Watch Trailer

The Mission (1986) Sinhala Subtitles | ස්වර්ග රාජ්‍ය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! අද ගෙනාවේ 80 දශකයේ චිත්‍රපටියක්. මේක කරන්න අවසර ලබා දුන්නේ හසන්ත අයියා. චිත්‍රපටිය ගැන කියනවා නම් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ 1986 දී Roland Joffé කියන අධ්‍යක්ෂවරයා. චිත්‍රපටියට IMDb වර්ගීකරණයේ 7.5/10 ක් ලැබිලා තියනවා. මේ චිත්‍රපටියට 1987 ඔස්කා සම්මාන 6කට නිර්දේශ වෙලා තියනවා සහ එක් ඔස…

ආයුබෝවන් හැමෝටම! අද ගෙනාවේ 80 දශකයේ චිත්‍රපටියක්. මේක කරන්න අවසර ලබා දුන්නේ හසන්ත අයියා. චිත්‍රපටිය ගැන කියනවා නම් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ 1986 දී Roland Joffé කියන අධ්‍යක්ෂවරයා. චිත්‍රපටියට IMDb වර්ගීකරණයේ 7.5/10 ක් ලැබිලා තියනවා. මේ චිත්‍රපටියට 1987 ඔස්කා සම්මාන 6කට නිර්දේශ වෙලා තියනවා සහ එක් ඔස්කා සම්මානයක් ජයග්‍රහණය කරලා තියනවා. ඒවගේම වෙනත් සම්මාන 14 ක් දිනලා තියනවා වගේම 26 ක් සදහා නිර්දේශ වෙලා තියනවා. චිත්‍රපටියේ මෙන්ඩෝසාගේ චරිතය රගපාන්නේ ප්‍රවීන රංගන ශිල්පී Robert De Niro, ගේබ්‍රියල් පියතුමා ලෙස Jeremy Irons සහ ඊට අමතරව Liam Neeson ද රංගනයෙන් එකතු වෙනවා.

කතාව වෙන්නේ මෙහෙමයි,ස්පාඤ්ඤය සහ පෘතුගාලය 18 වැනි ශතවර්ෂයේදී දකුණු ඇමරිකාවේ බලය අල්ලාගන්න තරගයක යෙදෙනවා. මේ රටවල් ඒ භූමි වල සම්පත් අල්ලාගන්නවා වගේම වහල් වෙලදාමත් ක්‍රියාත්මක කරනවා. රොද්‍රිගෝ මෙන්ඩෝසා කියන්නේ කුලී හේවායෙක් වගේම වහල් වෙලෙන්දෙක්. එයා කරන්නේ ස්වදේශික ඉන්දියානුවන්ව අල්ලලා එතකොට ලතින් ඇමරිකාව ආක්‍රමණය කරලා හිටිය පෘතුගීසින්ට සහ ස්පාඤ්ඤ ජාතිකයන්ට එයාලාව විකුනණ එක. ඔය වහල් වෙලදාමට එතකොට ධර්ම දූත මෙහෙවරේ යෙදිලා ඉන්න මිෂනාරි පියතුමන්ලා සෑහෙන්න විරුද්ධ වෙනවා. ඒ වගේම වහල් වෙලදාමෙන් බේරෙන්න ස්වදේශ ඉන්දියානුවනුත් මිෂනාරි වල පිහිට පතාගෙන එනවා. ඒ හින්දා වහල් වෙලෙන්දන් මිෂනාරි වලට දැඩි විරුද්ධත්වයක් දක්වනවා. ඔය වගේ පසුබිමක තමයි ගේබ්‍රියල් පියතුමා ස්පාඤ්ඤයට අයත් භූමි ප්‍රදේශයක ශාන්ත කාර්ලෝස් මිෂනාරිය පිහිටවන්නේ. බොහොම අමාරුවෙන් පටන්ගත්ත වැඩේ අන්තිමේට සෑහෙන්න සාර්ථක වෙනවා. ඔය අතරේ නගරෙට යන වෙලාවක ගේබ්‍රියල් පියතුමා දැනගන්නවා මෙන්ඩෝසා එයාගේ සහෝදරයා මැරුව හින්දා, පිහිටක් පතාගෙන පල්ලියට ඇවිත් කියලා. ඉතින් ප්‍රධාන පූජකතුමා එයාට උදව් කරන වැඩේ ගේබ්‍රියල් පියතුමාට භාර දෙනවා. ඉතින් පියතුමා තීරණය කරනවා ව ශාන්ත කාර්ලෝස් මිෂනාරියට අරං යන්න. ඉතින් මෙන්ඩෝසාට මොනවා වෙනවා ඇතිද? නැවත හමුවෙමු!

“ආලෝකයට අදුරේදී බැබලිය හැකි මුත් අදුරට එය මැඩලීමට හැකියාවක් නොමැත.”
-ජෝන්, 1 වැනි පරිච්ඡේදය

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,710 downloadsDownload The-Mission-1986.zip27 KB


width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසිත ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසිත ජයසිංහ

Subtitles

1,710 downloadsDownload Subtitles27 KB

16 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Kulanjana Maduranga

    subata thanks....

  3. Nivom

    thank you bro

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. kavinuweerakkody

    thankq aiye sub ekt!!
    jaya wewa''

  6. kuma.lk

    Thank you ....!

  7. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අසිත සහෝ.
    ජයෙන් ජය.

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  9. ricadodamien

    thank u Asitha brother & baiscope team for the sub, all the best to baiscope team.............

  10. Hassy

    me wage wenas dewal gana tiyena film ekakata sub dunnata thanks.

  11. jagath55

    Thanks

  12. niroxwin

    thx ..... got it .... g b u....

  13. Waruna Kamalawansha

    පැරණි රසාංගයක්... බොහෝම ස්තූතියි උපසිරැසියට

  14. Anonymous

    සිංහල උපසිරසට බොහෙම ස්තූතියි

  15. Anonymous

    The money pit Mekath hadannakoo

  16. Thisara Prabhath Senarathne

    Thanks Bro