Watch Trailer

Blast (2026) Sinhala Subtitles | ගිනි පුපුර [සිංහල උපසිරසි]

Blast (2026) Sinhala Subtitles ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් සුපිරි දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ. චිත්‍රපටයේ නම ‘Blast’ (2026). මේ වසරෙ මැයි 28 වෙනිදා සිනමාහල් වලට නිකුත් වුණ, Martial Arts, Action, Thriller ගණයට අයිති වෙන සුපිරිම ෆිල්ම් එකක්.…

Blast (2026) Sinhala Subtitles

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් සුපිරි දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ. චිත්‍රපටයේ නම ‘Blast’ (2026). මේ වසරෙ මැයි 28 වෙනිදා සිනමාහල් වලට නිකුත් වුණ, Martial Arts, Action, Thriller ගණයට අයිති වෙන සුපිරිම ෆිල්ම් එකක්. ජුනි 25 Netflix හරහා OTT වලටත් නිකුත් වුණා. දැනටමත් මේ ෆිල්ම් එකට IMDB දර්ශකයේ 7.6/10 ක වගේ ඉහළ අගයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා කියලත් මුලින්ම මතක් කරන්න ඕනේ.

චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වගේම තිර රචනයත් කරලා තියෙන්නේ Subash K. Raj විසින්. මේ ඔහුගේ පළවෙනි අධ්‍යක්ෂණය,  2022 අවුරුද්දේ නිකුත් වුණු ‘Love Today’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඔහු වැඩ කරලා තියෙනවා. නළු නිළියෝ ගැන කතා කළොත්, මේකේ ප්‍රධාන චරිත  Action King ‘Arjun Sarja’, Virumaandi ෆිල්ම් එකෙන් ජනප්‍රිය වුණ ‘Abhirami’, මෑතකදී Star, Om Bheem Bush වගේ ෆිල්ම්ස් වලින් සහ Aasa Kooda (2024) කියන ජනප්‍රිය සින්දුවෙන් ගොඩක් කතාබහට ලක්වුණ ‘Preity Mukhundhan’. මීට අමතරව John Kokken, Vivek Prasanna, සහ Arjun Chidambaram වගේ අයත් මේකට රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට ටිකක් හැරුණොත්, රාජාරාම් කියන්නේ කරාතේ මාස්ටර් කෙනෙක්. එයා එයාගේ බිරිඳ නීලවේණි සහ දුව නිලා එක්ක ජීවත් වෙනවා. මේ කතාවේ රාජාරාම් තමන්ගේ දරුවා වෙනුවෙන් කරන දේවල් ගොඩක් කැපී පේනවා. මේ ගොල්ලන්ගේ පාඩුවේ යන ජීවිතේට එකපාරටම ලොකු කරදරයක් එනවා. වරුන් දයාලන් කියන කෝටිපති ව්‍යාපාරිකයා සහ එයාගේ කුලී ඝාතකයා වෙන ඒබ්‍රහම්, තමන්ගේ ව්‍යාපෘතියක් වෙනුවෙන් ගමක් විනාශ කරලා කන්දක් හාරන්න හදනවා. ඉතින් මේ අසාධාරණේට විරුද්ධව රාජාරාම්ගේ පවුලම එකතු වෙලා මේ දාමරිකයන්ට විරුද්ධව සටන් කරන විදිහ තමයි මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ. කතාවේ අන්තිමට මොකද වෙන්නේ කියලා දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා.

එහෙනම් වැඩි කතා ඕනේ නෑ, සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා මම ආරාධනා කරනවා.  එහෙනම් තවත් මේ වගේම සුපිරි උපසිරැසියකින් හම්බවෙමු.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!

Blast (2026) Sinhala Subtitles

 

 

     

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,130 downloadsDownload Blast-2026.zip50 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Blast Sinhala Subtitles

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

2,130 downloadsDownload Subtitles50 KB

2 comments

  1. නිශාන් සමීර

    දෙනකම්ම බලන් හිටපු එකක් ❤️
    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

  2. Buddhika laKMal

    සබ්එකට ස්තුතියි තරිදු අයියේ