Watch Trailer

Carolina Caroline (2025) Sinhala Subtitles | මෙහෙමත් හොරු… [සිංහල උපසිරසි] [Bluray Update]

Carolina Caroline (2025) Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ Crime | Drama | Romance වර්ගයන්ට අයත් වන Adam Carter Rehmeier විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ William Thomas Dean IV විසින් තිර රචනය කරන ලද චිත්‍රපටයක්. විචාරක ප්‍රතිචාර, IMDb අගය: 6.8/10 Rotten Tomatoes: 93% සිනමාපටයේ තොරතුරු,…

Carolina Caroline (2025) Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ Crime | Drama | Romance වර්ගයන්ට අයත් වන Adam Carter Rehmeier විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ William Thomas Dean IV විසින් තිර රචනය කරන ලද චිත්‍රපටයක්. 

විචාරක ප්‍රතිචාර,

  • IMDb අගය: 6.8/10 
  • Rotten Tomatoes: 93%

සිනමාපටයේ තොරතුරු,

  • ප්‍රධාන නළු නිළියන් : 

  1. Samara Weaving (කැරොලයින් ඩැනියෙල්ස්)
  2. Kyle Gallner (ඔලිවර් ඇන්ඩර්සන්)
  3. Jon Gries (හෑන්ක් ඩැනියෙල්ස්)
  4. Kyra Sedgwick (ඩෙබොරා)
  • ධාවන කාලය : පැය 1 මිනිත්තු 47
  • මුළු ආදායම : $263,008

​කතාව ගැන පොඩ්ඩක්:

කැරොලයින් කියන්නේ ටෙක්සාස් වල ග්‍රාමීය පැත්තක තියෙන ඉන්ධන පිරවුම්හලක වැඩ කරන තරුණ ගෑණු ලමයෙක්. මෙයා ජීවත් වෙන්නේ එයාගේ තාත්තා එක්ක. අම්මා නම් එයා පොඩි කාලෙදීම දාලා ගිහින්.

​ඔන්න දවසක් මේ ෂෙඩ් එකට එනවා ඔලිවර් කියලා හරිම කඩවසම් තරුණ කොල්ලෙක්. මෙයා ෂෙඩ් එකේ මුදලාලිට පට්ටම නූල් සූත්තරයක් දාලා, මුදලාලිට හිතාගන්නවත් බැරි වෙන්න කඩේ සල්ලි ටිකකට විදිනවා! (ඒක කරන්නේ කොහොමද කියලා නම් මං කියන්නේ නැහැ, ඔයාලම බලන්නකෝ.) හැබැයි වැඩේ කියන්නේ, ඔලිවර් කරපු මේ හොර වැඩේ එතනට ටිකක් ඈතිත් ඉදන් මේ සිද්ධිය බලාගෙන හිටපු කැරොලයින්ට මීටර් වෙනවා. 

​ඔලිවර් කඩෙන් එලියට යනවාත් එක්කම කැරොලයිනුත් එයා පස්සෙන් ඇවිත් “ඔයා කරපු හොර වැඩේ මං දැක්කා කියනවා”. මේත් එක්කම දෙන්නා අතරේ ඇති වෙන කතා බහා නවතින්නේ මෙයාලා අතරේ ආදර සම්බන්ධයකුත් පටන් අරගෙන. මෙච්චර කල් තනියම හොර වැඩ කරපු ඔලිවර්ට, දැන් උදව්වට කෙනෙකුත් ඉන්න නිසා, ඔන්න දැන් තමයි කතාවේ හොඳම සෙල්ලම් ටික පටන් ගන්නේ. ඒ මොනවද කියලා බලලම දැන ගන්නකෝ…

නරඹන්නන්ගේ අවධානයට,

​මෙම සිනමාපටය R-Rated ගණය අයත් නිසා, මෙය කුඩා දරුවන් සමඟ නැරඹීමට නිර්දේශ නොකරන අතර, වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු වේ.

​එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා! 

 

Carolina Caroline (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි Bluray/WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,044 downloadsDownload Carolina-Caroline-2025-Bluray-Updates.zip79 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Carolina Caroline  Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

1,044 downloadsDownload Subtitles79 KB

4 comments

  1. Anonymous

    thank

  2. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබ්එකට

  3. Harshana Atapattu

    සබ් එකට තුති සහෝ

  4. Harshana Atapattu

    සබ් එකට තුති සහෝ. ජය වේවා