Watch Trailer

I, Tonya (2017) Sinhala Subtitles | දැනුම නොමැතිකොට හැකියාවට වටිනාකමක් නැත…. [සිංහල උපසිරැසි සමඟ]

දැනුම නැත්තන් ඇයි හැකියාවෙන් පලක් නොවෙන්නේ? ඔව් ඔයාලා ඒ ගැන තර්ක විතර්ක ගෙන්න කලින් මේ චිත්‍රපටය බලන්න කියල මම ආරධනා කරනවා. මේ කියන්න යන්නේ සත්‍ය කතාවක් මිසක් කවුරුවත් හිතල ගොතපු කතාවක් නෙමෙයි. ටාන්යා හාඩින්ග් කියන නම ඔලිම්පික් තරඟ ගැන උනන්දු කෙනෙක් නම් අමතක වෙන්න විදිහක් නැහැ. මොකද මේ චරිතය ලොව පු…

දැනුම නැත්තන් ඇයි හැකියාවෙන් පලක් නොවෙන්නේ? ඔව් ඔයාලා ඒ ගැන තර්ක විතර්ක ගෙන්න කලින් මේ චිත්‍රපටය බලන්න කියල මම ආරධනා කරනවා. මේ කියන්න යන්නේ සත්‍ය කතාවක් මිසක් කවුරුවත් හිතල ගොතපු කතාවක් නෙමෙයි. ටාන්යා හාඩින්ග් කියන නම ඔලිම්පික් තරඟ ගැන උනන්දු කෙනෙක් නම් අමතක වෙන්න විදිහක් නැහැ. මොකද මේ චරිතය ලොව පුරා ප්‍රසිද්ධ උනා අර මම මුලින් කියපු දේ නැති නිසා කරපු දෙයක් නිසා. ඒ තමයි දැනුම. එහෙම කියන්න හේතුව ටාන්යා කියන චරිතයේ පසුබිම සහ හැදුන වැඩුන ස්වභාවය කිව්වොත් වඩා නිවැරදියි.

හරි එහෙනම් නොදන්න අයට කියන්නම් කවුද මේ ටාන්යා හාඩින්ග් කියන්නේ කියලා. ඉතාමත් අඩු වයසින් Figure Skating එහෙමත් නැති නම් ගෘහස්ත හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවක් තියෙනවා කියල හැමෝම දන්නවනේ. ඔව් අන්න ඒ තරඟ වල මුදුන් පෙත්තටම යන්න තරම් හැකියාවක් තිබුන කෙනෙක් තමයි ටාන්යා කියන්නේ. ටාන්යා ඉපදුනේ 1970 නොවැම්බර් 12 වන දින වසරේ ඔරිගන් ප්‍රාන්තයේ පොර්ට්ලන්ඩ් වලදී. ඉතාමත් අවුල් සහගත පවුලක ඉපදුන ඇයගේ මව ටාන්යා පොඩි කාලේ ඉඳන් හැදුවේ තමන්ගේ ඉලක්ක සපුරාගන්න හදාගන්න දඩයම් බල්ලෙක් ආකාරයට. ටාන්යාගේ මවගේ තුන්වෙනි සැමියා තමයි ටාන්යාගේ පියා උනේ. මවට යටත්ව ජිවත් උන ඔහුට සහ ටාන්යාට දිවි ගෙවන්න ලැබුනේ පිතෘ මුලික පවුලක් තුල නෙමේ. එහි ප්‍රධානියා උනේ ටාන්යාගේ අම්මා. කුඩා කාලයේ පටන් පවුල් ආරවුල් ප්‍රශ්න මැද්දේ හැදුන ටාන්යාට අවුරුදු හයක් වෙනකොට පියා තම පවුල අතහැර යනවා ඇයගේ මවත් සමඟ ජිවත් වෙන්න තියෙන අමාරුව නිසාම. ඉතින් එදා පටන් මේ එකාධිපතිනියගේ නියෝග වලට සහ විකාර දිවිපැවතුම් වලට යටත්ව හැදුන ටාන්යාට මුල් කාලයේ පටන් ඉගැන්වූ එක දෙයක් තිබුනා. ඒ තමයි ගෘහස්ත ස්කේටින් ක්‍රීඩාව. ඇය තමන්ගේ කුඩා කාලයේදීම එහි පුදුමාකාර දක්ෂකම් දැක්වුවා. එහි ප්‍රතිපලයක් විදිහට ඇයට වඩා වැඩිමහල් ළමයින් ඇයට පරදින විට ටාන්යාට සිද්ධ උනා කුඩා වයසේදීම අම්මගේ නියෝගය යටතේ තම පාසල් දිවියට සමු දෙන්න. ඉතින් හැකියාව ගැන පමණක් සැලකිල්ල දැක්වූ ඇයගේ මව ටාන්යාට ලැබිය යුතු අධ්‍යාපනය ගැන කිසිම තැකීමක් කලේ නැහැ. ඉතින් එයින් ටාන්යා හට ලැබුන අවාසි නම් එමටයි.

ටාන්යා ගැන කතා කරන විට විශේෂිත වූ කාරනා කීපයක් තියෙනවා,

1. ට්‍රිපල් ඇක්සල් එක – මෙනමින් හඳුන්වන්නේ මේ තරඟ වල දක්වන සුවිශේෂී වූ හැකියාවක්. එය හැමෝටම කරන්න හැකියාවක් නැති දක්ෂකමක්. ඇමෙරිකානු කාන්තා ෆිගර් ස්කේටින් තරඟාවලියක් තුල මෙම දක්ෂතාවය නිවැරදිව පෙන්නුම් කල පළමු කාන්තා තරඟකාරිය උනේ ටාන්යා හාඩින්ග්ස්.

2. නැන්සි කෙරිගන් – ටාන්යාගේ කාලයේ සිටි තවත් තරඟකාරියක්. එයා ගැන ඔයාල කතාව බලලම දැනගන්න. 1994 වසරේදී නැන්සි සහ ටාන්යා ඇමෙරිකාව තුල වඩා ජනප්‍රිය චරිත දෙකක් උනා.

3. ජෙෆ් ගිලොලි – මේ තමයි ටාන්යාගේ මුල්ම සැමියා. ඉතාමත් අඩු වයසකදී විවාහය කියන්නේ මොකද්ද කියලවත් නොදැන විවාහ වෙන්නේ ඔහුත් සමඟ. ටාන්යා තමන්ගේ මවගෙන් ලැබුන පීඩනය අඩු කරගන්න සොයාගත් විකල්පය තමයි ජෙෆ් කියන්නේ. එයාගේ හපන්කම් ගැන දැනගන්න පුළුවන් චිත්‍රපටය අතරතුරදී.

මේ කාරණා වගේම පුද්ගලයන් ටාන්යා හාඩින්ග් කියන දක්ෂ තරඟකාරියගේ ජිවිතයට ලොකු බලපෑම් කළා. ඇමෙරිකාවේ දක්ෂතම ක්‍රීඩිකාවක් අවසානයේ ක්‍රීඩාවට සමුදුන්නේ විනිසිරු නියෝගයක් හමුවේ. ඒ හැම දෙයක්ම ටාන්යා හාඩින්ග් නමැති ක්‍රීඩිකාවගේ සත්‍ය ජීවිතය පදනම් කරගෙන නිමවූ මේ සලරුව තුලින් ඔබට දැකගන්න ලැබේවි. චිත්‍රපටය අවසානයේ ඔයාලට අර මම මුලින් කියූ කාරණය ඇත්තද බොරුද කියලා හිතන්න අවස්ථාවක් ලැබේවි.

චිත්‍රපටයේ රංගන දායකත්වය ගැන කියනවා නම් ටාන්යාගේ චරිතය රඟදක්වන්නේ අපි කවුරුත් හොඳින් හඳුනන දක්ෂ නිලියක් වන Margot Robbie විසින්. හැමෝටම දන්නා විදිහට කිව්වොත් හාලි කවීන්ගේ චරිතයට පණ පෙව්වේ ඇය තමයි. ඊට අමතරව Sebastian Stan, Allison Janney මේ චිත්‍රපටයේ රංගනයේ යෙදෙනවා. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ Craig Gillespie.දැනට ඔස්කා සම්මාන තුනකට නිර්දේශිත මේ චිත්‍රපටය වෙනත් සම්මාන 29ක් දිනාගෙන සම්මාන 108ක් සඳහා නිර්දේශ ලබා තිබෙනවා. ඒ වගේම මෙහි IMDb අගය ලෙස වාර්තා වෙන්නේ 7.6 ක්. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල තුල හොඳම සහය නිළිය සම්මානය පවා ලැබුනේ මෙහි ටාන්යාගේ මවගේ චරිතයට පණ පොවන Allison Janney හටයි. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටය නරඹන්න කියලා.  එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්. ජය!!

 

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි  BR පිටපත් සඳහා  අදාළ වේ.

3,602 downloadsDownload I.Tonya-2017-BR-1.zip98 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,602 downloadsDownload Subtitles98 KB

38 comments

  1. Mayura

    මේකේ කොපි ඇවිල්ලදෝ කියල හැමදාම yts බැලුවා. මෙන්න සබත් දාලා. ට්‍රේලරේ දැකපු දවසේ ඉඳන් රොබීගේ වැඩ ටික බලාගන්නයි ආසාවෙන් ඉඳියේ. බොහෝමත්ම තුති

  2. ඉසුරු සම්පත් සිරිසේන

    සබට තුති අයියේ..

  3. ආසිරි ප්‍රියන්ත

    තද තද කාලෙකින් ආවේ, ඕන්න් බෑවෙන්න දැම්මා.
    එල ඈ

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. jagath55

    Thanks

  6. Kanchaka

    Thanks Bro........

  7. Charuka00

    Bohoma isthuthi saho. Michael Jackson Searching for Neverland film ekatath sub denna puluwanda?

  8. Nirosh C

    ස්තුතියි හසන්ත සහෝ.ජයවේවා!

  9. AsithaDilruwan

    elama saho thanks

  10. Buddi

    Thanks......

  11. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ

  12. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  13. Wicki

    උපසිරසට බොහොම ස්තුතියි

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  16. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසන්ත සහෝ.
    ජයෙන් ජය.

  17. sahan nethmal

    Kawdd ayye aluth film walt sub denne...hoda film wlat sub nh ne..film welenwane..dan issara wage newe..baiscope..eka power bahalad???

    1. හසන්ත වික්‍රමරත්ත

      මොනවද හොඳ ෆිල්ම් කියල කිව්වේ? තාම නොදුන්නු එව්වා?

  18. Bandaramudiyansi

    උපසිරැසි යාවකාලින කලාට මගෙ ස්තුතියි ඔබට!!
    වටිනා චිත්‍රපටයක්

  19. Bandaramudiyansi

    හැකිනම් මෙම චිත්‍රපටයටත් උපසිරැසලබාදෙන මෙන් ඉල්ලමි.Lady Bird
    2017 ‧ Drama/Comedy

  20. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!

  21. D.Chamara

    bohoma sthuthi sahooo

  22. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  23. tharindu gunarathna

    thanks

  24. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  25. Kasun A.

    sabata thuthi hasantha saho.jaya!

  26. Ravindu Rukshan

    thx

  27. Gayan Chathuranga

    උපසිරැසියට බොහොම ස්තූතියි

  28. ricadodamien

    thank you Hasantha Brother & baiscope team for the sub, ALL THE BEST TO THE BAISCOPE TEAM........

  29. Saranga J. Liyanagama

    බොහෝම ස්තූතියි…

  30. sampath n perera

    බොහෝම ස්තූතියි…

  31. MAALnath

    Thanks ...............good luck ......................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  32. kavindu122

    Thanks Bro !!!

  33. Nidi

    හසන්ත,
    ගොඩක් ස්තුතියි.
    හැබෑ සිදුවීම් තවත් පණ ගහනවා
    ඔයාගේ සබ්ස් එක්ක.
    නියමෙට ගැලපෙනවා.
    නියමයි!

  34. indika75

    thanks..

  35. D Galahad

    Thank u

  36. sasanka sathyajith

    Thanks for the sub

  37. Sahan Gayantha

    thanks a lot Hasantha saho sub ekata