බින් ලාඩන් කියන ත්‍රස්තවාදියා ගැන මුළු ලෝකයක්ම දැනගෙන හිටියා. මොකද, බින් ලාඩන් තමන්ගේ වීඩියෝ පාවිච්චි කළා ආයුධ විදියට. ඒත්, රානා කියන ත්‍රස්තවාදියා ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. හැබැයි, රානා කියන්නේ අතිශයින්ම දරුණු ත්‍රස්තවාදියෙක්. ඉන්නේ කොහෙද, කින්ද මන්ද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පොඩි ළමයින්ගේ…


බින් ලාඩන් කියන ත්‍රස්තවාදියා ගැන මුළු ලෝකයක්ම දැනගෙන හිටියා. මොකද, බින් ලාඩන් තමන්ගේ වීඩියෝ පාවිච්චි කළා ආයුධ විදියට. ඒත්, රානා කියන ත්‍රස්තවාදියා ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. හැබැයි, රානා කියන්නේ අතිශයින්ම දරුණු ත්‍රස්තවාදියෙක්. ඉන්නේ කොහෙද, කින්ද මන්ද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පොඩි ළමයින්ගේ මොළ සුද්ධ කරලා, ත්‍රස්තවාදීන් නිර්මාණය කරන්න අංක එකේ විශේෂඥයෙක්. ඉන්ටර්පෝල් එකේ අත්‍යාවශ්‍යම අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ අංක තුනට ඉන්නේ මේ රානා කියන මිලේච්ජ ත්‍රස්තවාදියා. මුම්බායි දුම්රිය පිපිරවීම, වර්ණාසි විහාර පිපිරවීම පිටිපස්සේ වගේම, ටාජ් ප්‍රහාරයට උදව් කළා යැයි සැලකෙන්නෙත් මේ ත්‍රස්තවාදී රානා මිස වෙන කිසිවෙක් නෙවෙයි. අල් මුජාහින්දීන් ත්‍රස්තවාදී සංවිධානයේ අත්‍යාවශ්‍යම නායකයා. අල් මුජාහින්දීන් ත්‍රස්තවාදී සංවිධාන ශීග්‍ර ලෙස ව්‍යාප්ත කිරීම සඳහා මූලිකත්වය ගත් ත්‍රස්තවාදී නායකයා! අතිශය තියුණු ආකාරයෙන් සැලසුම් කොට, නොවරදින අයුරින් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට උපන් හපන් මේ සැහැසි ත්‍රස්තවාදියා සැරසෙන්නේ කුමන ආකාරයේ බිහිසුණු ක්‍රියාවකටද?
රෝ ඔත්තු සේවය ඉන්දියාව ආරක්ෂා කරන්නේ පිටතින් ඉඳගෙනයි. IB එකයි, පොලීසියයි ඇතුලේ ඉඳගෙන. දේශ සීමා ආරක්ෂා කරන්නේ ආමි එකයි, එයාර් ෆෝස් එකයි, නේවි එකයි. මේ හැමදෙයක්ම සම්බන්ධීකරණය කරන්නේ එකම එක දේකින්. “තිනේත්‍රා.” මොකක්ද මේ තිනෙත්‍රා කියන්නේ? රෝ එක ඉන්දියාවේ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. IB එකට ඉන්දියාවෙන් පිටත ක්‍රියාත්මක වෙන්න බැහැ. ඒත්, තිනෙත්‍රා එකට කිසිම සීමාවක් නැහැ. මෙහෙම දෙයක් තියෙනවා කියලා කවුරුවත්ම දන්නේ නැති නිසා, තිනේත්‍රා එකට පුළුවන් ඕනෙම තැනක ක්‍රියාත්මක වෙන්න. කොටින්ම කියනවා නම්, තිනේත්‍රා එකෙන් ඉන්දියානු ව්‍යවස්ථාව පිළිපදින්නේ නැහැ. කෙලින්ම වාර්තා කරන්නේ අගමැති කාර්යාලයට විතරමයි. තිනේත්‍රා එකේ රාජකාරිය තමයි…
Infiltrate – [ඇතුලට රිංග ගන්න]
Investigate – [විමර්ෂණය කරන්න]
Inform – [දැනුම් දෙන්න]
“i” ත්‍රිත්වය. එහෙමත් නැත්නම්, තිනේත්‍රා.
තිනේත්‍රා නිලධාරියෙක් වෙනවා කියන්නේ,
මේ ඇතුල් වෙන්න හදන ලෝකය,
අදෘශ්‍යමාන එකක්.
සමස්ත ලෝකයාම ආලෝකය කරා රැගෙන යන්නා වූ,
අන්ධකාර ලෝකයක් තමයි මේක.
මේකේ පළිගැනීම තියෙනවා.
ද්‍රෝහී වීම තියෙනවා.
වේදනාව තියෙනවා.
තනිකම තියෙනවා.
ජයග්‍රහණය රසවිඳින්න ලැබේවි.
පරාජයත් විඳ දරාගන්න වේවි.
මාරයා ඔබ ඉදිරියේ ඉන්නේ.
රටේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිතය අවදානමේ දාගන්න සොල්දාදුවෝ…
දේශසීමාවට පමණක් සීමා විය යුතු නැහැ.
ඔවුන් රට තුලත් සිටිය යුතුයි.
මේ තමයි ඔබගේ මොහොත.
මේ රටට ඔබේ සේවය අවශ්‍යයි!
මාව පාලනය කළා නෙමෙයි. මාව රැවට්ටුවා. ඇයි එහෙම රැවට්ටුවේ කියලයි මට දැන් හොයාගන්න ඕනේ. එහෙම කරන්න එයාව එව්වේ කවුද කියලා මට හොයාගන්න ඕනේ. මං ඕකුන්ව ඉතුරු කරන්නේ නැහැ. ඕකුන්ව හොයාගන්නකම් මං මේක නවත්තන්නේ නැහැ. උන් කොහේ හිටියත් මං උන්ව හොයාගන්නවා. මොනදේ කරන්න වුණත් මං කරනවා!
මේ තරම් සැහැසි වෙන්න තරම් තිනේත්‍රා නියෝජිත අර්ජුන්ගේ ඉරණම වෙනස් වුනේ කොහොමද? රට රකින්න, රටට සේවය කරන්න තිනේත්‍රා සංවිධානයට එකතු වෙච්ච අර්ජුන් මේ තරම් සැහැසි අයුරින් කුමක් පසුපසද පන්නන්නේ?
මතකද 2016 වර්ෂයේ නිකුත් වෙච්ච Kshanam තෙලිඟු චිත්‍රපටය? සැබෑ තෙලිඟු සිනමා රසිකයෙක් නම්, Imdb දර්ශකයේ 8.3 ක අගයක් සමගින් හොඳම තෙලිඟු චිත්‍රපට ලැයිස්තුවේ 14 වෙනි ස්ථානය තමන් සන්තක කරගෙන සිටින්නාවූ ඒ විශිෂ්ඨ නිර්මාණය සියැසින්ම රසවිඳින්න ඇති. ඒ වගේම, දමිළ භාෂාවෙන් Sathya ලෙසත්, අනවශ්‍ය ක්‍රියාදාම යොදාගනිමින් සම්පූර්ණ කතාවෙහිම රසය නැත්තටම නැති කරමින් Baaghi 2 ලෙස හින්දි බසට ප්‍රති නිර්මාණය වුණෙත්, කිඩ්නැප් ලෙස සිංහල භාෂාවට ප්‍රති නිර්මාණය වුණෙත් මේ Kshanam චිත්‍රපටයම තමයි. Kshanam චිත්‍රපටය නැරඹුවා නම් Adivi Sesh කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ වෙන එකක් නැහැ කියලා හිතනවා. මොකද, එම සිනමා නිර්මාණය තුලින් තමයි Adivi Sesh තමන්ගේ රංගන ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනත් මානයකට යොමුකර ගනිමිනි, තෙලිඟු සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ ලැයිස්තුවට එකතු වුණේ.
ඔන්න එහෙනම් Kshanam චිත්‍රපටයෙන් වසර දෙකකට විතර පස්සේ, Adivi Sesh ආපහු තෙලිඟු සිනමාව කළඹවන්න සමත් වෙනවා. තනියෙන් නම් නෙමෙයි, Kshanam චිත්‍රපටය රචනා කරපු Abburi Ravi තමයි මේ චිත්‍රපටයත් රචනා කරන්නේ. මේ විශිෂ්ඨයෝ දෙන්නගේ සුසංයෝගයෙන් බිහිවෙච්ච Goodachari චිත්‍රපටය කලින් Kshanam චිත්‍රපටයට දෙවැනි වෙන්නේ නැහැ. ඉන්දියානු රුපියල් කෝටි හයක් වගේ සුළු මුදලකින් නිෂ්පාදනය වෙච්ච මේ සිනාමා නිර්මාණය පළමු සති අන්තයේදී පමණක් ඉන්දියානු රුපියල් කෝටි 25ක මුදලක් උපයාගනිමින් මෙම වසරේ නිකුත් වූ චිත්‍රපට අතුරින් බ්ලොක්ස්බස්ටර් ලැයිස්තුවට තම නාමයත් ඇතුලත් කර ගැනීමට සමත් වූයේ බොහොම පහසුවෙන්.
ඔච්චර ලොකුවට කයිය ගැහුවට ෆිල්ම් එකට Imdb 8.0 ක රේටින් එකක්නෙ තියෙන්නේ.
අපි නම් ඔයිට වඩා ලොකු රේටින් තියෙන ෆිල්ම් බලලා තියෙනවා.
Imdb පේජ් එක පැත්තේ ගිහිං ඇවිත් සමහරු ඔහොම කියන්න බැරි නැහැ. සැප්තැම්බර් 7 වෙනිදා වෙද්දී මේ චිත්‍රපටය වෙනුවෙන් Imdb දර්ශකය තුල 9.3 ක අති දැවැන්ත අගයක් වෙන් වෙද්දී, එදා මෙදා තුර බිහිවූ හොඳම තෙලිඟු චිත්‍රපට අතුරින් 32 වන ස්ථානය වෙන්කර සිටියා. නමුත්, චිත්‍රපටය තුල බංග්ලාදේශය සම්බන්ධව ඇති සුළු කාරණාවක් හේතුවෙන් කුපිත වූ නූගත් බංගලියන්ගේ කෝපය හමුවේ, දින කීපයක් ගතවෙද්දී imdb දර්ශකයේ 8.0 ක් වැනි අගයක් කරා සහ, හොඳම තෙලිඟු චිත්‍රපට නාමාවලියේ 40 වන ස්ථානය දක්වා පල්ලම් බහින්නටද Goodachari චිත්‍රපටය සිදුවුණා. නමුත්, මගේ වචනය විශ්වාස කරන්න, තෙලිඟු සිනමාවෙන් 2018 වර්ෂය වෙනුවෙන් මේ දක්වා නිකුත් වූ හොඳම Action, Thriller, Spy චිත්‍රපටය විදියට Goodachari චිත්‍රපටය හඳුන්වලා දෙන්න මං දෙපාරක් හිතන්නේ නැහැ. බය නැතුව කියනවා, දෙපාරක් හිතන්නේ නැතුව, බය නැතුව අරගෙන බලන්න. ආරම්භක තත්පරයේ ඉඳලා, අවසාන මොහොත වෙනකම්ම උපරිම කුතුහලයෙන් නරඹන්න පුළුවන් කියලා සහතික කරලා කියනවා. බංගලි කෝපය හමුවේ නොවෙන්න Imdb දර්ශකය නමයෙන් පහලට කිසිම විදියකින් කරකැවෙන්න සුදුසු නැති චිත්‍රපටයක් විදියට බය නැතුව මේ චිත්‍රපටය හඳුන්වලා දෙනවා. අන්තිම වෙනකම් බැලුවටත් පස්සේ, හදවතට එකඟව හිතෙනවා නම් මෙලෝ වැඩකට නැති චිත්‍රපටයක් කියලා, බැනලා කමෙන්ට් එකක් දාලා ගියා කියලා කිසි අමනාපයක් නැහැ. බලපු අය අනිත් අය වෙනුවෙන් තමන්ට හිතෙන දේ කමෙන්ට් එකක් දාගෙනම යන්න. බලන්නද, නොබලන්නද කියලා දෙගිඩියාවෙන් ඉන්න අයට ඒක උපකාරයක් වේවි.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය True HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
19,275 downloadsDownload Goodachari-2018.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
86 comments
Kelum chethiya
dsdkavishka
Thenks aiya, balala hoda naraka kiyannam
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුයියි,
ජයෙන් ජයම වේවා...!!subodha
Tahanks
madhushi1.amarasinghe
Bohoma aasawen balan hitiya movie ekak..Bohoma sthuti!
athula789
නියමයි. සබ් එක දෙනකන් මග බලාගෙන හිටිය film එකක්.
Ushan anurada
Thanks bn dn sub nethuwama balanawa kiyala hithwa vitharayi sub eka dila ela ela
OshankaNW
Sub එක දෙනකන් බලාගෙන හිටියෙ........බොහෝම ස්තුතියි උපසිරැසියට .....
Baaghi 2 ගැන කියපු කතාවනම් ඇත්ත.....Eranda Malith 2.0
සුපිරිම මචන් සබ් එකට ස්තූතියි
මේ නලුවගෙම ෆිල්ම් ටිකකට සබ් කරමු.
ජයවේවා !Ayesh Prashan
Thank You
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
නියම වැඩක් මචං දෙනකම් බලාගෙන හිටියේ
TharakaWAS
Ela bro...
subata thanks...
jaya wewa....!!!!පැතුම් ඉෂාර
ලිපිය කියෙවුවම බාගන්නේ නැතුව යන්න බෑ බෑ වගේ ෆීලිං එකක් ආවා!!! සබට බොහොම ස්තූතියි !!! ඒ වගේම ගින්දර වගෙ ලිපියත් කොටලා තියනවා!!! තවත් මේ වගේ තෙලිඟු ෆිල්ම් වලට සබ් දෙමු!!! බයිස්කෝප් අඩවියට ජය!!!
Kevin sanjay
කියෙව්වට පස්සෙ සබ් එක බාගන්නෙ නැතුව ගිය එකෙක්නම් මං හිතන්නෑ ඇති කියලා❤❤❤.සුපිර් සහෝ and තෑන්ක්ස්.
Milind@
Thanks saho
Avindu Umesh Gunasinghe
Thankz sisila bro !!
Indunil kavindu
Thanx mchn sub ekt.
Menaka Kariyawasam
Uba sub dena film ekak mn kawadawath nobala idala na machan ela
D.Chamara
kiyapo wediyata aniwa balanna oanaia bohoma sthuthi sahoo jaya ,
දිලා
ස්තුතියි මචෝ
Lahiri
thankz saho
asa raja
hamotama Thankss
bandarasachintha
Thankz
Hashan Nethupriya HK
Thsnxxx,
ශසිත් සඳරුවන්
එනකල් බලාගෙන හිටියේ..
සුපිරියක් තමයි ඉතිම්.
බංගලියෝ... උං එක්ක පොඩි ඇරියස් එකකුත් තියෙනවා මේ දවස් වල. :P
සබට තුති...
ලිපියත් මරු ආ...
ඔබට ජය!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Rumesh dhanushka
බොහොම ස්තුති
Suresh Madhusanka
Bohoma ස්තුතියි saho.....
wera
thanks saho
Buddi
Thanks.............
rangika Kariyawasam
කුමක් කියන්නද මම ??? ඔබට තුති පුදනවා හැරෙන්නට . ජයවෙිවා සිසිල සහෝ.ෆටිටම ෆිලුමක් අපට දුන්නට . ජයවෙිවා
Amilperera
Thnks bro sub akata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kovidu
බොහොමත්ම ස්තූතියි සහෝ
chamikaprabath
නියම විස්තරයක් සිසිල....නොබලන්න ඉන්න කෙනෙකුට උනත් බලන්න හිතෙන විදියට ලිපිය ලියල තියෙනව...ඔයගෙ ලිපි නම් කවදත් ඉස්තරම්...ඔයා කරන ෆිල්ම් මම නම් අනිවාර්යයෙන් බලනවා... ජය වේවා.........
Prasanna123
පට්ටම පට්ට ෆිලුමක්. ආයෙ දෙකක් නෑ.. බලලා කියන්නේ.... මම බලපු හොදම ෆිල්ම් අතරට මේ ෆිලුමත් වැටුනා. තෑන්ක්ස් බ්‍රෝ..
randima Isuru
superb aaaaaa
senehas nimna
Film එක බැලුවේ ඔරිජිනල් කොපිය ආව දවසෙමයි. ඊයෙ ඔයා සබ දැමමම ආයෙ බැලුවා. කතාව ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑ සුපිරි
1998_dulaj
torent ink eka dapanko machan
akila1993
thnx bro
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සිසිල සහෝ.
ජයෙන් ජය.Kanchaka
Thanks
A Mune Munasinghe
thank u broo
M.W. Dilhani
thank you sooo much
Srilankan_Shehan
ko meke torrent link eka nane?????
madushangamage
thankes bro
supun priyanath
Ela Godak Thanks
macknal d.i
Thanks....
kodagoda
tnx sahoo
Amila86884
Niyamai..
isuru199344
Pattai bro.....thankzz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Goodachari (2018) Sinhala Subtitles | ත්‍රස්ත බිමේ රහස් ඔත්තුකරුවා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/08/Goodachari-2018.jpg)


Supiri machan.....