Watch Trailer

Blood and Money (2020) Aka Allagash Sinhala Subtitles | ලේ තැවරුණු සල්ලි [සිංහල උපසිරසි]

ආයුබෝවන්, සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න මම අදත් ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේ චිත්‍රපටය මේ වසරේ මැයි 15 වෙනිදා මුදාහැරපු චිත්‍රපටයක්. ඒ කියන්නේ අළුත්ම එකක්. ඔයාල Tom Berenger හොඳට දන්නවා ඇති. 1993 සිට ආ Sniper චිත්‍රපට පෙළ මතකද. අන්න ඒ චිත්‍රපට පෙලේ රඟපෑවේ Tom Berenger. දැ…

ආයුබෝවන්, සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න මම අදත් ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේ චිත්‍රපටය මේ වසරේ මැයි 15 වෙනිදා මුදාහැරපු චිත්‍රපටයක්. ඒ කියන්නේ අළුත්ම එකක්. ඔයාල Tom Berenger හොඳට දන්නවා ඇති. 1993 සිට ආ Sniper චිත්‍රපට පෙළ මතකද. අන්න ඒ චිත්‍රපට පෙලේ රඟපෑවේ Tom Berenger. දැන් ඒ නළුවට වයස අවුරුදු 71ක්. ඉතින් Sniper චිත්‍රපට පෙලට කැමති නිසාම Tom Berenger මේ අළුත් චිත්‍රපටයට සිංහල සබ් හදන්න හිතුනා.

තම දියණියද අහිමි කරගගෙන, පුතා සහ පවුලෙන්ම වෙන්වී සීතල කදුකරයක දඩයමේ යමින් වාහනය තුලම දිවිගෙවමින් තමයි ජිම් රීඩ් ජීවත් වෙන්නේ. ඔහු විශ්‍රාම මැරීන් සෙබලෙක්. කැසිනෝ ශාලාවක සිදුවන මංකොල්ලයකදී, මංකොල්ලකරුවන් සල්ලිත් එක්ක බේරෙන්න පනින්නේ ඇලගෑෂ් දේශ සීමාවට. නගර හෝ මංමාවත් කිසිත් නැති මේ වනාන්තරය හිමෙන් වැසුනු අක්කර මිලියන තුනකට වැඩි රක්ෂිතයක්. මේ අතර දඩයමේ යන ජිම්ට සල්ලි බෑග් එකක් එක්ක වෙඩි වැදුනු ගැහැණියක් මුණගැහෙනවා.. ම්ට මොකද වෙන්නේ.. සල්ලි වලට මොකදවෙන්නේ. ඉතුරු ටික ඔයාල චිත්‍රපටිය බලලම රස විඳින්න…

මෙහි Tom Berenger සමඟ Kristen Hager, Erica McDermott, Paul Ben‑Victor, Bates Wilder ඇතුළු රැසක් රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂක John Barr ය. නිෂ්පාදනය Suza Horvat ය. එහෙනම් අදට මං සමුගන්නම්, ආයෙත් දවසක චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන මං එන්නම්. ඔබ සැමට නිරෝගිමත් සුබ දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,839 downloadsDownload Blood-And-Money-2020.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,839 downloadsDownload Subtitles21 KB

12 comments

  1. indika75

    thanks..

  2. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    ඔබ විසින් මින් පෙර ලබාදුන් The Sum of All Fears චිත්‍රපටය අයත් Jack Ryan චිත්‍රපට මාලාවේ මෙතෙක් සබ් ලබා දී නොමැති Patriot Games 1992 හා Clear and Present Danger 1994 යන චිත්‍රපට දෙකට උපසිරැසි ලබාදෙන්න පුලුවන්ද?

  3. Suranjan

    Thanks jayawewa.....

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Nelson

    Good work friend, Thanks for the sub!

  7. Udaya Fdo

    Thanks bro

  8. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  9. Anonymous

    Debt Collector 2 sub eka denna puluwanda

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. jagath55

    Thanks

  12. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.