ඉතින් කොහොමද අපේ බයිස්කෝප් යාළුවෝ හැමෝටම. ඔන්න ආයෙත් ඉක්මනින්ම, අළුත්ම බයිස්කෝප් එකක් අරගෙන, මම ඔයාලා මුණ ගැහෙන්න ආවා. මේක රීලීස් වුනේ, 2014 මැයි 23 වුනාට, අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වුනේ, අගෝස්තු 12වෙනිදා. මම මේ දවස් වල ටිකක් විතර කාර්‍ය බහුල නිසා, මේක දෙන්න පොඩ්ඩක් පරක්කු වුනා. ඒකට හැමෝගෙන්ම…

ඉතින් කොහොමද අපේ බයිස්කෝප් යාළුවෝ හැමෝටම. ඔන්න ආයෙත් ඉක්මනින්ම, අළුත්ම බයිස්කෝප් එකක් අරගෙන, මම ඔයාලා මුණ ගැහෙන්න ආවා. මේක රීලීස් වුනේ, 2014 මැයි 23 වුනාට, අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වුනේ, අගෝස්තු 12වෙනිදා. මම මේ දවස් වල ටිකක් විතර කාර්‍ය බහුල නිසා, මේක දෙන්න පොඩ්ඩක් පරක්කු වුනා. ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ඒ වගේම අපේ සමීර කරුණාරත්න අයියටත් බොහොම ස්තූතිවන්ත වෙනවා, මට මේ ෆිල්ම් එක දැනුවත් කලාට. හරි එහෙනම්, බලමුකො මේ ෆිල්ම් එක මොකක්ද කියලා.
මේ මූවී එක නම් ගොඩක් වෙනස් එකක්. මම සාමාන්‍යයෙන් මේ වගේ ෆිල්ම් වැඩිය බලන්නේ නෑ. පළවෙනි වතාවට තමයි, ඔන්න මුල ඉදන් ඉවර වෙනකම්ම, comedy category එකට අයත් වන ෆිල්ම් එකක් බැලුවේ. ඇත්තටම මේක ලස්සන ෆිල්ම් එකක්. සමහර තැන්වල මට හිනාව පාලනය කරගන්නත් බැරි වුනා. මේක comedy ගනයට අයත් වුනාට, කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්. ඒ වගේම Adventure පැත්තටත් මේක ටිකක් අයත් වෙනවා. Frank Coraci විසින් තමයි මේ අමුතු ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.IMDB rate එක 6.5 වගේ අගයක් අරන් තියෙන්නේත් මේ ෆිල්ම් එකේ තියෙන සාර්ථකත්වය නිසාමයි. ප්‍රධාන නළුවා තමයි, අපි කවුරුත් දන්න Adam Sandler තවත් හොදට හිතාගන්න පුළුවන්නේ ෆිල්ම් එක කොහොමද කියලා. ඒවගේම Drew Barrymore, Kevin Nealon, Terry Crews, Wendi McLendon-Covey වගේ නළු, නිළි පිරිසක් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා. තිරගත වෙන්න පටන් ගත් දවසේ ඉදන්, මේ වෙනකොට $46,142,813 වගේ ආදායමක් මේ මූවී එකෙන් ලැබිලා තියෙනවා. අපි කවුරුත් දන්න Vernon brothers ආයතනය විසින් තමයි, මේ මුවී එක ලොව පුරා බෙදාහරින්නේ.
කතාව ගැන කියනවනම්, ලොරන් සහ ජිම් කියන්නේ, පවුල් දෙකක දෙන්නෙක්, මේ දෙන්නා අහම්බෙන් තමයි, මුණ ගැහෙන්න ලැබෙන්නේ. ඒ දෙන්නාට, නොසිතු විදිහට අප්‍රිකා සංචාරයක් යන්න ලැබෙනවා. එතනින් එහාට ඉතින් මම කියන්නේ නෑ. මොකද කතාව කිව්වොත් ඔයාලගේ කුතුහලය නැතිවෙනවනේ. මොනවාවුනත් ඇත්තටම මේ ෆිල්ම් එක නම් නියමයි, කියලා කෙටියෙන් කියන්න පුළුවන්.
හරි එහෙනම්, හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා, කොමඩි බලන අය නම් අනිවාර්යයෙන් බලන්න. කොහොමවුනත් මේ ෆිල්ම් එකේ උපසිරැසි ලයින් 2300 විතර තිබුනා. ඉතින් ටිකක් මහන්සිවෙන්න නම් වුනා. එහෙනම් ඉතින්, මේ ෆිල්ම් එක ගැන අදහසක් දක්වලා යන්න කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා, පුළුවන් නම් ෆිල්ම් එක බලලා ඉවර වෙලා, අදහසක් දාන්න. හරි එහෙනම්, මීට වැඩිය දේවල් මම කියන්න යන්නේ නෑ, ආයෙත් ඉක්මනින්ම ලස්සන ෆිල්ම් එකක් අරගෙන එන බලාපොරොත්තුවෙන්, අදට සමුගන්නම්.
එහෙනම්, අපේ බයිස්කෝප් යාළුවෝ හැමෝටම, ජය වේවා…!
6,579 downloadsDownload Blended-2014.zip216 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනිල් ශ්‍රීමාල්
Subtitles
54 comments
නිළමේ
නලින්
ස්තුතියි රනිල් සහෝ !
නියම කථාවක් වගේ.
ජය වේවා!
Aditha Praween
නියමයි
නියම කථාවක් වගේ.
ජය!
:DczRGsl
ela ela. "Neighbors" (2014) ikmanata sub denna.
Praneeth
එල කිරි රනිල්. බොහොම ස්ත්තුයි සබ් එකට. ජයෙන් ජය ඔබට.
සචිත උදාර
එළ. box office $121 සහෝ. උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ
me
Thanks
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි උපසිරැසියට.chandima amarasinghe
සුපිරියි ... එළ මේවා තමා ඕන . සුභපැතුම්. දිගයම කරගෙන යමු.
Sisira Hegoda
Thanks.
Sandun Dulanjana
එළ ! Adam Sandler ඉන්න එකක් නම් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ.
අන්තිමටම මිනිහ ඉන්න එකකට බැලුවේ Grown Ups 2. හිනා කාල මැරෙනවා
උපසිරැසියට ස්තූතියි! ජය වේවා !LAKSHAN
බොහොම ස්ත්තුයි සබ් එකට.
yasasa lakmintha
ජය වේවා මල්ලි.. කතාවෙන්ම තේරනව නියම සිලුමක් කියලා. අනිවා බෑමක් තමා..
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!ANJANA
thanks..
Kulanjana Maduranga
niyamai....subata thanks RANIL saho.keep it up...jaya wewa.............
“චූටී මල්ලි”
මේක බලන්න ඔනි මචෝ
තාම YIFI කොපිය ඇවිත් නෑ නේද?
ඒක ආවාම බලනවා
තව එකක් තියෙ නේබර්ස් කියලාඒකත් දෙන්න බලන්න
ඒකත් කොමඩි එකක්
සබට තුති
ඔබට ජය.......දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි, බොහොම ස්තුතියි,ජයවේවා.
indika
thnq :)
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
එල එල නියමයි
සබ් එකට ගොඩාක් ස්‍තූතියි, සහෝ.....
දිගටම සබ් දෙන්‍න වැසි ශක්‍තිය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!Isu DP
Niyamai RAnil Sahoo……
Patta KAthawak Wage..
Ilaga Eka 1k Ikmanima Gemu…
Subata Thuthi….
Jaya Wewa…. :-) :-Pශාන් විමුක්ති
නියමයි රනිල් සහෝ
මෙන්න බානවා
ලයින් බරගානක් නේ
වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි :)
inoka perera
ඇත්තටම මේක ලස්සන ෆිල්ම් එකක් thanks
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
Dulanga
thanks
රනිල් ශ්‍රිමාල්
අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි.
හැමෝටම ජය වේවා..! :)Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Darshi
සබ් එකට ගොඩාක් ස්‍තූතියි, සහෝ…
Sanjaya
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. ජය වේවා..!
රොයිලි
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dinesh
thnk you
Lasitha
tnks !
Hiran Sharanga
Thanks bro....
Wickramasinghe
thanks yalu sub ekata>>>>..
කණිශ්ක මල්ලි
මචන් සබ් එකේ තව ගොඩාක් හැදෙන්න ඕන තැන් තියෙනවා නේද බන්..පුලුවන් නන් ආයේ කරලා දාන්න..සම්පූර්ණයෙන් ම වෙනස් දෙයක් සබ් එකේ තියෙන්නේ..
Ranil srimal
පිළිතුර.
Ranil srimal
ඔව් සහෝ, මම සබ් එක ටිකක් වෙනස් කරලා තමයි දාන්නේ.
මොකද, නරඹන කෙනාට වැඩි පහසුවක් ඇති වෙන්න.
ඒ වුනාට කොහෙත්ම, චිත්‍රපටයේ සමස්ථ තේරුමට කිසිදු හානියක් කරන්නේ නෑ.
බොහොම ස්තූතියි, ඔබගේ අදහස ප්‍රකාශ කලාට. :) :)
ජය..!sanjeewa
thsnks
Sach
සබට තුති සහෝ !!!!!
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
thisal
ඇඩම් කොලුවගෙ ෆිල්ම් පට්ටනෙ තැන්ක්ස් සබ් එකට
Ajith
thank you.
lakshan
thanks........
isuru neranjan
ela ela
සමිර සදරුවන්
සුපිරිම ෆිල්ම් එක අයේ කියලා වැඩක් නෑ .ගත්තේ නැති අය ඉක්මනට අරන් බලන්න sub එකට අපේ ප්‍රණාමය සහෝ
madusha
Good luck bro
Tharindu
බොහොම ස්තූතියි සහෝ
ධනුක
බොහොම ස්තුතියි සහෝ.. scary movie ෆිල්ම් සෙට් එකටත් සබ් දෙන්නකෝ.
MAALnath
Thanks ....................good luck .....................
Pramukmili
Thanxxxx bro.................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි
එනකන් හිටියේ බලන්න