මේ ෆිල්ම් එකේදි සැරින් සැරේ කතා වෙනවා වගේම ඒ ෆිල්ම් එකේ සමහර දර්ශනත් මේ ෆිල්ම් එකේ පෙන්නනවා අතීතාවර්ජනයන් හැටියට. 1998 ෆිල්ම් එක බලපු අය දන්නවා ඒ ෆිල්ම් එකේ ඉදියේ වෙස්මූණු දාගත්තු බොරු හොල්මන් නෙමෙයි ඇත්තම සොම්බීස්ලා කියලා. ඒ වගේ ඇත්තම හොල්මන් ඉන්න කතා කිහිපයක්ම ආවා ස්කුබී ඩූ ෆිල්ම්වල.
- Scooby Doo and the Ghoul School (1988)
- Scooby Doo and the Reluctant Werewolf (1988)
- Scooby Doo on Zombie Island (1988)
- Scooby Doo and the Witch’s Ghost (1999)
- Scooby Doo and the Cyber Chase (2001)
තව තියෙනවද දන්නෙ නෑ මට මතක ටික තමයි මේ කිව්වේ. කොහොමහරි දැනට ආපු හැම ස්කුබී ෆිල්ම් හැම එකක් අතරින්ම පුද්ගලිකව මම ආසම එක තමයි Scooby Doo on Zombie Island (1988) ෆිල්ම් එක. ඉතින් ඒ ෆිල්ම් එක ඇසුරින් හදපු මේ අලුත් ෆිල්ම් එක ගැන කියනවා නම් මේ වන විට IMDB අගය 6.4 ක් අරගෙන තියෙනවා. හඬ කැවීමෙන් වෙනදා සෙට් එකම දායක වෙනවා. කතාව ගැන ටිකක් මතක් කළොත් ස්කුබී සෙට් එක අභිරහස් විසඳන එක නවත්තලා තියෙන්නේ මොකච නගරේ ශෙරිෆ් එයාලට සද්දේ දාපු හින්දා පොඩි ළමයි පොඩි ළමයි විදිහට ඉන්න වෘත්තිය මට්ටමේ අයට අභිරහස් විසඳන එක භාර දීලා කියලා. වැඩේ කොච්චර සීරියස්ද කියනවා නම් ෆ්රෙඩී එයාලගේ වෑන් එක, ඒ කිව්වේ මිස්ටරි මැෂින් එකත් විකුණලා දාලා. කොහොම වුනත් කට්ටිය හිත යටින් මාර අවුලින් ඉන්නේ අභිරහස් විසඳන එක නවත්තපු හින්දා. කොහොමහරි ඔය අතරේ ෂැගී, ස්කුබියි බලන්න කැමතිම ටීවී ශෝ එකකින් එයාලට දිනුමක් ඇදෙනවා දූපතකට නිවාඩුවකට යන්න. සෙට් එක හරිම සතුටින් දූපතට යනවා. ගියාට පස්සේ තමයි දැනගන්නේ සෙට් එක ආපහු ඇවිල්ලා ඉන්නේ 1998 ෆිල්ම් එකේ තිබුන මූන්ස්කාර් දූපතටමයි කියලා. ඉතින් එතනින් එහාට තමයි හොඳම හරිය.
එතනින් එහාට වෙන දේ ඔයාලටම බලන්න ඉඩ දීලා මම එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
14,549 downloadsDownload Scooby-Doo.Return.to_.Zombie.Island.2019.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
64 comments
hatharasingha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්රෝ සිංහල උපසිරසියට.. :)
ජය වේවා.!ranga11112
thanks saho........
theruwan saranaiKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!udarakalpadeep
ස්තුතිය උපසිරැසට
Thilina Jayarathna
ado maru
Supun_boy
Thanks bn
කවිනු වීරක්කොඩි
Thnkq!
C.R.Jayalath
අඩෝ සොහානයා congrats. මං බාගයයි උඹ බාගයයි කරලම තව ටිකයි නේ ස්කූබි එකේ තියෙන්න
සොහාන් ජයසූරිය
ඔව් නේහ් බන්.. ඉතුරු ටිකත් උඹ දීපන් ඉක්මනට
Udaya Saman
හම්මේ මලය ගොඩ දවසකින් සබක් අරන් ඇවිත්...ස්කූබි එකට ඉතින් අනිවා සබ් කරන්නෙ ඔයානේ..ඔන්න එහෙනම් මේකත් ඔයාගේ සබ් එක්ක බලනවා...
සොහාන් ජයසූරිය
aniwaa aiye ewa athaarinne ne
Udara Damith Dissanayaka
ela ne
Udara Damith Dissanayaka
scooby doo ewa kohoma hari genawa neda
සොහාන් ජයසූරිය
අනිවා අයියේ
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Nilupul Madukapriya Perera
බොහොම ස්තුතියි සබට..
Supun_boy
Elaz
Ayesh Prashan
Thank You
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Chanu mikhail
Thanks
sksalitha
❤❤❤❤❤❤❤ Thanks bro ❤❤❤❤❤❤❤❤❤❤
sacheee35
උපසිරැසි වලට ස්තූතියි
malindu nimsara
1998 apu film download karaganna link 1k denna. baiscope eke sub 1ta galapena copy 1ka
malindu nimsara
scoobydoo on zombie island film eke link 1k denna
සොහාන් ජයසූරිය
මෙතන ලිංක් දාන්න බෑ සහෝ ෆේස්බුක් එකෙන් මට මැසේජ් එකක් දාන්නකෝ ලිංක් එකක් දෙන්නම්
සොහාන් ජයසූරිය
මෙතන ලිංක් දාන්න බෑ සහෝ.. මට ෆේස්බුක් එකෙන් මැසේජ් එකක් දාන්න මං ලිංක් එක එවන්නම්.
සොහාන් ජයසූරිය
මෙතන ලිංක් දාන්න බෑ සහෝ.. මට ෆේස්බුක් එකෙන් මැසේජ් එකක් දාන්න මං ලිංක් එක එවන්නම්.
සොහාන් ජයසූරිය
මෙතන ලිංක් දාන්න බෑ සහෝ.. මය ෆේස්බුක් එකෙන් මැසේජ් එකක් දාන්න මං ලිංක් එකක් එවන්නම්.
සොහාන් ජයසූරිය
මට ෆේස්බුක් එකෙන් මැසේජ් එකක් දාන්න සහෝ ලිංක් එක එවන්නම්.
තිසර නියෝ
උපසිරසියට තුති මලේ
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!dinesh88
ස්තුතියි උපසිරසියට ජයවේවා
manuja lakshitha fernando
thnk you brooo
nihalpujitha
Thanks සහෝදරයා
D.Chamara
bohoma sthuthi sahooo jaya ,,,
Stranger
thanks
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
download කරලා තිබ්බා...දැන් සබ් එක්කම බලන්න පුළුවන්...DCR
✌ජය
aks
Thanks...
Roshan MW
පලවෙනි එක බැලුවා. සබ් එකට තෑන්ක්ස්. දිගටම යමු ඔහොම
Roshan MW
පලවෙනි එක බැලුවා. සබ් එකට තෑන්ක්ස්. දිගටම යමු ඔහොම
santhusha319
thanks bro!!!!!!
සොහාන් ජයසූරිය
ස්තූතියි හැමෝටම
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!
Sandeepmadushan
Kochchara beluwath meylawa epa wen na.. thanx sub ekata
baiscopeshanukap
Thanks bokka
rockz2020
බොහොම ස්තූතියි! ❤
ජය වේවා! ❤Bandara76
Thanks Bro.....
Shehan putha
Thanks bro
A JAYANATH
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nadeesha rox alahakoon
Tnx bro subt
AsithaDilruwan
ela saho thanks
podda
thanks
akalankagayan
Thnx.......
සසිඳු කවීශ ගමපතිරණ
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
nihalpujitha
THANKS brother
PahasaraDv
Thankz very much....
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
reshan-hasanga
Thanks
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Sithupa dinil
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thnx bro