Watch Trailer

Bleeding Steel (2017) Sinhala Subtitles | යාන්ත්‍රික හදවතකින් බලගැන්වූ ජෛව විද්‍යාත්මක රණශූරයෙකුගේ වියරුව! [සිංහල උපසිරැසි සමඟ]

මේ ලිපිය කියවන ඔබත් කවදා හරි අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි වේවි. එහෙම නැත්නම්, දැනටම අම්මා කෙනෙක් හරි, තාත්ත කෙනෙක් හරි වෙන්න ඇති. අම්මා කෙනෙක්ගෙන් හරි තාත්තා කෙනෙක්ගෙන් හරි තමන්ට වටිනාම වස්තුව මොකක්ද කියලා ඇහුවොත්, එයාලා දෙපාරක් හිතන්නේ නැතුව උත්තර දේවි, තමන්ගේ දරුවන් කියලා. කවුරුහරි කෙනෙක් ම…

මේ ලිපිය කියවන ඔබත් කවදා හරි අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි වේවි. එහෙම නැත්නම්, දැනටම අම්මා කෙනෙක් හරි, තාත්ත කෙනෙක් හරි වෙන්න ඇති. අම්මා කෙනෙක්ගෙන් හරි තාත්තා කෙනෙක්ගෙන් හරි තමන්ට වටිනාම වස්තුව මොකක්ද කියලා ඇහුවොත්, එයාලා දෙපාරක් හිතන්නේ නැතුව උත්තර දේවි, තමන්ගේ දරුවන් කියලා. කවුරුහරි කෙනෙක් මව්පිය සෙනෙහස කියන්නේ මෙන්න මේකයි කියලා නිර්වචනය කරනවා නම්, සැබවින්ම ඒ කෙනාට වැරදිලා කියන එකයි මගේ අදහස නම්. මොකද, මව්පිය සෙනෙහස කියන්නේ මෙන්න මේකයි කියලා නිර්වචනය කරන්න බැරි තරම් උත්තරීතර දෙයක් කියලයි මට නම් හැඟෙන්නේ දැනෙන්නේ. ඔබ දෙමව්පියෙක් නම් ඔබගේ හිත දන්නවා ඇති, ඔබගේ දරුවන් වෙනුවෙන් ඔබට මෙලොව කළ නොහැකි දෙයක් නොමැති බව. මන්ද යත්, මෙලොව අන් සෑම දේකටම වඩා ඔබට වටින්නේ ඔබගේ දරුවන් නිසායි. මිනිසා පමණක් නොවෙයි, මේ කාරණාව බහුතරයක් සත්ව කාණ්ඩයන් හට පොදු ගුණාංගයක්. මෙහෙම කියනවට මට දහස් වාරයක් සමාවෙන්න ඕනේ. ඒත්, ඔබේ හිතට අවංකවම කල්පනා කර බලන්න, ඔබේ දරුවා මියයමින් සිටිනවා කියලා ඔබ දැනගත්තොත් ඔබට කුමක් නොසිතේවිද?

ලින් කියන්නේ පොලිස් සේවයේ නියතු නිලධාරියෙක්. ඔහුට කියලා මෙලොව ඉන්නේ සිඟිති දියණියක් විතරයි. හැබැයි, හදිසියේම මේ හයක් හතරක් නොදන්න දියණිය අසනීප වෙනවා. උණක් හෙම්බිරිස්සාවක් නම් නෙමෙයි. ලියුකේමියාව! තමන්ට මේ ලෝකේ ඉන්න එකම වස්තුව, හයක් හතරක් නොතේරෙන සිඟිති අවධියේදීම මාරයා අරගෙන යන්න හදනවා කියලා දැනගත්තාම තාත්තා කෙනෙක්ට මොනවා හිතෙන්න ඇද්ද? නමුත්, මාරයා නවත්තන්න පුළුවන් කාටද? තමන්ගේ සිඟිති දියණිය ජීවිතය යදිමින් මාරයා සමග පොර බදමින් සිය අවසාන මිනිත්තු කීපය ගෙවා දමනකොට මේ ආදරණීය තාත්තට තමන්ගේ දුව ලඟට වෙලා ඇයව බදාගෙන ඉකිගසා අඬන්න තරම් වත් ලැබීමක් දෛවයෙන් උරුම වෙලා තිබුනේ නැහැ. ඒ වෙනුවට පොලිස් රාජකාරියට වාර්තා කරන්න හදිසියේම කැඳවීමක් ලැබුණා. ඒ, සාක්ෂිකාරයෙක් සඳහා ආරක්ෂාව සැපයීම සඳහා. සාමාන්‍ය සාක්ෂිකාරයෙක් නම් නෙමෙයි. ඩොක්ටර් කෙනෙක්. ඒ වගේම, ජාන සම්බන්ධ විද්‍යාඥයෙක්. මේ විද්‍යාඥයා තමයි අවුරුදු පහක් පුරාවට ඒ කලාපයේ බලවත්ම ආයුධ වෙළෙන්දා හට හොර රහසේම සේවය කරමින්, ජෛව රසායනික අවි ආයුධ ගැන පරීක්ෂණ කර තිබෙන්නේ. නමුත්, හදිසියේම යම් කිසි දෙයක් වරදිනවා. යම්කිසි හේතුවක් නිසා කෘතීමව නිෂ්පාදනය කරපු ජීව විද්‍යාත්මක ජීවියෙක් පාලනයෙන් තොරවෙලා, රසායනාගාරයේ හැමදෙනාවම අමානුෂික විදියට ඝාතනය කරලා තියෙනවා. ජීවිතය බේරගන්න හැකිවෙලා තිබුනේ මේ විද්‍යාඥයට විතරයි. සාක්ෂිකාරයෙක් විදියට මේ විද්‍යාඥයට ආරක්ෂාව සපයලා, ඔහුව පොලිස් මූලස්ථානය වෙත අරගෙන ඒම සඳහා ලින්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පොලිස් කණ්ඩායමක් පිටත් කර යවනවා.

නමුත්, කිසිම දෙයක් හිතුව විදියට නම් උනේ නැහැ. තමන්ගේ දියණිය ජීවිතයත් මරණයත් අතර සටන් කරන මොහොතක සාක්ෂිකාරයෙක් සඳහා ආරක්ෂාව සැපයීමට පැමිණි මේ පොලිස් නිලධාරියාට ගැටෙන්න උනේ හීනෙන් වත් නොහිතපු දෙයක් එක්ක. හැමෝටම තේරෙන විදියට කියනවා නම්, නවීන විද්‍යාවේ මහිමයෙන් බිහිකරන ලද, තාක්ෂණයෙන් අනූන යක්ෂයෙක් වගේ බිහිසුණු ජීවියෙක් සහ මෘගයෝ රැළකට!

ජැකී චෑන්! අනූව දශකයේ සිනමාව තුල රජකරපු අපි කාගේත් ආදරණීය වීරයා! කාලයත් එක්ක මේ සොඳුරු රංගන ශිල්පියා කෙමෙන් කෙමෙන් වයසට යනවා. ඉස්සර තිබ්බ ප්‍රතාපවත්බව දැන් දැන් අඩුවීගෙන එනවාදෝ කියලත් වෙලාවකට නොහිතුනා නෙමෙයි. ඒත්, කිසිවෙකුත් නොහිතපු විදියට The Foreigner (2017) චිත්‍රපටයත් එක්ක අළු ගසලා දාලා නැවත නැගිටින්න මේ විශිෂ්ඨ රංගන ශිල්පියාට හැකියාව ලැබුණා. එතකොට තමයි මතක් වුනේ, වයින් උනත් පරණ වෙන්න පරණ වෙන්න තමයි ප්‍රමිතිය වගේම රස වැඩි වෙන්නෙත්. මේ සිනමා නිර්මාණය බැලුවාම ඒක තවත් තහවුරු වුණා. හැට පැන්නත් වඳුරා බිමින් යන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ. ඒ වගේ තමයි, වයසට ගියත් ජැකීගේ ක්‍රියාදාම හැකියාව නම් පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැහැ කියලා මේ චිත්‍රපටය බැලුවට පස්සේ හිතේවි. IMDB දර්ශකයේ නම් 5.4 ක් වගේ සාමාන්‍ය අගයක් තමයි ලැබිල තියෙන්නේ. හැබැයි, Action, Sci-Fi, Thriller, Fantasy යන කාණ්ඩ නියෝජනය කරමින් 2017 වර්ෂයේ දෙසැම්බර් මස 22 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිනමා නිර්මාණය, ආරම්භක මොහොතේ පටන්, අවසාන මොහොත දක්වාම කිසිම කම්මැලිකමකින් තොරව, නොනවතින ක්‍රියාදාම රැසකින් ඔබව පිනවාවී. ඒ වගේම, තාක්ෂනය අතින් ගත්තත් මේ චිත්‍රපටය බොහොම ඉහළ මට්ටමකින් තියෙනවා. ඒ වගේම, The Foreigner චිත්‍රපටය බැලුවා නම් දකින්න ඇති, සමහර තැන් වලදී අපිව හරිම සංවේදී කරවන්න සමත් වුණා. ඒ වගේම, මේ සිනමා නිර්මාණයේදීත් සමහර කාරණා වලදී ඔබටත් නොදැනීම ඔබේ ඇස් කඳුලින් තෙත් වේවි. මේ තමයි ජැකී චෑන්ගේ සුවිශේෂීත්වය. ත්‍රාසය, දුක, සතුට, විනෝදය අතරේ ඔබටත් නොදැනීම පුරා හෝරා එක හමාරක් ගතවේවි.

එහෙනම්, අරගෙනම බලන්න. ජැකී චෑන්ගේ රසිකයෙක් නම් අනිවාර්‍යයෙන්ම බලනවා කියලා දන්නවා. ගිහිල්ලා එන්නම්. ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR සහ HC-WEBRip පිටපත් සඳහා අදාළ වේ.

22,727 downloadsDownload Bleeding-Steel-2017-BR.zip58 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Sisila-prasad-new-2018-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

22,727 downloadsDownload Subtitles58 KB

101 comments

  1. Ip_su_

    Thanx ayye

  2. praneeth01

    හදාමත් කමෙන්ට් කරන්න බැරි වෙනවට අපිටම සොරි. මොනවා උනත් අපේ හදවත් වල ඔයාලා ඉන්නවා. ආසාවෙන් ෆිල්ම් එකක් බලන්නේ ඔයාලගේ මේ සබ නිසා තමයි. බුදු සරණයි.

  3. widuranga

    elama sahoooooooooo thanx sub ekataaa

  4. geeganagamage

    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  5. gihan perera

    Thanks bro....maka danakan thamai hitiya...good luck...god bless you....

  6. Guyzon

    BrRip awama balamu danma epa :D

  7. lahiru sadaruvan

    thank you so much aiye.....

  8. sachintha

    Sub ekata thanks ayyee...
    Elama...

  9. subodha

    Thanks

  10. ඉසුරු සම්පත් සිරිසේන

    උපසිරසියට ස්තුතියි අයියේ..

  11. dhilanpiyumantha

    Thnks මචො........

  12. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxxxxxxxxx

  13. mihidumheshan123

    Telugu movie godak avilla awatath sub karannkoo thnks sub akata

  14. Dhanushkadill

    Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  15. Dilum Laksiri

    niyami malli

  16. Ajith Priyantha

    sub ekata thanks wewa

  17. roxxpissa

    Sub ekt tnx saho

  18. macrocomlk

    Thanks Machan sub ekata............!!
    #Madu

  19. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaaaaaaaaa

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Charuka00

    Bohoma isthuthi saho. Michael Jackson Searching for Neverland film ekatath sub denna puluwanda?

  22. Malinda

    jackie chan kiyanne mama asama naluwangen ekkenek. pora innawa nam pol lellak unath hodai.

  23. pradeep darshana

    sub eka supiri shoo

  24. pradeep darshana

    sub eka supiri shoo.....

  25. nirodha uthpala

    Happata sisila subak ne aniva balanava habai brrip eaka vitarai.. apuhama uplate eakak diyan bro ..thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  26. AsithaDilruwan

    elama saho thanks

  27. shanaka anurudda

    thnkzz bro.......... puluwannam torrent download link denawada?

  28. Ishara.D

    GULAEBAGHAVALI
    PSV garuda vega
    me film walatath sub denna

    Thanks for the subtitle...

  29. HARSHANA9211

    Thanks..............

  30. amilaaasj

    බොහොම ස්තුතියි සහෝදරයා මේ වෙන මහන්සියට. එක අතකට අලුත් ක්‍රමයත් බොහොම හොඳ වැඩක්

  31. madushangamage

    thankes bro......

  32. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතිය සිසිල අයියේ උපසිරසට. ජැකී චෑන්ගේ ෆිලුමක්නම් BR එකකින් බලන්නම ඕනි. BR එකක් ආව ගමන් අප්ඩේට්ටුවක් දෙන්න අයියේ.. බුදුසරණයි..ජය වේවා!

  33. MudithaDissanayaka

    thank sisila broooooo.....

  34. Panther

    Thanz saho sub akta

  35. aks

    thanks...

  36. DhanushkaAASL

    thanks sub akata

  37. Kavinda

    Godak sthuthi..

  38. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  39. Dinu

    sub ekata thanx aiye

  40. samathandi

    thanks

  41. imendra danushka

    thanks bro...

  42. psampa

    thank you

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  45. UK_Fernando

    Thanks bro

  46. Milindapriyalal

    Ela

  47. saman rathnayake

    Patta machan

  48. malith

    Ela ela

  49. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සිසිල සහෝ.
    ජයෙන් ජය.

  50. shashika gihantha

    50 weni commentuwa.. tnkQ sub ekata saho.. (y)

Load more comments