ඉචිගෝ කුරෝසකී කියන්නෙ හොල්මන් දැකිමේ හැකියාවක් තියෙන තරුණයෙක්. මේ හැකියාව නිසා මෙයාට මුණ ගැහෙනවා ගෑණු ළමයෙක් රූකියා කූචිකී කියලා. මේ ගෑණු ළමයා මනුස්සයෙක් නෙවෙයි. මෙයා ෂිනිගමි කෙනෙක්. ෂිනිගමි කියන්නෙ සිංහල වචනයෙන් කිව්වොත් මැරිච්ච ආත්ම රැගෙන යන කෙනෙක්. මේ මැරිච්ච ආත්ම අරන් යන්නෙ සෝල් සොසයිටි කියන ත…

ඉචිගෝ කුරෝසකී කියන්නෙ හොල්මන් දැකිමේ හැකියාවක් තියෙන තරුණයෙක්. මේ හැකියාව නිසා මෙයාට මුණ ගැහෙනවා ගෑණු ළමයෙක් රූකියා කූචිකී කියලා. මේ ගෑණු ළමයා මනුස්සයෙක් නෙවෙයි. මෙයා ෂිනිගමි කෙනෙක්. ෂිනිගමි කියන්නෙ සිංහල වචනයෙන් කිව්වොත් මැරිච්ච ආත්ම රැගෙන යන කෙනෙක්. මේ මැරිච්ච ආත්ම අරන් යන්නෙ සෝල් සොසයිටි කියන තැනට. මේ වගේ මැරිච්ච ආත්ම අරන් යන අතර මේ ෂිනිගමිවරුන්ට තියෙන තවත් රාජකාරියක් තමයි හෝලෝ කියන දුෂ්ඨ ආත්ම නැති කරන එක. හෝලෝ කියන්නෙ වෛරයක් හිතේ තියාගෙන මැරුණ පළිගන්න ආත්ම. මේ හෝලෝවරු ෂිනිගමි වරුන්ගෙ ආත්ම ආහාරයට ගන්නවා. ඒ නිසයි මෙයාලා එක්ක සටන් කරන්න වෙලා තියෙන්නෙ. ඊටත් වඩා එයාලා ආකර්ශණය වෙන දෙයක් තියෙනවා. ඒ තමයි Strong Spiritual Pressure (සිංහලෙන් – ශක්තිමත් ආත්මීය පීඩනයක්) තියෙන මනුස්ස ආත්ම. මේ වගේ ආත්මීය පීඩනයක් තියෙන කෙනෙක් තමයි ඉචිගෝ කියන්නෙ. ඉචිගෝ කල් යනකොට දැනගන්නවා එයාට පේන්නෙ නිකන්ම ආත්ම විතරක් නෙවෙයි මේ ෂිනිගමිවරුන් සහා හෝලෝවරුන්වත් එයාට පේනවා කියලා. ඒත් හෝලෝ කෙනෙක්ගෙ පහර දීමට මැදි වෙන නිසා ෂිනිගමි ගෑණු ළමයගෙ බලය ඉචිගෝට දෙන්න සිද්ධ වෙනවා. එතන ඉඳන් ෂිනිගමි කෙනෙක් වෙන ඉචිගෝ වටා සිදුවන සිද්ධි දාමය තමයි Bleach 2018 චිත්‍රපටියෙන් නිරූපණය වෙන්නෙ.
ඒත් මතක් කරන්න ඕනෙ මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ මේ නමින්ම ඉතාම ජනප්‍රිය වුනු ටිටේ කුබෝ විසින් රචනා කරන ලද චිත්‍ර කතා මාලාවක්. චිත්‍ර කතාව පාදක කරගත් ඇනිමේ සීරීස් එකකුත් තියෙනවා. හැමෝම ආදරය කරන ජපන් ඇනිමේ වල ලයිව් ඇක්ෂන් චිත්‍රපට එක පිට එක නිකුත් වෙන්න පටන් අරන් තියෙනවා. 2017, 2018 කියන්නෙ ඒ වගේ ලයිව් ඇක්ෂන් ගොඩක් නිකුත් වුන කාලයක්. මේ ෆිල්ම් එක ගැන විස්තර කලොත් අධ්‍යක්ෂණය කරන්නෙ ෂින්සුකේ සාතෝ විසින්. මේ අවුරුද්දෙ සැප්තැම්බර් 14 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් හරහා අන්තර්ජාතික නිකුවීම වුනේ. මේ චිත්‍රපටිය මේ වෙනකන් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 4ක්. IMDb අගය 6.9/10ක්. දීලා තියෙන්නෙ Web කොපියට වුනත් Netflix හරහා නිසා කොලිටි එක ගොඩක් හොඳයි. එහෙනම් මේ චිත්‍රපටියත් රසවිඳින්න ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සදහා ගැලපේ.
7,286 downloadsDownload Bleach-2018.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
40 comments
shiyamal
Hashan Nethupriya HK
Thanxxxxx
geeganagamage
සුපිරි වැඩක් බොහොම ස්තුතියි
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි
පුලුවන්නම් High & Low Film Series එකටත් සබ් දෙන්න
ජය වේවා!Umayanga_perera
thanks
Kulanjana Maduranga
subata thanks sis....keep it up....
Rashmika dumidu
Thank you sis
samathandi
thanks
gihan perera
ස්තුතියි සහෝදරී....වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතිය....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Tharaka
Thanks,,,,,,
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udisuru
Udara Damith Dissanayaka
ස්තුතියි
උපසිරසට
සිංහලUdara Damith Dissanayaka
ස්තුතියි
උපසිරසට
සිංහල ....Supun Tharaka
thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරී.
ජයෙන් ජය.Chanu mikhail
thanks sis,..
jaya..!!Amalka Himeshan
තැන්ක්ස් නවෝ සබ් එකට ඩව්න්ලෝඩ් වෙන්න දැම්ම
NuwanK
Thank u sis....
Luchnik
THank you sis....
LimeGreenSoda
Thanks
vishwanathmadhushanka
Thanx sis
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි......!
Akila_Viduranga1996
'Paprika (2006)' film ekata sinhala sub karla denna.. please.....!!!
luon95
Thanks for sub
hewage charith
akke oyaa godaaaaak lassanay
apa
සබ් එකට බොහොම ස්තුති.ජයවෙවා...
Madhusanka25
Subata sthuthi mcn
sathya
thanks you
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
යුරාන් ධනුක
බොහෝම ස්තූතියි .....
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!pasanJBro
සබ් එකට තෑන්ක්ස් වේවා
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි....
Dewadithya
Thanks for Sub!!
AsithaDilruwan
ela sahi thanks
Rukshan37
ela ela
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි …..!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks so mutch